උලු වහල තමයි ලංකාවට හරි යන්නෙ සහ හොඳම. උෂ්ණත්වය පාලනය කරනවා. වාතාශ්‍රය සහ සෞඛ්‍යාරක්ෂිත බව පරිසර හිතකාමී උලු වහළ. හැබැයි වහලෙට පහළින් තියෙන, සිවිලිම් ලී නම් ඒ ලී වලයි, වහලෙ ලී වලයි, හරියට කලු තෙල්, ඩීසල්, කපුරු රත් කරලා මික්චර් එකක් හදලා හොඳට ලීයට උරාගන්න ගාන්න ඕනි අනිවාර්යයෙන්ම. වෙන ඒවා ගාලා වැඩක් නැහැ. ඕවා ගාපු ලී එකක් වැඩ කරන්න අකමැති නිසා සහ, දිරුවහම ආපහු වහළ ගහන්න සෙට් වෙන නිසා, ඩීසල් සහ කපුරු තමයි ගොඩක් බාස්ලා ගාන්න කියන්නෙ උන්ගෙ වාසියටයි වැඩ කරන්න ලේසියටයි. ඩීසල් කපුරු අවුරුදු 10 ක් යනකොට ගාපු මික්චරේ සැර වාෂ්ප වෙලා, සත්තු විදින්න ගන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම කලුතෙල් දාන්න ඕනි බාසට බැරි නම් පලයන් කියලා. නොතෙමී තිබුණොත් පරම්පරා කීපයක් වුණත් තියාගන්න පුලුවන් කලුතෙල් ඩීසල් සහ කපුරු රත් කරලා ඒ මික්චරේ ගාපු ලී. වියදම වැඩි වුණාට, ලී වැඩිපුර ගියාට, නඩත්තුව සහ කල් පැවැත්ම සෞඛ්‍යාරක්ෂිත බව තියෙනවා උලු වහලේ. තෙමෙනව නම් අදාළ උලු කැටේ අයින් කළා වෙන එකක් දැම්මා. ලේසියි පහසුයි. වහලෙ උඩ බයක් නැතුව ඇවිදින්න වුණත් පුලුවන් හොඳට අව්ව තියෙන කාලෙක. ලේසියෙන්ම පරම්පරා දෙකකට වැඩියෙන් වුණත් තියාගන්න පුලුවන්, උලු වහල හරියට නඩත්තු කරනවා නම්.
ඔය ඇස්බැස්ටෝස් ශීට් වහල කාලයක් යන කොට, හයිය අඩු වෙනවා. හදිස්සියකට නගින්න බැහැ ශීට් කඩන් වැටෙනවා. නඩත්තුව අපහසුයි. මොකක්හරි වුණොත් මුලු ශීට් එකම ගලවලා අයින් කරන්න ඕනි. ඇස්බස්ටෝස් ශීට් වල හීනි කුඩක් කාලයත් එක්ක ශීට් එක රත්වෙ කොට පොතු ගැලවිලා හැලෙන්න ගන්නවා. ඒක ඇත්තක්. නහයෙන් හුස්ම ගන්න කොට පෙනහැල්ලට ඇතුල් වෙලා නොදැනුවත්වම, පෙනහැල්ලෙ රැඳෙනවා කියලා කියනවා ඒ ඇස්බැස්ටෝස් විෂ අංශු. ඒකත් එක්ක පිළිකා හැදෙනවා සහ ඒ කුඩ විෂයි කියලා තමයි කියන්නෙ. ඒ කතාව හරියටම හරි. ඔය ගැන දන්න අය, ෆිනිෂින් වහළයක් හෝ යටින් සිවිලිම් ගහනව නම් හැර, ඇස්බැස්ටෝස් ශීට් දාළා, යට පැත්තෙ පේන්ට් කෝඩ් දෙකක් ගාලයි, ශීට් ටික වහළෙට දාන්නෙ. ඇස්බැස්ටෝස් ශීට් එක කපන කොට, ඔය විෂ කුඩු වටේම යනවා. ඒවා හොඳ නැහැ මිනිස්සුන්ගෙ ඇඟ ඇතුලට යන්න.
ඕක ගැන මීට කාලෙකට ඉස්සර පැහැදිළි විස්තරයක් තිබුණා දැක්කා. දැන් නම් හොයා ගන්න නැහැ. හිටංගෙ (සිරිසේන) කාලෙ ඇස්බැස්ටෝස් තහනම් කරලා තිබුණා. ඒකට ඇරියස් එකට, මතක විධියට අපෙන් රුසියාවට යවපු තේ කොළ කන්ටේනර් වගයක් රිජෙක්ට් කළා කුරුමිණියෙක් වගේ සතෙක්ගෙ ප්‍රශ්නයක් දාළා බොරුවට ගේමට රුසියන් එවුන්. රුසියාව කියන්නෙ අපේ හොඳ තේ කොළ ගැනුම්කරුවෙක් නිසා අපිට දීර්ඝකාලීනව ලොකු පාඩුවක් වෙන්න ඇවිත්, ආණ්ඩුවට ලොකු පෙෂර් එකක් ආවා. අන්තිමට ඇස්බැස්ටෝස් තහනම අකුල ගන්න වුණා. ඊට පස්සෙයි රුසියන් උන් තේ කොළ ටික ගත්තෙ. ඇස්බැස්ටෝස් වියදම අඩු වුණාට දාන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ. ඕකයි ඇත්ත කතාව.

Last edited: