Ok...but you dont understand..ලංකා ඉතිහාසේ අපි සීතාවක රාජසිංහ ගැන මීට වඩා කතාකරන්න ඕනි! දැන් සෝශල් මීඩියා එක්ක ජනප්‍රිය වේගෙන ආවාට තාම මනුස්සයා අන්ඩරේටඩ්...
මේකයි...1400 ගණන්වල ගවේෂණ යුගයත් එක්ක අයිබීරියන් අර්ධද්වීපයේ යුරෝපීය රාජධානි අලුත් දේශයන් හොයාගන්නකොට ඒ දේශයන්ගේ අයිතිය,විශේෂයෙන්ම ඇමෙරිකානු කලාපය අරභයා අයිබීරියන් අර්ධද්වීපයේ පෘතුගාල රාජධානිය සහ ස්පාඤ්ඤයේ කැස්ටීල් කිරීටය එක්ක දේශපාලන වලියක් පටන්ගන්නවා.ඉතින් බලගතු රෝමන් කතෝලික රාජ්‍ය දෙකක් බොරු මරිසියට මරාගන්න එක බලන් ඉඳලා එපාවෙලා වතිකානය මේකට මැදිහත්වෙලා දෙවෙනි ජූලියස් පාප්තුමා ටෝඩිසිලාස් මධ්‍යනය කියලා රේඛාවකින් ලෝකේ දෙකට බෙදලා ඒකෙන් බටහිර ටික ස්පාඤ්ඤය අල්ලපන් නැගෙනහිර ටික පෘතුගාලේ අල්ලපන් කියනවා.
ඒ එක්ක නැගෙනහිරට සියලු බලය අරන් එන පෘතුගිසි ඉන්දියාවේ ගෝව කේන්ද්‍රකරන් ගොඩනඟන ආසියානු බලකඳවුරේ විශේෂ සන්ධිස්ථානයක් තමා ලොරැන්සෝද අල්මේදා මෙහෙට ගොඩබැහිල්ල.ඒ එක්ක ලංකාවට එන පෘතුගිසින්ගේ ප්‍රධාන අරමුණු තිබුණේ දෙකයි..එක වෙළදාම..දෙක ආගම ප්‍රචාරය.දෙකම කරන්න ඉතින් මේ යක්කු ක්‍රියාත්මක කරන්නේ ජේසුතුමා හිටියානම් එතුමා පිළිකුලෙන් හෙලාදකින ප්‍රතිපත්තියක්.
ඉතින් කෙටිකාලයක් තුල ලංකාවේ වෙරළබඩ දේශපාලනය බිඳවැටෙනකොට,ලේ වැගිරෙනකොට,ශිෂ්ටාචාරය සමතලා වෙනකොට පලාගියපු මිනිස්සු දාස්ගාණකගේ බලාපොරොත්තුව වෙන්නේ කැළණි ගඟෙන් එහා කලු ගඟට මායිම්ව සපරගමු අන්තයට පැතිරුණු පොල් ගස් යායක පිහිටපු පුංචි මාලිගාවක ප්‍රාදේශිය රාජ්‍යයක් හදන් හිටපු තාත්තෙක් සහ පුතෙක්.මායාදුන්නේ සහ රාජසිංහ.
එවකට අගනුවර බිඳවැටෙනකොට රාජ්‍යත්වයේ සංකේතයත් එක්ක සීතාවකට එන කෝට්ටේ වැසියෝ,වෙරළබඩ දකුණු ඉන්දියන් වෙළදාමේ ප්‍රමුඛයෝ වුණු මුස්ලිම්වරු නිසා සිතාවක මුල්ම වතාවට ප්‍රාදේශිය රාජ්‍යයකින් කලාපයේ ප්‍රබලම රාජ්‍යය බවට පත්වෙන්න අඩිතාලම දාගන්නවා.අන්න එතනින් පස්සේ තමා රාජසිංහ මේ ගං දෙකකට මැදිවුණු පුංචි භූමියක ඉඳන් ලෝකේ එහාකොනේ ඉඳන් ආපු මහා අධිරාජ්‍යයකට සුලුදිය පහකරවන්න තරම් යුධ ව්‍යාපාරයක් පටන්ගන්න යන්නේ.ඒ උඹලා අපි ශිෂ්‍යත්වේ ලියපු කාලේ තරම් පොඩි වයසක ඉඳන්.රාජසිංහ කුමාරයා මුලින්ම යුදබිමට යන්නෙම අවුරුදු 11-12දි විතර.
