මෙතෙක් වැට් බද්දෙන් නිදහස් කර තිබූ යූටියුබ්, නෙට්ෆ්ලික්ස්, Booking,com සහ ඌබර් වැනි ජාත්‍යන්තර ඩිජිටල් සමාගම්, දේශීය ව්‍යාපාරිකයන්ට සිදුවන අසාධාරණය වැළැක්වීම සඳහා නව බදු ක්‍රමවේදයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව කම්කරු සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.
ඊයේ (26) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙමඟින් දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා වන අතරම බදු ක්‍රමය වඩාත් සාධාරණ සහ විධිමත් එකක් බවට පත්වන බවයි.
විශේෂයෙන්ම ඩිජිටල් වේදිකා ඔස්සේ මෙරට තුළ ප්‍රවාහන ආහාර සැපයුම් සහ විනෝදාස්වාද සේවා සපයන විදේශීය අනේවාසික සමාගම් රැසක් මෙතෙක් කල් වැට් බද්දට යටත් වී නොසිටි බව අනිල් ජයන්ත මහතා පෙන්වාදෙනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, යූටියුබ් නෙට්ෆ්ලික්ස් ඌබර් සහ Booking.com වැනි ජාත්‍යන්තර ආයතන බදු නොගෙවද්දී දේශීය ව්‍යාපාරිකයන් දැනටමත් මෙම වැට් බද්දට යටත් වී සිටීම අසාධාරණ තත්ත්වයක් බවයි.
එබැවින් වඩාත් සාධාරණ ක්‍රමවේදය වන්නේ එම විදේශීය ආයතනද මෙම බදු ක්‍රමයට ඇතුළත් කිරීම වන අතර මේ හරහා දේශීය ව්‍යාපාරිකයාට කිසිදු අවාසියක් සිදු නොවන බවද ඔහු පවසනවා.