// මම ඔය විදියට කරලා නැහැ. මම normally projects කරන්නෙ පැයට රේට් එකක් කියලා පැය ගානට estimate එකක් ස්කෝප් එකත් එක්ක දීලා //
මෙතන දි මචං උඹ කරන්නේ Business එකක් නෙමෙයි. උඹ කුලියට වැඩ කරනවා වගේ සීන් එකක් තියෙන්නේ. ඒ කියන්නේ employee type එකක්ම තමා. උඹ B2B Engineering Solution දෙන business එකක් කරනවා කියන්නේ වෙන එකක්.
Final Quotation Price එක ඇතුලේ තියෙන එක ප්‍රධාන Cost එකක් තමයි මචං, human resource වලට ඇඩ් වෙන hourly rate එක කියන්නේ. ඒ කියන්නේ අපි normally බලනවා development hours කියක් යනව ද, එතකොට project එකට යන internal hours cost එක බලනවා. නිකමට හිතන්න අපි Developer කෙනෙක්ට 20$/h වගේ ගෙවනවා. මේකට අයේ බලන්න overhead cost එක, overhead cost එකට මොනව ද ඇඩ් වෙන්නේ කියලා හොයලා බන්න. ඊට පස්සේ අපි බලනවා third party cost මොනව ද කියලා, (sms and payment gateway, infrastructure/hosting, plugins,.etc)
ඕකට අයේ තියනවා Risk buffer එකක්. ඒකත් වෙනස් වෙනවා Risk එක අනුව. Risk එක වැඩි අඩු අනුව Time Calculate කරන Formulas එහෙම තියනවා.
උඹ IT/CS වගේ degree එකක් කරා නම් මේ සේරම ඉගෙන ගන්න හම්බෙනවා මචං ඒ කාලේම.
ඊට පස්සේ Risk and Complexity එක අනුව අපිට normally Profit margin තියා ගන්න පුළුවන්. මේහෙම තමා business එකක දි වෙන්නේ.
Development hour එකත් එක්ක විතර හිතුවොත් ඔයා කරන්නේ business එකක් නෙමෙයි. උඹ හිතන්න ඕනේ business එක ඇතුලේ ඉන්න employee කෙනෙක් තමා උඹ කියලා. ඒ කියන්නේ උඹව replace කරන්න පුළුවන් වෙන්න ඕනේ. Project එකට employee salary කියලා හරි යන්නේ නෑ ඉතිං.
ධම්මික පෙරේරා කියනවගේ පෙට්ටි කඩ වගේ තමා ඉතිං. රෝටිය හදලා ප්ලේන්ටිය දීලා සල්ලි ගන්න කොට රොටිය පුච්චන කෙනා ලෙඩ වෙලා සතියක් හිටියාම කඩේ වහන්න වෙන්නේ.