🎬 ලීසාගේ වරදකාරී හැඟීම සහ අභ්‍යන්තර අරගලය - Margaret (2011) 🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,961
    152,910
    113
    "ලීසා කොහේන්" කියන්නෙ ඇමරිකාවෙ මැන්හැටන් නගරයෙ ජීවත් වෙන උසස් අධ්‍යාපනය ලබමින් ඉන්න වයස අවුරුදු 17 ක ගෑණු ලමයෙක්. පොහොසත් පවුලක ගෑණු ළමයෙක් නිසා මෙයා ටිකක් ආත්මාර්ථකාමි පැත්තට බර, හැම දේකදිම තමන්ට විතරක් මුල් තැන දීලා වැඩ කටයුතු කෙනෙක් විදිහටයි හුගක් අය දැන අදුනගෙන තිබ්බෙ. දවසක් මෙයා අතින් නොදැනුවත්කමින් සිදුවෙන අත්වැරැද්දක් නිසා බස් රථ අනතුරක් වෙලා පාර මාරුවෙමින් හිටපු කාන්තාවක් ඒ බස් එකට යට වෙලා මරුමුවට පත් වෙනවා. යම් කාරණයක් අහන්න එවේලෙ පදික වේදිකාවෙ හිටපු ලීසා ඒ බස් රථේ පදවමින් හිටපු රියදුරාට කතා කරන්න යද්දි රියදුරා අතින් අවධානෙ ගිලිහිලා ගිහිල්ලා තමයි මේ අනතුර සිද්ධ වෙන්නෙ.මේ සිද්ධිය සිද්ධ වෙන්න තමනුත් අනියමාර්ථයෙන් සම්බන්ධ වුණා නේද කියලා ලීසට හිතිලා ලොකු කම්පනයක් වගේම, ලොකු වරදකාරී හැගීමකුත් මේකත් එක්කම මෙයා ඇති කරගන්නවා. ඊටපස්සෙ මෙයා තීරණය කරනවා අනතුර සිද්ධ කරපු බස් රථ රියදුරාව අනතුරට නීතියෙන් වරදකාරයා කරන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක් ම ගන්න.

    "Manchester by the Sea (2016)" වගේ සම්මානනීය චිත්‍රපටි නිර්මාණය කරපු ඔස්කාර් සම්මානලාභී ප්‍රවීණ තිර රචකයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වෙන "Kenneth Lonergan" විසින් අධ්‍යක්ෂණය කරපු 'Margaret' කියන චිත්‍රපටියේ කතාව මේ විදිහට තමයි ආරම්භ වෙන්නෙ.



    margaret_toppage.jpg





    Anna Paquin, J. Smith-Cameron, Matt Damon, Mark Ruffalo, Jean Reno, Jeannie Berlin, Allison Janney, Matthew Broderick, Kieran Culkin වගේ ප්‍රවීණ හොලිවුඩ් නළු නිළියො රාශියකගෙ රංගන දායකත්වයට අමතරව චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු "Kenneth Lonergan" නුත් රංගනයෙන් දායක වෙලා නිර්මාණය වුණු මේ 'Margaret' චිත්‍රපටියෙ තිරේ පිටුපස වැඩ කටයුතු සෑහෙන ලොකු අර්බුධකාරී තත්ත්වෙක තිබ්බ නිසා තිරගත කිරීම දිගින් දිගටම පමා වෙමිනුයි පැවතුණේ.


    MV5BMjMwOTc4NTYwMV5BMl5BanBnXkFtZTcwNTYyMDQ4Ng@@._V1_FMjpg_UX1000_.jpg
    MV5BMjEyNDMzNTAxOV5BMl5BanBnXkFtZTcwMDU4ODcyNg@@._V1_FMjpg_UX1000_.jpg
    MV5BNmJiMjM0ZDEtNmVhMy00NDViLTkzM2ItMGYyN2JhMmZlNTgwXkEyXkFqcGc@._V1_.jpg

    MV5BMTYxMzQwNTE5M15BMl5BanBnXkFtZTcwMDYyMDQ4Ng@@._V1_.jpg

    MV5BMTczMjc1MzMzOV5BMl5BanBnXkFtZTcwODUyMDQ4Ng@@._V1_.jpg

    MV5BMzM5OTczOTYzMV5BMl5BanBnXkFtZTcwMzUyMDQ4Ng@@._V1_FMjpg_UX1000_.jpg


    Anna Paquin, Matt Damon, සහ අධ්‍යක්ෂ "Kenneth Lonergan" චිත්‍රපටියේ රූපගත කිරීම් අතරතුර


