මේ බලපං වහලෙට i-ROOF දාපු උන්ට වෙලා තියෙන දේ..😳😡👎

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,231
    27,942
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෙහෙමයි ඉතින්, රටවල් ඔය වගේ Total ban එකක් දාන්නේ අවුරුදු ගාණක් Research කරලා. ඒවට අදාල Publish වෙච්ච Papers ඕනතරම් ඇති Reputed Journals වල. Google Scholar එකේ asbestos කියලා ගැහුවත් මුලින්ම ඒ වගේ Entries ටිකක් එයි.

    ඒත් උඹ වගේ ඇනෝනිමස් මෙම්බර් කෙනෙක්, රුසියාවේ හදපු නිසා තමයි බෑන් කරා වගේ ගොන් තැනකින් කථාව පටන්ගන්නවනම්, මම එතනින් පස්සේ උඹත් එක්ක Argue කරන්නේ නෑ. මොකද උඹ Data වලින් නෙවේනෙහ් කථා කරන්නේ.

    Research Papers Refer දාලා කියනවනම් කියපන්.

    https://books.google.lk/books?hl=en...LyjM&redir_esc=y#v=onepage&q=asbestos&f=false
    research papers ඕනවට වඩා විශ්වාස කරන්නත් එපා.
    ඔය foods research වලට එහෙම වැඩියෙන්ම fund කරන්නේ coca-cola, nestle වගේ ආයතන කියනවනේ
    Sugar වලට වඩා fat අහිතකරයි කියල food pyramide එක අනිත් පැත්ත ගහල තියෙන්නෙත් සල්ලි දීලා කියනවනේ
     
    • Like
    Reactions: Bitter Truth

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඉතිං රුසියාවෙනේ හදන්නේ..අැමරිකාවේ හැදුුවනම් ඵහෙම ban කරන ඵකක් නෑ.

    එහෙම වෙන්නත් පුලුවන්.
    හැබැයි අපිට(මම කියන්නෙ ධම්මික පැණි නොබොන බයියො නොවෙන උන්) දැනට තියෙන scientific publications විශ්වාස කරන එක තමයි කරන්න වෙන්නෙ.

    රුසියන් කාරයො ඇස්බැස්ටෝස් වලින් සෞඛ්‍ය හානියක් නෑ, අනිත් රටවක් කරල තියෙන රිසර්ච් බොරු කියලා රිසර්ච් කරල තියෙනවද?

    එහෙම නැත්තං කතා කරල වැඩක් නෑ
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,298
    15,387
    113

    ඇස්බැස්ටස් ගැටලුවක් වන්නේ ඇයි?​

    ඇස්බැස්ටස් යනු ස්වභාවිකව ඇතිවන ඛනිජ තන්තු සමූහයකි. ශක්තිමත් බව සහ තාපයට ඔරොත්තු දීමේ හැකියාව වැනි ගුණාංග නිසා, අතීතයේ මෙන්ම වර්තමානයේද එය වාණිජ කටයුතු සඳහා බහුලව භාවිත කර ඇත. ඇස්බැස්ටස්වල ප්‍රධාන වර්ග හයක් ඇති අතර, දැනට ප්‍රධාන වශයෙන් භාවිත වන්නේ ක්‍රයිසොටයිල් හෙවත් සුදු ඇස්බැස්ටස් ය.

    ඇස්බැස්ටස්වල ප්‍රධාන වර්ග හයම මිනිසුන්ට පිළිකා ඇති කරන ද්‍රව්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් තක්සේරු කර ඇත. ක්‍රයිසොටයිල් ඇතුළු ඇස්බැස්ටස්වලට නිරාවරණය වීමෙන් පෙනහළු, ස්වරාලය සහ ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා මෙන්ම මෙසොතීලියෝමා ද ඇති වේ. මෙසොතීලියෝමා යනු පෙනහළු සහ උදර කුහරය ආවරණය කරන පටල ආශ්‍රිතව ඇතිවන පිළිකාවකි. එසේම, ඇස්බැස්ටස් නිසා ඇස්බැස්ටෝසිස් හෙවත් පෙනහළුවල තන්තුමය කැළැල් පටක ඇතිවීම වැනි නිදන්ගත ශ්වසන රෝග සහ පෙනහළුවලට වෙනත් අහිතකර බලපෑම් ඇතිවන බවට පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි ඇත.

