🔴🔴 එළකිරි සිප් සවිය 1 - ලෝක ළමා දිනයට 🔴🔴

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,728
    125,507
    113
    දෙහිවල
    එළකිරි සත්දියවර, අදියර 3 යටතේ අපි අපේ පසන්ගේ වැඩේ බලනවා කියලා හැමෝම දන්නවනේ.
    අපි දන්නා හැමෝම පොඩිම දෙකින් හරි, වචෙනෙකින් හරි, බැනුමකින් හරි අපිට උදව් කරා, තව දුරටත් කරනවා 👊 🙏

    ඒ හැමදේටම උබලා හැමෝටම තුති, පින් 👊

    කට්ටිය දන්නවා ඇතිනේ මේ දවස්වල ඔෆ්ස් එකේ වැඩ වගේකට මම ඉන්නේ පුත්තලම ලයින් එකේ.
    ඉතින් එහෙට මෙහෙට යනකොට කට්ටියව දැන් අදුරනවා. මෙහෙම යද්දී සෙට් උන පොඩි ඉස්කෝලයක් තියෙනවා මංගල එලිය කියන ගමේ. පොඩ්ඩක් හොයලා බලන්න 🙏

    ඉස්කෝලේ නම : මරිච්චිකට්ටුව ප්‍රාථමික පාසල, මංගල එලිය, පුත්තලම
    ළමයි ඉන්නේ 65ක් වගේ
    කාර්ය මණ්ඩලය 7ක් වගේ

    ඉතින් පොඩ්ඩක් එහෙට මෙහෙට යද්දී ගුරුවරු දෙන්නෙක් එක්ක වගේ කතාකරද්දී, මේ පාර ලෝක ළමා දිනේට ඉස්කෝලේ දරුවෝ ටිකට පොඩි ළමා චිත්‍රපටයක් පෙන්නන්න ඕනේ කියුවා. මෙහෙ ඉතින් හොද ෆිල්ම් එකක් බලන්න හලාවතට යන්න ඕන. එහෙම වියදම් කරන්න එයාලාට සල්ලි නැහැනේ, ඉතින් පාලවිය හෝල් එකට තමයි අරන් යන්නේ. එදාට හෝල් එකට කතාකරලා විශේෂ දර්ශනයක් විදියට ළමා චිත්‍රපටයක් පෙන්නන්න තමයි කතාකරගෙන තියෙන්නේ 🎓

    දැන් මහ ගානක් නොවුනත් සල්ලි කෝ? ටිකට් වලට විතරක් 26,000ක් වගේ යනවා 🧑‍⚕️

    දුප්පත් ළමයි ඉන්න පාසලක් ඉතින්. මම ඉතින් බලලා උදව්වක් කරන්නම් කියලා විස්තර ටිකත් අරගෙන ගෙදර ආවා.

    ගෙදර ඇවිත් මමත් එකක් ඒ දවස්වල ඉදන් කතාකරන අපේ @Dharatha අයියට විස්තරේ කියුවා. කියලා මම වියදම් ටික පොඩ්ඩක් කියුවා.
    මට ආවේ එක උත්තරයි "මල්ලි, මගේ පුතාගේ උපන්දිනේ එනවා ලබන මාසේ, මම මුළු වියදම දෙන්නම් පොඩි කට්ටියව ෆිල්ම් එක බලන්න අරන් යන්න. අමතරව මම ළමයි ඔක්කොටම අයිස් ක්‍රීම් අරන් දෙන්නත් සල්ලි දෙන්නම්"

    ඒ අපේ @Dharatha අයියගේ වචන ටික.

    ඉතින් මේ ලෝක ළමා දිනයට දරුවෝ 65ක් ළමා චිත්‍රපටයක් හෝල් එකටම ගිහින් බලනවා වගේම එයාලට එදාට අයිස් ක්‍රීම් හම්බෙනවා.
    එකට සම්පුර්ණ වියදම දරන්නේ අපේ @Dharatha අයියා. අවස්ථාවක් කරගන්නවා තුති පුද කරන්න එයාට මේ නුලෙන් මම / අපි

    මිට අමතරව අපි වෙනම සෙට් එකක් දහවල් ආහාරයටත් පිරිනමන්න කථාකරන් යනවා මේ වෙනකොට වෙනම ළමයි ටිකට.

    මම මේ නුල පළකරන්නේ හේතුවක් උඩ. මේකේ ඉන්නේ පට්ට ගතිගුණ තියෙන සෙට් එකක්.

    කොච්චර රන්දු උනත්, වචන හුවමාරු උනත් මේකේ ඉන්නවා රත්තරන් මිනිස්සු ටිකක්. ඒ හැමෝටම ගොඩක් පින්.

    එහෙනම් එදාට මම පින්තුර ටිකක් එක්ක තව නුලක් දාන්නම්.

    අපිට පුළුවන් දේ, අපි පුළුවන් විදියට කරමු 🙏😍

    https://i.ibb.co/7x77FGpj/image.png[/img]

    "දෙන තරමට ලැබෙනවා" -
    සල්ලිම නෙමේ, වචනේ, ගට උනත් රත්තරන්
    -වෝල්ටර් සුදු-
     
    Last edited:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,513
    6,113
    113
    matath ohoma asawak thiyenwa sole sponsor wenna. ohoma wadakata
    eth danma nam bariweyi thibena arthika mattamath ekka.
    e handa puluwan hatiyata udawwak karannam. issaraha project waladi.

    dharatha sahodaraya nam issara idan inna wadiya sadda badda nathi quality porak.