සීගිරියේ කුණ්ඩලාභරණය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,619
    102,987
    113


    රනින් මැණිකෙන් බැබලෙන මේ කුණ්ඩලාභරණයට කියන්නේ සීගිරියේ කුණ්ඩලාභරණය කියලා. ඔබ ඒ ගැන දන්නවත් ඇතිනේ.හැබැයි මේක ලැබුණේ සීගිරියෙන් නොවේ. මහනුවර ප්‍රදේශයෙ පැරණි බඩු එකතුකරන කෙනෙක්ගෙන් 1906 දී කෞතුකාගාරය මිලදී ගෙන තිබෙනවා. එහි විලාසය සීගිරි අප්සරා රූවල ආභරණ වලට සමාන හන්දා සීගිරිය කරාඹුව ලෙස පැවසෙනවා. කොළඔ ජාතික කෞතුකාගාරයේදී මෙම මුල් කෘතිය බලන්න පුලුවන්. එයට හැමතින්ම සමාන රනින්ම කළ ආකෘතියක් මධ්‍යම සංස්කෘතිය අරමුදලට අයත් සීගිරිය කෞතුකාගාරයේ දී දකින්න පුළුවන්.

    මහාචාර්ය සේනක බණ්ඩාරනායක කියන්නේ ආසියනු ආභරණ ඉතිහාසෙ තුල මෙයට විශිෂ්ට තැනක් හිමිවන බවයි. මෙය 9-10 සියවස්වලට අයත් යයි සැලකෙනවා. එය උසින් සෙ. මී. 6.4 ක් තරම් විශාල යි. එහි මැද කිරි පැහැති තිරිවාණ ගලකින් සරසා තිබෙනවා. ත්වත් ගල් දෙකකින් මේ ආභරණය අලංකාර වෙනවා. රනින් කළ සියුම් සැරසිලිවල අපූර්වත්වය අද අබරණ පරදවන්නට සමත්. හිටපු කෞතුකාගාර අධිකාරි රංජිත් හේවගේ කියන්නේ මෙහි බර අනුව පිලිමයකට පලදවන්නට ඉඩ ඇති බවයි.

    අපේ ආභරණ ඉතිහාසෙ බරයි. රුවන්වැලි සෑයේ දකුනු හා නැගෙනහිර වාහල්කඩවල 1946-48 කාලෙ කළ කැනීම්වලින් දෙවන සියවසට අයත් කුණ්ඩලාභරණ දෙකක් සොයා ගත්තා. ඒවත් සියුම් කැටයමින් යුක්තයි. කුණ්ඩලාභරණ සිව්සැට ආභරණ වලට අයත් බව පූජාවලිය , ථූපවංශය ආදී පොත්වල කියනවා.

    මට හිතෙන්නේ මේකෙ අනෙක් කරාබුව කොහේ
    ඇද්ද...ඒ කාලෙ මේ වගේ ආභරණ කොච්චර තියෙන්න ඇද්ද කියලයි.

    කුසුම්සිරි විජයවර්ධන