මහින්දගේ මාධ්‍ය නිවේදනය

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මහින්දගේ මාධ්‍ය නිවේදනය

    කවුරු Biased වෙලා මොනව කිව්වත් මේ කියල තියන දේවල් ඇත්ත.

    . ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණවීම සම්බන්දයෙන් හිටපු ජනපතිවරයාගේ අත්සනින් වයුත් මාධ්‍ය නිවේදයක් නිකුත්ව ඇත. එය සම්පූර්නයෙන් පහත පරිදිය.


    මාධ්‍ය නිවේදනය

    රුපියලේ බිඳවැටීම හා යහපාලන ආණ්ඩුවේ ආර්ථික අවපාලනය

    යහපාලන ආණ්ඩුව බලයට පැමිණි දා සිට ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය පහත වැටීමේ ප්‍රවනතාවයක් පැවතුණි. එය අද වන විට භයානක නාය යෑමක් දක්වා
    වර්ධනය වී ඇත. 2014 අවසානයේදී රුපියල් 131 ක් වූ ඩොලරයේ මිල අද රුපියල් 170 ඉක්මවා ගොස් දිනපතාම තවදුරටත් අවප්‍රමාණය වෙමින් පවතී. රුපියලේ වටිනාකම මේ ආකාරයට කඩා වැටීමට හේතුව වෙනත් මූල්‍ය ඒකකයන්ට සාපේක්‍ෂව ඩොලරයේ අගය ඉහල යෑම යැයි ආණ්ඩුවේ ප්‍රධානීන් කියයි. මගේ ආණ්ඩු කාලය තුළ 2007 – 2008 වසර වලදී ඇතිවූ ලෝක ආර්ථික අර්බුදය හේතුකොටගෙන දකුණු කොරියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය, මැලේසියාව ඇතුළු ආසියානු රටවල් ගණනාවක මුදල් ඒකක ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව විශාල වශයෙන් කඩා වැටුණි. එදා ඒ ඇතිවූ ලෝක ආර්ථික අර්බුදයෙන් ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවට වලබලා ගැනීමට අපේ ආණ්ඩුව සමත්විය.

    2007 – 2008 වසර වලදී මුලු ලෝකය පුරාම හමාගිය දරුණු ආර්ථික අර්බුදයක් තිබුණු බව වත් බොහෝ ශ්‍රී ලාංකිකයින් දැනගෙන සිටියේ නැත. 2007 දී රුපියල් 110.62 ක් වූ ඇමරිකානු ඩොලරය 2009 දී ලෝක ආර්ථික අර්බුදය අවසන් වූ පසුත් රු. 114.94 ක අගයක පැවතියේය. 2008 දී ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය හැටියට නම්කරනු


    ලැබූ කොටි සංවිධානය මගේ ආණ්ඩුව විසින් පරාජය කරනු ලැබුවේ 1930 ගණන් වලින් පසුව ලෝකයේ ඇතිවූ දරුණුම ආර්ථික බිඳවැටිම මධ්‍යයේය. ආණ්ඩුවේ කාර්යභාරය වන්නේ අර්බුද කළමනාකරණය කිරීම මිස ඒ ගැන මැසිවිලි නැඟීම නොවේ. 2008 දී මුලු ලෝකය පුරාම හමා ගිය ඒ දරුණු ආර්ථික අර්බුදයෙන් බේරී සිටීම අපටද යුහුසුලුව නොයෙක් පියවර ගැනීමට සිදුවිය. ලංකාවේ එක් වානිජ බැංකුවක් අස්ථාවර බවක් පෙන්නුම් කල විට, අපි එය වහාම රාජ්‍ය බැංකුවක අධීක්‍ෂණය යටතට පත්කොට මුලු බැංකු ක්‍ෂේත්‍රය පුරාම පැතිරීමට ඉඩ තිබූ අර්බුදයක් වලක්වා ගත්තෙමු.

