අනුර කුමාර දිසානායක මහතා වැනි නායකයෙකු වසර 30කට පෙර ශ්‍රී ලංකාවට පහළ වූයේ නම් අද මෙරට සිංගප්පූරුව වැනි දියුණු රටක් බවට පරිවර්තනය වන බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක A.S.P. ලියනගේ මහතා පවසයි.
වර්තමාන ජනාධිපතිවරයා ඉතාමත් හොඳින් රාජ්‍ය පාලනය කරගෙන යන බවත්, වර්තමානයේ හොරකම සහ දූෂණය නැති වී ඇති බවත් එතුමා පෙන්වා දෙයි.
එක්වරම මැජික් පෙන්වා රට ඉහළට ගත නොහැකි වුවද, අනිවාර්යයෙන්ම ඉදිරි වසර 10ක පමණ කාලය තුළ රට පාලනය කරන්නේ මෙම ආණ්ඩුව බවටද ඒ මහතා වැඩිදුරටත් විශ්වාසය පළ කරයි.

