අන්ධ වීමට වාසනාව ලද හෝමර්...
=============================
වෝක් ලෙෆ්ටිස්ට් ප්‍රොපගැන්ඩා යාන්ත්‍රණයේ අලුත්ම චිත්‍රපටිය වුන ඔඩිසියේ ආතල් කිහිපයක් ගැන ලියන්න ඕන කියලා හිතුනා. මේක කාරණා කිහිපයක් යටතේ කතා කරන්න වෙනවා ඒ නිසා දීර්ඝ ලිපියක්.
පලවෙනි එක තමයි මේ චිත්‍රපටියට මූලාශ්‍රය එහෙමත් නැත්තන් source text එක විදිහට අරන් තියෙන පරිවර්තනය. ඔඩිසියේ පරිවර්තන ගනනාවක් තියෙනවා. Rieu, Lattimore, Fitzgerald, Fagles වගේ පරිවර්තකයන්ගෙ පරිවර්තන තමයි සාමාන්‍යයෙන් ප්‍රධාන පරිවර්තන විදිහට පිළිගන්නෙ. මේ අතරිනුත් Robert Fitzgerald ගේ 1961 කරපු පරිවර්තනය තමයි ඔඩිසිය සම්බන්ධයෙන් රන් මිනුම විදිහට භාවිතා කරන්නෙ. Fagles පරිවර්තනය තමයි පන්ති කාමරවල ඉගැන්වීමට බොහෝවිට යොදාගන්න පිටපත.
නෝලන් මහත්මයගෙ ඔඩිසි චිත්‍රපටය විවේචනය කරද්දි දේශපාලනික විවේචන කරන්න එපා කියලා කට්ටියක් තර්ක කරනවා. නමුත් ඔය උඩ කිව්ව පරිවර්තන සියල්ලම තියෙද්දි නෝලන් මහත්මයා තමන්ගෙ චිත්‍රපටයේ මුලාශ්‍රය විදිහට ගන්නෙ 2018 දි පලවුන එමිලි විල්සන් විසින් පරිවර්තනය කල ඔඩිසිය. දැන් බැලු බැල්මට මේකේ අවුලක් නෑ. මොකක්‍හරි පරිවර්තනයක්නෙ... මොන පරිවර්තනයත් ගත්තත් මොකද චිත්‍රපටියකට කියලා හිතෙන්න පුළුවන්. මේතන අවුල තියෙන්නෙ එමිලි විල්සන් කියන්නෙ දැඩි ස්ත්‍රීවාදිනියක්. විල්සන් ඔඩිසියේ මේ අනුවාදය ලියන්නෙම ස්ත්‍රීවාදී, ස්ත්‍රී පුරුෂභාවී විවේචන සහිත (Gender crtical) , පශ්චාත්නුතනවාදී කෝණයකින්. ඒකේදි හුදෙක් පරිවර්තනයක් සිදුකිරීම වෙනුවට එමිලි විල්සන් කරන්නෙ හෝමර්ගෙ ඔඩිසිය නුතනයට ගැලපෙන ලෙස නැවත පරිකල්පන කිරීමක් කියලා තමයි කියන්නෙ. කොටින්ම නොකියා කරන්නෙ ඔඩිසියස් කියන "ටොක්සික් මේල් හීරෝව බෙලහීන කිරීම සහ ඇයට අනුව ඔඩිසියේ කාන්තා චරිතවලට අර්ථනිරූපන ලබාදීම. මෙ ලිපිය තවත් අනවශ්‍ය ලෙස දීර්ඝ වෙන නිසා විල්සන්ගෙ "පරිවර්තනයේ" ඇයට අවශ්‍ය ලෙස මුලික හරය වෙනස් කල කොටස් ගැන කතා කරන්න යන්නෑ. ඒක ගැන වැඩිදුර අදහසක් ගන්න අවශ්‍යනන් කෙටි මුලාශ්‍රයක් තමයි HOMER’S ODYSSEY THREE WAYS: RECENT TRANSLATIONS BY VERITY, WILSON, AND GREEN by Richard Whitaker ලිපිය. සර්ච් කරලා කියවන්න පුළුවන්.
