මෙය මගේ සන්චාරක ජීවිතයේ මුහුන දුන් තවත් අමතක නොවන සත්‍ය සිදුවීමක්. කලින් සදහන් කල අද්දැකීමේ මෙන්ම මම කන්ඩායමක් සමග යහන්ගල කැම්පින් අද්දැකීමකදී සිදු වූ සිදුවීමක් ( 2022) . මෙවර මගෙ මගපෙන්වීම යටතේ යහන්ගල සංචාරයට මා තෝරාගත් කන්ඩායම මාලබේ සහ කොලඹ පුද්ගලික ආයතන වල සෙවය කරන පස් දෙනෙකුගෙන් යුතු කන්ඩායමක් . මෙහිදී කපල්ස් දෙකක් සහ එක් වැඩිමල් සහෝදරියක් එයට සබාගී වුනා . එදා වැසි බර කාලගුනයක් . අපි එදින උදෑසන 9 ට පමන කලුගලින් හමුවී යහන්ගල නැගීම ආරම්බ කලා.. එහිදී එදින අප කෑම්පින් කරන්න තෝරාගත්තේ යහන් ගල පහල ඇති වෙලංගොල්ල පතනයි. එදින 11 පමන වන විට වේලංගොල්ල වෙත ගොස් ටෙන්ට් ගසා අපගේ බෑග් ටෙන්ට් ඇතුලෙන් තබා නිදහස්ව යහන්ගල නැගීමට පටන්ගත්තා. වේලංගොල්ල පතනේ දකුනු පසින් පිහිටි තැන්න වෙත පැමින පහල පතනේ සිටි අලි කිහිපදෙනෙකු දැකිමට අපට හැකි වුනා. වැසි බර කාලගුනය නිසා අප ටෙන්ට් ගැසීමට තෝරාගත්තේ වේලංගොල්ලේ වම් පසින් ඇති කැලෑ කොටසයි . අපි දවල් එකට පමන යහන්ගල නැගීමට පටන් ගෙන යහන්ගල තරනය කලා. වැහි අදුරත් සමග යහන් ගල ඉහලින් මද සුලගක් යන්නට විය. යහන්ගලේ අපූර්ව දර්ශනයක් දැකගත් අප වැස්ස වැටෙන්නට පටන්ගත් නිසා පැයක පමන කාලයක් රැදී සිටි අප පහලට බැසීමට පටන්ගත්තා . පසුව අපි පතනේ තිබූ දර එකතුකරගත්තේ රෑ ගිනිමැලයක් ගැසීමේ බලාපොරොත්තුවෙන් . හවස 5 පමන වන විට මහා වැස්සක් ඇදහැලෙන්නට විය . අප සියලු දෙනා ටෙන් ඇතුලට ගොස් වැස්ස පායන තුරු සිටියා . ටෙන්ට් 2ක් තිබුනි . එකක අප බෑග් සියල්ල දමා අනෙකේ අප සිටියා. රෑ 7 පමන වන විට වැස්ස අවසන් වූවා . . . ඒ වන විටත් වැස්ස තද නිසා අපගේ ටෙන්ට් දෙකම ඇතුලත තෙමී අවසන් . අප ඉක්මනින්ම එලියට පැමින දර රැගෙන ගිනිමැලයක් ගැසීමට පටන් ගත්තා . දර තෙමී තිබූ නිසා ගිනි මැලය ගැසීම අපහසුය. අප ලග තිබු ටිසූස් සහ ලාමුතෙල් යොදා. කුඩා දර කැබලි යොදා මහත් පරිශ්‍රමයක් යොදා අවසානයේ ගිනිමැලය දල්වා ගත්තා... පසුව අප ලග තිබු ගැස් වුදුනෙන් කොත්තුමී සාදගෙන රාත්‍රී කෑම වේල ගත්තා. අදික සීතලයි සුලගයි හොදටම දැනේ .. අපි තෙමි තිබූ ටෙන්ට් ඇතුල හොදින් පිස දමා කතාබහක යෙදිනි. දැන් ගිනිමැලයත් නිමීමට ලගයි. අපේ කපල් දෙක නින්දට යාමට ටෙන්ට් එකට ගියා. අපි සියලු දෙනාම ලොකු ටෙන්ට් එකට වී නිදාගැනීමටයි අදහස. මොකද අනිත් ටෙන්ට් එක හොදටම තෙමි තිබුනා . කපල් දෙක රෑ 10 පමන වන විට ටෙන්ට් එක ඇතුලට ගියා. මම සහ අප සමග පැමිනි අනිත් සහොදරිය ගිනිමැලය දෙපසට වී රසබර කතාවක යෙදුනා ඇය අවුරුදු 34ක පමන තරුනියක්.. ඇගේ සංචාරක අද්දැකීම් සහ මගේ අද්දැකීම් අප බෙදාගත්තා. ඇගේ කතාබහින් මට තේරුනේ තරු රටා , අභයවකාශ ගවේශන ගැන සෙවීමට කැමති අයෙකු බවයි . ඇගේ දුරකතනයේ තිබු පෙර ලබාගත් මිල්කිවේ වල චායරූප කීපයක් මට පෙන්වූවා...
