පරංගින්ට ලංකාව එපා කරපු සීතාවක රාජසිංහ - Part 1 (16 වන සියවසේ භූ-දේශපාලනය)

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,025
    15,562
    113
    35
    Spain
    රාජසිංහ කියන්නේ පුදූම චාරිත්‍රයක් බන්. උන්දා ඉදන්ම මැරෙනකම්ම යුද්ධ එක්ක හැදුන රජකෙනෙක්. මහනුවර රාජධානියේ වගේම කෝට්ටේ රාජධානියේත් නීත්‍යානුකූල උරුමක්කාරයා. ඉතිහාසය ලියනකොට සම්පූර්ණ චරිතයම විනාශ කරලා දාලා තියෙන්නේ. තාත්තා මැරුවයි ශීව ආගම වැළද ගත්තයි හාමුදුරුවෝ මැරුවායි ඔය වගේ එක එක කතා හදලා චරිතය සම්පූර්ණයෙන් විනාශ කරලා දාලා තියෙන්නේ.
    ඔවු බන් ඒ රජතුමා පිස්සෙක් කරා. කොන්දක් තිබුණු රජතුමා. ඒ කාලේ මෝඩ සිංහලු දන්නේ නැහැ උන් නැති කරගත්තේ මොකක්ද කියල. දුටුගැමුණු රජතුමා වීරයෙක් කරපු මහා වංශය මේ රජතුමාට සාධාරණය කරේ නැහැ. ඔහොම වීරයෝ දුර්ලභයි, ආරක්ෂා කරන්න ඕන සහයෝගය දෙන්න ඕන. රට වෙනුවෙන් වැඩ කරනවා කියල පින් කම් කර කර රට බේරාගන්න බෑ!
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    මහා වංශය ඇතුළු වංශකතාවල තියෙන්නේ 100% ක් ම ඇත්ත නෙවෙයි , ටිකක් පක්ෂක්ග්‍රාහී විදියට ලියලා තියෙන්නේ , පන්සලට පක්ෂනම් පිටු ගණනාවක් හොඳ කියනවා නැත්නම් චේදයක් දෙකකක් ලියලා වැඩේ ඉවරකරනවා

    අර උන කටුවක් ඇනිලා මරුන සීතාවක රාජසිංහ රජතුමාගෙ මරණය ගැන රාජාවලිය කියලා තියෙන්නේ මුළු ලක්දිව එක්සේසත් කළ රාජසිංහ මහරජ මේ ආත්මයෙන් මිදී කෛලාශ ශක්‍ර භවනට ගිය සේක කියලා ඒත් මහා වංශය ඒක තියෙන්නෙ පාපතර දුෂ්ටයෙක් ලෝකෙන් සමු ගත්තා කියලා

    පුළුවන් නම් මහාවංසයට අමතරව වෙන කොහෙහරි තියෙනවද කියලා හොයලා බලන්න ධාතුසේන රජතුමා හිටුවා පස් ගහපු කතාව (මම තේරෙන විදියට ඒක බොරු කතාවක්), දන්නා විදියට එහෙම නෑ , කාශ්ශ්යප එක්ක සන්ගයාට තිබුන අවුල නිසා තමයි කාශ්ශ්යප ගැන ගොඩක් වැරදි ලියලා තියෙන්නේ

    උඹලා දන්නවද දන්නේ නෑ මහාවිහාරපාර්ශවයෙන් මහාවංසය ආරම්භ කරලා ලියනකොට අභයගිරිපාර්ශවයෙනුත් මහාවංසය වගේම එකක් ලියලා තියෙනවා උත්තර විහාර වංශය කියලා නමුත් දැන් එක හොයාගන්න නෑ කියනවා ,

    මට නම් හිතෙන්නේ තමන්ගේ ලාභය වෙනුවෙන් ගනින්නාන්සේලා බොහෝ දේ වෙනස් කරලයි තියෙන්නේ කියලා , ඒත් මේ දේවල් මෙහෙම හරි සාකච්චා වෙන එක හොඳයි එතකොට සත්‍ය ටිකක් හෝ මතුකරගන්න පුළුවන් වේවි නේ

