අන්ධ වීමට වාසනාව ලද හෝමර්...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,259
    100,033
    113
    අන්ධ වීමට වාසනාව ලද හෝමර්...
    =============================

    වෝක් ලෙෆ්ටිස්ට් ප්‍රොපගැන්ඩා යාන්ත්‍රණයේ අලුත්ම චිත්‍රපටිය වුන ඔඩිසියේ ආතල් කිහිපයක් ගැන ලියන්න ඕන කියලා හිතුනා. මේක කාරණා කිහිපයක් යටතේ කතා කරන්න වෙනවා ඒ නිසා දීර්ඝ ලිපියක්.

    පලවෙනි එක තමයි මේ චිත්‍රපටියට මූලාශ්‍රය එහෙමත් නැත්තන් source text එක විදිහට අරන් තියෙන පරිවර්තනය. ඔඩිසියේ පරිවර්තන ගනනාවක් තියෙනවා. Rieu, Lattimore, Fitzgerald, Fagles වගේ පරිවර්තකයන්ගෙ පරිවර්තන තමයි සාමාන්‍යයෙන් ප්‍රධාන පරිවර්තන විදිහට පිළිගන්නෙ. මේ අතරිනුත් Robert Fitzgerald ගේ 1961 කරපු පරිවර්තනය තමයි ඔඩිසිය සම්බන්ධයෙන් රන් මිනුම විදිහට භාවිතා කරන්නෙ. Fagles පරිවර්තනය තමයි පන්ති කාමරවල ඉගැන්වීමට බොහෝවිට යොදාගන්න පිටපත.

    නෝලන් මහත්මයගෙ ඔඩිසි චිත්‍රපටය විවේචනය කරද්දි දේශපාලනික විවේචන කරන්න එපා කියලා කට්ටියක් තර්ක කරනවා. නමුත් ඔය උඩ කිව්ව පරිවර්තන සියල්ලම තියෙද්දි නෝලන් මහත්මයා තමන්ගෙ චිත්‍රපටයේ මුලාශ්‍රය විදිහට ගන්නෙ 2018 දි පලවුන එමිලි විල්සන් විසින් පරිවර්තනය කල ඔඩිසිය. දැන් බැලු බැල්මට මේකේ අවුලක් නෑ. මොකක්‍හරි පරිවර්තනයක්නෙ... මොන පරිවර්තනයත් ගත්තත් මොකද චිත්‍රපටියකට කියලා හිතෙන්න පුළුවන්. මේතන අවුල තියෙන්නෙ එමිලි විල්සන් කියන්නෙ දැඩි ස්ත්‍රීවාදිනියක්. විල්සන් ඔඩිසියේ මේ අනුවාදය ලියන්නෙම ස්ත්‍රීවාදී, ස්ත්‍රී පුරුෂභාවී විවේචන සහිත (Gender crtical) , පශ්චාත්නුතනවාදී කෝණයකින්. ඒකේදි හුදෙක් පරිවර්තනයක් සිදුකිරීම වෙනුවට එමිලි විල්සන් කරන්නෙ හෝමර්ගෙ ඔඩිසිය නුතනයට ගැලපෙන ලෙස නැවත පරිකල්පන කිරීමක් කියලා තමයි කියන්නෙ. කොටින්ම නොකියා කරන්නෙ ඔඩිසියස් කියන "ටොක්සික් මේල් හීරෝව බෙලහීන කිරීම සහ ඇයට අනුව ඔඩිසියේ කාන්තා චරිතවලට අර්ථනිරූපන ලබාදීම. මෙ ලිපිය තවත් අනවශ්‍ය ලෙස දීර්ඝ වෙන නිසා විල්සන්ගෙ "පරිවර්තනයේ" ඇයට අවශ්‍ය ලෙස මුලික හරය වෙනස් කල කොටස් ගැන කතා කරන්න යන්නෑ. ඒක ගැන වැඩිදුර අදහසක් ගන්න අවශ්‍යනන් කෙටි මුලාශ්‍රයක් තමයි HOMER’S ODYSSEY THREE WAYS: RECENT TRANSLATIONS BY VERITY, WILSON, AND GREEN by Richard Whitaker ලිපිය. සර්ච් කරලා කියවන්න පුළුවන්.

