බෙන්තර ගඟෙන් එහා උන්ගේ වීර ක්රියා
'' මට පොල්ලකින් ගැහුවා... මං එයාට දුන්න සල්ලි ඉල්ලලා දෙන්න...."
ලාංකික පෙම්වතාට එරෙහිව ජර්මන් කාන්තාව පොලිසි යයි
ශ්රී ලාංකික තරුණයෙකු සමඟ ඇති කරගත් ප්රේම සම්බන්ධතාවයක් මත ධීවර බෝට්ටුවක් මිලදී ගැනීම සඳහා යුරෝ 25,000ක මුදලක් ලබාදුන් ජර්මන් ජාතික කාන්තාවකට පහරදීමේ සිද්ධියක් රත්ගම ප්රදේශයෙන් වාර්තාවනවා.
පොලිසිය සඳහන් කරන පරිදි, පහරකෑමට ලක්වූ 40 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාව තමන් ලබාදුන් මුදල් යළි ලබාගැනීම සඳහා ද රත්ගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
අදාළ කාන්තාව මීට පෙර ශ්රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවකදී බූස්ස, පිටිවැල්ල ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකු සමඟ ප්රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.
එම සම්බන්ධතාවය මත ධීවර බෝට්ටුවක් මිලදී ගැනීම සඳහා ඇය සිය ශ්රී ලාංකික පෙම්වතාට යුරෝ 25,000ක මුදලක් ලබාදී ඇති බව වාර්තා වනවා.
පසුව නැවතත් ශ්රී ලංකාවට පැමිණි ඇය බූස්ස ප්රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිටියදී මෙම සිදුවීමට මුහුණ දී තිබෙනවා.
එහිදී තරුණයා තවදුරටත් මුදල් ඉල්ලා ඇයට කරදර කර ඇති බවත්, අනතුරුව පොල්ලකින් පහරදී ඇයගේ ජංගම දුරකථනයට ද හානි සිදුකර ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ කාන්තාව ඉල්ලා ඇත්තේ ධීවර බෝට්ටුවක් මිලදී ගැනීම සඳහා මීට පෙර ලබාදුන් මුදල නැවත ලබාගැනීමට කටයුතු කරන ලෙසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා රත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.