තිත් පොලගා
තිත් පොළගා මධ්‍යම කදුකරයේ තැනිතලාවල වගේම වියළි කලාපයේ තියෙන ලදු කැලෑවල සහ තෘණ භූමි වල හමුවෙනවා. ඒ වගේම මේ ප්‍රදේශ වල මිනිස් වාසස්ථාන වලින්ද මේ සර්පයා හමුවෙලා තියෙනවා.
තිත් පොළගාට මහත සිලින්ඩරාකාර ශරීරයක් තියෙනවා. හිස තරමක් පැතලි ත්‍රිකෝණාකාර හැඩයෙන් යුක්තයි. අනිත් සර්පයින්ට සාපේක්ෂව හිස ගෙලෙන් වෙන්වෙලා තියෙනවා. මේ සර්පයාගේ විශාල නාස් පුඩු දැක ගන්න පුලුවන්. විශාල ඇස් වල ඉලිප්සාකාර කණිනිකාවක් පිහිටනවා. ඉතා සිහින් වලිගයක් තමයි තිත් පොළගාට තියෙන්නේ.
මේ විෂඝෝර සර්පයාගේ ශරීරය දුඹුරු පාටට හුරු කහ පාටක් ගන්නවා. තද දුඹුරු පාට තිත් පේළි තුනක් ශරීරය දිගේ පිහිටනවා. ඒ තිත් වටේ කලු පාට පටියක් දැක ගත ගන්න පුලුවන්. ශරීරය යටි පැත්ත සුදු පාටට හුරු ලා කහ පාටක් ගන්නවා.
රතු පාට දිගු දිවක් තිත් පොළගාට පිහිටලා තියෙනවා.
කලින් කිව්වා වගේම තිත් පෙළගා කියන්නේ උග්‍ර විෂ සහිත සර්පයෙක්. මේ සර්පයාගේ දෂ්ඨනයකට පසු සපා කෑ ස්ථානයේ අධික වේදනාවක් හට ගන්නවා. දෂ්ඨ කළ ස්ථානයේ ඉදිමීමක් මෙන්ම රුධිර වහනයක්ද දැකින්න පුලුවන්. වකුගඩු අක්‍රිය වීම මෙන්ම හෘදයේ අක්‍රිය වීම් ඇතිවෙන්න පුලුවන්. නිසි ප්‍රතිකාර කඩිනමින් ලබා නොදුනහොත් මරණය සිදුවිය හැක. මේ හින්දා තිත් පොළොන් දෂ්ඨනයක් සිදුවූ විගසම නිවරදි ප්‍රථමාධාර ලබා දීම සිදුකර වහාම නිවරදි වෛද්‍ය ප්‍රථිකාර සදහා රෝගියා යොමු කරන්න ඕනි.
තිත් පොළගා කියන්නේ භෞමික සර්පයෙක්. රාත්‍රී කාලයට වැඩිපුර ක්‍රියාශීලී වුනත් නමුත් දවල් කාලයටත් දැකගන්න පුලුවන්. විවෘත තෘණ භූමි ආශ්‍රිතව වැඩිපුර හමුවෙනවා.
මේ සර්පයා මීයන් වැනි සතුන් ආහාරයට ගැනීම සදහා කෘෂිබිම් වලට පැමිනෙනවා. මේ නිසා සිදුවූ පහර දීම් බොහෝ විට වාර්තා වෙනවා. සෙන්ටිමීටර් 150ක් පමණ දිගකට වැඩෙනවා.
තිත් පොළගා ප්‍රධාන ලෙසටම මීයන් ආහාරයට ගන්නවා මීට අමතරව සිකනලුන් පක්ෂීන් වගේම කුඩා ක්ෂීරපායින් සතුන්ද ආහාරයට ගන්නවා.