වෛද්‍යවරුන්ගේ ආයු කාලය අනිත් අයට වඩා වසර 15ක් අඩුයි ❤️

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,024
    8,102
    113
    image_9c3aca96b6.jpg

    වෛද්‍යවරයකුගේ ආයු කාලය අනෙකුත් සාමාන්‍ය පුද්ගලයකුගේ ආයුකාලයට වඩා වසර 15 කින් අඩු බව ඉන්දීය සමීක්ෂණයකින් හෙළිව ඇතැයි වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ මහතා පවසයි.

    සමීක්ෂණයට අනුව වෛද්‍යවරුන් සාමාන්‍ය ජනතාවගේ ආයුකාලයට වඩා වසර 15කට කලින් ජීවිතයෙන් සමුගන්නා බව අනාවරණය වේ.

    ඉන්දීය වෛද්‍ය සංගමය (Indian Medical Association – IMA) විසින් සිදු කළ ජාතික සමීක්ෂණයක් මගින් පෙන්වා දී ඇති පරිදි, සාමාන්‍ය පුද්ගලයකුගේ අපේක්ෂිත ආයු කාලය වසර 73.6ක් වන අතර, වෛද්‍යවරයෙකුගේ අපේක්ෂිත ආයු කාලය වසර 58.1ක් පමණි.

    සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව වෛද්‍යවරු සියයට 22.2ක් මානසික අවපීඩනයෙන් (Depression) පෙළෙති. සියයට 23.3 ක් කාංසාවෙන් (Anxiety) පෙළෙන අතර සියයට 2.8ක් සියදිවි නසාගැනීමේ සිතුවිලි (Suicidal ideation) පවතින බව අනාවරණය වී ඇත.

    සමීක්ෂණය අනුව එයට සහභාගී වූ ඉන්දීය වෛද්‍යවරුන් අතරින් සියයට 49.6ක් දැඩි වෘත්තීය පීඩන තත්ත්වයෙන් ද සියයට 39.1ක් මධ්‍යස්ථ වෘත්තීය පීඩන තත්ත්වයෙන් ද සිටින අතර සියයට 11.3ක් පමණක් අඩු වෘත්තීය පීඩන මට්ටමක සිටින බව වාර්තා වී ඇත.

    තවද වෛද්‍යවරුන්ගෙන් සියයට 32.1ට අධිරුධිර පීඩනය, සියයට 24.2කට අධික ආතතිය, සියයට 21.7කට දියවැඩියාව, සියයට 19.4කට අධික කොලෙස්ටරෝල්, සියයට 16.8කට ස්ථුලතාව ඇති බව හෙළි වී ඇත.

    මෙම සමීක්ෂණය මඟින් අනාවරණය කර ඇති කරුණු ඉන්දියාවට පමණක් නොව ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල සෞඛ්‍ය පද්ධති සඳහා ද වැදගත් අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය යුතු බවද වෛද්‍ය සුභසිංහ මහතා කියා සිටියේ ය.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    ඉන්දියාවෙ එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ.. ටනා නා ටනා නා
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,975
    113
    -In Darkness-
    මුන් යකෝ නිකන් බලෙන් මුන්ව දොස්තරලා කරා කියලානේ කතාව. උන් කැමැත්තෙන් ඉගෙන ගෙන තමයි ඕවාට යන්නේ. මොකො උන් නොදැන යනවාද ඕකේ බරපතලකම. අනික බං මොන රස්සාවෙත් අමාරුකම් තියෙනවා. ඒක ඩොකාලට විතරක් පොදු දෙයක් නෙමෙයි. වැඩේ කියන්නේ ලංකාවේ ඩොකාලා බහුතරේ හිතන් ඉන්නේ උන් තරම් රස්සාවක් කරන එවුන් නෑ කියලා. උන් මහන්සි වෙනවා තමයි. නමුත් ඒකට කම්පන්සේට් වෙනවා. ලංකාවේ අනික් රස්සාවලත් සමීක්ෂණ කරොත් ඔය වගේම තමයි.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,873
    4,315

    :yes::yes:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,805
    39,726
    113
    Homagama
    ඉන්දියාව කියන්නේ ඉන්දියාව
    ලංකාව කියන්නේ ලංකාව
    දත්ත හුගක් ගෙනාවට දෙකක්!

