ප්‍රවීණ ගේය පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි අපවත්වේ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රී ලාංකේය ගීත සාහිත්‍යයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ ප්‍රමුඛ පෙළේ යතිවරයෙකු, ගේය පද රචකයෙකු සහ කතුවරයෙකු වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණෝ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ 76 වන වියෙහි පසුවූහ.







    දශක කිහිපයක් පුරා දේශීය සංගීතය හා සාහිත්‍යය පෝෂණය කිරීමට උන්වහන්සේගෙන් ලැබුණු දායකත්වය සුවිශේෂී වේ. බෞද්ධ සංස්කෘතිය පදනම් කරගත් නිර්මාණ මෙන්ම ප්‍රේමය, ස්වභාවධර්මය, මානව ජීවිතය සහ සමාජයීය තේමාවන් අළලා උන්වහන්සේ විසින් රචනා කරන ලද ගීත රැසක් අතිශය ජනප්‍රියත්වයට පත් විය. "ළ දළු බෝ පත්", "බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති" සහ "බුදු බණ ඇසුවා" යනු උන්වහන්සේගේ සුප්‍රකට බෞද්ධ ගීත නිර්මාණ අතරින් කිහිපයකි. එමෙන්ම, "සඳකඩපහණ" චිත්‍රපටය වෙනුවෙන් පද රචනය කළ "පෙර සංසාරේ" ගීතය උදෙසා උන්වහන්සේ සරසවිය සම්මානයෙන්ද පිදුම් ලැබූහ.

    1950 මැයි 22 වන දින උපත ලැබූ උන්වහන්සේ, සිය ප්‍රාථමික අධ්‍යාපනය මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාසලෙන් ලබාගත්හ. පසුව ගාල්ලේ හෙට්ටාවල පිරිවෙන සහ පැපිලියාන සුනෙත්‍රාදේවී පිරිවෙන ඇසුරෙන් උසස් ආගමික හා ශාස්ත්‍රීය අධ්‍යාපනය හදාරන ලදී.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,642
    10,223
    113
    Danna sindu list Eka kiyagena yanna...
    පිහිටක් නැති
    ගායනය: ගුණදාස කපුගේ
    සංගීතය: ගුණදාස කපුගේ
    සද්ධර්ම මකරන්ද
    ගායනය: ගුණදාස කපුගේ
    බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
    ගායනය: වික්ටර් රත්නායක
    සංගීතය: වික්ටර් රත්නායක
    කඳුළු පැන් කෙණ්ඩියේ
    ගායනය: වික්ටර් රත්නායක
    කාසි වලට
    ගායනය: වික්ටර් රත්නායක
    හිමි සනරාමර
    ගායනය: මාලනී බුලත්සිංහල
    සංගීතය: එච්.එම්. ජයවර්ධන
    සෙනෙහස පුදා
    (ගායකයා/සංගීතය සඳහන් කර නැත)
    පිපෙනා මලකට
    සංගීතය: ප්‍රේමසිරි කේමදාස
    බුදු බණ ඇසුවා
    සංගීතය: එච්.එම්. ජයවර්ධන
    පන්සලේ පල්ලියේ
    ගායනය: එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී
    බුදු බණ කිව්වා
    ගායනය: එඩ්වඩ් ජයකොඩි සහ මාලනී බුලත්සිංහල
    මේ ඉර හඳ යට
    ගායනය: එඩ්වඩ් ජයකොඩි
    මේ ප්‍රේම කතා
    (ගායකයා/සංගීතය සඳහන් කර නැත)
    බණ කියන රටක්
    සංගීතය: එච්.එම්. ජයවර්ධන
    නුඹට හිතැති
    ගායනය: ටී.එම්. ජයරත්න
    සියක් ආයු ලැබ
    සංගීතය: එච්.එම්. ජයවර්ධන
    අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
    (ගායකයා/සංගීතය සඳහන් කර නැත)
    සඳ වතුරක් සේ
    ගායනය: අබේවර්ධන බාලසූරිය
    සංගීතය: එම්.ආර්. චූලසිංහ
    මලක මෙලෙක සිතාගන්න
    ගායනය: නිරංජලා සරෝජනී
    අනුරාධපුරේ අනුරාව නැගූ
    (ගායකයා/සංගීතය සඳහන් කර නැත)
    ගෙල වට බැන්දා වූ
    ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
    ළා දලු බෝපත්
    සංගීතය: එච්.එම්. ජයවර්ධන
    වෙහෙරක් වගේ
    ගායනය: ගුණදාස කපුගේ
    සඳ තරු මල්
    ගායනය: අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව
    සංගීතය: රෝහණ වීරසිංහ
     
    • Like
    Reactions: kitsooftlk