1588 අවුරුද්දෙ සීතාවක රාජසිංහ රජ්ජුරුවො දෙවන වර කොළඹ කොටුව වටළල ඉන්න මොහොතෙ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,493
    100,624
    113
    Just imagine,

    ඔයා 1588 අවුරුද්දෙ සීතාවක රාජසිංහ රජ්ජුරුවො දෙවන වර කොළඹ කොටුව වටළල ඉන්න මොහොතෙ කොටුව ඇතුළෙ හිරවෙලා අන්ත අසරණ තත්වෙක ඉන්න තරුණ පෘතුගීසි සොල්දාදුවෙක්,

    හමුදාවට බැඳුණ ගමන්ම ඔයාව එවනු ලැබුවෙ සෙයිලාවෝ හෙවත් ලංකාද්වීපයට, ඒ මීට අවුරුද්දකට විතර කලින්,

    රාජසිංහ රජ්ජුරුවො සහ එයාගෙ රණකාමීත්වය, 1562 අවුරුද්දෙ මුල්ලේරියා වෙලේ වතුර ලේ පැහැයට හරවමින් ලබාදුන්නු අන්ත පරාජය ගැන කතන්දර ඔයා අහල තියෙනව,

    ඒ ගැන සඳහන් යුධ වාර්තා කියවනකොටත් ඇඟේ ලේ වතුර වෙනව, ඒව ඒ තරම් ම බිහිසුණුයි!

    රාජසිංහ කියන්නෙ ඔයා පොඩිකාලෙ කතන්දරවලින් අහපු හැනිබල්, සීසර් වගේ ප්‍රබල රණශූරයෙක්, එයා සටන්බිමට බැහැල තියෙන්නෙ පොඩිකාලෙ ඉඳන්මයි, සටන්බිම හරියට එයාට ගෙදර වගේ,

    ඔක්කොටම වඩා එයා දැඩි පෘතුගීසි විරෝධියෙක්,

    ඔයාලව සෙයිලාවෝ දේශයෙන් සදහටම පන්නල දාන ඒකායන අරමුණෙන් සටන්වදින්නෙක්!

    භයානකම කාරණය දැන් මාස ගාණක් තිස්සෙ බලකොටුව වටලගෙන ඉන්නෙ මුල්ලේරියා සටනට ආපු හමුදාවට වඩා සියදහස් ගුණයක් බලගතු හමුදාවක්,

    ආරංචිවල හැටියට ඒ හමුදාව හේවායො 50000ක්, සුළු මුලාදෑනිවරු 6000ක්, යුධ ඇත්තු 250ක්, සහ කාලතුවක්කු 150කින් සමන්විතයි,

    එසේ මෙසේ හමුදාවක් නෙවෙයි! මාර සේනාවක්!

    එයාලව මෙහෙයවන්නෙ සීතාවක රාජසිංහ රජ්ජුරුවො විසින්මයි!

    මේ සා සෙනඟක් අරගෙන රජ්ජුරුවො මෙදා සැරේ ඇවිල්ල ඉන්නෙ දෙකෙන් එකක් විසඳගන්න වගේ,

    ඒ නිසා කොයිතරම් කාලයක් ගියත් මේ සැරේ වැටළීම නවතින පාටක් නෑ,

    බලකොටුවෙ ආරක්ෂාවට ඒක වටේට තිබුණු බේරෙවැව රාජසිංහගෙ හමුදාව හිස්කරල තියෙන්නෙ,

    එයාල දිවාරෑ නැතුව නොනවත්වාම බලකොටුවට එක එක විදිවලට පහරදෙනව,

    ඔයා ඉන්නෙ හාමත්වෙලා, තදබල බඩගින්නක, බලකොටුවෙ ආහාර ගබඩාව හිස්වෙලා සති කීපයක්,

    පිටතින් කෑමබීම එන්න තියෙන හැම මාර්ගයක්ම වගේ රාජසිංහ රජ්ජුරුවන්ගෙ හමුදාව විසින් අවහිර කරලා, වෙනෙකක් තියා රාජසිංහගෙ යාත්‍රා කීපෙකුත් බලකොටුව අවට මූදෙ සැරිසරනව,

    බඩගින්න උහුලගන්නම බැරි ඔයාගෙ සගයො බලකොටුවෙ තැනතැන දුවපැන හිටපු බළල්ලුන්ව ආහාරයට ගන්න පුරුදුවෙලා,

    පිරිසක් ඒකෙනුත් කීයක් හරි හොයාගන්න අදහසින් බළල්ලු පස්සෙන් පන්නනව, ඒ අල්ලගන්න බළල්ලු විකිණෙන්නෙ ගිනිගණන්වලට!

    ඔයා ඉස්සරහ තියෙන්නෙ විකල්ප දෙකයි,

    එක්කො මෙහෙම්ම බඩගින්නෙ මියෙන්න, එහෙම නැත්තං තියෙන සේසතම වියදම් කරල මිලට ගන්න බළල් මස්වලින් බඩගින්න නිවාගන්න,

    එහෙමත් නැත්තං හෙටානිද්දට බලකොටුව බිඳවැටුණට පස්සෙ ප්‍රචණ්ඩ රළ පාරක් වගේ කඩාවදින සීතාවක හමුදාවෙ කඩුපතට ජීවිතය දෙන්න,

    දැන් දැන් එහෙම වෙන ලකුණු පේනව,

    බලකොටුවෙ සමහරු යටත්වීමක් ගැන කතාවෙනව ඇහෙනව, තවත් සමහරු ගෝවේ ඉඳන් කොයිවෙලේ හරි ආධාර ඒවි කියල බලාන ඉන්නව,

    පිරිසක් මේ අබග්ගයෙන් තමන්ව බේරාගන්නැයි දෙවියන්වහන්සේගෙන් ආයාචනා කරනව,

    ඔයා ඉන්නෙ බලකොටුවෙ එක් අන්තයක ප්‍රාකාරය මත,

    එතැන ඉඳන් බැලුවහම හාත්පසම පේනවා,

    ඒ පේන දර්ශනය ලොමුදැහැගැන්වෙන සුළු එකක්!

