දර්මය අකාලිකයිද ද?

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,378
    2,245
    113
    ආතල් එකට අහන්නෙ... බුදුහාමුදුරුවො දර්මය අකාලිකයි කියල අනිත් පැත්තට චිත්තක්ශනයක කාලය පෙන්නනව....ඇසිපිය ගහන කාලයතුල ලක්ශ කෝටි වාරයයි කියල... ඇයි කියල නිකමට හිතල බලල තියෙනවද?
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,943
    1
    6,817
    113
    මම මුලින්ම දැනගෙන ඉඳියේ අකාලික කියන්නේ අතීතයට වර්තමානයට සහ අනාගතය යන තුන් කාලත්‍රයටම ධර්මය වලංගුයි කියන අදහස.

    නමුත් @nuwan9999 කියලා තිබුණා ලෝකෝත්තර මට්ටමේදී මේ අදහස වෙනස් වෙනවා කියලා ( අවබෝධය තුළින් ප්‍රත්‍යක්ෂ වීම )

    තව මම අදහසක් අහලා තියෙනවා ධර්මය තුළ අතීතය වර්තමානය සහ අනාගතය යන තුන් කාලත්‍රය පැනවෙන්නේ සසර බැඳීම නිසා ( ආශ්‍රව උපාදානය නිසා ) නමුත් සැබවින්ම පවතින්නේය " මේ මොහොත " ; Now-ness ; පච්චුප්පන්නය පමණක් යැයි කියා.

    නමුත් මෙහිදී ද @nuwan9999 කියලා තිබුණා පෙර තැනකදී පච්චුප්පන්නේ කියන අදහස මේ මොහොත කියන අදහසින් හාත්පස වෙනස් ගැඹුරු අදහසක් තියෙනවා කියලා.

    @Blair Solari @nipund @MalSeven @greenthunder @asliyanage සංවාදයට විවෘතයි !
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,679
    2,118
    113
    ආතල් එකට අහන්නෙ... බුදුහාමුදුරුවො දර්මය අකාලිකයි කියල අනිත් පැත්තට චිත්තක්ශනයක කාලය පෙන්නනව....ඇසිපිය ගහන කාලයතුල ලක්ශ කෝටි වාරයයි කියල... ඇයි කියල නිකමට හිතල බලල තියෙනවද?

    අකාලිකයි කියලා අදහස් කරන්නේ මොකක්ද?

    ඕනෑම කාලයකට ධර්මය සත්‍ය වීම?
    සන්දිට්ටික විපාක ලැබීම?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    Onama Kaleka Niveradiwa Pilipaddoth, Ultimate Liberation (Nirvan) Ekata Yanda/Awaboda Karanda Puluwan.
    Akalikai Kiyanne Technology / Physical,... development ekai Darmayen Yana Ultimate Goal Ekai Dekak. Oka Mama Believe Karanne.
     
    Panic123

    Active member
  • Aug 13, 2024
    110
    64
    28
    වෙනස් වෙන එක කොහොමත් වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන එක තමයි ultimate සත්‍ය. ඒක වෙනස් වෙන්න නෑ. හැබැයි වෙනස් වෙන එකත් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒක හින්දා අකාලිකයි තමයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    IMG-5501.jpg
     
    • Like
    Reactions: Yeezus

    nipund

    Well-known member
  • May 17, 2007
    830
    1,146
    93
    මම මුලින්ම දැනගෙන ඉඳියේ අකාලික කියන්නේ අතීතයට වර්තමානයට සහ අනාගතය යන තුන් කාලත්‍රයටම ධර්මය වලංගුයි කියන අදහස.

    නමුත් @nuwan9999 කියලා තිබුණා ලෝකෝත්තර මට්ටමේදී මේ අදහස වෙනස් වෙනවා කියලා ( අවබෝධය තුළින් ප්‍රත්‍යක්ෂ වීම )

    තව මම අදහසක් අහලා තියෙනවා ධර්මය තුළ අතීතය වර්තමානය සහ අනාගතය යන තුන් කාලත්‍රය පැනවෙන්නේ සසර බැඳීම නිසා ( ආශ්‍රව උපාදානය නිසා ) නමුත් සැබවින්ම පවතින්නේය " මේ මොහොත " ; Now-ness ; පච්චුප්පන්නය පමණක් යැයි කියා.