    ඇස්බැස්ටස් බහුලව භාවිත කරන බැවින් විශාල පිරිසක් එයට නිරාවරණය විය හැකිය. ඒ හේතුවෙන් සෑම වසරකම විශාල පිරිසකට රෝගාබාධ සහ මරණ ඇතිවන බව ඇස්තමේන්තු කර ඇත.

    බලපෑම​

    ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නවතම WHO/ILO ඒකාබද්ධ ඇස්තමේන්තු අනුව, රැකියා ස්ථානයේදී ඇස්බැස්ටස්වලට නිරාවරණය වීම නිසා ලොව පුරා වසරකට පුද්ගලයන් 200,000කට වැඩි පිරිසක් මිය යති. මෙම සංඛ්‍යාව 2016 වසර සඳහා කළ ඇස්තමේන්තු මත පදනම් වේ. මෙය රැකියාව ආශ්‍රිත පිළිකා හේතුවෙන් සිදුවන මරණවලින් 70%කට වැඩි ප්‍රමාණයකි.

    මෙම මරණ සංඛ්‍යාවට අමතරව, ඇස්බැස්ටස්වලට නිරාවරණය වීමෙන් සැලකිය යුතු රෝගාබාධ ප්‍රමාණයක්ද ඇතිවන බව ඇස්තමේන්තු කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ආබාධිතභාවය අනුව ගැළපූ ජීවිත වසර (DALYs) මිලියන 4කට ආසන්න ප්‍රමාණයක් අහිමි වේ. DALYs යනු රෝගාබාධ නිසා ඇතිවන සෞඛ්‍ය හානිය මැනීමට භාවිත කරන සම්මත මිනුමකි.

    රැකියා ස්ථානයෙන් පිටතදී ඇස්බැස්ටස්වලට නිරාවරණය වීම නිසාද සැලකිය යුතු මරණ හා රෝගාබාධ ප්‍රමාණයක් ඇති වේ. දුම්කොළ දුමට සහ ඇස්බැස්ටස් තන්තුවලට යන දෙකටම නිරාවරණය වීමෙන් පෙනහළු පිළිකා අවදානම සැලකිය යුතු ලෙස වැඩිවන බවද පෙන්වා දී ඇත. දුම්පානය කරන ප්‍රමාණය වැඩි වන තරමට මෙම අවදානමද වැඩි වේ.

    අවදානමට ලක්වන්නේ කවුද?​

    WHO/ILO ඒකාබද්ධ ඇස්තමේන්තුවලට අදාළ ක්‍රමානුකූල පර්යේෂණ සමාලෝචනයක් අනුව, මෙතෙක් සිදුකර ඇති අධ්‍යයනවලින් පෙනී යන්නේ ලොව පුරා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශාරීරික ශ්‍රමය යොදා වැඩ කරන සේවකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් ඇස්බැස්ටස්වලට නිරාවරණය වන බවයි (1). කෙසේ වෙතත්, දැනට පවතින සාක්ෂිවල ගුණාත්මකභාවය “අඩු” ලෙස තක්සේරු කර ඇති අතර, මේ පිළිබඳ තවදුරටත් අධ්‍යයන අවශ්‍ය වේ.

    ඇස්බැස්ටස් කැණීම සහ සැකසීමේදීද, ඇස්බැස්ටස් අඩංගු නිෂ්පාදන නිපදවීමේදී හා භාවිත කිරීමේදීද නිරාවරණය වීම සිදු වේ. වාහනවල තිරිංග සපත්තු (brake shoes), තිරිංග පෑඩ් සහ ක්ලච් කොටස් මෙන්ම, විශේෂයෙන් ඇස්බැස්ටස් සිමෙන්තිවලින් සෑදූ වහල උළු වැනි ගොඩනැගිලි ද්‍රව්‍යද මෙයට ඇතුළත් වේ. ඇස්බැස්ටස් අඩංගු නිෂ්පාදන කපා ප්‍රමාණයට සකස් කරන හෝ සවි කරන ඕනෑම අයෙකු අවදානමට ලක්විය හැකිය.