    මේ සිද්ධියට ඍජුව සම්බන්ධ නොවුනත් මට වෙන කතාවක් කියන්න මතක් උනා,

    මට නම් හිතෙන්නේ අපි ඉතිහාසයේ එක පැත්තක් විතරයි බලන්නේ කියලා , මොකද හැම සිද්ධියකටම දෙපැත්තක් තියෙනවා,

    අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ එක්නෙලිගොඩ කියන්නේ පට්ට ද්‍රෝහියෙක් කියලා , ඒ උනාට එක්නැලි ගොඩ ගැන හොයලා බැලුවම ඒ කතාව සෑහෙන්න වෙනස්, එක්නැලිගොඩ ඉඳලා තියෙන්නේ සපරගමුවේ හිටපු ඇහැළේපොළ නිලමේගේ සේවකයෙක් විදිහට , ඇහැළේපොළ ඟේ සේවකයෙක් උන නිසා , රජා එක්නෙලිගොඩගේ ළඟම ඥාතීන් 70 ගාණක් අල්ලාගෙන උල තියලා මරලා තියෙනවා.

    නිකමට හිතපන්කො අද උනත් හමුදාවක ඉහළ නිලධාරියෙක් මන්ගේ පහළ නිලධාරියාට දෙන නියෝගයක් ප්‍රශ්න කරන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්නව නෑ. ඒ වගේ තමයි ඉස්සරත් ඇහැළේපොළ කියන දේ ක්‍රියාත්මක කරන්න එක්නැලි ගොඩලා බැඳිලා ඉන්නවා. එහෙම නොවුනොත් උන්ගේ බෙල්ල තමයි යන්නේ, එහෙම නිසා ඇහැලේපොළ මොන පිස්සුව නැටුවත් එක්නෙලිගොඩ වගේ අයට කරබාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා

    හිතපංකෝ අපේ ළඟම ඥාතීන් 70 විතර ගෙනල්ලා , ඉතාමත් කෘර වද දෙන ක්‍රමයක් වන උල තැබීමේ විදියට මරලා දැම්මොත් අපිට රජා ගැන ඇතිවන හැඟීම , අපි ඊට පස්සේ කවදාවත් රට ජාතියක් ගැන හිතනවද නෑනේ බං , අපිත් හිතන්නේ අපේ සනුහරේම නැති කරලා දාපු එකාගෙන් පලිගන්න විතරයි

    මම කියපු කතාව නම් මම දැනගත්තේ , හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා දවසක් වැඩසටහනකදී කිවුව නිසා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957

    කොහේ හරි පන්සලක ඔය පොතෙන් කෑල්ලක් හරි ඉතුරු වෙලා ඇති කියල හිතෙන්නෙ

    වස්කඩුවේ සුභූති හාමුදුරැවෝ ඔය පිටපතක් බෙල්ට යැව්ව කියලා එහෙම සදහන් වෙනවා තැන් කීපයක.
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,025
    15,562
    113
    35
    Spain
    මේකෙත් විස්තරයක් තියෙනවා

    වීදීය බණ්ඩාර කියන්නේ මහා රණ විරුවෙක්, රාජ ලේ තියෙන කෙනෙක්. පස්සේ කාලෙක යාපනේ ගියා සංකිලියන් රජ්ජුරුවෝ හම්බවෙන්න. එත් කරුමෙට වැරදි වැටහීමක් නිසා සංකිලි රජ්ජුරුවන්ගේ සෙබළුන් එක්ක මහා සටනක් වෙලා වීදිය බණ්ඩාර සහ ඔහුගේ සේවකයා මරණය තෙක් සටන් කළා. අවසානයේ සටන අවසන් වුනේ සංකිලි රජ්ජුරුවන්ගේ සෙබළුන් හැටදෙනෙක් මියගිහින්. හිතපන්කෝ මේ මනුස්සය කොහොම කෙනෙක් වෙන්න ඇතිද කියල.