කෙලෙස ආදරය නොකර ඉන්නද?... 🥀💔

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    524
    573
    93
    කෙලෙස ආදරය නොකර ඉන්නද?... 🥀💔

    ඇය වසන්තයක් වී මා දෙස බලද්දී, මා ඇය ඉදිරියේ වූයේ නිහඬ කැඩපතක් පමණි. ඇගේ හදවතේ මල් පිපුණද ඒ මල් පරව යනු දැකීමට මා බිය වූයෙමි.

    රශ්මි, මගේ අසම්පූර්ණ ලෝකයට ඔබව මැදි නොකළේ, ඔබ මට වඩා උත්තරීතර යැයි මා හදවතින්ම විශ්වාස කළ බැවිනි.

    දෙපයින් නැගී සිටීමට වෙර දරන අරගලය මැද ජීවිතයේ සියුම් තැන් මට මගහැරුණි. නීරා, නුඹේ හදවතේ මා වෙනුවෙන්, මහාමේරක් තරම් ආදරයක් තිබූ බව එදා සුළඟ හෝ මට රහසින් කීවේ නම්, විශ්වාස කරන්න මේ මුළු විශ්වයම හරහා හෝ මා නුඹ සොයා එනු නියතය.

    එහෙත් දෛවය, මට ඒ වරම අහිමි කළේය. ප්‍රනීති, නුඹ අහම්බයක් නොව දෛවය මට තිළිණ කළ මහා ප්‍රාතිහාර්යයයි. එහෙත් මා සෙවූ ඒ සොඳුරුතම ලෝකය නුඹ බව මා නොදුටුවෙමි. ඒ මා ඔබ වැනිම පෘථග්ජනයකු නිසාමය. පියෙකු වීමේ, සැමියෙකු වීමේ මහා සිහිනය කරපින්නාගෙන ඒ මහා බරින් මා තැලී පොඩි වී යද්දී මට මාවම අහිමි විය. මා ඇද වැටෙන්නට ගිය සෑම මොහොතකම ඇය තමන්ගේ දෑත් රිදවාගෙන හෝ මා දරා සිටියාය.

    එහෙත්, මා නිසා ගැහැණුන් දෙදෙනෙකුගේ ජීවිත දවා අළු වූයේද ? මගේ දරුවන්, මගේ පණ නල අකාලයේ මට අහිමි වූයේද ? සැබෑ ප්‍රේමයෙන් පිරුණු හදවත් දෙකක බලාපොරොත්තු මා අතින් මියගිය පාපය නිසාම විය නොහැකිද? ජීවත්ව සිටියදීම මා ඔවුන්ව මරා දැමූ නිසා දෛවය මට මේ දඬුවම දුන්නා විය නොහැකිද?

    මා එසේ දැවෙද්දී නුඹේ දෙනෙත් වසා ගත්තේ ලෝකයේ තිබෙන දරුණුතම හැඟීමෙනි. ඒ හැඟීම අප අතර තිබූ ශක්තිමත්ම බැඳීම් පවා විනාශයට රැගෙන ගියේය. අපේ සාර්ථකත්වය මතින් ගොඩනැගුණු මමත්වය අපි අපිව අහිමි කළේය.

    මම ජීවිතය නැවතත් අලුතින් පටන් ගන්නවා යැයි මුළු ලෝකයක් ඉදිරියේ නුඹ කියද්දී නුඹේ අලුත් ලෝකයට පරණ වූ මා තවදුරටත් බාධාවක් වන්නට නුඹව හිරකර තබන්නට මම කවුද?

    මේ විඳවීම මගේ දෛවයේ නියමයයි... මා නීරාව හෙව්වේ ආදරය සොයාගෙන නොව, ඇගේ දෙපා මුල වැටී මා අතින් ඇයට සිදුවූ ඒ මහා අසාධාරණයට සමාව ගනු පිණිසයි. ඒ සමාව මගේ තුවාල වලට එකම ඔසුව වේ යැයි මා පැතුවෙමි.


    සදාකාලික පෙම් කතාවන්
    නොපවතින බව දැන දැනත්..
    බදා සිරකර ගන්න නුඹවම හිතෙන එක මහ පුදුමයක්..
    මුදා අතහැර ගන්නෙමියි මා සිතා ගත් හැම වාරයක්..
    වඩා පෙමකින් බැඳී ඇත්තෙමි..
    දැනෙන්නැහැ වෙන්වෙන බවක්..
    ඉතින්... කෙලෙස
    ආදරය නොකර ඉන්නද?... 🥀💔
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,852
    1
    11,195
    113
    images
     
    • Haha
    Reactions: clumsyhulk

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    ආණ්#ඩුවේ සල්ලි හොරකන් කරන්න හැකර් කෙනෙක්ට පුල්වන්නම්, ඇයි ආදරේ කරන්න බැරිද?
    ආණ්ඩුවේ සල්ලි හොරකම් කරේ උබේ නෙමෙයි නෙ.
    ඒ එකෙක් මේ වෙන එකෙක්
    Tired Britney Spears GIF
     
    • Haha
    Reactions: Elakirihacker

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    524
    573
    93
    මිනිහෙක් උනාම තමන්ගේ මොනවම හරි දේකට " ආදරය " කරන්න ඕනේ
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    524
    573
    93
    "තමන්ගේ නොවන වරදකට දඬුවම් විඳින එක...


    සමහරවිට ඒක තමයි නියම අපරාධය." 💔
     

    nidarsha91

    Well-known member
  • එක එක්කෙනාට නියම වෙන කතාවෙ විදිය තමයි. ඇත්තටම පිරිමියෙක් ලබන කාන්තා ස්පර්ශය, කාන්තාවක් ලබන පිරිමි ස්පර්ශය කියන්නෙ ලෙඩ ගානකට බෙහෙතක් වගේ දෙයක්. ඒකනෙ හුඟාක් උන් ස්පා යන්නෙ. ඒත් සමහර වුන් ඉවසගෙන කාගෙන ඉන්නව එකක් මත්තෙම නැහීගෙන. අවසානෙට හාට් එකේ ලබ්බවල් ඉරිල ස්ට්‍රෙස් හින්ද කෝටිසෝලුයි කෝටිසෝල් හින්ද ස්ට්‍රෙසුයි එක්ක හැමමනිලා ගිහිල්ලා. ඊට පස්සෙ පහුවෙලා කසාදයක් බැඳල ඊලඟ වගකීම් ටික ඔලුව වහගත්තම අනිත් කෙනාගෙ කට ඉසාරහට එනව වයස යාමත් එක්ක. බඩුම තමා එතකොට. අවසානෙට බඩුකාරය සැපෙන් සතුටින්
     
    • Love
    Reactions: Elakirihacker