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ව්‍යාපාරික ආයතන වලට දිරිගැන්වීම් ලබාදී දේශීය නිශ්පාදනය උනන්දු කරවීම සඳහා ආනයන බදු වැඩි කිරීම වැනි ක්‍රියාකාරකම් තුළින් ඇමිරිකානු ආර්ථිකය ශක්තිමත් කොට ඇත. දේශීයව නිපදවිය හැකි දේවල්, විශේෂයෙන්ම කිරි නිශ්පාදන, බඩ ඉරිඟු, සෝයා, සීනි, ලූනු, අර්තාපල්, පලතුරු, එලවලු, කුකුල් මස් හා ඇතැම් කාර්මික නිශ්පාදන මෙරටේම නිපදවා ආනයන අඩු කිරීමේ ප්‍රතිපත්තියක් මගේ ආන්ඩුවටද තිබුණේය. ඊට වෙනස්ව වත්මන් ආණ්ඩුව අනුගමනය කරන්නේ කෙලවරක් නැති නිදහස් ආනයනික වෙළඳ ප්‍රතිපත්තියකි. ආනයන අඩුකොට අපනයන වැඩි කිරීමට කිසිදු උපායමාර්ගයක් ඔවුන්ට නැත. ආණ්ඩුවක කාර්යභාරය වන්නේ ලෝක ප්‍රවනතා අධ්‍යනය කොට එයට සමගාමීව අපගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගැනීම මිස විදේශීය රටක නායකයෙකු ඔහුගේ ආර්ථිකය ශක්තිමත් කර තිබෙන බවත්, ඒ හේතුවෙන් අපේ රුපියලේ අගය බිඳ වැටෙමින් පවතින බවත් කියමින් මැසිවිලි නැගීම නොවේ.

    අපගේ මුදල් ඒකකයේ වටිනාකම පවත්වාගෙන යෑම සඳහා විදේශීය රටවල ආර්ථික උදාසීනත්වය මත රදා පවතින ආණ්ඩුවක් අපට සිටියහොත් මේ රට දරුණු අර්බුදයකට ඇද වැටීම වැලැක්විය නොහැක. රුපියලේ බිඳවැටීම නිසා සිදුවන්නේ සියලුම පරිභෝජන භාණ්ඩ හා අමුද්‍රව්‍ය වල මිල වැඩිවීම පමණක් නොවන බව අප අවබෝධ කරගත යුතුය. 2015, 2016, 2017 යන වසර වලදී අදට වඩා තරමක් අඩුවෙන් රුපියලේ අගය පහතවැටීම හේතුවෙන් වුවද ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර රුපියල් බිලියන 697 කින් වැඩිවී ඇති බව මහ බැංකු වාර්තා වල සඳහන් වේ. විදේශීය ණය ගෙවීම සඳහා රුපියල් වලින් ආදායම් උපයා ඩොලර් මිලදී ගැනීමට ආණ්ඩුවට සිදුවේ. මෙම වසර තුළ සිදුවී ඇති රුපියලේ කඩාවැටීම නිසා විදේශීය ණය බර කලින් අවුරුදු වලටත් වඩා දරුණු අන්දමට වැඩිවනු ඇත.

    2015 පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීම සදහා වත්මන් ආණ්ඩුව කිසිදු වග විභාගයකින් තොරව සිදුකල වැටුප් වැඩි කිරීම, ඉන්ධන මිල පහත හෙලීම හා ඇතුම් ආනයනික ආහාර ද්‍රව්‍ය වල බදු අඩු කිරීම වැනි ක්‍රියාකාරකම් නිසා ආණ්ඩුවේ වියදම් එක්වරම වැඩිවූවා පමණක් නොව ඉන්ධන හා මෝටර් රථ ආනයනයද වැඩි විය. මේ නිසා ඇතිවු වෙලඳ හා අයවැය පරතරය පියවීමට ආණ්ඩුව මහා පරිමානයෙන් ණය ගැනීමට පටන් ගත්තේය. විනිමය අනුපාතයේ සුලු වෙනසකින් වුවද විදෙස් ණය බර


    විශාල වශයෙන් වැඩිවිය හැකි නිසා මගේ ආණ්ඩුව විදේශීය වානිජ ණය ගැනීමේදී ඉතාමත්ම ප්‍රවේසම් විය. උදාහරණයක් වශයෙන් මගේ ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරනු ලැබුවේ අවුරුද්දකට දෙවතාවක් පමණි. එයින් ලබා ගන්නා ලද ණය ප්‍රමාණයද අවුරුද්දකට ඩොලර් මිලියන 350 ක සාමාන්‍ය අගයක් ඉක්මවූයේ නැත.

