අන්න ඒකයි. අපි දන්නේ නෑ පසුබිමේ කතාව. ඉතින් මාත් කතාවට පනින්නේ නෑ. හාමුදුරුවෝ මොකක් නිසා එහෙම කිව්වද දන්නේ නෑ. නමුත් අපි ඔය ගැන 80' ගණන් වල ඉඳලම වුන දේ දන්නවා. වයසක මිනිස්සු දන්නවා.ගහපු එකා කියනවා නම් ගැහුවේ නෑ කියලා, ගුටි කාපු එකත් කියනවා නම් ගුටි කෑවේ නෑ කියලා චැප්ටර් ක්ලෝස්.
අපේ ඉස්කෝලේ ගියපු වලිත් මේ වගේ. ගුටි කාපු එකාගේ මූණ නාලු වෙලා. ගහපු එකාගෙත් කමිස එහෙම පොඩි වෙලා. හැබැයි සර්ලා අහනකොට තොපි දෙන්නා ගහ ගත්තාද කියලා දෙන්නාම නෑ කියනවා.