ඇප් එකට ඥාතීන් යොමු කළ තොරතුරු අනුව නේපාලයේ 12000 ක් අතුරුදන්

-333-

Well-known member
  • Aug 3, 2014
    10,395
    13,318
    113
    33
    ෆින්ලන්ඩ්
    නේපාලයේ ගංවතුරෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල සේවයේ නිරත සහන සේවකයින්, මෙහෙයුම් පාලන මධ්‍යස්ථාන සහ ක්ෂේත්‍රයේ යොදවා ඇති වාහනවල රියදුරන් සජීවී සිතියමක් ඔස්සේ එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ‘සේතු රැපිඩ්’ (Setu Rapid) නමැති විශේෂ ජංගම යෙදවුමක් මේ වනවිට ක්‍රියාත්මක කර තිබේ. එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආපදා අවදානම් අවම කිරීම සහ කළමනාකරණ අධිකාරිය මෙන්ම මාර්ග දෙපාර්තමේන්තුව එක්ව මෙම ‘සේතු’ පද්ධතිය සහ ජංගම යෙදවුම නිර්මාණය කිරීමට පියවර ගෙන ඇත.

    ඊයේ එනම් 28 සිකුරාදා මධ්‍යහ්නය වන විට, අතුරුදහන් වූ සිය ආදරණීයයන්ගේ තොරතුරු සොයාගැනීමේ අරමුණින් පුද්ගලයින් 1,567 දෙනෙකු විසින් මෙම යෙදවුම ඔස්සේ සහන ඉල්ලුම් පත්‍ර යොමු කර තිබේ. මේ අතර ජාතික ආපදා අවදානම් අවම කිරීම සහ කළමනාකරණ අධිකාරියේ නිලධාරීන් සඳහන් කරන්නේ එම ඉල්ලීම් හරහා අතුරුදහන් වූ බවට නම් සඳහන් කළ පුද්ගලයින් 12,000 කගේ පමණ තොරතුරු සහ විස්තර පද්ධතියට එක්රැස් වී ඇති බවයි.

    මෙම පෝරම ඔස්සේ අතුරුදහන් වූවන් ලෙස ලියාපදිංචි කරන ලද පිරිස අතරින් තවමත් පුද්ගලයින් 144 දෙනෙකු පමණක් නැවත සාර්ථකව සන්නිවේදනය කිරීමට සහ සම්බන්ධතා ගොඩනගා ගැනීමට සහන කණ්ඩායම්වලට හැකියාව ලැබී ඇත. කෙසේ වෙතත් වැඩි දෙනෙකුගේ විස්තර තවම නැත. අතුරුදන් අය සටහන් කර ගැනීමට වෙනත් යාන්ත්‍රණයක් තවම ස්ථාපිත නැති අතර රජයේ විවිධ මූලාශ්‍ර ඔස්සේ එරට මාධ්‍ය වාර්තා කර ඇති පරිදි තවම මියගිය අය තහවුරු කර ඇත්තේ 626 ක් හා අතුරුදන් අය දක්වා ඇත්තේ 2400 ලෙස පමණි. මෙම සංඛ්‍යාලේඛණ විහාල වශයෙන් ඉහළ යාහැකි බවට වාර්තා පළවේ.

    APP link :-
    https://setu.ndrrma.gov.np/admin/recordlist.php





    Source:- https://www.gossiplankanews.com/2026/08/blog-post_29.html
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,728
    113
    පවුල පිටින් මැරුනොත් කවුද හොයන්නෙ ?
    https://scontent.fmel8-1.fna.fbcdn....AT7gKcSzsfBEv22qEh_Z0iepWAtWhcwmQ&oe=6A99BC3F


    Tamil Engineer Chandrasekaran Muralitharan and Family Among 39 Australians Missing in Deadly Nepal Floods
    Sydney-based Tamil engineer Chandrasekaran Muralitharan, his wife Shylaja and their two young sons are among at least 39 Australians reported missing following the catastrophic floods that have devastated Nepal.
    Chandrasekaran Muralitharan, 47, his wife Shylaja Muralitharan, 42, and their sons Ashwin, 14, and Aarush, 11, have been unaccounted for since devastating flash floods struck the Nepal–Tibet border region on Wednesday.
    The family was taking part in a pilgrimage to Mount Kailash and was travelling with a group organised by Himalayan Glacier Adventures. According to family members, contact with them was lost shortly after breakfast as the group prepared to travel towards an immigration checkpoint near the Tibet–Nepal border.
    The Muralitharan family is based in Sydney and is well known within the local community. Chandrasekaran is a Chartered Professional Engineer and works in the geotechnical engineering sector in Sydney. His professional profile lists him with Foundation Earth Sciences.
    Originally from Sri Lanka, Chandrasekaran is an engineering graduate of the University of Moratuwa and an old boy of St. Patrick’s College, Jaffna.
    Family members continue to hold hope that Chandrasekaran, Shylaja, Ashwin and Aarush will be located safely. Shylaja's sister told Australian media that the family remained “worried, but hopeful” as rescue and search operations continue across the devastated region.
    The disaster has caused enormous destruction across Nepal, with entire villages, roads and bridges swept away. Nepalese authorities said on Friday that the death toll had risen to 469, while more than 1,000 people remain unaccounted for.
    Australian Foreign Minister Penny Wong has confirmed that at least 39 Australians remain missing and said Australian officials are urgently working to establish their whereabouts and welfare. The Australian Government has also deployed additional consular and humanitarian personnel to Nepal and announced a $5 million assistance package for communities affected by the disaster.
    The Tamil Australian community joins the families and friends of all those missing in hoping and praying for their safe return as rescue efforts continue.
     
    • Sad
    Reactions: superman1

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    Ape Ditwah ekedi mobile system eka down una, ekata backup solution ekak dan wath thiyenawada danne naha. China wala nam drone use karala 5G dunna neda.

    mobile phone track karala kochchara hitiyada kiyala podi adahasak ganna puluwan disaster area eke.
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,051
    576
    113
    Siri Baijan
    අපේ උනුත් අතීසාරයට අමුඩෙ ගහන එකයි කරන්නේ. ඡන්දෙ නං වෙලාවට ගන්නවා ඒත්.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,297
    6,007
    113
    ඒ ආපු වතුර පාරට බන් ලේසියෙන් බේරෙන්නේ නෑ. සුනාමි එනවටත් වඩා පට්ට වේගයක් නේ ඒක. 12000 කියන්නේ ඊටත් වඩා වේවි. අතුරුදහන් කියන්නේ ආපහු ජීවිතේට හොයන්න වෙන්නේ නම් නෑ ඒ එක්කෙනෙක් වත්. ඔක්කොම යටටම යට වෙලා ඇති.