    බැලුබැලු අත එකම ගිනිගොඩක්, චලනය වන ගිනිගොඩක්!

    නෑ, ඒ අතින් පන්දම් අරගත්තු රාජසිංහගෙ හමුදාව, දාස්ගාණක් සෙබළු!

    ඒ පන්දම් එළිය හමුවේ එයාලගෙ අත්වල තියෙන අසිපත්, පොරෝ, නාරාසනං කුන්තානි දිලිහෙනව,

    අතරින් පතර මහා පර්වත වගේ නැඟීසිටින යුධ ඇත්තුන්ව පේනව, ඒ ඇතෙක්ට හෙම අහුවුණොත් දෙයියන්ගෙ පිහිට තමයි,

    ඒ ඇත්තු පිට ඉන්නෙ ඕනම ඉලක්කයකට විදින්න පුළුවන් රාජසිංහගෙ සේනාවෙ අතිශූර දුනුවායො, එයාලට ගොඩක් ඈතින් හිටියත් ඔයා එයාලගෙ ඉලක්කයක් බවට පත්වෙන්න ඉඩක් නැතුවා නෙවෙයි,

    අතරින් පතර නැඟෙන ඇතෙක්ගෙ දෙන්නෙක්ගෙ බියකරු කුංචනාදයක් සහ මූදෙ රළනැඟෙන හඬ හැරෙන්නට හාත්පසම නිශ්ශබ්දයි,

    මේ නිශ්ශබ්දතාවය අතිබිහිසුණුයි!

    ඒක හරියට මහා විශාල කුණාටුවකට කලියෙන් තියෙන නිහැඬියාව වගේ,

    මොකක්ද මේ වෙන්න යන්නෙ?

    රාජසිංහ රජ්ජුරුවො කොළඹ කොටුවට එක් තීරණාත්මක බිහිසුණු ප්‍රහාරයක් එල්ලකරන්න යනවද?

    බලකොටුව ඇතුළෙ මහා කලබලයක්, තුවක්කු අතින් ගත්තු සෙබළුන් ප්‍රාකාරය මත තැනින් තැන ස්ථානගත වෙනව, හාමත්වෙලා දුර්වල ව ඉන්න එයාල ඉන්නෙ අතිප්‍රබල සීතාවක සේනාව එක්ක මූණට මූණ ගැටෙන්න පුළුවන් තත්වෙක නෙවෙයි,

    රාජසිංහගෙ සේනාව බලකොටු ද්වාර කඩාබිඳගෙන ආවොත් වෙන්නෙ මහා විනාශයක්,

    ගොඩදෙනෙක් දැනටමත් පරාජය භාරගෙන අවසන්, ප්‍රාකාරයෙ තැනින් තැන දණගසාගෙන ඉන්න ඔවුන් ජපමාල අතේ ගුලිකරගෙන දෙවියන් යදිනව, ඒ කවුරුවත් නිවටයින් නෙවෙයි, අප්‍රිකාවෙ, ඉන්දියාවෙ සටන් ගණනාවකට සහහාගී වුණු, ඒවයෙන් පදම් වුණු අත්දැකීම් බහුල සෙබළුන්,

    ඔවුන් ඒ තරමට බයවෙලා නම් ඔයා..?

    එකපාරටම රාජසිංහගෙ සේනාව දිහාවෙන් සක් හඬක් නැඟෙනව, ඒ හඬ එක්ක ලාවට යුධබෙර හඬක් නැඟෙනව,

    ඔයා කොටු තාප්පෙට උඩින් එබිල බලනව,

    මහා සේනාව එක තැනකින් දෙපසට වෙනව ඔයාට පේනව, ඒ මැදින් විවරවුණු මඟ පන්දම්වලින් ඒකාලෝක වෙලා, හරියට දවාලක වගේ!

    ඒ මඟ ඔස්සේ සුදු අසෙකු පිට නැඟී එන්නෙ හුදෙකලා අශ්වාරෝහකයෙක්,

    ආරෝහ පරිනාහ දේහයකින් යුතු ඒ අශ්වාරෝහකයා සැරසී ඉන්නෙ පන්දම් එළියෙන් දිදුලන අනර්ඝ යුධ ඇඳුමකින්,

    සීතාවක රාජසිංහ රජ්ජුරුවො - ඒ කවුද කියල ඔයා දැක්ක සැණින්ම අඳුරගන්නව,

    ඒ එක්ක ඔයාගෙ කොඳුඇට පෙළ දිගේ පහළට ගමන්කරන්නෙ සියුම් හිරිවැටුමක්, කකුල් දෙක පණ නැතිවෙනව දැනෙනව,

    ඒ හුදෙකලා රණශූරයාගෙ ප්‍රභාව ඒ තරම් ප්‍රබලයි!

    බිහිසුණුයි!

    ඔයා විතරක් නෙවෙයි, ප්‍රාකාරය මත හිටගෙන ඉන්න හැමෝම වගේ ඉන්නෙ ඒ බිහිසුණු දර්ශනය දැකල බියට පත්ව,

    පිරිසක් වෙව්ළමින් දෙවියන් යදිනව, තවත් පිරිසකට ඇඳිවතේම මුත්‍රා පහව ගිහින්,

    ඒ අශ්වාරෝහකයා, ඒ කියන්නෙ සීතාවක රාජසිංහ රජ්ජුරුවො සටන් පෙරමුණටම අසු පන්නගෙන එනවා,

    එකපාරටම එයා තමන්ගෙ අසිපත කොපුවෙන් පිටතට අදිනව, ඊටපස්සෙ අසිපත ඉහළ ආකාශය දෙසට යොමුකරනව,

    දසදහස් ගණන් අසිපත් ඒවයෙ කොපුවලින් පිටතට ඇදෙනව ඇහෙනව, පේනව,

    ඒ එක්කම සක්හඬ, හොරණෑ හඬ ඇහෙන්න ගන්නව,

    ඒ හඬ හමුවේ ප්‍රාකාරය මත උන්නු දුබල සිතැත්තන් කීපදෙනෙක් සිහිවිසඥ වෙනව,

    ඔයාගෙ කකුල් දෙක වෙව්ළනව ඔයාට දැනෙනව,

    'මේ මරණ බයද?'

