කළුතර මැරුවෙ අහිංසකයෙක් ද?

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,450
    3,847
    113
    colombo
    අද උදෑසන 7.50 ට පමණ කළුතර - මතුගම ප්‍රධාන මාර්ගයේ ගුණතිලකවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළට කඩා වැදුණු නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් එල්ල කරන ලද අමානුෂික වෙඩි ප්‍රහාරයකින් එම හෝටලයේ හිමිකරු ජීවිතක්ෂයට පත්විය. පොලීසිය පවසන ආකාරයට ටී 56 ගිනි අවියකින් එල්ල කළ මෙම ප්‍රහාරය කෙතරම් බරපතළ වීද යත්, තුවක්කුවේ පතරොම් ගැබ අවසන් වන තුරුම ඝාතකයින් විසින් වෙඩි තැබීම සිදුකර තිබේ.






    මෙම සාහසික ප්‍රහාරයෙන් මියගියේ 'ඩ්‍රැගන් සම්පත්' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ තුෂාර සම්පත් එදිරිසිංහ නමැති ව්‍යාපාරිකයාය. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඔහු අසල සිටි ඔහුගේ බිරිඳ වන ශිරෝමි සමරවීර ද බරපතළ තුවාල ලබා මේ වන විට කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

    තුෂාර සම්පත් යනු සාමාන්‍ය ව්‍යාපාරිකයෙකු නොව, ජීවිතයේ දැඩි අභියෝග රැසකට මුහුණ දෙමින් තමන්ගේම උත්සාහයෙන් නැගී සිටි අයෙකි. මීට වසර විස්සකට පමණ පෙර කසිප්පු ජාවාරම්කරුවන් පිරිසකට එරෙහිව නැගී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ මුහුණට අමානුෂික ඇසිඩ් ප්‍රහාරයක් එල්ල විය. ඉන් ඔහුගේ දෙනෙත්වල පෙනීම දැඩි ලෙස දුර්වල වූ අතර, එදා සිට ඔහුගේ සෑම ගමනකදීම ඔහුට සෙවණැල්ලක් මෙන් සහය වූයේ ඔහුගේ බිරිඳයි. එම ඛේදනීය අතීතයෙන් පසු නොබියව සිය ව්‍යාපාරික කටයුතු ගොඩනගාගත් ඔහු, ගුණතිලකවත්ත ප්‍රදේශයේ මෙම හෝටලය දියුණු තත්ත්වයකට ගෙන ඒමට සමත් විය.







    කෙසේ වෙතත්, ලංකාවේ සිදුවන බොහෝ ඝාතනවලදී මෙන්ම මෙම වෙඩි තැබීමත් සමඟම විවිධ කටකතා සහ චෝදනා සමාජය පුරා පැතිරෙන්නට විය. අද උදෑසන ගොඩනැගුණු ප්‍රධාන චෝදනාව වූයේ, ඩ්‍රැගන් සම්පත් නමැත්තා 'කළුතර නවීන්' ගේ පාර්ශ්වය නියෝජනය කළ අයෙකු බවත්, කළුතර නවීන්ගේ කණ්ඩායමේ සිටින 'දොඩංගොඩ දනුක' සහ 'කළුතර නිපුන්' යන අයගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් ලැබෙන මුදල් පරිහරණය කළේ ඔහු බවත්ය. ඔවුන්ගේ මුදල් එකතු කරන 'මුදලාලි' ලෙස කටයුතු කළ සම්පත්, එම මුදල් සම්බන්ධයෙන් ඇතිකරගත් ආරවුලක් (මුදල් වංචා කිරීමක්) හේතුවෙන් මෙම ඝාතනය සිදුවූ බවට එම මූලික රාවයන්ගෙන් කියැවිණි.


    නමුත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සොයා බැලීමේදී ඊට හාත්පසින්ම වෙනස් වූ, බලවත් ආරවුලක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. අලුතින් ලැබෙන තොරතුරු වලට අනුව, ඇමරිකාවේ සිටින කළුතර නවීන්ට සම්බන්ධ පුද්ගලයෙකු විසින් කළුතර ප්‍රදේශයේ හෝටල් කාමර ලබාගෙන කෝටි ගණනින් මුදල් ඔට්ටුවට තබමින් මහා පරිමාණයෙන් 'බූරුවා' ගැසීමේ ජාවාරමක් පවත්වාගෙන යයි. මෙම නීතිවිරෝධී සූදු පොළ පවත්වාගෙන යාම සඳහා ඔවුන් ඩැගන් සම්පත්ගේ හෝටලයද ඉලක්ක කරගෙන තිබී ඇත.




    මෙම ස්ථානය සූදු පොළක් සඳහා ලබාදෙන ලෙස සම්පත්ගේ සහෝදරයෙකු මාර්ගයෙන් පාතාල කණ්ඩායම විසින් ඔහුට පණිවිඩයක් එවා තිබේ. නමුත් එම ඉල්ලීමට සම්පත් දැඩි ලෙස විරුද්ධ වී ඇත. "මම අමාරුවෙන් ගොඩනගා ගත් ව්‍යාපාරය කාගේවත් කීමට බූරුවා ගහන්න දෙන්න ලෑස්ති නෑ. මේක කරන්නේ මට ඕනේ විදිහට" යැයි පවසමින් ඔහු එම පාර්ශ්වයට සිය දැඩි විරෝධය පළකර තිබේ.