    ණය ආපසු ගෙවීම ආර්ථිකයට දරාගත නොහැකි බරක් නොවන්නට නම්, විදේශ විනිමය ණය පරිමාව ඉතා ප්‍රවේසමෙන් පාලනය කළ යුතුය. නමුත් වත්මන් ආණ්ඩුව ඉවක් බවක් නොමැතිව විදේශීය වානිජ ණය ලබාගෙන තිබේ. 2015 ජනවාරියේ සිට අද දක්වා මෙම ආණ්ඩුව ලබාගෙන ඇති මුලු විදේශ විනිමය ණය ප්‍රමාණය ඇ.ඩො. බිලියන 20.7 ක් වේ. ඒ 2015 ජනවාරියේ සිට අද දක්වා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීම තුළින් ඩොලර් බිලියන 8.2 ක්, 2015, 2017 හා 2018 වන වසර වලදී නිකුත් කරන ලද සවරින් බොන්ඩ් තුළින් ඩොලර් බිලියන 6.1ක්, 2015 හා 2016 ඉන්දියාව සමඟ ඇතිකරගත් කරන්සි ස්වොප් ණය තුළින් ලබාගත් ඩොලර් බිලියන 2.2 ක්, 2016, 2017 හා 2018 යන වසර වලදී ජාත්‍යන්තර බැංකු හාරහා ලබාගෙන ඇති සින්ඩිකේටඩ් ලෝන් ඩොලර් බිලියන 2.7 ක් හා 2016 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් ඩොලර් බිලියන 1.5 ක් වශයෙන් වෙන්කොට පෙන්විය හැක.

    විදෙස් ණය බර නිසා රුපියලේ අගය අවප්‍රමාණය වීමත්, ඒ අවප්‍රමාණය නිසාම අපගේ විදේශීය ණය බර තවත් වැඩිවන විෂම චක්‍රයකට අප දැන් හසුවී සිටී. රුපියලේ බිඳ වැටීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපලේ භාණ්ඩ වල මිල අඩුවීමේ වාසියද ලංකාවේ ජනතාවට අහිමි වී තිබේ. මෙම වසර තුළ තුන් වතාවක් ඉන්ධන මිල වැඩිකොට ඇත. අද පෙට්‍රල් ලීටරයක් රු.149 ක් වන අතර ඩීසල් ලීටරයක් රු. 123 ක් වේ. නමුත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 80ටත් අඩුය. මගේ ආණ්ඩුවේ අවසන් අවුරුදු හතර තුළ දී වූ බැරලයකට ඩොලර් 109 ක්වූ සාමාන්‍ය බොරතෙල් මිලට වඩා අද බොරතෙල් මිල බෙහෙවින්ම අඩුය. 2008 දී අපි බැරලයකට ඩොලර් 97 ගණනේ බොරතෙල් ගෙන්වන විට ලංකාවේ පෙට්‍රල් ලීටරයක මිල රු. 120 ක් වූ අතර ඩීසල් රුපියල් 70 ක් විය. අද ලෝක වෙළඳපොලේ බොරතෙල් වල අඩු මිලත් ලංකාවේ ඉන්ධන වල ඉහල මිලත් අතර නොගැලපීමට ප්‍රධාන හේතු රුපියලේ අවප්‍රමාණය හා ඉන්ධන මත පනවා ඇති බදුය. ආණ්ඩුව ඔවුන්ගේ ඉන්ධන මිල සූත්‍රය මොනම හේතුවකටවත් ප්‍රසිද්ධ නොකරන්නේ එයින් ආණ්ඩුවේ නොහැකියාව මෙන්ම ඉන්ධන මත අයකරන බදු ප්‍රමාණයද හෙළිවන නිසාය.