    මේ දැනෙන හැඟීම විස්තර කරගන්න බැහැ,

    එකපාරටම මේ හඬ ඇහෙනව,
    .
    (වීඩියෝ එකේ තියෙන සද්දෙ අහන්න 🌝)
    .
    වීඩියෝ ක්‍රෙඩිට් එක puragana tiktok ප්‍රොෆයිල් එකට,

    වචන ටික මේක අහල, මේ ප්‍රස්තුතය බේස්කරගෙන නිකමට ලියපු එකක්.
    .
    ~ ✍️| විකුම්...
    .
    .
    .
    .
    .
    #WIKUM #HISTORY #srilanka

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,382
    2,431
    113
    සීතාවක රාජසිංහ රජතුමාට රටේ අනික් පළාත් වල හිටිය රජවරු සහයෝගය දුන්නා නම් ලංකාවෙන් පරංගි සහමුලින්ම විනාස කරන්න තිබ්බා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,520
    14,552
    113
    35
    Spain
    සීතාවක රාජසිංහ රජතුමාට රටේ අනික් පළාත් වල හිටිය රජවරු සහයෝගය දුන්නා නම් ලංකාවෙන් පරංගි සහමුලින්ම විනාස කරන්න තිබ්බා
    ඔවු බන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,624
    113
    සීතාවක රාජසිංහ රජතුමාට රටේ අනික් පළාත් වල හිටිය රජවරු සහයෝගය දුන්නා නම් ලංකාවෙන් පරංගි සහමුලින්ම විනාස කරන්න තිබ්බා
    නියම සෙට් එකක් හිටියේ එකතු උනා නන්.

    ඒ කාලේ ඉඳලම අපේ උන් උන් මරා ගැනිල්ල වැඩියි නෙ
     
  • Aug 21, 2026
    61
    83
    18
    සීතාවක රාජසිංහ රජතුමාට රටේ අනික් පළාත් වල හිටිය රජවරු සහයෝගය දුන්නා නම් ලංකාවෙන් පරංගි සහමුලින්ම විනාස කරන්න තිබ්බා
    එහෙම කරානම් දැනට ලංකාවෙ ඉන්න 10% බුද්ධිමත් සෙට් එකත් නෑ
    කලු කැත මෝඩ කැරියො විතරයි. මේක අප්‍රිකාව වගේ තියෙයි
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,391
    113
    සීතාවක රාජසිංහ රජතුමාට රටේ අනික් පළාත් වල හිටිය රජවරු සහයෝගය දුන්නා නම් ලංකාවෙන් පරංගි සහමුලින්ම විනාස කරන්න තිබ්බා
    Civilisation ekak hetiyata e kaledi apea civilisations(including India) mature wela peak eke hitiye. Peak eke tyena civilisations kalin thibunata wada durwalayi, internal conflicts wediyi. Kadan watenna niyamitayi. Eka e widiyatama wuna. E wasiya aran western ratawal apea ratawal takeover kala.

    Oya wagema deyak den western civilisation ekata wenawa. Peak eke indan collapse eka patan aran. western ratawal asian countries walin take over karanawa.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    L22-full.jpg

    1865 පමණ කොළඹ බලකොටුව කඩා දැමීම

    රජයේ ගොඩනැගිලි, බැංකු, වාණිජ ව්‍යාපාර, තරු පහේ හෝටල් සහ දෙපාර්තමේන්තු ගබඩා සහිත කොළඹ ව්‍යාපාරික දිස්ත්‍රික්කය තවමත් කොටුව ලෙස හැඳින්වේ. යාපනය සහ ගාල්ල මෙන්, කොළඹ ද බලකොටු සහිත නගරයක් වූ නමුත් නාගරික සංවර්ධනය සඳහා මග සැලසීම සඳහා එහි බලකොටු 1865 දී පමණ කඩා දමන ලදී. කඩා දැමීමෙන් පසු එහි බිත්ති තුළ තිබූ බොහෝ ව්‍යුහයන් අහිමි විය.

    තවදුරටත් අවශ්‍ය නොවූ බැවින්, ඒවා ප්‍රගතියට බාධාවක් ලෙස සලකනු ලැබීය. ආර්ථික වර්ධනය තවදුරටත් ප්‍රතිව්‍යුහගත කිරීමට හේතු වූ අතර, බොහෝ මුල් ලන්දේසි ගොඩනැගිලි 19 වන සියවසේ දෙපාර්තමේන්තු ගබඩා සහ කාර්යාල මගින් ප්‍රතිස්ථාපනය කරන ලද අතර, කොළඹ කොටුවට අදටත් බ්‍රිතාන්‍ය යටත් විජිත ස්වභාවය ලබා දුන්නේය.

    colombo-01.jpg

    Albernaz, João Teixeira විසින් "Plantas das cidades, portos, e fortalezas da conquista da India Oriental" නමින් පෘතුගීසි කොළඹ කොටුවේ සිතියම, 1600-1650 අතර ප්‍රංශ ජාතික පුස්තකාලයේ ඩිජිටල් ලේඛනාගාරයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

    colombo-fort-006.jpg

    පෘතුගීසි කොළඹ කොටුව (ලන්දේසි එක්සත් නැගෙනහිර ඉන්දීය සමාගමේ විස්තීර්ණ සිතියම වෙළුම IV)(ජාතික ලේඛනාගාරය/චාල්ස් බ්ලැක්වුඩ්)

