💥 2009 පෙබරවාරි 07 සිදුවීම 💥පුදුකුඩුඉරුප්පු

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,262
    1,663
    113
    💥 2009 පෙබරවාරි 07 සිදුවීම

    💥පුදුකුඩුඉරුප්පු



    ---------------

    ​
    පසුදින එනම් පෙබරවාරි 07 වන දින අවදි වූ මා නැවතත් මෙම ස්ථානය අවහිර කර වසා දැමීම පිළිබඳව එහි අණදෙන නිලධාරියාගෙන් විමසූ අතර නැවතත් එය සිදු කරන ලද බවට සනාථ කළේය.
    එදින උදෑසන 9ට පමණ සන්නාහ සන්නද්ධ බළකායේ මා සමග සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ මේජර් සුනේත් ජයසේකර ඇමතූ මා, අද දින ද ත්‍රස්තවාදීන් ඔවුන්ගේ යුද ටැංකි ඉදිරියට ගෙනවුත් පහරදිය හැකි බවත්, ඒ නිසා එය ඒමට පෙර T55 යුද ටැංකි 3ක් රැගෙන ඒ ප්‍රදේශයේ පිටුපසට වී සිටි ත්‍රස්තවාදීන්ගේ යුද ටැංකිය පැමිණි වහාම එයට ප්‍රහාර එල්ල කර එය අක්‍රීය කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන්නෙමි.
    ඒ අනුව මේජර් සුනේත් ජයසේකර තවත් තරුණ නිලධාරියෙකු වූ මේජර් වෙනුර දිසානායක සමග යුද ටැංකි 3ක් රැගෙන පුදුකුඩුඉරුප්පු මාර්ගය ඔස්සේ ඉදිරි ආරක්ෂක වළල්ල දෙසට යාමට පටන් ගත්තේය.
    ගතවූයේ ඉතා සුළු වේලාවකි. අප සිටින ස්ථානයට ටික දුරක් ඉදිරියෙන් යුද ටැංකි වෙඩි තබන ශබ්දයක් ඇසෙන්නට වූ අතර, ඒ කුමක්දැයි සොයා බැලූ මා හට අසන්නට ලැබුණේ අඟ කිලි පොළා යන ප්‍රවෘත්තියකි.
    පුදුකුඩුඉරුප්පු මාර්ගය ඔස්සේ ත්‍රස්තවාදීන්ගේ විශාල ප්‍රහාරක වාහනයක් පැමිණිය හැකි නිසා මාර්ගය අවහිර කරන ලෙස මා එහි අණදෙන නිලධාරියාට කිහිපවරක්ම දිවා රෑ නැතිව කීවෙමි. එහි බළසේනාධිපතියාටද කීවෙමි. එය අවහිර කර සනාථ කරන ලෙස ද කීවෙමි.
    එය ඔවුන් විසින් එලෙසම කරන ලද බවට සනාථ කරන ලදී. මෝටර් සයිකලයේ පුද්ගලයා පැමිණි පසුව මා නැවතත් වහාම නිසි ලෙස මාර්ගය අවහිර කරන ලෙසත්, ඉන්පසු එය මා හට සනාථ කරන ලෙසත් උපදෙස් දුන් අතර එයද සනාථ කරන ලදී.
    යුද්ධ හමුදාධිපතියා ද ඔහුගේ දැනුමට අනුව මෙම ස්ථානයෙන් විශාල ප්‍රහාරයක් පැමිණිය හැකියයි ප්‍රකාශ කළ අතර, එයට අවශ්‍ය නිසි පියවර ගත් බව මා ඔහුට සනාථ කළෙමි.
    එහෙත් සිදුවී ඇත්තේ අප බලාපොරොත්තු වූ දෙයමය.
    ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටි පිරිස්වලට අනුව උදෑසන 9.15ට පමණ හදිසියේම පුදුකුඩුඉරුප්පු–ඔබ්බුවාන් මාර්ගය ඔස්සේ ත්‍රස්තවාදීන්ගේ බල ප්‍රදේශයේ සිට සම්පූර්ණයෙන්ම ඝනකම යකඩ තහඩුවලින් ආවරණය කරන ලද අති විශාල ලොරි රථයක් අධික වේගයෙන් අපගේ ආරක්ෂක වළල්ල දෙසට ධාවනය කර ඇත.
    ඒ තුළ සිටි ත්‍රස්තවාදීන් සෑම දිශාවකටම වෙඩි තබමින් පැමිණි අතර, ඔවුන් වෙඩි තබා ඇත්තේ එම විශාල ඝනකම යකඩ තහඩුවල සාදා තිබූ සිදුරුවලින් බැවින් ඒ තුළ ත්‍රස්තවාදීන් කොපමණ සංඛ්‍යාවක් සිටියේදයි කිසිවෙකුටවත් දැන ගැනීමට නොහැකි විය.
    ඉතා අධික වේගයෙන් අපගේ ආරක්ෂක වළල්ල තුළට කඩා වැදීමට එන මෙම විශාල වාහනය දුටු ආරක්ෂක වළල්ලේ සිටි සෙබළු යුද ටැංකි නාශක RPG-7 අවි ඇතුළු තමන් ළඟ තිබූ සියලුම අවි යොදා ගනිමින් එම වාහනයට ප්‍රහාර එල්ල කළද එය නවත්වා ගැනීමට ඔවුන්ට නොහැකි විය.
    යුද ටැංකිවලට ප්‍රහාර එල්ල කරන RPG-7 අවිවලින් එල්ල කරන ලද රොකට් කිහිපයක්ම වාහනයට වැදුණද එය නතර කිරීමට එම ප්‍රහාර අසමත් විය.
    පාර අවහිර කිරීම සඳහා පාර හරහා දමා තිබූ තේක්ක කොට සහ අනෙකුත් දේ සියල්ලට උඩින් ඉතා වේගයෙන් ධාවනය වූ වාහනය ආරක්ෂක වළල්ල තුළටම පැමිණි අතර, අප සෙබළුන්ගේ ප්‍රහාර මධ්‍යයේ ආරක්ෂක වළල්ල තුළින් නොනවත්වාම ඇතුළතට ධාවනය විය.
    එය තුළ සිටි ත්‍රස්තවාදීන් එය වසා තිබූ යකඩ තහඩුවල තිබූ වෙඩි තැබීමට සැලසුම් කළ කුඩා කවුළු තුළින් එළියට දිගට හරහට මැෂින් තුවක්කුවලින් වෙඩි තබමින් පැමිණියෝය.
    මාර්ගය දෙපස විවිධ ස්ථානවල අතිරේක බළඇණියක් ලෙස 1 VIR බළඇණිය ස්ථානගත කර තිබූ අතර, මෙම විශාල වාහනය එල්ල කර ඔවුන් සියළු දෙනාම එයට තමන් අත තිබූ සියලුම අවිවලින් වෙඩි තැබුවද එය නවත්වා ගැනීමට නොහැකි විය.
    මෙම රථයේ සියලුම කොටස් විශාල යකඩ තහඩුවලින් ආවරණය කර තිබූ අතර එහි රෝදවලට පවා වෙඩි නොවදින ලෙස යකඩ තහඩු ආවරණය යොදා තිබිණි.
    මාර්ගය දෙපස සිටම එල්ල කරන ලද RPG ප්‍රහාරවලින් කිහිපයක්ම වාහනයට වැදුණද ඒවා වාහනය නතර කිරීමට සමත් නොවීය.
    එම වාහනය විශාල විනාශයක් කිරීමට ඇතුළතට කඩාගෙන විත් තවදුරටත් ඉදිරියට ධාවනය වන බවත්, තව ස්වල්ප දුරක් ගිය පසු මා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සටන මෙහෙයවන මූලස්ථානය පිහිටා ඇති හතරමං හන්දියට කඩා වැදිය හැකි බවත් දැනගත් මාර්ගය දෙපස සිටි නිලධාරීන් සහ සෙබළු සිදුවන්නට යන විනාශය කුමක්දැයි සිතා ගැනීමට නොහැකිව අයාගත් මුවින් යුතුව බලා සිටියහ.