    නෝලන්ගෙ චිත්‍රපටියේ මුලාශ්‍රය එහෙමත් නැත්තන් source text එක බවට පත්වෙන්නෙ මෙන්න මේ දැඩි ස්ත්‍රීවාදී මුලය. එතකොට මෙතනින් එහාට මේ කතාව පොලිටිකල් වෙනවද නැද්ද කියන එක තීරණය කරගන්න පහසුයි.

    මෙන්න මේ නිසා තමයි නෝලන්ගෙ චිත්‍රපටියේ හෙලන්ගෙ චරිතයට ගත්ත ලුපිතා න්යොන්ගෝගෙන් සම්මුඛ සාකඡ්ඡාවකදි ප්‍රශ්නයක් යොමු වුනාම ඔබට හෝමර්ව මුණගැසුනොත් අහන ප්‍රශ්නය කුමක්ද කියලා ඇය දැඩි ස්ත්‍රීවාදි කතාවක් කියන්නෙ. ඇය කියනවා ඇයට හෝමර්ව මුණ ගැසුනොත් " ඉතින් හෝමර්.. ඔයා ගෑනු අය එක්ක ගතකරපු සුළු කාලය එක්ක සසඳ්දි චිත්‍රපටියේ ගෑනුන්ට දී ඇති කාලය ගැන මොකද හිතන්නෙ ?" ලෙස ප්‍රශ්න කරන බව.

    වසර 3000 කට අධික කාලයක් කාලයේ වැලි තලාවෙන් යට නොවී පෙර අපර දෙදිග ශිෂ්ඨාචාර පුරා විහිදී ගිය වීර කාව්‍යක ප්‍රධානම චරිතයක් රඟපාන්නට අවස්ථාව ලැබීම ගැන ස්තූතිවන්ත වෙනවා වෙනුවට ලුපිතා ⁣ඒක අවස්ථාව කරගන්නෙ වසර තුන්දාහකට පමණ කලින් ඒකී කාලයේ සංදර්භයනට අදාලව මුලාශ්‍රය රචනා කල අන්ධ යැයි සැලකෙන හෝමර්ව විත්ති කූඩුවකට නංවා ස්ත්‍රී විමුක්තිය ගැන ප්‍රශ්න කිරීමට. 😁

    මේ වෝක් ස්ත්‍රීවාදී, පශ්චාත්නුතවාදී, වාම නඩයේ පුර්වාපර ගලපා ගැනීමට නොහැකි විගඩම් වැලක්ම ඔඩිසි චිත්‍රපටිය නිර්මාණය කිරීම තුල තියෙනවා.

    ඒවා කිහිපයක් අපි බලමු.

    බටහිර ශිෂ්ඨාචාරයේ ඇරඹුම ලෙස සලකන්නෙ පුරාණ ග්‍රීසිය. මේ පෞරාණික ග්‍රීක සාහිත්‍යයේ මුදුන් මල්කඩවල් ලෙස සැලකෙ⁣න්නෙ ඉලියඩ් සහ ඔඩිසි වීර කාව්‍යන්. මේ කාව්‍යන් දෙක සාහිත්‍යට වඩා ළංවන්නෙ පුජනීය දෑ ලෙස. පසුකාලීන රෝම ශිෂ්ඨාචාරය පමණක් නෙවෙයි පෙරදිග ශිෂ්ඨාචාරයන් දක්වාම මේ කාව්‍යන්ගෙ පන්නරය ලැබුනු බවට සාක්ෂි සාධක පවතිනවා. ඇතැමුන් රාමායණය සහ ඉලියඩ් කාව්‍ය සංසන්දනය කිරීම් සිදු කරනවා. ටොලමි පරම්පරාව හරහා ඉජිප්තුවටත්, ඇලෙක්සැන්ඩර්ගෙ ඉන්දියාව කරා ආ ගමනින් සොළොස් මහ ජනපදවලින් එකක් ලෙස සැලකෙන ගාන්ධාරයටත් ඉලියඩ්, ඔඩිසි කාව්‍යන්ගෙ ආලෝකය විහිදීම සිද්ධ වෙනවා. තවත් විදිහකින් කිව්වොත් මේ මහා කාව්‍යන් බටහිර ශිෂ්ඨාචාරයේ පමණක් නෙවෙයි සමස්ථ මානව සංහතියේම අමිල උරුමයන්. කවදා හරි දිනෙක පෘථීවියේ අවසන් දින මානව ඉතිහාසයේ උරුමයන් රැගෙන යානාවක් දියත් කලහොත් ඉලියඩ්, ඔඩිසි, මහාභාරතය, ගිල්ගමේශ්, රාමායණය වැන්න එහි ගමන් කරනු ඇති.