මම මීටකලින් සීතාවක රාජසිංහ ගැන ලියලා තියෙනවා..අද මම මේ සෙනික හෑල්ල ලියන්න හිතුවේ මේ අවිස්සාවේල්ලේ,හංවැල්ලේ සීතාවක පුංචි භූමියේ ඉඳන් මේ කුමාරයා ගොඩනඟපු ලේසිපහසු නැති පෘතුගාලයත් බයකරපු යුධබලය මොන වගේද කියලා අදහසක් දෙන්න.
1)සීතාවක කියන්නේ මම කලින් කීවත් වගේ හරි පුංචි රාජධානියක්.ඒත් ඒ රාජධානිය ඉස්සරහට එන පෘතුගීසි බලය එක්ක සටන්කරන්න කලාපීයව තමන්ට ගන්න පුලුවන් සියලු උදව් ගන්න සේනා රැස් කරනවා.එතනදි ඔහු තමන්ට පක්ෂපාති අපේ රටේ විවිධ ප්‍රදේශවලින් ආපු මිනිස්සුන්ගෙන් හදන සේනාවට අමතරව හතරවටෙන්ම ආපු විදේශිකයෝ එකතුකරගන්නවා.
භූමිපුත්‍ර සිංහලයෝ දමිළයෝ මුස්ලිම්වරු වගේ අය ඇරුණම විදේශික මලලයෝ,තුලූවරු,තෙලුගු වඩක්කන්ලා,පල්ලරු,මුක්කරු,කැලිකට් මලබාර්වරු,රාජ්පුත්ලා,සීක්ලා,ජාවාවල ජාවකයෝ,මලයාලියෝ විතරක් නෙවේ සල්ලිවලට වැඩකරන පෘතුගිසී පවා සීතාවක රජු එක්ක සන්ධාන වෙනවා. ඒ අතරේ පෘතුගිසි මොසැම්බික්වලින් ලංකාවට ගෙනාපු කැෆ්‍රේ ගෝත්‍රය හෙවත් කාපිරි වහල්ලුන්ව නිදහස් කරගෙන ඔවුන්වත් සීතාවක සේනාවට එකතුකරගන්නවා.මේ මුලු සේනාවට දුන්න නම තමා ආර්‍ය මහා සේනාව.
2) සීතාවක පුංචි වුනාට මේ සියලු ජනකාය එක්ක සීතාවකට තිබ්බේ මහා සේනා බලයක්.කොටින්ම කොළඹ කොටුව වටලන්න එක්ලක්ෂ විසිදාහක විතර සේනාබලයක් මෙහෙයවන්න රාජසිංහට පුලුවන් වෙනවා.ඒ අතරේ ලොකු tech team එකකුත් හිටියා.කම්මල්කාරයෝ 400ක්,වඩුවෝ දාහක්,කාලතුවක්කු මෙහෙයවන්නෝ 400ක් හිටපු බව කියනවා..
3) සීතාවක තිබුණේ මුහුදක් ලඟ නෙවේ.ඒ වුනාට දකුණු ඉන්දියාවේ සැමොරින්ගේ කුන්ජාලි මරක්කර් සේනාවල සහය එක්ක සීතාවකට යම් නාවුක සහයක් ලැබුණා.ඒකෙන් නොසැලී සීතාවක රාජසිංහ ගං ඉවුරේ ඉඳන් නාවුක හමුදාවක් හදනවා.මුල් කොළඹ වැටලීම්වලදී රාජසිංහ බත්තල් ඔරු 400ක් එක්ක ලොකු නැව් 40ක් කැළණි ගඟ දිගේ මෝදරින් මුහුදට දාන්න සමත් වෙනවා.
