එක්ස්ප්‍රස් පර්ල් හානිය තවදුරටත් සොයා බලන්න 👈- කාදිනල් හිමි..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,620
    47,967
    113
    එක්ස්ප්‍රස් පර්ල් හානිය තවදුරටත් සොයා බැලිය යුතුයි - කාදිනල් හිමි

    මෙරට බටහිර මුහුදේ දී ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරට මුහුදු සීමාවට සිදුව ඇති හානිය ගැන රජය තවදුරටත් සොයා බැලිය යුතු බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

    ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහ ක්‍රිෂාන්ත අබේසේන අමාත්‍යවරයාගේ සම සහාපතිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවත් වූ කතෝලික සභාවේ සාකච්ඡාවකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කර තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ රජයට පවරා ගත් කතෝලික පාසල්වල පරිපාලන ගැටලු, කතෝලික ධර්මය සඳහා ගුරු කාර්යය මණ්ඩලය සම්බන්ධ ක්‍රමවේදයක් සකස් කිරීම, ගුරු වෘත්තීය සඳහා කතෝලික පූජක සොහොයුරියන් සහ පියතුමන් බඳවා ගැනීම සම්බන්ධ වත්මන් ප්‍රගතිය විමසා බැලීම ද මෙහිදී සිදුකළ බවය.

    එමෙන්ම රජයට පවරා ගත් පාසල්වල කටයුතු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේ වසරකට තෙවරක් කතෝලික සභාව සමඟ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධව කතෝලික සභාව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට සිය ස්තූතිය පළ කරන බවය.

    කිසිදු භේදයකින් තොරව සියලු සිසුන්ට තමන්ගේ ආගම ඉගෙනීමට තිබෙන අවස්ථාව තහවුරු කර ගැනීම තම අභිලාෂය බැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන තත්ත්වය නිරාකරණය කරගත යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,037
    1
    52,177
    113
    ප*යාගල
    sorry.com
    ලංකාවෙ ජනාදිපතිලා කීයක් ඉන්නවද බන් දැන්? 🥴 🥴
    නිල නොලත් ජනපති .ඉන්න එකා පුටුවෙ තිබ්බම කකුල් බිම ගෑවෙන්නෙත් අමාරුවෙන්. ඒ නිසා ඌව ගන්න පුළුවන් බාගෙට. ඉතුරු බාගෙට මූ රගනවා.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,928
    9,761
    113
    waradda mokakda kiyala thiyena eke? Express Pearl eken maatiya gahapuwa dannawada giya aandu?

    ඉතිං ඒක අාණ්ඩුව කරයි මෙයා මොකටද උපදෙස් දෙන්නේ?..මෙයා අාගමික නායකයෙක්ද දේශපාලනය කරන කෙනෙක්ද?
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    578
    309
    63
    ශ්‍රී ලංකාවෙ
    1. නීතිමය සටන
    2021 වසරේ X-Press Pearl නෞකා අනතුරෙන් පසු, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පරිසර සංවිධාන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරන ලදී. ඒ, පීඩාවට පත් ධීවර ප්‍රජාව සහ විනාශ වූ පරිසරය වෙනුවෙන් අදාළ නැව් සමාගමට සහ බලධාරීන්ට එරෙහිව යුක්තිය ඉටු කර ගැනීම සඳහාය.

    2. ඓතිහාසික ඩොලර් බිලියන 1ක තීන්දුව
    එහි ප්‍රතිඵලයක් ලෙස 2025 ජූලි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින්, අදාළ නැව් සමාගමට සහ එහි නියෝජිතයින්ට ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දියක් ගෙවන ලෙස නියෝග කළේය.

    3. මුදල් හිමිවන්නේ කාටද?
    මෙම මුදල් කිසිසේත්ම කාදිනල්තුමාට හෝ පල්ලියට හිමි නොවේ. වින්දිතයින්ට වන්දි ගෙවීමට සහ පරිසරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා එම මුදල් සෘජුවම ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයට ගෙවන ලෙස අධිකරණය විසින් දැඩිව නියෝග කර ඇත.

    4. වර්තමාන තත්ත්වය.
    නියෝගය එසේ වුවත්, අදාළ මව් සමාගම සිංගප්පූරුවේ පිහිටා ඇති බැවින් ඔවුන් ලංකාවේ නීතිමය බලපෑම මඟහැරීමට උත්සාහ කරමින් සිටී. නියමිත කාලසීමාවන් වලදී අදාළ විශාල වන්දි මුදල් ඔවුන් ගෙවා නැත. මේ හේතුවෙන්, අදාළ වන්දි මුදල් බලහත්කාරයෙන් හෝ අයකර ගැනීම සඳහා කාදිනල්තුමාගේ නීතිඥයින් විසින් නැව් සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව 'අධිකරණයට අපහාස කිරීමේ' චෝදනා යටතේ මේ වන විටත් තවදුරටත් නීතිමය පියවර ගනිමින් සිටී.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඕකේ වන්දි ගන්න වෙන්නෙ නෑ. විජේදාස වේසිගෙ පුතා නැව් සමාගමින් ගානක් කපාගෙන නඩුව යට ගැහුවා