    චිත්‍රපටියකට නැගුනු ඔඩිසියේ චරිත තෝරාගැනීම ගැන විවේචන නගද්දි එල්ලවන ප්‍රධාන ප්‍රතිතර්කය තමයි සුරංගනා කතාවක චරිත ගැන ඔච්චර කැක්කුමක් ඇයි කියලා. පලවෙනිම කාරණය තමයි ග්‍රීක ඉතිහාසය බිඳක් හෝ අධ්‍යනය කරන්නෙක්ට ඔඩිසිය කියන්නෙ සුරංගනා කතාවක් හෝ හුදෙක් මිථ්‍යාවක් නෙවෙයි. ග්‍රීක සාහිත්‍ය සහ ඉතිහාසය තුල එන අවියෝජනීය බැඳීම ඇතුලේ තියෙනවා යථාර්ථය හා මිථ්‍යාව බැඳි පවතින ස්ථාන බොහෝමයක්. මේ නිසා තමය ග්‍රීක mythos + logos කියන වචන ද්විත්වය හා වීමෙන් mythology කියන වචනය නිර්මාණය වෙන්නෙ. පසුකාලීනව මෙය කෙටි වී ඉංග්‍රීසි භාෂාවේදි myth = මිථ්‍යාව ලෙස අර්ථ ගැන්වුනත් μῦθος (mythos) = කතාන්දරය, පුරාවෘත්තය, මුඛ පරම්පරාගත කතාව ලෙසත් λόγος (logos) = කථිකාව, අධ්‍යනය, තාර්කික බව ලෙසත් අර්ථ ගැන්වෙනවා. එනයින් mythology = කතාන්දර, පුරාවෘත්ත අධ්‍යනය හෝ කීමේ කලාව ලෙස අර්ථ නැගෙනවා. මිථ්‍යාවත් යථාර්ථයත් මුහුවුන ශිෂ්ඨාචාරයක අක්මුල් හොයද්දි mythology හි එන/කියැවෙන කතාවක් හුදෙක් තවත් එක් සුරංගනා කතාවක් ලෙස සලකන්නෙ නෑ. මේ නිසාම තමයි හෙයින්රික් ශ්ලිමාන් , ෆ්‍රැන්ක් කැල්වර්ට් වගේ චරිත ඉලියඩ්, ඔඩිසි අනුව යමින් ඇනටොලියාවේ හිසලක් ප්‍රදේශයෙන් ට්‍රෝයි පුරය සොයාගනු ලබන්නෙ. එනයින් මේ කාව්‍යන් හුදෙක් සුරංගනා කතා නොව අතිශයෝක්තියට නැංවු නමුත් යථාර්ථය, සත්‍ය ගැබ්ව පවතින ලියවිලි. නමුත් මේ කාව්‍යන් වෝක් වාමවාදී පශ්චාත්නුතවාදීන්ට ඛණ්ඩනය කර වටිනාකම් බැහැර කල හැකි හුදෙක් කතා පමණයි.

