මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් ලබා නොදීම හේතුවෙන් උරණ වූ දහහත් හැවිරිදි පුත්‍රයෙකු විසින් සිය මවට පොල්ලකින් පහරදී අමානුෂික ලෙස ඝාතනය කිරීමේ පුවතක්

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,667
    4,115
    113
    මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් ලබා නොදීම හේතුවෙන් උරණ වූ දහහත් හැවිරිදි පුත්‍රයෙකු විසින් සිය මවට පොල්ලකින් පහරදී අමානුෂික ලෙස ඝාතනය කිරීමේ පුවතක් යාපනය, අච්චුවේලි ප්‍රදේශයෙන් වාර්තා වේ.
    මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අච්චුවේලි, පුතූර් බටහිර, ශිව දේවාල පාරේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකි.
    අපරාධය සිදු කළ සැකකාර පුත්‍රයා යාපනය හින්දු විද්‍යාලයේ ඉගෙනුම ලබමින් පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ (A) නවයක් හිමිකරගත් දක්ෂ සිසුවෙකු බව අනාවරණය වී ඇත.
    කෙසේවෙතත්, පාසල් සමයේදීම මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වීම හේතුවෙන් ඔහු ඇතුළු සිසුන් තිදෙනෙකු පාසලෙන් නෙරපා හැරීමට විදුහල්පතිවරයා පියවර ගෙන තිබිණි.
    පාසලෙන් ඉවත් කෙරුණද මත් උවදුරින් මිදීමට නොහැකි වූ මෙම සැකකරු, නිරන්තරයෙන් මවට බියවද්දා මුදල් ලබා ගැනීමට හුරුව සිට ඇත.
    විදේශගතව සේවය කරන සෙසු දරුවන් විසින් මවගේ නඩත්තුව සඳහා එවන ලද මුදල්වලින් වැඩි ප්‍රමාණයක්ද මොහු විසින් තර්ජනය කර ලබාගෙන මිතුරන් සමඟ මත්පැන් හා මත්ද්‍රව්‍ය පානයට වැය කර ඇති බව හෙළිව තිබේ.
    පසුගිය 14 වනදාද ඔහු සුපුරුදු පරිදි මත්ද්‍රව්‍ය සඳහා මවගෙන් මුදල් ඉල්ලා ඇති අතර, ඇය ඊට දැඩි ලෙස විරෝධය පා මුදල් දීම ප්‍රතික්ෂේප කර ඇත.
    ඉන් දැඩි ලෙස කෝපයට පත් සැකකරු සිය මවට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී තහවුරු විය.
    පොලිසියට ලද තොරතුරක් මත අදාළ නිවස පරීක්ෂා කිරීමේදී නිවෙස තුළ තිබී මියගිය කාන්තාවගේ සිරුර සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    723
    877
    93
    ඇයි බන් මේ GENZ එවුන්ට ඇග දුන්නට හිතක්, පපුවක්, මොළයක්... දීලම නැද්ද
    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    495
    634
    93
    Im Cool Leave Me Alone GIF

    දෙමලෙක් නේද, @Jihadi john
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,697
    48,164
    113
    ඔය පැති වල ඉන්න සමහර දෙමළ උන් කියන්නේ LTTE ඉන්න කාලේ ඔහොම කුඩු වසංගතයක් තිබ්බේ නෑ කියලා..ඒක ගැන කියලත් උන් අපිට බණිනවා.,උන් කියනවා සිංහල උන්ලු උන්ටත් කුඩු යවන්නේ..
     
    • Sad
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,867
    6,950
    113
    අඩෝ අපේ ගමේ අනිත් පැත්තේ පාරේ හොදටම අයිස් ගහන පොඩි පකයෙක් අයිස් ගහන්න සල්ලි ඉල්ලල අම්මටයි තාත්තටයි හොදටම ගහල. තාත්ත ICU එකේ. දැන් දවස් දෙකක් වෙනව. ඒ පොඩි කැරිය හැංගිල ඉඳල තියෙන්නේ පොලිසියෙන් හොයන නිසා.
    උ තාත්ත මැරෙයි කියන බයටම අද උදේ එල්ලිල මැරිල. අවරුදු 19 කැරියට. මු හැමදාම එහෙමලු. අම්මට තාත්තට ගහනවලු සල්ලි ඉල්ලල අයිස් ගහන්න. ඒ ගොන්නු දෙන්නත් අනේ පවු කියල කොහොම හරි කියක් හරි හොයාගෙන මුට ගෙනල්ල දෙනවලු.
    කැරිම ජරා සක්කිලි ඉන්නේ දැන් නම් බං..

    අච්චර ගුටි කාලත් උගේ අම්ම මැරෙන්න හදනවලු අරු එල්ලිලා මරිච්ච නිසා. උන්ට ඉන්න එකම දරුව හැබැයි
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,607
    16,841
    113
    35
    Spain
    අඩෝ අපේ ගමේ අනිත් පැත්තේ පාරේ හොදටම අයිස් ගහන පොඩි පකයෙක් අයිස් ගහන්න සල්ලි ඉල්ලල අම්මටයි තාත්තටයි හොදටම ගහල. තාත්ත ICU එකේ. දැන් දවස් දෙකක් වෙනව. ඒ පොඩි කැරිය හැංගිල ඉඳල තියෙන්නේ පොලිසියෙන් හොයන නිසා.
    උ තාත්ත මැරෙයි කියන බයටම අද උදේ එල්ලිල මැරිල. අවරුදු 19 කැරියට. මු හැමදාම එහෙමලු. අම්මට තාත්තට ගහනවලු සල්ලි ඉල්ලල අයිස් ගහන්න. ඒ ගොන්නු දෙන්නත් අනේ පවු කියල කොහොම හරි කියක් හරි හොයාගෙන මුට ගෙනල්ල දෙනවලු.
    කැරිම ජරා සක්කිලි ඉන්නේ දැන් නම් බං..

    අච්චර ගුටි කාලත් උගේ අම්ම මැරෙන්න හදනවලු අරු එල්ලිලා මරිච්ච නිසා. උන්ට ඉන්න එකම දරුව හැබැයි
    මන් දන්නා උනුත් ඉන්නවා බන් නාස්ති වෙලා ගියපු.
     
    • Sad
    Reactions: Yudewwa

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,225
    8,552
    113
    Kotahena
    Genz එවුන් ගෙ අවුල ද අපේ එවුන් ලමයි හදන්න qualified නැති කමද
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,011
    11,446
    113
    balapn ne, A9 aragenath akusale pihitapu hati, puduma pawak, pawu wade.

    ara Shalani Tharaka wage kellek hira gedara wahale hitiya news eka mathakai da? e kella medicine select wechcha kellek lu, bf kudu parcel ekak deela (kella danne na) eka nisa hire laginna wela. pawa thamai
     
    • Wow
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,700
    32,425
    113
    A 1000 k gaththath, wadak thiyei da?
    Lamainta samajaye hariyata jithwath wenna kiyala denawata wada school walin results passe pannuwata wadak thiyei da?