    ඇස්බැස්ටස් අඩංගු නිෂ්පාදන දිරාපත් වී ඇති විටද ඇස්බැස්ටස් තන්තුවලට නිරාවරණය විය හැකිය. ගොඩනැගිලි නඩත්තු කිරීම, කඩා ඉවත් කිරීම සහ ඉදිකිරීම් අපද්‍රව්‍ය බැහැර කිරීමේදී මෙවැනි නිරාවරණයන් ඇති විය හැකිය. ඇස්බැස්ටස් අඩංගු ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිත කර ඇති ගොඩනැගිලි ස්වාභාවික ආපදාවලින් හානියට පත්වීම විශේෂයෙන් සැලකිලිමත් විය යුතු තත්ත්වයකි.

    ඇස්බැස්ටස් භාවිත කර ඇති ගොඩනැගිලිවල ඉදිකිරීම්, නඩත්තු හෝ කඩා ඉවත් කිරීමේ කටයුතුවල නිරත වන ඕනෑම අයෙකු අවදානමට ලක්විය හැකිය. ඇස්බැස්ටස් සවි කර වසර ගණනාවක් හෝ දශක ගණනාවක් ගතවී තිබුණද මෙම අවදානම පැවතිය හැකිය.

    වැළැක්වීම සහ පාලනය​

    ඇස්බැස්ටස් ආශ්‍රිත රෝග වළක්වා ගත හැකිය. ඒ සඳහා වඩාත් කාර්යක්ෂම ක්‍රමය වන්නේ නිරාවරණය වැළැක්වීම සඳහා සියලුම වර්ගවල ඇස්බැස්ටස් භාවිතය නතර කිරීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් ඇස්බැස්ටස් භාවිතය තහනම් කිරීමට නීති සම්පාදනය කර ඇත.

    මෙවැනි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී විවිධ වියදම් සහ ප්‍රතිලාභ සලකා බලා ඇත. සාමාන්‍ය ආර්ථික හා වෙළෙඳ කරුණුවලට අමතරව, සෞඛ්‍ය සේවා සැපයීමේ වියදම් සහ ශ්‍රම බලකායේ ඵලදායිතාව අඩුවීම නිසා ඇතිවන පාඩුද ඒ අතර වේ.

    ඇස්බැස්ටස්වලට නිරාවරණය වීම වැළැක්වීම සඳහා, දැනටමත් ඇස්බැස්ටස් සවි කර ඇති ස්ථානවල නඩත්තු කටයුතු සිදුකරන විට සහ ඇස්බැස්ටස් ඉවත් කරන විට සේවකයන් ආරක්ෂා කිරීමද අවශ්‍ය වේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    research papers ඕනවට වඩා විශ්වාස කරන්නත් එපා.
    ඔය foods research වලට එහෙම වැඩියෙන්ම fund කරන්නේ coca-cola, nestle වගේ ආයතන කියනවනේ
    Sugar වලට වඩා fat අහිතකරයි කියල food pyramide එක අනිත් පැත්ත ගහල තියෙන්නෙත් සල්ලි දීලා කියනවනේ
    Resaerch papers බහුතරයක් coca cola වගේ සමාගම්වලින් ආධාර යටතේ පල කරපුව කියන්නේ බොරුවක්. ලෝකේ පුරා විවිද රටවල්වල තියෙන universities වලින් විවිද කොණ වලින් Resaerch කරනවා. ඒවාට ආධාර කරන්නේ ආණ්ඩුව හෝ විවිද පුද්ගලික ආයතන.

    නිගමනයකට එන්න පුළුවන් Resaerch papers විශාල ප්‍රමාණයක් විශ්ලේෂණය කරලා. ගොඩක් රටවල්වල ප්‍රතිපත්ති හදන්නේ එහෙමයි.

    coca cola, අජිනමොටෝ (MSG) අගුනයි කියල බහුතරයක් ඔප්පු වෙලා නැහැ. එක මිත්‍යාවක්. හැබැයි ගොඩක් බීමවල සිනි ප්‍රතිශතය ඉතා වැඩියි.


    https://employment-social-affairs.e...ated-list-occupational-diseases-2025-12-18_en
     
    • Like
    Reactions: Inigo Montoya

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,930
    3,407
    113
    තාර ශීට් නෙවේ සුනක, Rubber sheet වගයක් තියෙනවා 1m x 20m වගේ රෝල් එන්නේ


    උඩින් නිකන් paint ගහලා හරියන්නේ නෑ hot dip spray කරපු sheet ගන්න තියෙන්නේ. Raino Colourup
    ------ Post added on Sep 1, 2026 at 4:04 AM
    ow api taama kiyanne taara sheet kiyala. :rofl: Apith damma DSI eke eka :yes:
     

    Similar threads