    නමුත් මෙහිදී ද @nuwan9999 කියලා තිබුණා පෙර තැනකදී පච්චුප්පන්නේ කියන අදහස මේ මොහොත කියන අදහසින් හාත්පස වෙනස් ගැඹුරු අදහසක් තියෙනවා කියලා.

    @Blair Solari @nipund @MalSeven @greenthunder @asliyanage සංවාදයට විවෘතයි !
    අර්ථ දෙකටම පෙන්නන පුළුවන්.
    තුන් කාලයටම වලංගු
    කාලයක් පනවන්න බැරි බව
     
    • Like
    Reactions: Yeezus

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    934
    715
    93
    චිත්තක්ෂණයක් කියන්නෙ කාලයක් නෙමෙයි, ඒක සිද්ධියක්, කාලයක කොහෙත්ම සම්බන්ධයක් නැහැ

    ඕක පෘතක්ජනයින්ට කොහොම කිව්වත් තේරෙන්නෙ නැහැ, අන්න ඒ නිසා, ඒ අයට අදහසක් ගන්න තමයි ඇසිපිය ගහන කාලයතුල ලක්ශ කෝටි වාරයයි කියල කියල තියෙන්නෙ. පෘතක්ජනයින්ට ඇසිපිය ගහන කාලය තේරෙනව ඒ කාලය තුල චිත්තක්ෂණය කියන සිද්ධියක් ලක්ශ කෝටි වාරයක් සිද්ධ වෙනව. ඔය සිද්ධි ගොඩට කාලයක් අදාළ වෙන්නෙ පෘතක්ජනයින්ට පමණයි AFIK.

    ඉර පායල - දැන් ඕක සිද්ධියක්නෙ... කාටද ඉර උදේ 6:05 ඉඳල හවස 7:20 වෙනකන් පායල තිබුන කියන එක අදාළ වෙන්නෙ? කවුරුත් පනවන්න බැරි තැන, කතාව වෙනස් නේද?

    අර්ථ දෙකටම පෙන්නන පුළුවන්.
    තුන් කාලයටම වලංගු
    කාලයක් පනවන්න බැරි බව
    ඔව් කොහොම ගත්තත් හරි, තැනට ගැලපෙන විදියට ගත්තම හරි IMHO :-)
    ------ Post added on Sep 4, 2026 at 5:52 PM
     
    • Love
    • Like
    Reactions: nipund and Yeezus

    nipund

    Well-known member
  • May 17, 2007
    830
    1,146
    93
    ආතල් එකට අහන්නෙ... බුදුහාමුදුරුවො දර්මය අකාලිකයි කියල අනිත් පැත්තට චිත්තක්ශනයක කාලය පෙන්නනව....ඇසිපිය ගහන කාලයතුල ලක්ශ කෝටි වාරයයි කියල... ඇයි කියල නිකමට හිතල බලල තිය
    චිත්තක්ෂණයක් කියන්නෙ කාලයක් නෙමෙයි, ඒක සිද්ධියක්, කාලයක කොහෙත්ම සම්බන්ධයක් නැහැ
    සිද්ධි දෙකක් අතර පරතරය 4D වලින්ම මැනෙනවා නේද?
    🤔
    සිද්ධියක් වෙනම අදුරාගැනීම තුළම කාල අවකාශය (4D) ත් වෙනවා.
    වෙනස් වෙන එක කොහොමත් වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන එක තමයි ultimate සත්‍ය. ඒක වෙනස් වෙන්න නෑ. හැබැයි වෙනස් වෙන එකත් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒක හින්දා අකාලිකයි තමයි.
    වෙනසක් කියන්නේ මොකද්ද ?

    🤔🤔🤔🤔🤔🤔

    මාන 4 හා වෙනස් වීම

    මාන 4 හැදෙන්නෙ කෝමද

    දිග,උස,පළල- ලක්ශ 2ක් අතර 'වෙනස'

    කාලය - සිද්ධි 2ක් අතර 'වෙනස'

    වෙනස මතම තමා ලෝකය තියෙන්නේ . වෙනස කියන්නෙ පැවැත්මට තව නමක් වෙන්න බැරිද 🤔?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    61,999
    113
    Mother Earth
    උබලා මැජික් හතු කනවද බන් ? නැත්තම් ගංජා ඇට පිටින් ගහනවද ? 🤷‍♂️
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,245
    113
    අකාලිකයි කියලා අදහස් කරන්නේ මොකක්ද?