    🇱🇰
    “රණමග ඔස්සේ නන්දිකඩාල්” කතාවේ ඉතිරි කොටසත් කියවන්න ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න…
    ❤️
    🇱🇰

    රණමග ඔස්සේ නන්දිකඩාල්…
    🇱🇰



    2009 පෙබරවාරි 07 වන දින පුදුකුඩුඉරුප්පු–ඔබ්බුවාන් මාර්ගයේ සිදුවූ මෙම තීරණාත්මක සිදුවීම… රණබිමේ අතිශය අවදානම් අවස්ථාවකදී ගත් තීරණයක් සහ එහි ප්‍රතිඵලය පිළිබඳ මතක සටහනක්.


    📖
    ජනරාල් කමල් ගුණරත්න මහතාගේ “රණමග ඔස්සේ නන්දිකඩාල්” කෘතිය ඇසුරෙන්…
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,685
    1
    59,198
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මා හට අසන්නට ලැබුණේ අඟ කිලි පොළා යන ප්‍රවෘත්තියකි.

    නිලධාරීන් සහ සෙබළු සිදුවන්නට යන විනාශය කුමක්දැයි සිතා ගැනීමට නොහැකිව අයාගත් මුවින් යුතුව බලා සිටියහ.

    ඈ බං ලැට් මල්ලි.. මේ මොනවද බන් ලියල තියෙන්නෙ
     
    • Sad
    Reactions: Elakirihacker

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,262
    1,663
    113
    ඈ බං ලැට් මල්ලි.. මේ මොනවද බන් ලියල තියෙන්නෙ
    📖
    ජනරාල් කමල් ගුණරත්න මහතාගේ “රණමග ඔස්සේ නන්දිකඩාල්” කෘතිය ඇසුරෙන්…
     
    • Like
    Reactions: NRTG