    මෙම ප්‍රතික්ෂේප කිරීමත් සමඟම, මෑතකදී විදෙස්ගත වූ දොඩංගොඩ දනුක සහ කළුතර නිපුන් යන අය මෙන්ම කළුතර නවීන් විසින්ද ඩැගන් සම්පත්ට තර්ජනය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. කළුතර නවීන්ගේ පාර්ශ්වයට විරුද්ධ වූවන්ට අතීතයේ අත්වූ ඉරණම සලකා බලන විට, සූදු පොළට ඉඩ ලබා නොදීම හේතුවෙන් ඇතිවූ මෙම ගැටුම ප්‍රහාරයට සෘජු හේතුවක් විය හැකි බවට සැක මතු වේ.

    ඝාතනය සිදුවන තුරුම තුෂාර සම්පත්ට එරෙහිව කිසිදු මත්ද්‍රව්‍ය චෝදනාවක් හෝ වෙනත් අපරාධ චෝදනාවක් එල්ල වී නොතිබූ පසුබිමක, හදිසියේම ඔහු මත්ද්‍රව්‍ය මුදල් පරිහරණය කළ බවට මතයක් ගොඩනැගීම පිටුපස සැඟවුණු අරමුණක් තිබිය හැක. මෑතකදී අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් මුලින් 'කරන්දෙණිය සුද්දා' ගේ ගිණුමට බැර කරමින් සැබෑ අපරාධකරුවන් විසින්ම වෙනත් කතා ගොඩනැගූ ආකාරයටම, මෙම ඝාතනයේ සැබෑ හේතුව වසන් කිරීමට අපරාධකරුවන් විසින්ම මත්ද්‍රව්‍ය කතාවක් සමාජගත කළාද යන්න පිළිබඳව බරපතළ සැකයක් පවතී. එබැවින් ඩ්‍රැගන් සම්පත්ගේ ඝාතනය පිටුපස ඇත්තේ මත්ද්‍රව්‍ය මුදල් ආරවුලක්ද, එසේත් නොමැතිනම් තම හෝටලය සූදු පොළක් කිරීමට ඉඩ නොදීම නිසා එල්ල වූ පාතාලයේ පළිගැනීමක්ද යන්න පිළිබඳව පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් සිදු කළ යුතුව ඇත.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,647
    22,349
    113
    Gotland
    කොහෙද, මරන දන්ඩනේ ගේන්න හදනකොට සිඋරු කාරයෝ තට්ටෙ අල්ලන් රෙදි උස්සන් එනවනෙ

    ලංකාවේ දරුණුම පාතාලය තමා සිව්රු කාරයෝ
     
    • Like
    Reactions: Naughtykolla48

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,354
    102,384
    113
    කොහෙද, මරන දන්ඩනේ ගේන්න හදනකොට සිඋරු කාරයෝ තට්ටෙ අල්ලන් රෙදි උස්සන් එනවනෙ
    නමුදුරුවෝ පිට දාලා බොරු කියන්න එපා. ඕක ගෙනාවොත් වෙන රටවල සාපොට් එක නැති වෙනවා. එකයි ඕක ගෙන්න බය කට්ටිය. කලින් interview කරලා කබ ගෙන්නලා ඔක්කමත් කරලා කරේ නෑ නේ.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,450
    3,847
    113
    colombo
    කොහෙද, මරන දන්ඩනේ ගේන්න හදනකොට සිඋරු කාරයෝ තට්ටෙ අල්ලන් රෙදි උස්සන් එනවනෙ

    සිවුරු කාරයො කොහෙද පෝන්නයෝ ඒනෙන් තෝගේ පාදිලි සෙට් එක තමයි. ලංකාවේ බාර්කරුවෝ ඔන් නැති ලබ්බවල් වලට හොට දන්නේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,008
    1,016
    113
    United States
    හෝටලේ බූරුවා ගහන්න දෙන්න බෑ කියලා අමාරුවෙන් ගොඩනගපු business එක රකින්න ගිය එකටනේ මේක වෙලා තියෙන්නෙ. කණගාටුයි ඇත්තටම, නාගොඩ ඉන්න බිරිඳට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,828
    26,251
    113
    ජෙප්ප ෆේල් වගේ.

    ගෝට ඉන්න කාලේ මොනව උනත් පාතාලෙට උකෝල තිබ්බෙ.

    ඉකුවා කියන්නේ.... ගෝටාභය කුඩ්ඩෙක් ගේ ගෙදර පාර්ටියකට ගිහින්, පස්සේ දැනගෙන අනේ මට හරි නෑ වගේ කියලා විතරළු කිව්වෙ.
     
    • Haha
    Reactions: Naughtykolla48