    ඕනෑම කාලයකට ධර්මය සත්‍ය වීම?
    සන්දිට්ටික විපාක ලැබීම?

    not pertaining to time kiyala ganna...

    in other words, paramattas are not pertaining to time but he still gives a clue of time with compared to a blink.. why?

    ඕක පෘතක්ජනයින්ට කොහොම කිව්වත් තේරෙන්නෙ නැහැ, අන්න ඒ නිසා, ඒ අයට අදහසක් ගන්න තමයි ඇසිපිය ගහන කාලයතුල ලක්ශ කෝටි වාරයයි කියල කියල තියෙන්නෙ. පෘතක්ජනයින්ට ඇසිපිය ගහන කාලය තේරෙනව ඒ කාලය තුල චිත්තක්ෂණය කියන සිද්ධියක් ලක්ශ කෝටි වාරයක් සිද්ධ වෙනව. ඔය සිද්ධි ගොඩට කාලයක් අදාළ වෙන්නෙ පෘතක්ජනයින්ට පමණයි AFIK.

    ලක්ශ කොටී වාරයක් කියල පෙන්නනෙ...චිත්ත සන්තතියෙ වේගයක් නෙ...වේගය කියන්නෙ කාලය... ඇයි එහෙම වේගයක් පෙන්නුවෙ?
    ------ Post added on Sep 4, 2026 at 8:40 PM

    උබලා මැජික් හතු කනවද බන් ? නැත්තම් ගංජා ඇට පිටින් ගහනවද ? 🤷‍♂️

    ඇටේ දෙකට පලල..ලුනු ටිකක් දාල ගහපන්.. වදිනව කන්පිට ගැහෙන්න
    ------ Post added on Sep 4, 2026 at 8:42 PM
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,679
    2,118
    113
    not pertaining to time kiyala ganna...

    in other words, paramattas are not pertaining to time but he still gives a clue of time with compared to a blink.. why?

    time කියලා අදහස් කරන්නේ සංකල්පමය පැනවීමක්ද නැත්තම් පටිච්චසමුප්පන්න ගලනයද? (සසර)
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    522
    508
    93
    ආතල් එකට අහන්නෙ... බුදුහාමුදුරුවො දර්මය අකාලිකයි කියල අනිත් පැත්තට චිත්තක්ශනයක කාලය පෙන්නනව....ඇසිපිය ගහන කාලයතුල ලක්ශ කෝටි වාරයයි කියල... ඇයි කියල නිකමට හිතල බලල තියෙනවද?

    darmaya kiyanne darmathawayane. wenas wima thama darmathawaya - wenas wima nowenas wimak wenne ne
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    61,999
    113
    Mother Earth
    (originally posted by @Jihadi john )

    පොන්නයිනේ මෙතන ගංජා ගහල හිතළු ගොං කතා කියව කියව ඉන්නෙ නැතුව මේ වගේ දෙයක් කරපල්ලා. ගංජා මෂ්රුම් ගන්න සල්ලි වලින් අඩු ගානේ මේ අයගෙන් පහන්තිර පැකට් එකක් හරි සල්ලි දීලා ගනිල්ලා. ලෝබ හැත්ත. 🤷‍♂️
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,245
    113
    time කියලා අදහස් කරන්නේ සංකල්පමය පැනවීමක්ද නැත්තම් පටිච්චසමුප්පන්න ගලනයද? (සසර)

    කන්සෙප්චුවල් ටයිම් එකකින් පරමාත්තවල ස්පීඩ්/ටයිම් එකක් පෙන්නන අයි කියල අහන්නෙ?
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,679
    2,118
    113
    කන්සෙප්චුවල් ටයිම් එකකින් පරමාත්තවල ස්පීඩ්/ටයිම් එකක් පෙන්නන අයි කියල අහන්නෙ?

    පරමාර්ථ ධර්ම වල continuation එක පෙන්නන්න අවශ්‍ය නිසා?
     
    • Like
    Reactions: Yeezus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,245
    113
    පරමාර්ථ ධර්ම වල continuation එක පෙන්නන්න අවශ්‍ය නිසා?

    continuation ekak pennanna...lakshakoti waarayak kiyala pennanna oni na ne...

    @ek_rosh උබ හාමුදුරු කෙනෙක්ද බන් ? කොහොමද ඔච්චර ඔව්වා දන්නෙ ? 🤷‍♂️

    lunu daana ekada? :rolleyes:
    ------ Post added on Sep 4, 2026 at 9:47 PM
     
    • Like
    Reactions: Yeezus