ඔය මනුස්සයට හිනාවෙන්නේ මිනිහම මිනිහගේ මත බොරු කරපු නිසා. නලින්ද සිල්වා ඉස්සර උග්‍ර මාක්ස්වාදියෙක්. සමසමාජ පක්ෂයේ වැඩ කලේ. ඉස්සර තෙල බෙදන්න ඉස්කෝල, විශ්වවිද්‍යාල වලට යනවා. රාගම වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පෙනී ඉදිය. ඒ කාලේ තද atheist කෙනෙක්. හාමුදුරුවෝ එක්ක විවාදත් කරනවා බුද්ධාගම සහ මාක්ස්වාදය ගැන. ඔය බටහිර විරෝධී අදහස් තදින්ම ආවේ මාක්ස්වාදය බලපෑම නිසා.
පස්සේ ගුණදාස අමරසේකර එක්ක ජාතික චින්තනය කියල ජාතිකවාදය මතවාදයට යනවා. ඊට පස්සේ මහින්දට හේත්තු වෙනවා. තානාපති කමකුත් හම්බෙනවා.වහල්කම කොච්චරද කියනවා නම් නාමල්ට ඒ කාලේ බුලත් දීලා වැඳලා ප්‍රසිද්ධත් වුණා.
බටහිර වෛද්‍ය විද්‍යාවට බැන බැන හෙළ ඔසු කියල කඩ වගයක් අටවා ගත්ත. පාදෙණිය, චන්න ජයසුමන එකතු වෙලා ප්‍රමෝට් කළේ ඒ කාලේ කැද වර්ග. කෝවිඩ් කාලේ අර දුම් හට්ටියක් ප්‍රමොට් කළා රුපවහිනියට ඇවිදින්. ඔය හෙලඔසු බිස්නස් එක ගෙනිච්ච ගෑනි තමා ඒ කාලේ නාථ දෙයියෝ හීනෙන් පෙනිලා පස් වල ආසනික් නිසා වකුගඩු නරක් වෙනවා කියපු ගෑනි. ඔක්කොම එක වෝල් පොල්. එහෙම හෙළ ඔසු ගත්ත නලින්ද සිල්වා පපුවේ අමාරුව හැදිලා ඇන්ජියෝගැම් කරගෙන පස්සේ බයිපාස් එකත් හොරෙන් කරගත්ත. උගේ පස්සේ ගිය මොඩයෝ කසාය බිබී මූට සල්ලි හොයලා දීලා මැරිලා යන්න ඇති.
අච්චර බටහිරට බැනපු මිනිහගේ ළමයි ඉගෙන ගන්න යැව්ව ඇමරිකාවට. උන් පුරවැසිභාවයත් ගත්ත. අන්තිමට මිනිහා ඇමරිකාවේ නිවාඩුවට ගිහින් එහෙම මැරිලා එහෙම අන්තිමට වල දැම්මා.
මාත් පොඩි කාලේ මිනිහගේ පොත් ගත්තා කියෙව්ව. චින්තන පර්ෂදයේ පොත් ගොඩක් තාම තියෙනවා. පස්සේ පස්සේ තේරුණා මිනිහගේ යටි අරමුණු. ලොකු උගතෙක් හැබැයි හොඳ මනුස්සයෙක් නෙවෙයි කියලා මට නම් තේරුනේ