    හැබැයි මේ වගේ කාව්‍යන් හෝ ඉතිහාසය හෝ වෙනත් අන් අයෙක්ට පුජනීය, ගෞරවනීය දෙයක් වෝක් වාමවාදී පශ්චාත්නුතවාදීන්ට හුදෙක් කතාවක් බවට පත්වෙන්නෙ ඔවුන්ට වාසි අවාස්ථාවල පමණයි.
    මේකට ඔය චිත්‍රපටියෙන් උදාහරණ කිහිපයක් දෙන්න පුළුවන්. පලවෙනි උදාහරණය තමයි ලුපිතා න්යොන්ගො.
    Black Panther චිත්‍රපටියේ පුර්ව දර්ශන අවස්ථාවකදි ලුපිතා ප්‍රකාශ කරනවා වැකැන්ඩාව වැනි මනඃකල්පිත නිර්මාණයක් සිදුකිරීමේදි පවා අප්‍රිකානු සංස්කෘතීන් සහ ශිෂ්ඨාචාරයන්ගෙ පිළිඹිඹුව අතිශයින් නිරවද්‍ය ලෙස පැවතීමේ අගය, අප්‍රිකානු භාෂාවක් වන Xhosa භාෂාව මුල සිට ඉගෙන ගැනීමට සිදුවීම, තල දර්ශන, ඇඳුම් නිවැරදිව පෙන්නුම් කිරීම ගැන අතිශයින් අගය කොට ඉහලින් කතා කරනවා. හැබැයි ඉන් අවුරුදු 8 කට පස්සෙ ඇය වසර 3000 ක් පැරණි ග්‍රීක කාව්‍යක සුදු හම තිබෙන ඇත්තියක් ලෙස කාව්‍ය තුලම වර්ණනා වන හෙලන් චරිතයට පෙනී ඉන්නනවා. මතක තියාගන්න ග්‍රීකයො මිහිමතින් වඳවෙලා ගිහින් නෑ. ඔවුන් තවමත් ජීවත්වන, හුස්ම ගන්නා ජාතියක්. හැබැයි දෙබඩි වෝක් බල තුලනයේදි අප්‍රිකානුවන්ගේ සංස්කෘතික උරුමය තරම් ග්‍රීකයන්ගෙ සංස්කෘතික උරුමය මිල නෑ. ඒ නිසා ඒවැනි කාව්‍යන් 'It's just a story' ලෙස ඉතාමත් පහසුවෙන් බැහැර කරන්න පුළුවන්. Cultural appropriation වැනි දේවල් ඇත්තටම බලපවතින්නෙ ඒ වගේ දෙබඩි පිළිවෙත්වල.

    දෙවනි උදාහරණය තමයි ජෝන් ලෙගුයිසාමෝ කියන නළුවා. ජෝන් කියන්නෙ ලතින් ඇමරිකානු සම්භවයක් තියෙන නලුවෙක්. කොලොම්බියානු ස්පාඥඥ සම්භවයක් තියෙන ජෝන් ඇමරිකානුවෙක්. 2022 අවුරුද්දෙ ආපු Alina of Cuba චිත්‍රපටියේ ෆිඩෙල් කැස්ට්‍රෝගේ චරිතය ඇමරිකානුවෙක් වෙන ජේම්ස් ⁣ෆ්‍රැන්කෝ සිදුකිරීම නිසා චිත්‍රපටය වර්ජනය කල යුතුයි කී අයෙක්. ඔහුට අනුව ⁣ෆිඩෙල් චරිතය සිදුකල යුත්තෙ ලතින් ඇමරිකානුවන් පමණයි. ෆිඩෙල් චරිතය පැත්තකින් තිබ්බම සුපර්මාරියො ලයිව් ඇක්ෂන් චිත්‍රපටයේ මාරියො සහ ලුයීජි චරිත සඳහා ලතින් නලුවන් භාවිතා කල යුතු ලෙස (මාරියො සහ ලුයිජී ඉතාලි චරිත වුනත්) දැඩි විවේචන එල්ලකල ජෝන් ලෙගුයිසාමෝ එකඳු ග්‍රීකයෙක් හෝ රඟ නොපාන නෝලන්ගෙ ඔඩිසියේ ඔඩිසියුස්ගේ සමීපතමයා වන යුමේයස්ගේ චරිතය රඟ දක්වනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,033
    113
    මේ මනකල්පිත චරිතවල පවා ඓතිහාසික නිරවද්‍යතාව බලා⁣පොරොත්තු වුවන්ගේ කෙරුවාව.

    ඊලඟට මේ හිස්ටොරිකල් ඇකියුරසි එහෙමත් නැත්තන් ඓතිහාසික නිරවද්‍යතාව කතා කරන්නෙත් අපි වගේ විවේචකයො නෙවෙයි, නෝලන් මහත්මයමයි. එතුමාට අනුව මේ චිත්‍රපටියේ සංගීතයට වාදක වෘන්දයක් (Orchestra) භාවිතා කරන්නෙ නෑ. ඒකට හේතු විදිහට කියන්නෙ ඒ කාලේ ඕර්කෙස්ට්‍රා තිබුනෙ නැතිය කියලා. මැට් ඩේමන්, ලුපිතා වගේ අයත් පුර්ව ප්‍රචාරක වැඩසටහන්වලදි නෝලන් මහත්මයා ඓතිහාසික නිරවද්‍යතාව පවත්වගන්න මහන්සි වෙච්චි ආකාරය ගැන කතා කරනවා. හැබැයි කාමරේ ඉන්න අලියා ගැන වචනයක් නෑ. ඒ තමයි මේ සම්පුර්ණ චිත්‍රපටය තුලම එකඳු සැබෑ ග්‍රීකයෙක් නොසිටීම. ලස්සනම වැඩේ කියන්නෙ මේ චිත්‍රපටය සඳහා යුරෝ මිලියන 6.5 ක් පොම්ප කරනවා. දැන් ඒක ගැන රජයට දැඩි විවේචන එමින් පවතිනවා එකඳු ග්‍රීකයෙක්වත් නැති චිත්‍රපටියකට ජනතා බදු මුදල් නාස්ති කලාය කියලා.

    චරිත වලට නළු නිලියන් තෝරා ගැනීමේදි නිර්මාණකරුවාට ඇති නිදහස එහෙමත් නැත්තන් artistic freedom එක ගැන කිසිඳු ගැටලුවක් නෑ. ඒ විවේචන නොකර ඉන්න පුළුවන් ඓතිහාසික නිරවද්‍යතාව නොසොයන, මුලීක මුලාශ්‍රය විකුනන් නොකන නිර්මාණවලට. උදාහරණයකට ඉලියඩ් පාදක කරගෙන ගොඩනැගු ට්‍රෝයි චිත්‍රපටය එවැන්නක්. එය ඉලියඩ් නමින් අලෙවි නොකර ට්‍රොයි නමින් නිදහස් නිර්මාණයක් ලෙස අලෙවි කරනු ලැබුවා, මේ නිසා තමයි ට්‍රෝයි හී inspired by Illiad ලෙස සඳහන් කරන්නෙ. එසේ කර තිබියදීත් ඔඩිසි නමින් නිපදවු ඔඩිසියට වඩා ට්‍රෝයි එහි මුලීක මුලාශ්‍රයට නිරවද්‍යතාවයෙන් සමීප වීම වර්තමාන හොලිවුඩයේ නිරුවත විදහා දැක්වීමක්.

    ඊලඟට එච්චර ඓතිහාසික නිරවද්‍යතාව වෙනුවෙන් මහන්සිවෙන නෝලන් මහත්තයා හෝමර්ගෙ ඔඩිසියේ නැති සිනෝන් චරිතය ඔඩිසියට ගෙනත් ඒ චරිතය රඟ දැක්වීමට එලියට් පේජ්ව යොදාගන්නවා. සිනොන් කියන්නෙ ඔඩිසියස්ගෙ ඥාති සොහොයුරා. මේ චරිතය ඉලියඩ් හෝ ඔඩිසි කාව්‍යන්වල එන චරිතයක් නෙමෙයි. බොහෝ පසුකාලිනව රෝම ශිෂ්ඨාචාර සමයේ, ඒ කියන්නෙ ඉලියඩ්,ඔඩිසි කාලයට වසර 700 -800 පසු ජීවත්වු වර්ජිල් කවියාගේ එනීඩ් කාව්‍යයේ තමයි මේ චරිතය එන්නෙ. වර්ජිල්ගෙ එනීඩ් කාව්‍යට අනුය සිනොන් තමයි ට්‍රෝජන් අශ්වයාව ට්‍රෝයි පුරය ඇතුලට ගන්න කූට උපක්‍රමය ක්‍රියාවට නංවන්නෙ.

