සෙන් කතාවක්

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,164
    1,943
    113
    “ගුරුතුමනි, මං ඇති තරම් පොත් කියවලා තියෙනවා… ඒත් ඒවායෙන් වැඩි හරියක් දැන් මට මතක නැහැ. ඉතින් පොත් කියවන එකේ තේරුමක් තියෙනව ද?” සෙන් ආරාමයේ නැවතිලා ඉන්න තරුණ සිසුවෙකු වයෝවෘද්ධ සෙන් ගුරුතුමාගෙන් විමසුවා.

    සෙන් ගුරුතුමා කිසිවක්ම කිව්වේ නැහැ. නිහඬවම ටික වෙලාවක් ඔහු දිහා බලාගෙන හිටියා.

    දවස් කිහිපයකට පස්සේ, සෙන් ගුරුතුමා තරුණ සිසුවාට කතා කළා පොඩි ගමනක් යන්න. ඔවුන් ගියේ කැලෑ බද අඩි පාරක් දිගේ. අඩි පාර කෙළවර වුණේ ගම්මානය කෙළවර තිබුණු සුන්දර ගංගාවකින්.

    අතු පතර විහිදිලා තිබුණු රූස්ස ගහක් යට වාඩි වුණු ගුරුතුමා තරමක් ඈතින් තිබුණු ගංගාව දිහා අත දිගු කරලා මෙහෙම කිව්වා.

    “මට හරිම මහන්සියි. පුළුවන් ද මට මුහුණ හෝද ගන්නත් එක්ක වතුර ටිකක් අරගෙන එන්න. හැබැයි අර අතන තියෙන කූඩයෙන් තමයි ගේන්න ඕනේ”

    ගුරුතුමා පෙන්නුවේ ගංගාව අද්දර ගලක් උඩ තිබුණු ඇස් කූඩයක්. ඇස් කූඩය කියන්නේ සිදුරු තියෙන දෙයක්නේ. ඒ හින්දා ශිෂ්‍යයා අගක් මුලක් සොයා ගන්න බැරිව ළතැවුණා. සිදුරු තියෙන භාජනයකින් කොහොම ද වතුර අරන් එන්නේ? කොයි තරම් නම් මෝඩ වැඩක් ද ඒක?

    ඒත් වයෝවෘද්ධ ගුරුතුමා එක්ක වාදයකට යන්න තරුණා සිසුවා කැමැති වුණේ නැහැ. ගහ පාමුල වාඩි වෙලා හිටිය ගුරුතුමා දෑස් පියාගෙන භාවනාවකට සම වැදුණා.

    තරුණ සිසුවා ගං තෙරට ගිහින් පරණ ඇස් කූඩය අතට ගත්තා. වතුර පුරවලා අරගෙන එන්න උත්සාහ කළා. අඩි දහයක් යන්නත් කලින් වතුර ටික සිදුරු වලින් බිමට ගලා ගෙන ගියා. දහ දෙළොස් වතාවක්ම ආයෙ ආයෙ උත්සාහ කළා. වතුර පුරවගෙන තමන්ට පුළුවන් උපරිම වේගයෙන් දුව ගෙන එන්න උත්සාහ කළා. ඇස් කූඩය එක එක විදියට හරවලා වතුර අරන් එන්න හැදුවා. තමන්ගේ දෑත් වලින් පුළුවන් තරම් සිදුරු වහගෙන දුවගෙන එන්න උත්සාහ කළා. ඒත් ඒ කිසිම දෙයක් හරි ගියේ නැහැ. අඩි දහයක් දුවගෙන එද්දී එක වතුරු බිංදුවක්වත් කූඩයේ ඉතිරි වෙන්නේ නැහැ.

    මහන්සියටත්, කෝපයටත්, බලාපොරොත්තු කඩවීමටත් එක වර මුහුණ දුන්න‌ තරුණයා, ගුරුතුමා ළගට ඇවිත් මෙහෙම කිව්වා.

    “සමාවෙන්න ගුරුතුමනි… මට ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මං අසාර්ථකයි”

    ගුරුතුමා හිමිහිට ඇස් ඇරියා. කරුණාවෙන් මෙහෙම කිව්වා.

    “නැහැ ඔබ කොහෙත්ම අසාර්ථක නැහැ… බලන්න ඔය ඇස් කූඩය දිහා”

    තරුණයා ඇස් කූඩය දිහා උවමනාවෙන් බැලුවේ එතකොටයි. මඩ පාටට,කළු ගැහිලා තිබුණු පැරණි ඇස් කූඩය දැන් අලුත් කූඩයක් වගේ දිළිසෙනවා. හරිම පිරිසිදු පාටයි. ඔහු වතුර ගේන්න උත්සාහ කරපු හැම අවස්ථාවකම කූඩයේ තිබුණු පැරණි මඩ කුණු පැල්ලම් හැම දෙයක්ම මුළුමනින්ම හේදිලා ගිහින්.

    ගුරුතුමා මෙහෙම කිව්වා:

    “කියවීමෙන් සිද්ධ වෙන්නෙත් අන්න ඒකම තමයි. කියවපු හැම දෙයක්ම ඔයාට මතක ද නැද්ද කියන එක කොහෙත්ම වැදගත් නැහැ. වතුර අරන් එද්දි ඇස් කූඩයෙන් වතුර ගලාගෙන ගියා වගේ, ඔයා කියවන දේවල්වලින් ලැබුණු අවබෝධය ඔයාගේ මතකයෙන් ගිලිහිලා ගියාට කමක් නැහැ. වැදගත්ම දේ තමයි, ඔයා කියවන හැම වෙලාවකම ඔයාගේ මනස අලුත් වෙනවා. ජීවිතයට අලුත් ආලෝකයක් ලැබෙනවා. අලුත් අදහස්වලට පියාපත් ලැබෙනවා. ඔයා දන්නේම නැතිව තවත් වැදගත්ම දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි ඔයාගේ ජීවිතයේ වෙනස්කම් සිද්ධ‌ වෙන්න පටන් ගන්නේ බාහිරෙන් නෙමෙයි, ඔයාගෙම ජීවිතයේ අභ්‍යන්තරයෙන්.

    අන්න ඒක තමයි කියැවීමේ තියෙන සැබෑම ප්‍රයෝජනය. පොත් කියවන්න ඕනේ මතකය පුරවා ගන්න හිතාගෙන නෙමෙයි. මුළු ජීවිතයම පිරිසිදු වෙලා සරුසාර කරගන්නයි”
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,164
    1,943
    113
    Mama ea kaale wala katha kiyewwa ban ambaanaka. Man hitanne mama lingikawa matured une ea wala katha wala ath dakim jiviteta ekatu karagatta nisa kiyalai😌
    Spit Out Mahesh Babu GIF
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,560
    16,122
    113
    එක පාරින් උරාගන්න බෑ කොහොමත්.

    සමහර පොත් තියනවා අවුරුදු කීපයකට සැරයක් ආපහු බලන්න ඕන.

    එතකොට ඒක වෙනම විදිහට සෙට් වෙනවා.
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,747
    1,359
    113
    Sri Lanka
    Poth nam godak kiyawala tiyenawa. Dan nam kiyawanawa adui…. Welawak na. Podi kaale Hama welema Mokak hari kiyawanawa…

    Have to start reading again