මහා වංශය ඇතුළු වංශකතාවල තියෙන්නේ 100% ක් ම ඇත්ත නෙවෙයි , ටිකක් පක්ෂක්ග්‍රාහී විදියට ලියලා තියෙන්නේ , පන්සලට පක්ෂනම් පිටු ගණනාවක් හොඳ කියනවා නැත්නම් චේදයක් දෙකකක් ලියලා වැඩේ ඉවරකරනවා
උන කටුවක් ඇනිලා මරුන සීතාවක රාජසිංහ රජතුමාගෙ මරණය ගැන රාජාවලිය කියලා තියෙන්නේ මුළු ලක්දිව එක්සේසත් කළ රාජසිංහ මහරජ මේ ආත්මයෙන් මිදී කෛලාශ ශක්‍ර භවනට ගිය සේක කියලා ඒත් මහා වංශය ඒක තියෙන්නෙ පාපතර දුෂ්ටයෙක් ලෝකෙන් සමු ගත්තා කියලා
පුළුවන් නම් මහාවංසයට අමතරව වෙන කොහෙහරි තියෙනවද කියලා හොයලා බලන්න ධාතුසේන රජතුමා හිටුවා පස් ගහපු කතාව (මම තේරෙන විදියට ඒක බොරු කතාවක්), දන්නා විදියට එහෙම නෑ , කාශ්ශ්යප එක්ක සන්ගයාට තිබුන අවුල නිසා තමයි කාශ්ශ්යප ගැන ගොඩක් වැරදි ලියලා තියෙන්නේ
උඹලා දන්නවද දන්නේ නෑ මහාවිහාරපාර්ශවයෙන් මහාවංසය ආරම්භ කරලා ලියනකොට අභයගිරිපාර්ශවයෙනුත් මහාවංසය වගේම එකක් ලියලා තියෙනවා උත්තර විහාර වංශය කියලා නමුත් දැන් එක හොයාගන්න නෑ කියනවා ,
මට නම් හිතෙන්නේ තමන්ගේ ලාභය වෙනුවෙන් ගනින්නාන්සේලා බොහෝ දේ වෙනස් කරලයි තියෙන්නේ කියලා , ඒත් මේ දේවල් මෙහෙම හරි සාකච්චා වෙන එක හොඳයි එතකොට සත්‍ය ටිකක් හෝ මතුකරගන්න පුළුවන් වේවි නේ