"මල්ලි අපිට අර එහා පැත්තෙ තැන්නට යන්න පුලුවන්ද. මට අහස බලන්න ආසයි" යැයි මට පැවසූවා . ඒ වන විටත් රාත්‍රී 11 ට ආසන්නයි. ඇගේ තිබු ඒ කැමැත්ත නිසා සහ ඇගේ ඉල්ලීම අහක දැමිය නොහැකි නිසා මා වේලංගොල්ල පතනේ ඇති යහන්ගල හොදින් පෙනෙන ප්‍රදේශයට එක්කන් ගියා. නමුත් යහන් ගලේ ඇති පෙර අත්දැකීම් නිසා පොඩි චකිතයක්ද මා හිත තුල ඇති විය. නමුත් ඒ කිසිවක් ඔවුන්ට පවසා තිබුනේ නැහැ. අප දෙදෙනා පතනේ යහන්ගල හොදින් පෙනෙන කොටසේ ගලක් මතට වී ඉදගන්නට විය. දැන් අහස පැහැදිලිය . සද පෙනෙන්නට නැත . තරු ඇතින් ඇතින් දිස් වෙයි . ඇය ඇගේ දුරකතනයෙන් ඇප් එකකින් අහසේ තරු රටා පෙන්වීය . ඇ සහ මම රසවත් කතාබහක යෙදෙමින් යහන්ගල දෙස බලා සිටී. පරිසරය අදුරුය . දැන් රෑ 12.30 ට පමන ආසන්නය. එක් වරම යහන්ගල දෙසින් ගසක ඉත්තක් කඩාවැටෙන සද්දෙයක් ඇසුනි. එය තරමක් විශාල ශබ්දයක්. මට එක් වරම හිතට නැගුනේ පහල අලියෙකු හෝ ඇවිත් ඇතිදැයි කියයි. නමුත් එක් මොහොතකින් ඇය " මල්ලි මල්ලි අර කවුද "යනුවෙන් යහන්ගල දෙසට ඇගිල්ල යොමු කරමින් බයවි මාව බදාගත්තා . ඇය හොදටම වෙවුලයි. ඇය ඇස් දෙක වසාගෙන ගුලිවී කෑ ගසයි . නමුත් මාහට කිසිවක් නොපෙනෙයි. එම ස්තානයෙන් සුලන් පාරක් හමා යයි. එක් වරම මම ඇයව උස්සා බියවී සිටි ඇය ටෙන්ට් එකට රැගෙන එන ලදි. අනෙක් හතර දෙනාම ඇහැරවා ඇයව වෙව්ලන ගතිය නැති කිරීමට උත්සහ කලහ. ඇයට කතා කිරීමට පවා අපහසුය . පසුව අප එකතුවේ ඇයට හොදින් සීට් එකක් පොරවා නිදාගැනීමට සැලැස්සුවා.ඒ මොහොතේ කිසිවක් ඇසීමට අප ගියේ නැත.
පසුදා උදෑසන උනා . දැන් ඇයටද ප්‍රශ්නයක් නැත .හොදින් ඉර අව්ව වැටී ඇත. අපි ඇයට වටවී ඉයේ රෑ උන සිද්දිය පිලිබද විමසුවා. ඇ කීවේ " අපි ඉදගෙන ඉද්දි යහන්ගල පැත්තෙන් කවුරුහරි උස මනුස්සයෙක් ආවා වගේ දැක්කා . ඒ කෙනා ගොඩක් උසයි .සම්පූර්ණ සුදුපාට ඇදුමක් ඇදන් හිටියේ .. අපි දිහා බලන් හිටියා. කවුද මල්ලි ඒ ." යනුවෙන් ඇසුවා. මට එකවැරම හිතට ආ අදහසක් වූවා. කෙසේ වෙතත් එය මම වැඩිය කෙයාර් නොකර නිකන් චායාවක් වෙන්න ඇති කියා පහලට බැස්සා. ගමන අවසන් කරා. ..
නමුත් ඒ සිදුවීම මෙසේ ප්‍රශ්නාර්ථයක් ඉතුරු කලා. කලක් අදෘශ්‍යමාන දේවල් පිලිබද විස්වාස නොකල මා හට එම සිදුවීම පරිසරයේ ඇති අදෘශ්‍යමාන දේවල් පිලිබද සනාත කිරීමට තවත් එක් සාදකයක් වුනා . .
අවසානයේ, ඔබ දන්නවා දෙවියන් සහ දේව රූප විස්වාස කරන අපේ සංස්කෘතියේ , කලාවත් එක්කොට ඒ ඒ දෙවියන්ට අදාල රූප සාදා ඇත . ගන දෙවියන් කීවොත් අලියකුගේ හිස සහිත මූනක්, කතරගම දෙවියන් කීවොත් මුහුනු සයයි අත් දෙලසකගේ රූපය. මා පුදුමයට පත්කෙරූ කාරනයනම් ගම්වාසීන් යහන්ගල සහ ඒ ආශිත අදිපති දෙවියන් ලෙස සැලකුනු දෙවියන්ගේ රූපය ඇය පැවසූ රූපයට බොහෝ සෙයින් සමානය.....
Source
යහන්ගල අද්භූත අත්දැකීම [පළමුවන කොටස]
Last edited:


