මට පිස්සු වගේ බං මේ මොකක් ද වෙන්න යන්නේ?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    9,043
    10,222
    113
    අඩෝ, මේ අහපංකෝ... උබල කවදාහරි කිසිම තේරුමක් නැති, ඒත් ඇඟ හිරිවැටෙන තරමේ අමුතු අත්දැකීමකට මූණ දීලා තියෙනවද?

    මට මේ සිද්ධ වුණේ හරියටම ඒ වගේ දෙයක්.
    දවස් දෙකකට කලින් මම කුරුණෑගල ටවුමට ගිහින් ටිකක් නිදහසේ ඉන්න හිතාගෙන වැව රවුමට ගියා. බැලූ බැල්මට සාමාන්‍ය දවසක් වගේ පෙනුණට, එදා අවට වාතයේ පවා පුදුම අමුත්තක් තිබ්බා. මන් ත්‍රෙඩ් එකකුත් දැම්මා සීන් එක. මම නිකමට වගේ වටපිටාව වීඩියෝ කර කර ඉද්දි තමයි මේ දේවල් එකින් එක වෙන්න ගත්තේ.


    අද තමයි සිරාම වැඩේ වුණේ. ඒ සරුංගලේ තාමත් එතනමයි. එළුගලේ ගහකවත් ගැට ගහල තියෙන්නේ ඇති. අහසේ පාවෙවී තිබ්බ සරුංගලේ දිහා මම එක දිගටම බලාගෙන ඉද්දි... හිතාගන්න... ඒකෙ වලිගෙ එක පාරටම කඩාගෙන ගියා! පිස්සු හැදෙනවා මන් පුදුම වෙච්ච පාර වීඩියෝ කරන්නත් අමතක උනා.

    ඒ වෙලාවේ මට දැනුණු හැඟීම මට ඔයාලට වචනෙන් කියන්න තේරෙන්නේ නෑ. මගේ ඇඟේ හිරිගඩු පිපුණා. ඒක හරියට නිකන්... ස්වභාවධර්මයෙන් අපිට දෙන ලොකු අනතුරු ඇඟවීමක් වගේ. අර කතාවට කියන්නේ 'Winter is coming... මහා අඳුරු කාලයක් එන්නයි යන්නේ' කියලා? අන්න ඒ වගේ බයක් මගේ හිතට ආවා. අර දිශාවක් නැතුව, වලිගෙ කැඩිලා අහසේ අතරමං වුණු සරුංගලේ වගේ අපිටත් ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ කියන එක මට ඉවෙන් වගේ දැනුණා. මෙන්න සීන් එක. 👇



    වීඩියෝ එක රිපෝට් ගහලා අයින් කරලා. කව්රු හරි මේකට සම්බන්ධයි. මාව නවත්තන්න අමාරු වෙයි ආයෙත් අප්ලෝඩ් කරා
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,630
    35,617
    113
    අහස අඳුරුයි
    බත ඉදෙන්නෑ
    බොක යන්නෑ
    අනේ අපේ මෛයින්ද මාත්තයට කරදරයක්වත්ද?
     
    • Haha
    Reactions: Shamal3001

    dinu09

    Well-known member
  • Jul 30, 2025
    523
    403
    63
    රස්නෙ දවසට වැඩිය අව්වෙ ඉන්න එපා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,149
    11,538
    113
    අහසේ පාවෙවී තිබ්බ සරුංගලේ දිහා මම එක දිගටම බලාගෙන ඉද්දි... හිතාගන්න... ඒකෙ වලිගෙ එක පාරටම කඩාගෙන ගියා!
    ඇස් වහා
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,043
    10,222
    113
    විහිළුවට ගන්න එපා බං සිරා දෙයක් දැම්මාම 💔