මේ දවස් වල ෆේස්බුක් එකෙ වැඩියෙන්ම කතා බහට ලක්වෙන මාතෘකාවක් තමයි කලණ ගුණසේකරගේ විවාහය. ඔහුගේ මනාලියගේ දේශපාලන පවුල් ගස සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කතා වෙනවා. ඒ වගේම කතාවෙන නමක් තමයි මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර කියන නම.
කලණ ගුණසේකර විවාහ වෙන්නේ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරගේ මිණිබිරියකගේ දියණියක් සමග. මම මේ දැන් සටහන් කරන්න යන්නේ කළණ ගුණසේකර ගැනවත් ඔහුගේ විවාහය ගැනවත් නෙමෙයි, ස්ටැන්ලි විජේසුන්දරගේ ජීවිතය බිලිගත්ත ඝාතකයා සම්බන්ධයෙන්.
අපි සාමාන්‍යයෙන් කුලියට මිනී මරන හෝ යම්කිසි කෙනෙක්, කණ්ඩායමක් වෙනුවෙන් මිනී මරන කිසිම හිතක් පපුවක් නැති ඝාතකයන් දැකලා තියෙන්නේ බටහිර සිනමා නිර්මාණ වලින්. එහෙමත් නැත්නම් එහෙම චරිත ගැන දැනගන්නෙත් ලතින් ඇමරිකාවේ හරි වෙනත් රටක හරි ඉන්න සත්‍ය චරිත ගැන අධ්‍යනයකින්.
මේ ශ්‍රී ලංකාව ඇතුළෙත් එහෙම චරිත ඉඳලා තියෙනවා. ස්ටැන්ලි විජේසුන්දරගේ ජීවිතය බිලි ගත්ත ලයනල් රණසිංහ කියන්නෙත් අන්න ඒ වගේ ඉතාම දරුණු පන්නයේ කුලී මිනීමරුවෙක්. මේ අය Addictive Killer කුලකයට දාන්න පුළුවන්.
1961 දී උපත ලද ලයනල් රණසිංහ කියන්නේ දුප්පත් පවුලක ළමයෙක්. හරි හැටි අධ්‍යාපනයක් නොලැබූ අයෙක්.
ඔහු ජනතා විමුක්ති පෙරමුණේ පන්ති 5 සම්පූර්ණ කරන්නේ 1978 දී. ඊට පස්සේ හේන් ගොවිතැන් කරපු, 1986 වෙද්දී හොරණ පොළේ බඩු විකුණපු, සිකුරිටි ජොබ් කරපු ලයනල් 1987 දී ජේ වී පී සටන් පුහුණුව ලබනවා. ඒ සමනලකන්ද අවට කැලයේදී.
එතනින් පස්සේ ලයනල් රණසිංහ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කුලී ඝාතකයෙක් බවට පත් වෙනවා.
ඔහුගේ ගොදුරු සියල්ලම පාහේ රටේ සාමාන්‍යයෙන් ළඟා වෙන්න අමාරු ඉතාම අපහසු ඉලක්ක. මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්, ව්‍යාපාරිකයන් වගේ සමාජයේ ඉතාම ඉහළ පෙළේ චරිත තමයි ලයනල් බිලි ගත්තේ.
ලයනල් තමන්ගේ ඉලක්ක සොයා යන්නේ එක්කෝ පාපැදියකින්, එහෙමත් නැත්නම් යතුරු පැදියක සහායකයෙක් එක්ක. හැම වෙලාවෙම ලයනල් අතේ බෑගයක් තිබුණා. මේ බෑගයේ තිබුණේ ගිනිඅවියක්. අන්න ඒ ගිනිඅවිය භාවිතා කරලා තමයි ඝාතනයන් සිදු කළේ.
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර කියන්නේ රසායන විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක් ලෙසින් 1947 දී කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් ලෙසින් වැඩභාර ගත් කෙනෙක්.
ඊට පස්සේ දිගින් දිගටම අධ්‍යාපනයෙන් සහ තමන්ගේ හැකියාවලින් මහාචාර්යවරයෙක් දක්වා ගමන් කරමින් ඔහු 1983 දී කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති තනතුරට වගේම පොදු රාජ්‍යය මණ්ඩලීය සරසවි සංගමයේ සභාපති තනතුරටද පත් වුණා.
1988 මාර්තු 08 වනදා මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර හමුවීමට ශිෂ්‍යයෙකු ලෙසින් කොළඹ විශ්ව විද්‍යාලයට පැමිණි ලයනල් රණසිංහ එහිදී මහාචාර්යවරයාට වෙඩි තබා යතුරු පැදියකින් පලා යනවා.
අධ්‍යාපන ධවල පත්‍රිකාවට මෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාල වලට මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර සහයෝගය ලබාදුන් බව පවසමින් දේශප්‍රේමී ව්‍යාපාරය ඒ දිනවල ඔහුව ඉලක්ක කරගෙන තිබුණා.
ලයනල් රණසිංහ විසින් සිදු කළ ඝාතන අතරින් වඩා කූප්‍රකට ඝාතනය වන්නේ විජය කුමාරතුංග ඝාතනයයි. ශ්‍රී ලංකාවම හෙල්ලුම් කෑ මෙම ඝාතනය සිදු කළේ ලයනල් විසින් බවට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී පාපොච්චාරණය කර තිබෙනවා.
