වාහන ගොඩක් ගණන් නෙ සර්. අපි තාම 90' මුල් කාලේ වාහන පාවිච්චි කරන්නේ අලුත් ඒවා ගන්න සල්ලි නැති නිසා. අවුරුදු 50ක් විතර පරණ හයිඑස් වෑන්වල තමයි මෙහෙ ඉස්කෝල ළමයි ප්‍රවාහනය කරන්නේ. වාහනේ ආයු කාලය ඉවර වෙලා සෑහෙන කල්. නමුත් අලුත් හයිඒස් වෑන් එකක් අරන් පාරට දැම්මොත් ළමයින්ගෙන් එක්කෙනෙක්ගෙන් මාසෙට 25,000ක් විතර අය කරන්න වෙයි. දුප්පත් දෙමාපියන්ට එහෙම වත්කමක් නෑ. ඉතින් පරණ ඒවා හදාගෙන සේවාව දෙනවා. බස් ගැන වුනත් එහෙමයි. ආණ්ඩුවේ පුක් මෙට්‍රෝ වලට ආණ්ඩුවේ වියදමින් බස් අරන් දුන්නාට ප්‍රයිවට් බස් අයිතිකාරයෝ තමංගේ සල්ලි වලින් බස් එක ගන්න ඕන. එහෙම අරන් ආණ්ඩුවෙන් නියම කරපු මිලට ටිකට් දීලා පඩි ගෙවලා ඩීසල් ගහලා දුවන්න ඕන. ඕක කරන එකා තමයි දන්නේ අමාරුව. ආණ්ඩුව උන් හිරකරනකොට වෙන්නේ බංගලිදේශේ වගේ බස් කාරයෝ බස් එක කුලියට දෙන එක. බස් කුලී ගන්න එකා පිස්සෝ වගේ පදවනවා. දැන් ආණ්ඩුව ඒවත් අල්ලනවා නම් ස්වාභාවිකවම ප්‍රයිවට් බස් ටික පාරෙන් අයින් වෙනවා. ආණ්ඩුව ඒ පාඩුව පියවන්න ඕන. දැන් ප්‍රශ්නය ආණ්ඩුව පුක් මෙට්‍රෝ ටිකට් එක සාමාන්‍ය ගාස්තුව වගේ 150% මිලට දෙන්නේ. එතකොට සාමාන්‍ය මනුස්සයෙක් දිනපතා බස් එකෙන් යාවිද? බස් දාන එකේ මූලිකම අවශ්‍යතාව පුද්ගලික වාහන පාරෙන් අයින් කරන එක. 150% ගෙවනවාට වඩා සෑහෙන ලාභයි තමන්ගේ වාහනේ යන එක. ඉතින් නියාමනේ කියල දෙවිදියකට සලකන්න බෑ. නීතිය කාටත් පොදු වෙන්න ඕන.