බෞද්ධයො හිතන් ඉන්නෙ දවස තිස්සෙ ජුකයි ජුකයි බන අහගෙන හිටියම පින් වැඩිවෙනව සසර කෙටිවෙනව කියල. ටික කාලයක් ගිහින් ඩිප්රෙෂන් හැදුනම උන් හිතන්නෙ සත්‍ය අවබෝධ උනා කියල.
ඔය බන අහනව කියල ජුකයි ජුකයි රෙද්දවල් අහල මූන එල්ලගෙන මූසලයො වගේ ඉන්නෙ නැතිව මේක කරපල්ල.
ඔය බන අහනව කියල ජුකයි ජුකයි රෙද්දවල් අහල මූන එල්ලගෙන මූසලයො වගේ ඉන්නෙ නැතිව මේක කරපල්ල.
මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, බහුලව පුරුදු කරන ලද්දේ, මහත් ඵල මහානිශංස වේ.
කවර නම් එක් ධර්මයක්ද? ඒ කායගතාසතියයි (කය ඇසුරු කළ සිහියයි).
මහණෙනි, මේ එක් ධර්මය වඩන ලද්දේ, බහුලව පුරුදු කරන ලද්දේ, මහත් ඵල මහානිශංස වේ.
මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, බහුලව පුරුදු කරන ලද්දේ, අමෘතය (නිවන) ස්පර්ශ කරයි, අමෘතයට බැසගනී.
කවර නම් එක් ධර්මයක්ද? ඒ කායගතාසතියයි.
මහණෙනි, මේ එක් ධර්මය වඩන ලද්දේ, බහුලව පුරුදු කරන ලද්දේ, අමෘතය ස්පර්ශ කරයි, අමෘතයට බැසගනී.
මහණෙනි, එක් ධර්මයක් වඩන ලද්දේ, බහුලව පුරුදු කරන ලද්දේ, සෝතාපත්ති ඵලය සාක්ෂාත් කරගැනීම පිණිස පවතී.
කවර නම් එක් ධර්මයක්ද? ඒ කායගතාසතියයි.
මහණෙනි, මේ එක් ධර්මය වඩන ලද්දේ, බහුලව පුරුදු කරන ලද්දේ, සෝතාපත්ති ඵලය සාක්ෂාත් කරගැනීම පිණිස පවතී.