    dsdsd.jpg

    අද වන විට බලකොටුවම පාහේ අතුරුදහන් වී ඇත. එහි දළ සටහන තවමත් ගුවන් ඡායාරූපවල දැකිය හැකි අතර, වීදිවල ජාලක රටාවෙන් හෙළි වේ. නටබුන් කිහිපයක් ඉතිරිව පවතී: බිත්තිවල කොටස්, රෝහල, නූතන උස් ගොඩනැගිලි අතර දැන් සැඟවී ඇති හුදකලා ඩෙල්ෆ්ට් ගේට්ටුව, ලන්දේසි ආණ්ඩුකාර මන්දිරයේ දුර්වල සලකුණු සහ වරායේ පාළු ගබඩාවක් වැනි අමුතු කොටස්. මෙම විසිරුණු කොටස් සියල්ල කලක් බලවත් බලකොටුවක ඉතිරිව ඇත.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,072
    9,776
    113
    එක තැනක නෑ
    සීතාවක රාජසිංහ රජතුමාට රටේ අනික් පළාත් වල හිටිය රජවරු සහයෝගය දුන්නා නම් ලංකාවෙන් පරංගි සහමුලින්ම විනාස කරන්න තිබ්බා

    ඒක තමයි බං ලංකාවෙ හැමදාම තිබ්බ ප්‍රශ්නෙ. පිටින් ආපු එකාව එලවන්න සෙට් වෙනවට වැඩිය, මට රජකම ලැබෙයිද, අනිත් රජාට අරින්නෙ කොහොමද කියලා තමන්ගේ වාසිය විතරක්ම බලපු එක. දැන් කාලෙ පොලිටික්ස් වලට පට්ට සමානයි.

    අපේ උන්ගෙ බෙදීම හැමදාම පිට උන් වාසියට ගත්තා. අදටත් තම්බි ඇන්ඩ් දෙමල්ලු ඒක ලස්සනට යූස් කරනවා. සිංහලු අන්දලා යූස් කරවන්න පට්ට ලේසි. සහ ශෝර්ට් ටර්ම් මෙමරි එකක් සිංහලුන්ට තියන්නෙ. ක්ශනික අමතක වෙනවා.හරි හමන් සිංහල ජාන තිබ්බ උන් හිටපු හින්දා මෙහෙම බේරුනා. හැබැයි දැන් නම් එහෙම උන් හොයාගන්න අමාරුයි. සෝ ලංකාවට වැඩි කාලයක් තව නෑ.
     
    lanaya_sl

    Member
    Aug 26, 2026
    4
    10
    3
    එහෙම කරානම් දැනට ලංකාවෙ ඉන්න 10% බුද්ධිමත් සෙට් එකත් නෑ
    කලු කැත මෝඩ කැරියො විතරයි. මේක අප්‍රිකාව වගේ තියෙයි
    එහෙම බැලුවොත් ලංකාවෙ තීන දාගැබ්, ඇල මාර්ග, වාරි තාක්ශනය, ව්‍යෛද්‍ය විද්‍යාව ඔය හැමදේම කරන්න ඇත්තෙ පරන්ගි බටහිර ජාතීනූයි ඇවිල්ල වෙන්න ඇති නෙහ්, අහ් තව අවුරුදු 1500 කට විතර කලිනුත් රටේ රාජ්‍ය පාලනය ගෙනියන්න රාජ්‍ය දෙපාර්තමේන්තු 26ක් විතර තියෙන්න ඇත්තෙ අපේ මිනිස්සුන්ගෙ මෝඩ කමට වෙන්න ඇති නේ. කිසි පිලිවෙලක් නැති කමට ඔහේ දුවන්න ඇති රට.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,117
    1
    28,673
    113
    සීතාවක රාජසිංහ රජතුමාට රටේ අනික් පළාත් වල හිටිය රජවරු සහයෝගය දුන්නා නම් ලංකාවෙන් පරංගි සහමුලින්ම විනාස කරන්න තිබ්බා

    නියම සෙට් එකක් හිටියේ එකතු උනා නන්.

    ඒ කාලේ ඉඳලම අපේ උන් උන් මරා ගැනිල්ල වැඩියි නෙ

    ඒක තමයි බං ලංකාවෙ හැමදාම තිබ්බ ප්‍රශ්නෙ. පිටින් ආපු එකාව එලවන්න සෙට් වෙනවට වැඩිය, මට රජකම ලැබෙයිද, අනිත් රජාට අරින්නෙ කොහොමද කියලා තමන්ගේ වාසිය විතරක්ම බලපු එක. දැන් කාලෙ පොලිටික්ස් වලට පට්ට සමානයි.

    අපේ උන්ගෙ බෙදීම හැමදාම පිට උන් වාසියට ගත්තා. අදටත් තම්බි ඇන්ඩ් දෙමල්ලු ඒක ලස්සනට යූස් කරනවා. සිංහලු අන්දලා යූස් කරවන්න පට්ට ලේසි. සහ ශෝර්ට් ටර්ම් මෙමරි එකක් සිංහලුන්ට තියන්නෙ. ක්ශනික අමතක වෙනවා.හරි හමන් සිංහල ජාන තිබ්බ උන් හිටපු හින්දා මෙහෙම බේරුනා. හැබැයි දැන් නම් එහෙම උන් හොයාගන්න අමාරුයි. සෝ ලංකාවට වැඩි කාලයක් තව නෑ.
    ජෝන් ඩොයිලි ඔය කාරණය හරියටම තේරුම් අරං මොළෙන් ගේම ගැහුවා
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    652
    1,073
    93
    "ආරංචිවල හැටියට ඒ හමුදාව හේවායො 50000ක්, සුළු මුලාදෑනිවරු 6000ක්, යුධ ඇත්තු 250ක්, සහ කාලතුවක්කු 150කින් සමන්විතයි..."

    "ඒක වටේට තිබුණු බේරෙවැව රාජසිංහගෙ හමුදාව හිස්කරල තියෙන්නෙ..."

    "පිරිසක් වෙව්ළමින් දෙවියන් යදිනව, තවත් පිරිසකට ඇඳිවතේම මුත්‍රා පහව ගිහින්..."

    "ඒ හඬ හමුවේ ප්‍රාකාරය මත උන්නු දුබල සිතැත්තන් කීපදෙනෙක් සිහිවිසඥ වෙනව..."