නෝලන්ගෙ චිත්‍රපටියේ මුලාශ්‍රය එහෙමත් නැත්තන් source text එක බවට පත්වෙන්නෙ මෙන්න මේ දැඩි ස්ත්‍රීවාදී මුලය. එතකොට මෙතනින් එහාට මේ කතාව පොලිටිකල් වෙනවද නැද්ද කියන එක තීරණය කරගන්න පහසුයි.
මෙන්න මේ නිසා තමයි නෝලන්ගෙ චිත්‍රපටියේ හෙලන්ගෙ චරිතයට ගත්ත ලුපිතා න්යොන්ගෝගෙන් සම්මුඛ සාකඡ්ඡාවකදි ප්‍රශ්නයක් යොමු වුනාම ඔබට හෝමර්ව මුණගැසුනොත් අහන ප්‍රශ්නය කුමක්ද කියලා ඇය දැඩි ස්ත්‍රීවාදි කතාවක් කියන්නෙ. ඇය කියනවා ඇයට හෝමර්ව මුණ ගැසුනොත් " ඉතින් හෝමර්.. ඔයා ගෑනු අය එක්ක ගතකරපු සුළු කාලය එක්ක සසඳ්දි චිත්‍රපටියේ ගෑනුන්ට දී ඇති කාලය ගැන මොකද හිතන්නෙ ?" ලෙස ප්‍රශ්න කරන බව.
වසර 3000 කට අධික කාලයක් කාලයේ වැලි තලාවෙන් යට නොවී පෙර අපර දෙදිග ශිෂ්ඨාචාර පුරා විහිදී ගිය වීර කාව්‍යක ප්‍රධානම චරිතයක් රඟපාන්නට අවස්ථාව ලැබීම ගැන ස්තූතිවන්ත වෙනවා වෙනුවට ලුපිතා ඒක අවස්ථාව කරගන්නෙ වසර තුන්දාහකට පමණ කලින් ඒකී කාලයේ සංදර්භයනට අදාලව මුලාශ්‍රය රචනා කල අන්ධ යැයි සැලකෙන හෝමර්ව විත්ති කූඩුවකට නංවා ස්ත්‍රී විමුක්තිය ගැන ප්‍රශ්න කිරීමට.
මේ වෝක් ස්ත්‍රීවාදී, පශ්චාත්නුතවාදී, වාම නඩයේ පුර්වාපර ගලපා ගැනීමට නොහැකි විගඩම් වැලක්ම ඔඩිසි චිත්‍රපටිය නිර්මාණය කිරීම තුල තියෙනවා.
ඒවා කිහිපයක් අපි බලමු.
බටහිර ශිෂ්ඨාචාරයේ ඇරඹුම ලෙස සලකන්නෙ පුරාණ ග්‍රීසිය. මේ පෞරාණික ග්‍රීක සාහිත්‍යයේ මුදුන් මල්කඩවල් ලෙස සැලකෙන්නෙ ඉලියඩ් සහ ඔඩිසි වීර කාව්‍යන්. මේ කාව්‍යන් දෙක සාහිත්‍යට වඩා ළංවන්නෙ පුජනීය දෑ ලෙස. පසුකාලීන රෝම ශිෂ්ඨාචාරය පමණක් නෙවෙයි පෙරදිග ශිෂ්ඨාචාරයන් දක්වාම මේ කාව්‍යන්ගෙ පන්නරය ලැබුනු බවට සාක්ෂි සාධක පවතිනවා. ඇතැමුන් රාමායණය සහ ඉලියඩ් කාව්‍ය සංසන්දනය කිරීම් සිදු කරනවා. ටොලමි පරම්පරාව හරහා ඉජිප්තුවටත්, ඇලෙක්සැන්ඩර්ගෙ ඉන්දියාව කරා ආ ගමනින් සොළොස් මහ ජනපදවලින් එකක් ලෙස සැලකෙන ගාන්ධාරයටත් ඉලියඩ්, ඔඩිසි කාව්‍යන්ගෙ ආලෝකය විහිදීම සිද්ධ වෙනවා. තවත් විදිහකින් කිව්වොත් මේ මහා කාව්‍යන් බටහිර ශිෂ්ඨාචාරයේ පමණක් නෙවෙයි සමස්ථ මානව සංහතියේම අමිල උරුමයන්. කවදා හරි දිනෙක පෘථීවියේ අවසන් දින මානව ඉතිහාසයේ උරුමයන් රැගෙන යානාවක් දියත් කලහොත් ඉලියඩ්, ඔඩිසි, මහාභාරතය, ගිල්ගමේශ්, රාමායණය වැන්න එහි ගමන් කරනු ඇති.