    ඉන්දියානු රුපියල ලංකාවේ රුපියලටත් වඩා අවප්‍රමාණය වී ඇති බව කියමින් ආණ්ඩුව මේ ඇති වී තිබෙන තත්වය සුලුකොට පෙන්වීමට උත්සාහ දරමින් සිටී. නමුත් ඉන්දියාවේ ආර්ථිකය ලංකාවේ ආර්ථිකය මෙන් දෙගුණයක පමණ අගයකින් වර්ධනය වෙමින් පවතින නිසා ඔවුන්ගේ ඔරොත්තු දීමේ ශක්තිය වැඩිය. අප අද මේ අත්විදිමින් සිටින්නේ මාගේ ආණ්ඩුව කාලයේ මතුවෙමින් පැවති නිශ්පාදන ආර්ථිකය පසෙකලා එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්ති අනුව වෙලඳ ආර්ථිකයකට පරිවර්තනය වීමේ ආනිසංශයි. අපට දැන් ලැබී ඇති දායදය වන්නේ 4% කටත් අඩු වර්ධන වේගයත්, බඩු මිල ඉහල යෑමත්, දේශීයව නිශ්පාදනය කල හැකි භාණ්ඩ පවා වැඩි වැඩියෙන් ආනයනය කිරීමත්, වත්මන් ආණ්ඩුව පරිභෝජනය සඳහා ලබා ගත් කෙටි හා මධ්‍යම කාලීන විදේශීය වානිජ ණය ගෙවීමත්, දිනෙන් දින බාල්දු වන රුපියලත්ය. මේ මතුවෙමින් තිබෙන ආර්ථික අර්බුදය වත්මන් ආණ්ඩුවේ අමනෝඥ ආර්ථික ප්‍රතිපත්තිය හා ලංකාවට අවේනික ආර්ථික කලමණාකරන උපායමාර්ගයක් නොමැතිවීමේ ආනිසංශයි.

    මහින්ද රාජපක්‍ෂ
    ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති
     
    Last edited:

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    අපගේ මුදල් ඒකකයේ වටිනාකම පවත්වාගෙන යෑම සඳහා විදේශීය රටවල ආර්ථික උදාසීනත්වය මත රදා පවතින ආණ්ඩුවක් අපට සිටියහොත් මේ රට දරුණු අර්බුදයකට ඇද වැටීම වැලැක්විය නොහැක.
     
    • Like
    Reactions: dhanuka1990

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    කවුරු Biased වෙලා මොනව කිව්වත් මේ කියල තියන දේවල් ඇත්ත.
    avatar563865_1.gif
     
    • Like
    Reactions: 541100

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආර්ථික කඩා වැටීමට මහා බැංකු සින් එකෙන්බලපෑමක් උනේ නෑ කියල කවුරු හරි කියනවා නම් අන්න උන් තමයි නියම වහල්ලු ..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,048
    113
    ආර්ථික කඩා වැටීමට මහා බැංකු සින් එකෙන්බලපෑමක් උනේ නෑ කියල කවුරු හරි කියනවා නම් අන්න උන් තමයි නියම වහල්ලු ..

    :yes:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ආර්ථික කඩා වැටීමට මහා බැංකු සින් එකෙන්බලපෑමක් උනේ නෑ කියල කවුරු හරි කියනවා නම් අන්න උන් තමයි නියම වහල්ලු ..

    ආර්ථිකේ වැටුණේ මහින්ද ගත්ත ණය හින්දා. මේ අණ්ඩුව අඩුපොලියට ණය අරන් මහින්දගේ ණය ගෙවනවා...
    කියලා කියන ගෝතයෝ ඉන්නවා නේ. අන්න උන් තමා පවු ගෙවාගන්න වහල් කම් කරන්නේ.
     
    • Dislike
    Reactions: nikdw

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    අපගේ මුදල් ඒකකයේ වටිනාකම පවත්වාගෙන යෑම සඳහා විදේශීය රටවල ආර්ථික උදාසීනත්වය මත රදා පවතින ආණ්ඩුවක් අපට සිටියහොත් මේ රට දරුණු අර්බුදයකට ඇද වැටීම වැලැක්විය නොහැක.

    :angry::angry::angry:
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ආර්ථික කඩා වැටීමට චීනෙන් ණය ගත්තු එකෙන්බලපෑමක් උනේ නෑ කියල කවුරු හරි කියනවා නම් අන්න උන් තමයි නියම වහල්ලු ...
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ආර්ථික කඩා වැටීමට මැතුව්ස්ව ටීම් එකෙන් එලෙව්ව එකෙන්බලපෑමක් උනේ නෑ කියල කවුරු හරි කියනවා නම් අන්න උන් තමයි නියම වහල්ලු ...
     
