තලවතුගොඩ ප්‍රදේශයේ සංචාරක නියෝජිත ආයතනයකට පැමිණි පුද්ගලින් සිව්දෙනෙකු විසින් එහි තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පලා යන අයුරු CCTV කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණි.
පොලීසිය පැවසුවේ, කොල්ලකරුවන් එහි තිබූ රුපියල් හය කෝටි පනස් ලක්ෂයක මුදලක් සහ රන් භාණ්ඩ කොල්ල කා ඇති බවය.
තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ආයතනය වෙත කොල්ලකරුවන් ඊයේ (01) පස්වරු 6ට පමණ ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයකින් පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම අවස්ථාවේ ආයතනයේ හිමිකරු සහ සේවකයින් කිහිපදෙනෙකු ද සිට ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.