    LOL!! :lol: :lol: "වචන ටික මේක අහල, මේ ප්‍රස්තුතය බේස්කරගෙන නිකමට ලියපු එකක්..." >>

    මේක සොමියට ලියපු එකක් යකුනේ (බේරෙත් හිස් කරා ලු :lol: ).. නෙට් එකේ දකින දකින මගුල් ඔක්කොම ඇත්ත කරගෙන අදහන්න එපා ..
     
    • Sad
    Reactions: NRTG

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    ඉදල්ගස්හින්න කපොල්ල අවහිර කර ඇරඹූ රන්දෙනිගල සටන.

    පෘතුගීසීන් සමඟ පැවැති සටන්වලදී සෙනරත් රජු (1604-1635) එතරම් යුධ දක්ෂයෙකු නොවූ බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වේ. දිගින් දිගටම උඩරට රාජධානියට එල්ල වූ පෘතුගීසි ප්‍රහාර හමුවේ 1616 වන විට පෘතුගීසීන් පවා දැඩි ලෙස හෙම්බත්ව සිටි අතර, යුද්ධයෙන් තොර පාලන කාලයක් දෙපාර්ශ්වයටම අවශ්‍ය විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1617 දී උඩරට රාජධානිය සහ පෘතුගීසීන් අතර සාම ගිවිසුමක් අත්සන් කෙරිණි. මේ හරහා පෘතුගීසීන්ට තම වෙළඳ කටයුතු තහවුරු කර ගැනීමටත්, ආරක්ෂක විධිවිධාන සලසා ගනිමින් යාපනය රාජධානිය අත්පත් කර ගැනීමටත් අවස්ථාව ලැබුණි. කෙසේ වෙතත්, කාලයත් සමඟ නැවතත් දැඩි ආතතිකාරී වාතාවරණයක් වර්ධනය වූ අතර 1628-1630 කාලසීමාව වන විට උඩරට සේනාවන් විසින් සතරකෝරළය, සත්කෝරළය සහ යාපනය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන ලදී. ඊට පිළිතුරු ලෙස පෘතුගීසීන් බලන හරහා මහනුවරට කඩා වැදී නගරය ගිනිබත් කර ආපසු කොළඹට පසුබැස ගියහ.

    පෘතුගීසි හමුදාවේ ප්‍රධාන ශක්තියක් වූයේ දේශීය ලස්කරිඤ්ඤ කුලී හේවායන් ය. එහෙත් ඔවුන්ට නිසි පරිදි වැටුප් නොගෙවීම, ඔවුන් සතු ඉඩම්වලට බදු අය කිරීම සහ යටත් වැසියන් කතෝලික ආගමට හරවා ගැනීමට දැරූ උත්සාහයන් හේතුවෙන් ලස්කරිඤ්ඤ ප්‍රධානීන් පසුවූයේ දැඩි අතෘප්තියෙනි. මෙම තත්ත්වය හමුවේ ලස්කරිඤ්ඤ නායකයෝ සෙනරත් රජු සමඟ රහසිගතව අදහස් හුවමාරු කර ගත්හ. රජු විසින් ඌව ප්‍රදේශයට ආක්‍රමණයක් දියත් කළහොත්, ඊට එරෙහිව පැමිණෙන පෘතුගීසි හමුදාව ඉදිරියේ තීරණාත්මක මොහොතේදී රජුගේ පාර්ශ්වයට එකතු වන බවට ඔවුහු එකඟ වූහ. ඒ අනුව, සෙනරත් රජුගේ ඥාති පුත්‍රයෙකු වූ ඌවේ පාලක කුමාරසිංහ කුමරු මසක් පුරා පහතරට පෘතුගීසි ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරමින් පෘතුගීසීන්ව උගුලකට හසුකර ගැනීමට කටයුතු කළේය.

    කපිතාන් ජෙනරාල් කොන්ස්ටන්ටයින් ද සා නොරෙඤ්ඤා 1630 අගෝස්තු 3 වන දින මැණික්කඩවරින් පිටත්ව සබරගමුව (රත්නපුර) දෙසට සේනාව මෙහෙයවීය. කොළඹින් පැමිණි අතිරේක බලඇණි ද එකතු වීමෙන් පසු පෘතුගීසි හමුදාවට පෘතුගීසි භටයින් 508 දෙනෙකු, දේශීය ස්ත්‍රීන් විවාහ කරගත් පැරණි පෘතුගීසි භටයින් 120 දෙනෙකු සහ ලස්කරිඤ්ඤ කුලී හේවායන් 4,500 දෙනෙකු ඇතුළත් විය. අගෝස්තු 9 වන දින පැල්මඩුල්ල, හල්දුම්මුල්ල සහ බෙරගල ඔස්සේ ඉදල්ගස්හින්නට ළඟා වූ මෙම ආක්‍රමණික හමුදාවට කඳු මුදුන්වල සිට ගල් පෙරළීමෙන් හෝ දුනු ඊතලවලින් ප්‍රහාර එල්ල කිරීමට සිංහල හමුදාව කටයුතු කළේ නැත. මන්ද, සතුරන් රට අභ්‍යන්තරයට ගෙනැවිත් තීරණාත්මක මොහොතේදී ලස්කරිඤ්ඤවරුන්ගේ පැති මාරුව සිදු කිරීමට සිංහල හමුදාවට අවශ්‍ය වූ බැවිනි. පෘතුගීසීන් බදුල්ලට ළඟා වන විට කුමාරසිංහ කුමරුගේ සේනාව උපක්‍රමශීලීව කඳුකරයට පසුබැස ගිය අතර, කපිතාන් ජෙනරාල් කොන්ස්ටන්ටයින් ද සා බදුල්ල නගරය ගිනිබත් කර මුතියංගන විහාර පරිශ්‍රයේ නවාතැන් ගත්තේය.

