Release date: December 18, 2026 (USA)
New Official Poster
"Dune: Part Three" චිත්‍රපටියේ 'prologue' පහුගිය අප්‍රේල්වල තිබ්බ 'CinemaCon' එකේදි පෙන්නුවා. බලපු අය හැමෝම වගේ කියන්නෙ ඒක බලද්දි හුගක් අයට "Saving Private Ryan" වල "Omaha beach" සීන් එක මතක් වුණා කියලා.

මුල් චිත්‍රපටි දෙකේ කැමරා අධ්‍යක්ෂණය කරපු ඔස්කාර් සම්මාන දිනපු කැමරා අධ්‍යක්ෂවරයෙක් වෙන "Greig Fraser" වෙනුවට, තවත් ඔස්කාර් සම්මාන දිනපු කැමරා අධ්‍යක්ෂවරයෙක් වෙන "Linus Sandgren" තමයි මේ පාර "Dune: Part Three" චිත්‍රපටියෙ කැමරා අධ්‍යක්ෂණය කරන්නෙ. ඩිජිටල් මාධ්‍යයයට වඩා පරණ ඇනලොග් විදිහට එහෙමත් නැත්නම් සෙලියුලොයිඩ් පට (Film stocks) පාවිච්චි කරලා කැමරාකරණෙ කරන හොලිවුඩ්වල ටොප් ම ලෙවල් එකේ ඉන්න කැමරා අධ්‍යක්ෂවරෙක් විදිහට තමයි "Linus Sandgren" හුගක් ම ප්‍රසිද්ධ. මේ සැරේ චිත්‍රපටිය ෂූට් කරන්න IMAX 65mm film cameras එහෙමත් පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා මේ චිත්‍රපටියෙ 'cinematography' මුල් චිත්‍රපටි දෙකටත් වඩා හොද වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.

ඔස්කාර් සම්මානලාභී කැමරා අධ්‍යක්ෂ "Linus Sandgren"
'DUNE: PART 3' චිත්‍රපටියේ රූපගත කිරීම අතරතුර
"Linus Sandgren" විසින් කැමරා අධ්‍යක්ෂණය සිදු කරපු චිත්‍රපටි
)