එමෙන්ම විජයගේ ඝාතනය ලයනල්ව කොටු වීමටත් ප්‍රධාන හේතුවක් වුණා. විජය කුමාරතුංග ඝාතනය පසුපස හඹා ගිය පොලීසිය 1989 මාර්තු 14 වනදා ලයනල්ව අත්අඩංගුවට ගත්තා. අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දීර්ඝ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
මේ ප්‍රකාශයෙන් ඔහු ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ වූ ආකාරයත් ඔහු සිදුකළ ඝාතන සම්බන්ධයෙනුත් හෙළි කළා. වාර්තා වන අන්දමට මේ කාලයේදී ලයනල් රණසිංහ විසින් 41 දෙනෙක් පමණ ඝාතනය කර තිබෙනවා.
ඒ අතරට ප්‍රමුඛ පෙලේ ඉන්දියානු ව්‍යාපාරිකයන් දෙදෙනෙක්ද අයත්.
ලයනල් රණසිංහ ඉන් අනතුරුව අතුරුදන් වූ අතර බොහෝ විට ඔහුව ශ්‍රී ලංකා රජයේ පොලීසියෙන් හෝ හමුදාවෙන් ඝාතනය කරන්නට ඇතැයි සැලකෙනවා. ඔහුගේ නම ඉදිරියේ සටහන් වී ඇති ඝාතන එකක්වත් අධිකරණයක් හමුවේ නම් ඔප්පු කිරීමට සමත් වී නෑ.
කොහොම වුණත් මේ ඝාතන වලින් බොහොමයක් ලයනල් රණසිංහ විසින් සිදු කළ බවට සෑහෙන සාක්ෂි තිබෙනවා. විශේෂයෙන්ම විජය කුමාරතුංග ඝාතනයෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් බොහෝ කරුණු හෙළි වුණා.
ඔහුගේ ගොදුරු වල නම් ලැයිස්තුවක් හොයාගන්නට හරියටම නොහැකි වුණත් ලයනල් රණසිංහ විසින් ඝාතනය කළ බවට සැලකෙන 19 දෙනෙක්ගේ නම් මෙතන ඇතුළත් කරනවා. මේ හැම කෙනෙක්ම ලයනල් ඝාතනය කරා කියන්නම බෑ. හැබැයි එහෙම නොකියන්නත් බෑ.
ශ්‍රී ලංකා ඉතිහාසයේම බිහිවුණ Addictive Killer කුලකයේ ඝාතකයන්ගෙන් ඉතාම භයානක සහ දරුණුම පහර දෙන්නෙක් බවට ලයනල් රණසිංහව ඉහළින්ම තියන්න පුළුවන්. කුලී ඝාතකයන් ගත්තත් එහෙමයි.
මේ හැම ඝාතනයක්ම, හැම දෙයක්ම කරලා ඉවර වෙද්දී ඔහුගේ වයස අවුරුදු 27 ක් විතරයි. එතනින්ම ලයනල් රණසිංහ කියන්නේ මොන තරම් භයානක ප්‍රහාරකයෙක්ද කියලා වැටහෙනවා.
මේ තියෙන්නේ ඔහුගේ නම ඉදිරියෙන් සටහන් වෙලා තියෙන ඝාතන 19 ක නම් ලැයිස්තුව
1. විජය කුමාරතුංග - ප්‍රකට සිනමා නළුවෙක්/ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයා
2. මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර - කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති
3. අනුර ඩැනියෙල් - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී
4. නන්දලාල් ප්‍රනාන්දු - එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්
5. ජයන්ත මල්ලිමාරච්චි - කොළඹ මහ නගර සභා මන්ත්‍රී
6. T.C.D. රාජපක්ෂ - උප පොලිස් පරීක්ෂක
7. ප්‍රේමකීර්ති ද අල්විස් - ගීත රචක, ගුවන් විදුලි නිවේදක සහ රූපවාහිනී නිවේදක
8. සාගරිකා ගෝමස් - කලා ශිල්පිනී සහ රූපවාහිනී නිවේදිකා
9. තේවිස් ගුරුගේ - ගුවන් විදුලි නිවේදක
10. මිචෙල් පෝල් රොද්‍රිගෝ පියතුමා - කතෝලික පූජකවරයෙක්
11. කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි - බෞද්ධ භික්ෂුවක්
12. W. M. G. T. බණ්ඩා - හිටපු අමාත්‍යවරයෙක්
13. අමර වෙල්ලපුලි - නීතීඥ
14. අනුර ඩැනියෙල් - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී
15. චන්ද්‍රරත්න පටුවතවිථානේ - මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති
16. මෙරිල් කාරියවසම් - එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී
17. ලෙස්ලි යටන්වල - නීතීඥ
18. ලයනල් ජයතිලක - හිටපු අමාත්‍යය
19. ග්ලැඩිස් ජයවර්ධන - State Pharmaceutical Corporation හිටපු සභාපති
Comrade Lionel නමින් රචිත පිටු 432 ක කෘතියෙන් ඔබට මේ 41 දෙනාගේම නම් ලබා ගන්නට පුළුවන්. ධර්මන් වික්‍රමරත්න රචනා කරපු මෙම කෘතියේ විශාල වශයෙන් ලයනල් රණසිංහ සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වෙලා තියෙනවා.
සමහර තැන් වල ඔහුගේ ඝාතනයන් ගණන 43 ක් කියනවා. සමහර ඝාතනයන්ගේ නම් 100% ක් ම තහවුරු කරන්නට බෑ. ඒ කොහොම වුණත් ලයනල් රණසිංහ කියන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිවුණ දරුණුම කුලී ඝාතකයෙක් කියන කාරණය නම් අහක දාන්න බෑ.