    බදුල්ල ආසන්නයට සෙනරත් රජු, ඔහුගේ පුත් මහා අස්ථාන (දෙවන රාජසිංහ කුමරු) සහ විජයපාල කුමරු ප්‍රමුඛ 12,000ක පමණ උඩරට හමුදාවක් රැස්ව සිටි බව පෘතුගීසීහු නොදැන සිටියහ. මෙම හමුදාවෙන් සියයක් පමණ තුවක්කුවලින් ද සන්නද්ධව සිටියහ. තත්ත්වය බරපතල බව තේරුම් ගත් කොන්ස්ටන්ටයින් ද සා පසුබැසීමට තීරණය කළද, ඉදල්ගස්හින්න කපොල්ල කුමාරසිංහ සහ විජයපාල කුමාරවරුන් විසින් අවහිර කර තිබූ බැවින් පෘතුගීසීන්ට සිදුවූයේ දකුණු දිග මාර්ගය ඔස්සේ ලුණුගල දෙසට පසුබැසීමටයි. අගෝස්තු 21 වන දින පසුබැසීම ඇරඹෙත්ම, ලස්කරිඤ්ඤ භටයින් 1,750ක් පමණ (සමස්ත පෘතුගීසි සේනාවෙන් තුනෙන් එකක්) පෘතුගීසීන් අතහැර රජුගේ පාර්ශ්වයට එක්වූහ. දිගින් දිගටම එල්ල වූ උඩරට ප්‍රහාර හමුවේ පෘතුගීසීහු සිව්දෙසින්ම කඳුවලින් වටවූ රන්දෙනිවෙල (රන්දෙණිය) පහත් බිම් ප්‍රදේශයේ රාත්‍රී කඳවුරු බැඳගත්හ.

    එදින රාත්‍රියේ ඇදහැලුණු මහා වර්ෂාව සටනේ තීරණාත්මකම සාධකය බවට පත් විය. පහත් බිම් ජලයෙන් යටවීම නිසා පෘතුගීසීන් සතු වෙඩි බෙහෙත් සහ මුලින්ම පිපිරී තෙතබරිත වූ අතර, උදෑසන වන විට ඔවුන්ගේ තුවක්කු සම්පූර්ණයෙන්ම අක්‍රිය විය. සෙනරත් රජු, රාජසිංහ, කුමාරසිංහ සහ විජයපාල යන සන්ධානය අගෝස්තු 25 වන දින ප්‍රහාරය ආරම්භ කළ අතර, පස්වරු 2 වන තෙක් පැවැති සටනේදී පෘතුගීසීන්ට සටන් කිරීමට සිදුවූයේ අසිපත්වලින් පමණි. උඩරට හමුදාව දුනු ඊතල, හෙල්ල සහ තුවක්කු භාවිත කරමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළහ. පරාජය ස්ථිර බව දැනගත් ඉතිරි ලස්කරිඤ්ඤ භටයන්ද රජුගේ පක්ෂයට එක්වූහ.

    මෙම සටනේදී කපිතාන් ජෙනරාල් කොන්ස්ටන්ටයින් ද සා නොරෙඤ්ඤා ඇතුළු පෘතුගීසි භටයින් 200කට අධික සංඛ්‍යාවක් එතැනදීම ඝාතනය විය. මුළු බල ඇනියම විනාශයට පත් විය. රන්දෙනිවෙල ජයග්‍රහණයෙන් පසු පෘතුගීසීන්ට ශේෂ වූයේ යාපනය අර්ධද්වීපයේ සිටි සුළු සංචාරක බට පිරිසක් සහ පහතරට බලකොටුවල රැඳී සිටි අතලොස්සක් පමණි. මෙය පෘතුගීසි පාලනයට එල්ල වූ මාරාන්තිකම පහරක් වූ අතර, මෙම ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 9 වන කිලෝමීටරය අසල මතක ස්මාරකයක් ද පිහිටුවා ඇත.

    එමෙන්ම, මෙම සටනේ අභාසය අවට ගම්මාන සහ කුඹුරු නාමයන්හිද තදින්ම සටහන් වී ඇත. හේවායින් කඳවුරු බැඳ සිටි ප්‍රදේශය හේවාකඳුර ලෙසද, බලකොටුව බැඳි ප්‍රදේශය බල්ලකඩුව ලෙසද, උල් සිටුවන ලද ස්ථානය උල්හිටිතැන්න ලෙසද හඳුන්වයි. සේනා පහුවූ ස්ථානය හීනාපහුව ලෙසත්, උස් තැනක පිහිටුවූ කඳවුර උඩවාඩිය ලෙසත්, ජයග්‍රහණය කළ තැන්න රන්දෙණිය ලෙසත් ප්‍රසිද්ධ විය. තවද 'සුද්දා පන්නපු වෙල' සුදුපාන්වෙල ලෙසද, 'මිනී කඳන් ගොඩගැසුණු වෙල' මීකඳවෙල ලෙසද, ජයග්‍රහණයෙන් පසු පොල් ගසන ලද වෙල පොල්ගස්වෙල ලෙසද ජනප්‍රවාදයේ තැන්පත් වී ඇත.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Just imagine,

    ඔයා 1588 අවුරුද්දෙ සීතාවක රාජසිංහ රජ්ජුරුවො දෙවන වර කොළඹ කොටුව වටළල ඉන්න මොහොතෙ කොටුව ඇතුළෙ හිරවෙලා අන්ත අසරණ තත්වෙක ඉන්න තරුණ පෘතුගීසි සොල්දාදුවෙක්,

    හමුදාවට බැඳුණ ගමන්ම ඔයාව එවනු ලැබුවෙ සෙයිලාවෝ හෙවත් ලංකාද්වීපයට, ඒ මීට අවුරුද්දකට විතර කලින්,

    රාජසිංහ රජ්ජුරුවො සහ එයාගෙ රණකාමීත්වය, 1562 අවුරුද්දෙ මුල්ලේරියා වෙලේ වතුර ලේ පැහැයට හරවමින් ලබාදුන්නු අන්ත පරාජය ගැන කතන්දර ඔයා අහල තියෙනව,

    ඒ ගැන සඳහන් යුධ වාර්තා කියවනකොටත් ඇඟේ ලේ වතුර වෙනව, ඒව ඒ තරම් ම බිහිසුණුයි!