    MV5BMTQ0NjUzOTEzOF5BMl5BanBnXkFtZTcwNDUyMDQ4Ng@@._V1_.jpg


    2005 වසරෙදි රූපගත කරපු මේ චිත්‍රපටිය 2011 අවුරුද්ද වෙනකම්ම තිරගත වුණේ නැත්තෙ අධ්‍යක්ෂ "Kenneth Lonergan" යි, චිත්‍රපටියෙ නිෂ්පාදකවරු ඇතුළුව චිත්‍රපටිය බෙදාහැරපු "Fox Searchlight Pictures" සමාගමයි අතරෙ චිත්‍රපටියෙ "Final cut" එක වෙනුවෙන් තිබ්බ ලොකු මතභේදය නිසයි. සංස්කරණ කටයුතුවලදි චිත්‍රපටියෙ ධාවන කාලය අඩු කරන්න කියලා "Fox Searchlight Pictures" සමාගමෙන් "Kenneth Lonergan" ට ආපු ඉල්ලීමට එකග වුණු නැති එකයි මේ මතභේදෙ ඇතිවෙන්න හේතු වුණේ. මේ නිසා "Kenneth Lonergan" ට චිත්‍රපටියෙ "Final cut" එක වෙනුවෙන් නීතියෙ පිහිට පතන්න පවා සිදුවුණා.

    මේ වෙනුවෙන් අවුරුදු 6 ක් ඇදුණු නඩුව ඉවර වෙලා 2011 වසරෙදි මිනිත්තු 150 ක ධාවන කාලයක් තිබ්බ වර්ෂන් එකක් "Theatrical Cut" එක විදිහටත්, මිනිත්තු 186 ක ධාවන කාලයක් තිබ්බ "Extended Cut" එක "DVD release" එක විදිහටත් එළි දක්වන්න යෙදුණා. "Theatrical Cut" එකට විචාරකයන්ගෙන් ඒ තරම් හොද ප්‍රතිචාර නොලැබුණත් "Extended Cut" එකට නම් හුගක් ඉහළ විචාරක වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාරකුත් හිමිවුණා. චිත්‍රපටි ස්ටූඩියෝවල අනවශ්‍ය අතපෙවීම් නිසා චිත්‍රපටියක තිබ්බ ගුණාත්මකභාවෙට ලොකු හානියක් කරපු සිද්ධියකට දෙන්න පුළුවන් හොදම උදාහරණයක් විදිහට තමයි මේ 'Margaret' චිත්‍රපටිය සම්බන්ධ සිද්ධිය හුගක් අය සලකන්නෙ.



    'Margaret' චිත්‍රපටියෙ තිරේ පිටිපස්සෙ සිද්ධ වුණු මේ අර්බුදේ ගැන කරපු හොද වීඩියෝ එකක්

    ⚠️ Spoiler Warning ⚠️





    ලෝකෙ හැමදෙයක් ම තියෙන්න ඕන, වෙන්න ඕන තමන්ට ඕන විදිහටයි කියලා හිතන "self-centric" පුද්ගලයෙක්, තමන් හොදක් කරනවා කියලා හිතාගෙන කරන්න යන දේවල්වලින් දැනුවත්ව හෝ නොදැනුවත්ම අනිත් මිනිස්සුන්ට විතරක් නෙවේ ඒ පුද්ගලයගෙ සමීපතමයන්ටත් කොච්චර ලොකු අයහපත් බලපෑමක් කරන්න පුළුවන් ද කියන එක ගැන සහ යොවුන් වියේ ගත කරමින් ඉන්න කෙනෙක් මානසික වශයෙන් යෙදිලා ඉන්න අභ්‍යන්තර අරගලයේ ස්වභාවයත් මේ චිත්‍රපටියෙ කතාවෙන් අපිට පෙන්නනවා.

    බලපු නැති අය ඉන්නවා නම් බලන්න. Psychological drama / character drama කාණ්ඩවලට අයිති හුගක් හොද චිත්‍රපටියක්.


    ✨නොබලපු අය චිත්‍රපටිය බලන්න හිතන ඉන්නවා නම "Extended Cut" එකම බලන්න. ඒක තමයි හොදම වර්ෂන් එක. 'YTS' ලගෙ කොපිය නම් ගන්න එපා. 'YTS' ලා ගාව තියෙන්නෙ පැය දෙක හමාරෙ 'runtime' එක තියෙන "Theatrical Cut" එක. 'RARBG' ලගෙ 3.54 GB ෆයිල් සයිස් එකක් තියෙන '1080p Extended Cut" කොපිය ගන්න ඩවුන්ලෝඩ් කරනවා නම්. පැය 3 යි මිනිත්තු 6 ක 'runtime' එකක් තියෙනවා "Extended Cut" එකේ. ඩවුන්ලෝඩ් කරද්දි ඒ ගැනත් පොඩ්ඩක් බලන්න.

    ✍️සටහන: @Stimulus mind 🎞️