4)රාජසිංහ රජතුමාගේ රාජ්‍යය පොඩි වුණු නිසා ඔහුට රථ සේනාවක්/chariots තිබ්බෙ නෑ.ඒත් ඔහු සැලුණේ නෑ.කොඩිතුවක්කු,බොන්ඩිකුල,පලගැටි තුවක්කු වගේ තුවක්කු හැකිතාක් හදලා කාලතුවක්කු 150ක බලඇණියක් ගොඩනගනවා.
5) සීතාවක රාජසිංහගේ සේනාවට ගවයෝ 40,000ක් ඇතුලු කරගත් බව කියනවා.ඒ වගේම බලකොටු වටලන්න අලි 2200ක සේනාවක් රජතුමා හදනවා. මේ යුද්ධවලට බඩු රැස්කරන්න ගබඩා ගම් 1900ක් ස්ථාපිතකරනවා!
6) රාජසිංහ කියන්නේ ගොඩක් තාක්ෂණික ශිල්පක්‍රමයන්ටත් බර දුන්නු කෙනෙක්.ඔහුගේ ජංගම කඳවුරුවල විධිමත්බව පෘතුගීසින්වත් පුදුම කරනවා.ඒවගේම ඔහුට මිනිහෙක්ගේ උස රෝද දොළහක් මත හදපු අශ්වයෝ ඇදපු ජංගම ලී මාලිගාවක්ම හදලා තියෙනවා.Imagine that.
තව දවුල් බෙරයක් වගේ දුර සද්ද amplify කරන ද්වනිවාහිණි කියලා ලොකු ගැජට් එකකුයි,මල්වානේ කන්දක් මූලික කරන් ඇදපු තඹකම්බි ජාලයකිනුයි ඒ කාලේ සීතාවක සීමාවේ දුර ඉඳන් පෘතුගිසි එනවද කියලා ඔත්තු බලන්න ඔහු ක්‍රියාමාර්ග යොදවපු බව මම අජන්ත මහන්තාරච්චි මහත්මයාගේ ලිපියක කියවල තියෙනවා.ආයේ කළු ගඟේ දම්වැල් ඇදලා වතුර යට පිහිටන විදිහේ දම්වැල් උගුල් ජාලෙකුත් ගොඩනඟපු බව මන් කියවලා තියෙනවා ලිපියක. මිනිහා කොළඹ කොටුව වටලන්න පල්ලරු ලවා උමං ජාල කපනවා. එතකොට හම්බෙන ගල් බිඳදාන්න,දියකරන්න විනාකිරි ඇඹුල්කිරි මිශ්‍ර සංයෝග ගල්වල ගල්වලා ගිනිතියලා ගල් බිඳින රහස්ක්‍රමයක් අනුගමනය කරනවා.බේරේ වැව වතාවක් හින්දන්නමයි ඔහු සෙබස්තියන් ඇල කප්පවන්නේ.
7)තාක්ෂණය විතරක් නෙවේ සීතාවක රාජසිංහ ගුප්ත ශාස්ත්‍රයෙත් උදව් ගන්න බලපු කෙනෙක්.මන්දාරම්පුරපුවතේ ඔහුව විග්‍රහවෙන්නේ දඹුරු ශිල්ප,රහස් බෙහෙත්,භූතශාස්ත්‍ර සහ විමානයන්ගෙන් වැඩගන්න බලපු කෙනෙක් විදිහට.ඔහු ආයුධස්ථම්භන නොහොත් කාලතුවක්කු ක්‍රියාවිරහිත කරන ගුප්තකර්ම අත්හදා බලපු,විවිධ ඉන්ද්‍රජාලිකයන් මායාකරුවන් කියන්නන් මාලිගයට ගෙන්වගෙන ටෙස්ට් කරලා බලපු, ඇතැමුන් කියන විදිහට වහල් අප්‍රිකානුවන්ගේ වූඩූ වැනි අදුරු මායාවන් පවා අත්හදා බලවපු කෙනෙක්.
