ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තැබේ
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂ අමාත්‍ය අමාත්‍ය රාජ්නාත් සිං මහතා ලංකාව සමඟ ගිවිසුම් තුනකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවුණි.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදිය.
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා පිළිගැනීම වෙනුවෙන් ඊයේ පස්වරුවේ කොළඹ දී විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණා.
ඒ සඳහා මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ෂා මහතා මෙන්ම මෙරට වෙසෙන ඉන්දීය ජාතිකයින් රැසක් එක්ව සිටියහ.