අනුරාධපුරයට රට කාසිඅතීත ශ්‍රී ලංකාව නාවුක මධ්‍යස්ථානයක් ලෙස හිමිකරගෙන සිටි ස්ථානය පිළිබඳව අනුරාධපුර රාජධානි සමයේ භාවිතයට ගෙන ඇති විදේශ කාසි ද සාක්ෂි දරනවා. එසේ ජාත්‍යන්තර වෙළඳාමේ දී ගනුදෙනු සඳහා යොදාගත් ග්‍රීක, රෝම, චීන, අරාබි සහ ඉන්දියානු කාසි රැසක් අනුරාධපුර, මිහින්තලේ, සීගිරිය, කුරුණෑගල, මාතර, අකුරුගොඩ සහ බදුල්ල යන ප්‍රදේශවලින් සොයා ගෙන තිබෙනවා. |
ඉන්දු-ග්‍රීක කාසිය | | |
පල්ලව කාසිය |
සැසේනියන් ශපූර් කාසිය |
කුෂාන් කාසිය | |
රෝම කාසි
තඹවලින් නිෂ්පාදිත රෝම කාසි වර්ග කිහිපයක් අප රටේ භාවිතාකර තිබෙනවා. එම කාසි අච්චුගසා තිබෙන්නේ රෝමයේ. දිවයිනේ නොයෙකුත් පළාත්වලින් මෙම කාසි සොයාගැනීමට හැකිවීමෙන් පැහැදිලි වන්නේ එම කාසි බහුලව මෙරට භාවිතයට ගෙන ඇති බව යි. කාසිවලින් විශාල සංඛ්යාවක් අයත් වන්නේ 4 - 5 වැනි ශත වර්ෂවලට. එයින් පැහැදිලි වන්නේ එකල රෝම අධිරාජ්‍යය සහ අප රට අතර විශාල වශයෙන් වෙළෙඳ කටයුතු කෙරී ඇති බව යි. එමෙන් ම මෙම කාසි බොහෝ සෙයින් භාවිතා කිරීමෙන් ගෙවී ගිය ස්වරූපයක් දක්නට හැකි යි. |
රෝම කාසි - 1 |
රෝම කාසි - 2 |
දිවයිනේ සිදත ගොතම සසුන පිහිටවූ පසු, අම්පාර රජගල පාලනය කල ධම්මාශෝක දුතයන් පිටකර හරිනවා පළමු වරට දිවයිනෙන් පිටතට.
එතැන් පටන් දිවයින සීග්‍රයෙන් සමාජීය සහ ආර්ථික අතින් දියුණු වෙනවා. කොයි තරම් දියුණු වුනාද යත්, රෝමානු කාසි මෙරට අච්චු ගහන්න සිද්ද වෙනවා ඔවුන් අතර වෙළදාම සදහා.
ජාත්‍යන්තර වෙළෙඳාම මාර්ගයෙන් ලැබුනු රෝම කාසිවලට අමතරව අප රටේ ද රෝම කාසි නිෂ්පාදනයකර තිබෙන බැව් දක්නට ලැබෙනවා. එවැනි කාසි විශාල තොගයක් මාතර නාවිමන ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා. සිගීරි හා අනුරාධපුර කැණීම්වලින් මෙම දෙවර්ගයට ම එනම් දේශීය වශයෙන් නිෂ්පාදිත රෝම කාසි සහ රෝම අධිරාජ්‍යයේ නිෂ්පාදිත රෝම කාසි සොයාගැනීමට හැකිවී තිබෙනවා. මෙම කාසි දෙවර්ගය අතර දක්නට ලැබෙන ප්‍රධාන වෙනස වන්නේ රෝමයේ නිෂ්පාදිත කාසිවල දක්නට ලැබෙන ඉංග්‍රීසි අකුර දේශීය වශයෙන් නිෂ්පාදිත කාසිවල දක්නට නොලැබීම යි. ඒ වෙනුවට නොයෙකුත් හැඩයෙන් යුත් ඉරි කැබලි කාසිවල ඇතුළත් කොට තිබෙනු දක්නට පුළුවන්.
ලංකාවේ නිර්මාණය වූ රෝමානු කාසි, මිහිඳු හිමි ගේ යුග මෙහෙවර පසුව සිදුවූ දෙයක්ද?
ලංකාවේ නිර්මාණය වූ රෝමානු කාසි භාවිතය සහ නිෂ්පාදනය සිදු වී ඇත්තේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයෙන්
පසුවය.
මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී (දේවානම්පියතිස්ස රජ සමයේ) වන අතර, මෙම ඓතිහාසික ලේඛනවලට අනුව ලංකාවෙන් හමුවී ඇති රෝමානු කාසිවලින් බහුතරයක් අයත් වන්නේ
ක්‍රිස්තු වර්ෂ 4 වන සහ 5 වන සියවස්වලටය (4th and 5th centuries A.D.).
රෝමයේ නිෂ්පාදනය කරන ලද කාසිවලට අමතරව, ඒවා අනුකරණය කරමින් ඉංග්‍රීසි අකුරු වෙනුවට කෙටි ඉරි කෑලි යොදා ලංකාව තුළම නිපදවන ලද රෝමානු කාසි ද සොයාගෙන ඇත්තේ සිගිරිය, අනුරාධපුරය සහ මාතර නවිමන වැනි ප්‍රදේශවලිනි. සිගිරිය සහ පසුකාලීන අනුරාධපුර යුගයේ සිදු වූ මෙම දේශීය රෝමානු කාසි නිෂ්පාදනය මිහිඳු හිමියන්ගේ යුග මෙහෙවරට ශතවර්ෂ කිහිපයකට පසුව සිදු වූවකි.