චිත්‍රපටියකට නැගුනු ඔඩිසියේ චරිත තෝරාගැනීම ගැන විවේචන නගද්දි එල්ලවන ප්‍රධාන ප්‍රතිතර්කය තමයි සුරංගනා කතාවක චරිත ගැන ඔච්චර කැක්කුමක් ඇයි කියලා. පලවෙනිම කාරණය තමයි ග්‍රීක ඉතිහාසය බිඳක් හෝ අධ්‍යනය කරන්නෙක්ට ඔඩිසිය කියන්නෙ සුරංගනා කතාවක් හෝ හුදෙක් මිථ්‍යාවක් නෙවෙයි. ග්‍රීක සාහිත්‍ය සහ ඉතිහාසය තුල එන අවියෝජනීය බැඳීම ඇතුලේ තියෙනවා යථාර්ථය හා මිථ්‍යාව බැඳි පවතින ස්ථාන බොහෝමයක්. මේ නිසා තමය ග්‍රීක mythos + logos කියන වචන ද්විත්වය හා වීමෙන් mythology කියන වචනය නිර්මාණය වෙන්නෙ. පසුකාලීනව මෙය කෙටි වී ඉංග්‍රීසි භාෂාවේදි myth = මිථ්‍යාව ලෙස අර්ථ ගැන්වුනත් μῦθος (mythos) = කතාන්දරය, පුරාවෘත්තය, මුඛ පරම්පරාගත කතාව ලෙසත් λόγος (logos) = කථිකාව, අධ්‍යනය, තාර්කික බව ලෙසත් අර්ථ ගැන්වෙනවා. එනයින් mythology = කතාන්දර, පුරාවෘත්ත අධ්‍යනය හෝ කීමේ කලාව ලෙස අර්ථ නැගෙනවා. මිථ්‍යාවත් යථාර්ථයත් මුහුවුන ශිෂ්ඨාචාරයක අක්මුල් හොයද්දි mythology හි එන/කියැවෙන කතාවක් හුදෙක් තවත් එක් සුරංගනා කතාවක් ලෙස සලකන්නෙ නෑ. මේ නිසාම තමයි හෙයින්රික් ශ්ලිමාන් , ෆ්‍රැන්ක් කැල්වර්ට් වගේ චරිත ඉලියඩ්, ඔඩිසි අනුව යමින් ඇනටොලියාවේ හිසලක් ප්‍රදේශයෙන් ට්‍රෝයි පුරය සොයාගනු ලබන්නෙ. එනයින් මේ කාව්‍යන් හුදෙක් සුරංගනා කතා නොව අතිශයෝක්තියට නැංවු නමුත් යථාර්ථය, සත්‍ය ගැබ්ව පවතින ලියවිලි. නමුත් මේ කාව්‍යන් වෝක් වාමවාදී පශ්චාත්නුතවාදීන්ට ඛණ්ඩනය කර වටිනාකම් බැහැර කල හැකි හුදෙක් කතා පමණයි.
හැබැයි මේ වගේ කාව්‍යන් හෝ ඉතිහාසය හෝ වෙනත් අන් අයෙක්ට පුජනීය, ගෞරවනීය දෙයක් වෝක් වාමවාදී පශ්චාත්නුතවාදීන්ට හුදෙක් කතාවක් බවට පත්වෙන්නෙ ඔවුන්ට වාසි අවාස්ථාවල පමණයි.