    • Dislike
    Reactions: nikdw

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    යහපාලන ආණ්ඩුව බලයට පැමිණි දා සිට ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය පහත වැටීමේ ප්‍රවනතාවයක් පැවතුණි. එය අද වන විට භයානක නාය යෑමක් දක්වා
    වර්ධනය වී ඇත. 2014 අවසානයේදී රුපියල් 131 ක් වූ ඩොලරයේ මිල අද රුපියල් 170 ඉක්මවා ගොස් දිනපතාම තවදුරටත් අවප්‍රමාණය වෙමින් පවතී. රුපියලේ වටිනාකම මේ ආකාරයට කඩා වැටීමට හේතුව වෙනත් මූල්‍ය ඒකකයන්ට සාපේක්‍ෂව ඩොලරයේ අගය ඉහල යෑම යැයි ආණ්ඩුවේ ප්‍රධානීන් කියයි. මගේ ආණ්ඩු කාලය තුළ 2007 – 2008 වසර වලදී ඇතිවූ ලෝක ආර්ථික අර්බුදය හේතුකොටගෙන දකුණු කොරියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය, මැලේසියාව ඇතුළු ආසියානු රටවල් ගණනාවක මුදල් ඒකක ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව විශාල වශයෙන් කඩා වැටුණි. එදා ඒ ඇතිවූ ලෝක ආර්ථික අර්බුදයෙන් ලංකාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවට වලබලා ගැනීමට අපේ ආණ්ඩුව සමත්විය.

    meehemai itn ponilawa sudda krnwa neme.

    selynco/shriram eka watuna eka parama.eke thibba salli mkda une?
    eke thibba sahenna ganak.

    eeta amathrawa ltte eke sallith awane gov ekata...
    mkda nttn practically kawadawath balance krna ba financial collapse weddi podi infect ekakwath nathuwa.

    anith point eka thama share market eka.
    kattiyata mathaka athi eka para share market eka udata giya hati.
    passe nannaththara wenna watuna.
    ethanath seen ekak giya.ekenuth gov eka hoda sellamak kala.
    bt e salli giye kohetda danne na.

    e gov eka me kale hitiya nm eth mechcharai.
    mkda eke ayageth nasthiya iwarayak na.
    dn ungeth ehemai...

    itn koheda parliment eke harak maintain krnna tax gahana ratakne meka...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    70 වසරක වහල් බවේ ශාපය .....

    උබ තමයි ලොකුම වහල උබේ වදාපු අම්මවත් සේල් දාල දේශපාලනයට වික්ක පරවේණි වහලනෙ උබ..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ තමයි ලොකුම වහල උබේ වදාපු අම්මවත් සේල් දාල දේශපාලනයට වික්ක පරවේණි වහලනෙ උබ..

    ...උඹේ අම්මාට ලේ බඩ හැදිලා මහරගම දුක් විදිනකොට මතක් කරපන් අනිත් එවුන්ගේ අම්මට කියන කුණු කතා ...වල් බල්ලා තොගේ අම්මට ශාප වෙනවා ....කුණු වෙලා මැරියන් ..ආයිත් තොගේ කටින් එකදු අම්මා කෙනෙක්ටවත් ජරා කතා නොකියන්න ....කුණු වෙලාම විදවපන් තොගේ අම්මා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ...උඹේ අම්මාට ලේ බඩ හැදිලා මහරගම දුක් විදිනකොට මතක් කරපන් අනිත් එවුන්ගේ අම්මට කියන කුණු කතා ...වල් බල්ලා තොගේ අම්මට ශාප වෙනවා ....කුණු වෙලා මැරියන් ..ආයිත් තොගේ කටින් එකදු අම්මා කෙනෙක්ටවත් ජරා කතා නොකියන්න ....කුණු වෙලාම විදවපන් තොගේ අම්මා

    ඔබේ සාපෙ උබම තියාගනින් මම ඕව බාර ගන්නෙ නැ, මම කියුවෙ ඇත්තෙ උබ උබේ අමමවයි තාත්තවයි සේල් දාල දේශපාලනේට වික්ක බූරුවෙක්..:dull::dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔබේ සාපෙ උබම තියාගනින් මම ඕව බාර ගන්නෙ නැ, මම කියුවෙ ඇත්තෙ උබ උබේ අමමවයි තාත්තවයි සේල් දාල දේශපාලනේට වික්ක බූරුවෙක්..:dull::dull:

    උඹ ඔය කුණු කතා වෙන මනුස්සයෙක්ගේ අම්මට තාත්තට කියන වාරයක් වාරයක් පාසා තොගේ අම්මටම ශාප වෙනවා .....කුණු වෙලා පනුවෝ ගහන්නේ ...හොදට ජප කරපන් ......වල් බල්ලා