    භාෂාවෙන්, අභිනයෙන්, රංගනයෙන්, පසුතලවලින් පමණක් නෙවෙයි තෝරාගෙන ඇති මුලාශ්‍රයෙන් පවා මේ සිදුකරන්නෙ හෝමර්ගෙ කතාවේ වසර තුන්දහසක් පමණ පිරිමින්ට පුර්වාදර්ශ සැපයු වීරයන් මරා දැමීම හෝ බෙලහීන කිරීම වගේම වාර්ගික විවිධත්වය පෙන්නුම් කිරීමේ DEI ඉල්ලුම සැපිරීම. ඉලියඩ්, ඔඩිසි කාව්‍යන් තුල ගැහැනිය ගැන නැවත කියවීමක් කිරීමට එමිලිට හො ලුපිතාට ඉඩක් නැත. ඒවා ගැහැනුන් දේවත්වයට ඔසවා තැබු කාව්‍යන්ය. ඔඩිසියස් නිතර දෙවෙලේ පිහිට පැතුවේ අන් පුරුෂ දෙවියන්ට නොව ග්‍රීක පැන්තියමේ බුද්ධියට අධිපති ඇතීනා දෙවඟන හටය. දශක දෙකක් තිස්සේ ඔඩිසියස් නැවත නිවෙස් බලා යෑමට සටන් කරන්නෙ පෙනිලොප් වනාහී තම එකම නිවෙස පුර්ණත්වයට පත්කරන්නිය වන නිසාය. ට්‍රෝජන් යුද්ධය ජයගත් මහා වීරයෙකුට ගැහැනුන් දුසිම් ගනන් ගැනීමට හැකිවන විට හෝමර් පෙනිලෝප් වෙතටම ඔඩිසියුස් යවන්නෙ ගැහැනියට ඇති තැන අන් හැමටම වඩා එසවීමෙන්. හෝමර්ගේ කාව්‍යන්ට DEI තෘප්ත කිරීමට ලුපිතාලා එබ්බවිය යුතු නැත. හෙලනිස්තික කාව්‍යන් තුල පෞරාණික ග්‍රීකයන් එතියොපියානුවන් හැඳින්වුයේ වරප්‍රසාද ලත්, දේව අනුහස සහිත, ගුණ ගරුක ජාතියක් ලෙසය.

    එමෙන්ම සිව්වන රැල්ලෙ පුර්වාපර ගලපාගත නොහැකි ස්ත්‍රීවාදීන් පිරිමින්ට සංවේදිවන්නට, අඬන්නට කියාදිය යුතු නැත. වසර තුන්දහසක කාලයක් තිස්සෙ ඔඩිසි කියවන ඕනෑම පිරිමියෙකුගෙ ඇස් ආර්ගෝස් ගැන කියවෙන විට කඳුලින් තෙත්වෙයි. අතේ දරුවකු සේ හදාගන්නා ආර්ගෝස් නැමැති සුනඛයා ට්‍රෝජන් යුද්ධයට සිය ස්වාමියා නික්මුනු පසු දුක්ඛිත දිවියක් ගත කරයි. අවසානයේ නැවත ඔඩිසියස් පැමිණෙන විට වයෝවෘද්ධව දුර්වලව සිටින ආර්ගෝස් හිස සහ කන් ඔසවා ඔඩිසියස් හඳුනාගනී. හිඟන්නෙක් ලෙස වෙස්ගෙන සිටින ඔඩිසියස් ආර්ගෝස්ට කතා කිරීමට නොහැකිව රහසේ හඬා වැටෙන විට කන් එසවු ආර්ගෝස් ස්වාමියා දැක සතුටට පත්ව එතනම අවසන් හුස්ම හෙලයි. මේවාට සංවේදි වෙන්නට කියා නව අර්ථකතන සැපයිය යුතු නැත. සංවේදි වන්නට කියා මේ පහර දෙන්නෙ, ප්‍රචලිත කිරීමට උත්සහා කරන්නෙ වෙනත් ඇජෙන්ඩාවන්ය. සම්මාන සහ හොලිවුඩයේ social currency වෙනුවෙන් පොදු මහත් සමාජයක් ලෙස ඇති වටිනාකම් ,මානව සංහතියක් ලෙස පුජනීය වන දෑ, පවුල් ඒකකක් ලෙස අවැසි වටිනාකම්, සංස්කෘතියක් ලෙස පවතින වටිනාකම් වෙත මළපහ කිරීම මේ වෝක් නාඩගම්කරුවන්ගෙ ක්‍රමවේදයයි.