මේකට ඔය චිත්‍රපටියෙන් උදාහරණ කිහිපයක් දෙන්න පුළුවන්. පලවෙනි උදාහරණය තමයි ලුපිතා න්යොන්ගො.
Black Panther චිත්‍රපටියේ පුර්ව දර්ශන අවස්ථාවකදි ලුපිතා ප්‍රකාශ කරනවා වැකැන්ඩාව වැනි මනඃකල්පිත නිර්මාණයක් සිදුකිරීමේදි පවා අප්‍රිකානු සංස්කෘතීන් සහ ශිෂ්ඨාචාරයන්ගෙ පිළිඹිඹුව අතිශයින් නිරවද්‍ය ලෙස පැවතීමේ අගය, අප්‍රිකානු භාෂාවක් වන Xhosa භාෂාව මුල සිට ඉගෙන ගැනීමට සිදුවීම, තල දර්ශන, ඇඳුම් නිවැරදිව පෙන්නුම් කිරීම ගැන අතිශයින් අගය කොට ඉහලින් කතා කරනවා. හැබැයි ඉන් අවුරුදු 8 කට පස්සෙ ඇය වසර 3000 ක් පැරණි ග්‍රීක කාව්‍යක සුදු හම තිබෙන ඇත්තියක් ලෙස කාව්‍ය තුලම වර්ණනා වන හෙලන් චරිතයට පෙනී ඉන්නනවා. මතක තියාගන්න ග්‍රීකයො මිහිමතින් වඳවෙලා ගිහින් නෑ. ඔවුන් තවමත් ජීවත්වන, හුස්ම ගන්නා ජාතියක්. හැබැයි දෙබඩි වෝක් බල තුලනයේදි අප්‍රිකානුවන්ගේ සංස්කෘතික උරුමය තරම් ග්‍රීකයන්ගෙ සංස්කෘතික උරුමය මිල නෑ. ඒ නිසා ඒවැනි කාව්‍යන් 'It's just a story' ලෙස ඉතාමත් පහසුවෙන් බැහැර කරන්න පුළුවන්. Cultural appropriation වැනි දේවල් ඇත්තටම බලපවතින්නෙ ඒ වගේ දෙබඩි පිළිවෙත්වල.
දෙවනි උදාහරණය තමයි ජෝන් ලෙගුයිසාමෝ කියන නළුවා. ජෝන් කියන්නෙ ලතින් ඇමරිකානු සම්භවයක් තියෙන නලුවෙක්. කොලොම්බියානු ස්පාඥඥ සම්භවයක් තියෙන ජෝන් ඇමරිකානුවෙක්. 2022 අවුරුද්දෙ ආපු Alina of Cuba චිත්‍රපටියේ ෆිඩෙල් කැස්ට්‍රෝගේ චරිතය ඇමරිකානුවෙක් වෙන ජේම්ස් ෆ්‍රැන්කෝ සිදුකිරීම නිසා චිත්‍රපටය වර්ජනය කල යුතුයි කී අයෙක්. ඔහුට අනුව ෆිඩෙල් චරිතය සිදුකල යුත්තෙ ලතින් ඇමරිකානුවන් පමණයි. ෆිඩෙල් චරිතය පැත්තකින් තිබ්බම සුපර්මාරියො ලයිව් ඇක්ෂන් චිත්‍රපටයේ මාරියො සහ ලුයීජි චරිත සඳහා ලතින් නලුවන් භාවිතා කල යුතු ලෙස (මාරියො සහ ලුයිජී ඉතාලි චරිත වුනත්) දැඩි විවේචන එල්ලකල ජෝන් ලෙගුයිසාමෝ එකඳු ග්‍රීකයෙක් හෝ රඟ නොපාන නෝලන්ගෙ ඔඩිසියේ ඔඩිසියුස්ගේ සමීපතමයා වන යුමේයස්ගේ චරිතය රඟ දක්වනවා.