(වූඩු කතාවට ගැලපෙන්න කඩුවෙල කොරතොට විහාරයේ වහපු උමඟේ ඉන්න කාපිරි යක්ෂයෝ ගැන ජනප්‍රවාදයක් තියෙනවා.මේ කාපිරි යක්ෂයෝ කාපිරි දේවතාවා කියලා පන්සලේ වන්දනාවට ලක්වෙලත් තියෙනවා.)
8)රාජසිංහ කියන්නේ ගොඩක් විෂයන් ප්‍රගුණ කරලා හිටපු,භාෂා 18ක් විතර දන්නවය කියන polymath කෙනෙක්.ඒ වගේම ලඟදි කියවන්න ලැබුණා මිනිහා දක්ෂ විරිදු කියන්නෙක් කියලා.ඉතින් පෘතුගිසි ගැන ඔත්තු බලන්න මිනිහාම විරිදු කියන්නෙක් වගේ කොළඹ කොටුවේ සැරිසරලා තියෙනවා ගොඩක් වෙලාවට...
පෘතුගීසි ලියමන්වල රාජසිංහ විග්‍රහවෙන්නේ දුවන අශ්වයෝ අතරේ මාරුවෙන්න දැනහිටපු,අත් දෙකෙන් එකබරින්ම ආයුද මෙහෙයවපු ඇලෙක්සැන්ඩර්,සීසර්,හැනිබල්ට සමාන හෝ ඊටත් වඩා ප්‍රබල තරුණයෙක් විදිහට.ඒක අතිශයෝක්තියක් වුණත් නැතත් ඇත්තටම peak යුගේදි රාජසිංහ නමට පෘතුගිසි ඇත්තටම බයවුනා.එහෙම aura එකක් ගොඩනඟාගන්න තරම් මේ පුංචි රාජධානිය ඇතුලේ තරුණ කුමාරයා මහා ගේමක් ගහලා තිබුණා.
ඉතින් මම පුද්ගලිකව ඔය සීතාවක රාජසිංහගේ මුල්ලේරියා සටන ලංකාවේ සිනමාවට නැගෙනවා කියන කතාවට බය වෙන මොකුත් නිසා නෙවේ..මේ පුංචි රාජධානියක් තියන් මේ කොලුවා ගහපු ගේමෙන් 10%ක්වත් යථාර්ථවාදිව ප්‍රතිනිර්මාණය කරන්න ඔය අධ්‍යක්ෂකලාට බැරි බව මම අවංකව දන්න නිසා.සහ සම්පූර්ණයෙන් ප්‍රතිනිර්මාණය කරන්නත් වියදමක් දරන්න අද අපේ සිනමාව පෝසත් මදි.
ඉතින් ආයෙ ඔය මන් කියපු ටික කියවලා බලන්න.ඒ අංක ටික කියවලා හිතලා බලන්න.පුදුම නොහිතුණොත් තමා පුදුමේ.
Kavitha Mahawatta
රාජසිංහ රජතුමා සහ සීතාවක ගැන කියවන්න කැමති කෙනෙක් බුකියේ Mahendra Jayakodiarachchi ගේ ප්‍රොෆයිල් එක අනිවාර්‍යෙන් ෆොලෝකරන්න.මේ ලිපියේ කරුණු බහුතරයක්ම මම ඉගෙනගත්තෙත් ඒ අයියගේ ලිපි කියවලා.
AI arts ගත්තේ Wikum Sanjith Ranaweera අයියගෙ පිටුවෙන්
https://www.facebook.com/share/p/1ECyMVqkuh/