    පලි.
    ලිපියක් එකාග්‍රව කියවගන්නවත් බැරුව ලංකාව කියලා හිටන් තටමන එවුන්⁣ට ඉතින් ඉගෙනිම ගැන මොන කතාද? ක්‍රෝධය තමා ඉතුරු. සුවපත් වේවා
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,134
    3,135
    113
    මේකෙ පෝස්ට් එකක් වැටුන ගමන් කොමෙන්ට් දාන්න එන වැඩ නැති පොන්න (කොන්) දොස්තරයෙක් ඉන්නවා ඌට නං අවුලක් නැතුව ඇති.
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,880
    2,125
    113
    Birmingham
    අපේ උන්ට පර්මිට් එකක් දෙකක් දුන්නා නම් දියවැඩියාව හැදෙන්නෙත් නැහැ, ඩිප්රේෂන් එන්නෙත් නැහැ :rolleyes:
     
    • Haha
    Reactions: Jihadi john

    planner123

    Well-known member
  • May 22, 2018
    8,443
    14,552
    113
    Padeniya pons ge photo ekak ai daala thiyenne ?
    Uu nisa thawa podden Gotage aayu kaale nam adu wenawa penala giye naththam.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    image_9c3aca96b6.jpg

    වෛද්‍යවරයකුගේ ආයු කාලය අනෙකුත් සාමාන්‍ය පුද්ගලයකුගේ ආයුකාලයට වඩා වසර 15 කින් අඩු බව ඉන්දීය සමීක්ෂණයකින් හෙළිව ඇතැයි වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ මහතා පවසයි.

    සමීක්ෂණයට අනුව වෛද්‍යවරුන් සාමාන්‍ය ජනතාවගේ ආයුකාලයට වඩා වසර 15කට කලින් ජීවිතයෙන් සමුගන්නා බව අනාවරණය වේ.

    ඉන්දීය වෛද්‍ය සංගමය (Indian Medical Association – IMA) විසින් සිදු කළ ජාතික සමීක්ෂණයක් මගින් පෙන්වා දී ඇති පරිදි, සාමාන්‍ය පුද්ගලයකුගේ අපේක්ෂිත ආයු කාලය වසර 73.6ක් වන අතර, වෛද්‍යවරයෙකුගේ අපේක්ෂිත ආයු කාලය වසර 58.1ක් පමණි.

    සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව වෛද්‍යවරු සියයට 22.2ක් මානසික අවපීඩනයෙන් (Depression) පෙළෙති. සියයට 23.3 ක් කාංසාවෙන් (Anxiety) පෙළෙන අතර සියයට 2.8ක් සියදිවි නසාගැනීමේ සිතුවිලි (Suicidal ideation) පවතින බව අනාවරණය වී ඇත.

    සමීක්ෂණය අනුව එයට සහභාගී වූ ඉන්දීය වෛද්‍යවරුන් අතරින් සියයට 49.6ක් දැඩි වෘත්තීය පීඩන තත්ත්වයෙන් ද සියයට 39.1ක් මධ්‍යස්ථ වෘත්තීය පීඩන තත්ත්වයෙන් ද සිටින අතර සියයට 11.3ක් පමණක් අඩු වෘත්තීය පීඩන මට්ටමක සිටින බව වාර්තා වී ඇත.

    තවද වෛද්‍යවරුන්ගෙන් සියයට 32.1ට අධිරුධිර පීඩනය, සියයට 24.2කට අධික ආතතිය, සියයට 21.7කට දියවැඩියාව, සියයට 19.4කට අධික කොලෙස්ටරෝල්, සියයට 16.8කට ස්ථුලතාව ඇති බව හෙළි වී ඇත.

    මෙම සමීක්ෂණය මඟින් අනාවරණය කර ඇති කරුණු ඉන්දියාවට පමණක් නොව ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල සෞඛ්‍ය පද්ධති සඳහා ද වැදගත් අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය යුතු බවද වෛද්‍ය සුභසිංහ මහතා කියා සිටියේ ය.
    හා එහෙනං පඩි වැඩි කරන්න වෙයි නේද මිතුර?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,632
    113
    මම දැක්ක, ඩොක්ටර් ලගේ වැරදි

    උදේට PP or ළමයින්ගේ transport කන්නේ නෑ
    දවල්ට කාල නිදාගන්නවා
    හවසට අපත්‍ය කෑම
    මහ රෑ වෙලා කාල නිදාගන්නේ

    බොන්න ගියහම, බෝතල් 1කට වැඩියෙන් බොනවා

    අපි 300ml or බියර් 2කින් out වෙන්න දඟලන්නේ

    පට්ට ලෝබයි, ඔක්කොම නිකන් ගන්න ඉන්න නිසා, සමහර වෙදකම් වුනත් හරියට කෙරෙන්නේ නෑ.

    ලෙඩ ඩොකෙක්, තවත් ඩොකෙක් චැනල් කරලා ගිහින් හම්බෙලා බෙහෙත් ගන්නේ නෑ....

    ඇවිදින අතරේ බෙහෙත් අහන්නේ, අරුනුත් බුලක් කෙලියොත්

    අනෙක් කෙරුවාව තමයි පඬිකම සහ මුද්‍රණ දෝෂ...

    ගෙදර කට්ටිය ඉස්පිරිතාලේ යමු කියද්දී, නෑ මේක පොඩි ලෙඩක් කියලා හිටපු ඩොකෙක් උණ්ඩුක පුච්චේ පිපිරිලා මළා