    ප්‍රසිද්ධිය නැමැති සන්නාහයෙන් සන්නද්ධ නෝලන්ගේ ඔඩිසිය බොහෝවිට අසාර්ථක චිත්‍රපටයක් නොවන්නට පුළුවන්. නමුත් ප්‍රතිපත්තියක් නොමැති, වාසි අතට හෝයියා කියන, රසිකයන්ට නිර්මාණයක් සිදුකරනවා වෙනුවට දේශපාලනික ඇජෙන්ඩාවකට බලකිරීමට මුදාහරින තක්කඩි නිර්මාණ නුදුරු අනාගතයේදිම රසිකයින් විසින් මුලුමනින්ම බැහැර කරන දිනයක් ලඟාවනු ඇති බවනන් සැකයක් නෑ.

    අවසාන වශයෙන් ලුපිතාට යොමුකල ප්‍රශ්නය මගෙන් ඇසුවානම් මා හෝමර්ට කියන්නෙ ඔබ අන්ධ වීම වාසනාවක් බවයි...


     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,784
    13,120
    113
    35
    Spain
    200.gif


    නියම විග්‍රහයක්. මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා අරුන්ට කියවන්න දෙන්න ඕන.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,784
    13,120
    113
    35
    Spain
    mulinma announce karapuwama balanna hitiye story ekata asa nisa. dan nam balanne na kiyala hithagena inne.
    ඔවු බන් ඔය වගේ කාලා දාපු ෆිල්ම් කීපයක් තියෙනවා. මන් ලඟකදී ටාසන් කතාවක් බැලුව. ස්කාස්ගාඩ් සහෝදරයෙක් ඉන්න ෆිල්ම් එකක්. එකත් කාල තිබුන. ඔරිඉනල් ටාසන් කතා කියෙව්වම අපේ හිතේ ඇඳුනු චිත්‍රය නෙවේ මේ ෆිල්ම් එක. මන් බලන එක නතර කළා.
     
    • Like
    Reactions: supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,033
    113
    ඔවු බන් ඔය වගේ කාලා දාපු ෆිල්ම් කීපයක් තියෙනවා. මන් ලඟකදී ටාසන් කතාවක් බැලුව. ස්කාස්ගාඩ් සහෝදරයෙක් ඉන්න ෆිල්ම් එකක්. එකත් කාල තිබුන. ඔරිඉනල් ටාසන් කතා කියෙව්වම අපේ හිතේ ඇඳුනු චිත්‍රය නෙවේ මේ ෆිල්ම් එක. මන් බලන එක නතර කළා.
    Tarzan නන් එක ෆිල්ම් එකක් හරියට කරේ නෑ. මරු story එකක් හරියට කරන්න එකෙක් නෑ ඒත්.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,237
    113
    ප*යාගල
    sorry.com
    අතේ දරුවකු සේ හදාගන්නා ආර්ගෝස් නැමැති සුනඛයා ට්‍රෝජන් යුද්ධයට සිය ස්වාමියා නික්මුනු පසු දුක්ඛිත දිවියක් ගත කරයි. අවසානයේ නැවත ඔඩිසියස් පැමිණෙන විට වයෝවෘද්ධව දුර්වලව සිටින ආර්ගෝස් හිස සහ කන් ඔසවා ඔඩිසියස් හඳුනාගනී. හිඟන්නෙක් ලෙස වෙස්ගෙන සිටින ඔඩිසියස් ආර්ගෝස්ට කතා කිරීමට නොහැකිව රහසේ හඬා වැටෙන විට කන් එසවු ආර්ගෝස් ස්වාමියා දැක සතුටට පත්ව එතනම අවසන් හුස්ම හෙලයි.
    mata meka kiyawala depression wage awa school kale. mata e dawas wala e art work eke innwa wagema ballek hitiya :sorry: :sorry: uta wasa deela maruna. u kohe hitiyath mage kata hada ahunama duwan enawa

    lupitage ammata hukanna patta wesi.nolan ponnaya


    image.png
     
    • Sad
    Reactions: supun_sg