    රාජසිංහ කියන්නෙ ඔයා පොඩිකාලෙ කතන්දරවලින් අහපු හැනිබල්, සීසර් වගේ ප්‍රබල රණශූරයෙක්, එයා සටන්බිමට බැහැල තියෙන්නෙ පොඩිකාලෙ ඉඳන්මයි, සටන්බිම හරියට එයාට ගෙදර වගේ,

    ඔක්කොටම වඩා එයා දැඩි පෘතුගීසි විරෝධියෙක්,

    ඔයාලව සෙයිලාවෝ දේශයෙන් සදහටම පන්නල දාන ඒකායන අරමුණෙන් සටන්වදින්නෙක්!

    භයානකම කාරණය දැන් මාස ගාණක් තිස්සෙ බලකොටුව වටලගෙන ඉන්නෙ මුල්ලේරියා සටනට ආපු හමුදාවට වඩා සියදහස් ගුණයක් බලගතු හමුදාවක්,

    ආරංචිවල හැටියට ඒ හමුදාව හේවායො 50000ක්, සුළු මුලාදෑනිවරු 6000ක්, යුධ ඇත්තු 250ක්, සහ කාලතුවක්කු 150කින් සමන්විතයි,

    එසේ මෙසේ හමුදාවක් නෙවෙයි! මාර සේනාවක්!

    එයාලව මෙහෙයවන්නෙ සීතාවක රාජසිංහ රජ්ජුරුවො විසින්මයි!

    මේ සා සෙනඟක් අරගෙන රජ්ජුරුවො මෙදා සැරේ ඇවිල්ල ඉන්නෙ දෙකෙන් එකක් විසඳගන්න වගේ,

    ඒ නිසා කොයිතරම් කාලයක් ගියත් මේ සැරේ වැටළීම නවතින පාටක් නෑ,

    බලකොටුවෙ ආරක්ෂාවට ඒක වටේට තිබුණු බේරෙවැව රාජසිංහගෙ හමුදාව හිස්කරල තියෙන්නෙ,

    එයාල දිවාරෑ නැතුව නොනවත්වාම බලකොටුවට එක එක විදිවලට පහරදෙනව,

    ඔයා ඉන්නෙ හාමත්වෙලා, තදබල බඩගින්නක, බලකොටුවෙ ආහාර ගබඩාව හිස්වෙලා සති කීපයක්,

    පිටතින් කෑමබීම එන්න තියෙන හැම මාර්ගයක්ම වගේ රාජසිංහ රජ්ජුරුවන්ගෙ හමුදාව විසින් අවහිර කරලා, වෙනෙකක් තියා රාජසිංහගෙ යාත්‍රා කීපෙකුත් බලකොටුව අවට මූදෙ සැරිසරනව,

    බඩගින්න උහුලගන්නම බැරි ඔයාගෙ සගයො බලකොටුවෙ තැනතැන දුවපැන හිටපු බළල්ලුන්ව ආහාරයට ගන්න පුරුදුවෙලා,

    පිරිසක් ඒකෙනුත් කීයක් හරි හොයාගන්න අදහසින් බළල්ලු පස්සෙන් පන්නනව, ඒ අල්ලගන්න බළල්ලු විකිණෙන්නෙ ගිනිගණන්වලට!

    ඔයා ඉස්සරහ තියෙන්නෙ විකල්ප දෙකයි,

    එක්කො මෙහෙම්ම බඩගින්නෙ මියෙන්න, එහෙම නැත්තං තියෙන සේසතම වියදම් කරල මිලට ගන්න බළල් මස්වලින් බඩගින්න නිවාගන්න,

    එහෙමත් නැත්තං හෙටානිද්දට බලකොටුව බිඳවැටුණට පස්සෙ ප්‍රචණ්ඩ රළ පාරක් වගේ කඩාවදින සීතාවක හමුදාවෙ කඩුපතට ජීවිතය දෙන්න,

    දැන් දැන් එහෙම වෙන ලකුණු පේනව,

    බලකොටුවෙ සමහරු යටත්වීමක් ගැන කතාවෙනව ඇහෙනව, තවත් සමහරු ගෝවේ ඉඳන් කොයිවෙලේ හරි ආධාර ඒවි කියල බලාන ඉන්නව,

    පිරිසක් මේ අබග්ගයෙන් තමන්ව බේරාගන්නැයි දෙවියන්වහන්සේගෙන් ආයාචනා කරනව,

    ඔයා ඉන්නෙ බලකොටුවෙ එක් අන්තයක ප්‍රාකාරය මත,

    එතැන ඉඳන් බැලුවහම හාත්පසම පේනවා,

    ඒ පේන දර්ශනය ලොමුදැහැගැන්වෙන සුළු එකක්!

    බැලුබැලු අත එකම ගිනිගොඩක්, චලනය වන ගිනිගොඩක්!

    නෑ, ඒ අතින් පන්දම් අරගත්තු රාජසිංහගෙ හමුදාව, දාස්ගාණක් සෙබළු!

    ඒ පන්දම් එළිය හමුවේ එයාලගෙ අත්වල තියෙන අසිපත්, පොරෝ, නාරාසනං කුන්තානි දිලිහෙනව,

    අතරින් පතර මහා පර්වත වගේ නැඟීසිටින යුධ ඇත්තුන්ව පේනව, ඒ ඇතෙක්ට හෙම අහුවුණොත් දෙයියන්ගෙ පිහිට තමයි,

    ඒ ඇත්තු පිට ඉන්නෙ ඕනම ඉලක්කයකට විදින්න පුළුවන් රාජසිංහගෙ සේනාවෙ අතිශූර දුනුවායො, එයාලට ගොඩක් ඈතින් හිටියත් ඔයා එයාලගෙ ඉලක්කයක් බවට පත්වෙන්න ඉඩක් නැතුවා නෙවෙයි,

    අතරින් පතර නැඟෙන ඇතෙක්ගෙ දෙන්නෙක්ගෙ බියකරු කුංචනාදයක් සහ මූදෙ රළනැඟෙන හඬ හැරෙන්නට හාත්පසම නිශ්ශබ්දයි,

    මේ නිශ්ශබ්දතාවය අතිබිහිසුණුයි!

    ඒක හරියට මහා විශාල කුණාටුවකට කලියෙන් තියෙන නිහැඬියාව වගේ,

    මොකක්ද මේ වෙන්න යන්නෙ?

    රාජසිංහ රජ්ජුරුවො කොළඹ කොටුවට එක් තීරණාත්මක බිහිසුණු ප්‍රහාරයක් එල්ලකරන්න යනවද?

    බලකොටුව ඇතුළෙ මහා කලබලයක්, තුවක්කු අතින් ගත්තු සෙබළුන් ප්‍රාකාරය මත තැනින් තැන ස්ථානගත වෙනව, හාමත්වෙලා දුර්වල ව ඉන්න එයාල ඉන්නෙ අතිප්‍රබල සීතාවක සේනාව එක්ක මූණට මූණ ගැටෙන්න පුළුවන් තත්වෙක නෙවෙයි,

    රාජසිංහගෙ සේනාව බලකොටු ද්වාර කඩාබිඳගෙන ආවොත් වෙන්නෙ මහා විනාශයක්,

    ගොඩදෙනෙක් දැනටමත් පරාජය භාරගෙන අවසන්, ප්‍රාකාරයෙ තැනින් තැන දණගසාගෙන ඉන්න ඔවුන් ජපමාල අතේ ගුලිකරගෙන දෙවියන් යදිනව, ඒ කවුරුවත් නිවටයින් නෙවෙයි, අප්‍රිකාවෙ, ඉන්දියාවෙ සටන් ගණනාවකට සහහාගී වුණු, ඒවයෙන් පදම් වුණු අත්දැකීම් බහුල සෙබළුන්,

    ඔවුන් ඒ තරමට බයවෙලා නම් ඔයා..?

    එකපාරටම රාජසිංහගෙ සේනාව දිහාවෙන් සක් හඬක් නැඟෙනව, ඒ හඬ එක්ක ලාවට යුධබෙර හඬක් නැඟෙනව,

    ඔයා කොටු තාප්පෙට උඩින් එබිල බලනව,

    මහා සේනාව එක තැනකින් දෙපසට වෙනව ඔයාට පේනව, ඒ මැදින් විවරවුණු මඟ පන්දම්වලින් ඒකාලෝක වෙලා, හරියට දවාලක වගේ!

    ඒ මඟ ඔස්සේ සුදු අසෙකු පිට නැඟී එන්නෙ හුදෙකලා අශ්වාරෝහකයෙක්,

    ආරෝහ පරිනාහ දේහයකින් යුතු ඒ අශ්වාරෝහකයා සැරසී ඉන්නෙ පන්දම් එළියෙන් දිදුලන අනර්ඝ යුධ ඇඳුමකින්,

    සීතාවක රාජසිංහ රජ්ජුරුවො - ඒ කවුද කියල ඔයා දැක්ක සැණින්ම අඳුරගන්නව,

    ඒ එක්ක ඔයාගෙ කොඳුඇට පෙළ දිගේ පහළට ගමන්කරන්නෙ සියුම් හිරිවැටුමක්, කකුල් දෙක පණ නැතිවෙනව දැනෙනව,

    ඒ හුදෙකලා රණශූරයාගෙ ප්‍රභාව ඒ තරම් ප්‍රබලයි!

    බිහිසුණුයි!

    ඔයා විතරක් නෙවෙයි, ප්‍රාකාරය මත හිටගෙන ඉන්න හැමෝම වගේ ඉන්නෙ ඒ බිහිසුණු දර්ශනය දැකල බියට පත්ව,

    පිරිසක් වෙව්ළමින් දෙවියන් යදිනව, තවත් පිරිසකට ඇඳිවතේම මුත්‍රා පහව ගිහින්,

    ඒ අශ්වාරෝහකයා, ඒ කියන්නෙ සීතාවක රාජසිංහ රජ්ජුරුවො සටන් පෙරමුණටම අසු පන්නගෙන එනවා,

    එකපාරටම එයා තමන්ගෙ අසිපත කොපුවෙන් පිටතට අදිනව, ඊටපස්සෙ අසිපත ඉහළ ආකාශය දෙසට යොමුකරනව,

    දසදහස් ගණන් අසිපත් ඒවයෙ කොපුවලින් පිටතට ඇදෙනව ඇහෙනව, පේනව,

    ඒ එක්කම සක්හඬ, හොරණෑ හඬ ඇහෙන්න ගන්නව,

    ඒ හඬ හමුවේ ප්‍රාකාරය මත උන්නු දුබල සිතැත්තන් කීපදෙනෙක් සිහිවිසඥ වෙනව,

    ඔයාගෙ කකුල් දෙක වෙව්ළනව ඔයාට දැනෙනව,

    'මේ මරණ බයද?'

    මේ දැනෙන හැඟීම විස්තර කරගන්න බැහැ,

    එකපාරටම මේ හඬ ඇහෙනව,
    .
    (වීඩියෝ එකේ තියෙන සද්දෙ අහන්න 🌝)
    .
    වීඩියෝ ක්‍රෙඩිට් එක puragana tiktok ප්‍රොෆයිල් එකට,

    වචන ටික මේක අහල, මේ ප්‍රස්තුතය බේස්කරගෙන නිකමට ලියපු එකක්.
    .
    ~ ✍️| විකුම්...
    .
    .
    .
    .
    .
    #WIKUM #HISTORY #srilanka

    සීතාවක රාජසිංහගේ ලේ නෑකමක් තියෙනවා රනිල් සර්ට. හෙළයා මේ ඒක කියන්න නේද ඇඹරෙන්නේ
     
    • Like
    Reactions: NRTG