අපේ මුතුන්මිත්තන් කියපු කතාවක් තියෙනවා, ඒ තමයි "ගසක් කැපුවොත් නැවත දළු ලනවා, නමුත් භාෂාවක් මැරුණොත් මුළු ජාතියම අවසන් වෙනවා.." සැබැවින්ම ලෝක ඉතිහාසයේ විවිධ යුගවලදී විවිධ භාෂාවන් ලෝකයෙන් සදහටම අතුගෑවී ගොස් තිබෙනවා..
පැරණි ඊජිප්තු භාෂාව, ලතින් භාෂාව වැනි භාෂාවන් සහ පාලි භාෂාවත් අදටත් අපට හමුවන්නේ ආගමික පොතපතේ, ගල් පුවරුවල හෝ ආගමික පූජා වතාවත්වල පමණයි. ඒවා එදිනෙදා මිනිසුන් කතාබහ කරන "ජීවමාන භාෂාවන්" නෙවෙයි.
නමුත් මිනිස් ඉතිහාසයේ එකම එක වතාවක්, සම්පූර්ණයෙන්ම වගේ මියගොස් තිබූ, ආගමික පොතපතට පමණක් සීමාවී තිබූ භාෂාවක්, නැවතත් කෝටි ගණනක් මිනිසුන්ගේ දෛනික ජීවිතයේ මව් භාෂාව බවට පත්කළ හාස්කමක් සිදුවුණා..
ඒ තමයි, හෙබ්රෙව් භාෂාවේ පුනර්ජීවනය!
අද අපි ජීවත්වන මේ තාක්ෂණික ලෝකයේ, සංස්කෘතීන් එකිනෙක මුසු වන යුගයේ, අපේම මව් භාෂාව රැකගන්නේ කෙසේදැයි බොහෝ දෙනෙක් කල්පනා කරන මොහොතක, මේ කතාව අපට දෙන ආදර්ශය අති මහත්. මෙය හුදෙක් භාෂාවක කතාවක් පමණක් නෙවෙයි. දැඩි කැපවීම, නොසැලෙන උත්සාහය සහ එක් මිනිසෙකුගේ අදහාගත නොහැකි සිහිනයක්, මුළු ලෝකයම වෙනස් කළ ආකාරය පිළිබඳ අසිරිමත් කතාවක්.
හෙබ්රෙව් බස මියගියේ කෙසේද?
ක්රිස්තු පූර්ව යුගයේදී මෙන්ම ක්රිස්තු වර්ෂ මුල් යුගයේදී යුදෙව් ජාතිකයන්ගේ ප්රධාන භාෂාව වුණේ හෙබ්රෙව් භාෂාවයි. නමුත් රෝම ආක්රමණයන් සහ විවිධ දේශපාලනික පෙරළි හමුවේ යුදෙව් ජනතාව තමන්ගේ මාතෘ භූමියෙන් ලෝකය පුරා විසුරුවා හරිනු ලැබුවා..
මෙසේ ලෝකයේ විවිධ රටවලට සංක්රමණය වූ යුදෙව්වන්, ඒ ඒ රටවල භාෂාවන් (ජර්මන්, රුසියන්, අරාබි, ඉංග්රීසි ආදී) තමන්ගේ එදිනෙදා භාෂාවන් ලෙස භාවිතා කරන්නට පටන් ගත්තා. එහි ප්රතිඵලය වුණේ කුමක්ද?
ක්රිස්තු වර්ෂ 4 වැනි සියවස වන විට හෙබ්රෙව් භාෂාව මිනිසුන් අතර එදිනෙදා කතාබහ කරන භාෂාවක් ලෙස භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමයි.
වසර 1500කට ආසන්න කාලයක් තිස්සේ හෙබ්රෙව් භාෂාව පැවතුණේ යූදෙව් ආගමික පූජකවරුන්ගේ යාඥා පොත්වල, සිනගෝග තුළ සිදුකෙරෙන ආගමික වතාවත්වල සහ පැරණි ලේඛනවල පමණයි.
කිසිම මවක් තම දරුවාට නළවි ගීයක් කියන්න හෙබ්රෙව් භාෂාව භාවිතා කළේ නැහැ. කිසිම වෙළෙන්දෙක් බඩු බාහිරාදිය අලෙවි කරන්න හෙබ්රෙව් වචන පාවිච්චි කළේ නැහැ.
සරලවම කිව්වොත්, හෙබ්රෙව් කියන්නේ අද ලංකාවේ පාලි භාෂාව වගේ, "පූජාවට පමණක් සීමා වූ මියගිය භාෂාවක්" බවට පත්වුණා. ලෝකයේ ඕනෑම භාෂාඥයෙකුගෙන් ඇසුවොත් ඔවුන් කියන්නේ, මෙවැනි තත්ත්වයකට පත් වූ භාෂාවක් නැවත කිසිදා එදිනෙදා ජනතාවගේ මව් භාෂාව ලෙස නැගී සිටිය නොහැකි බවයි.
නමුත් ඉතිහාසයේ සියලු නීති රීති උඩුයටිකුරු කරන්නට එක්තරා මිනිසෙක් ඉදිරිපත් වුණා. ඒ එලියෙසර් බෙන්-යෙහුඩාගේ පිස්සුවක් වැනි සිහිනයක් නිසයි.
1858 වසරේ රුසියානු අධිරාජ්යයට අයත් ප්රදේශයක උපත ලැබූ එලියෙසර් බෙන්-යෙහුඩා කුඩා කල සිටම හෙබ්රෙව් ආගමික ග්රන්ථ අධ්යයනය කළ අයෙක්.
ඔහු තරුණ වියට එළඹෙද්දී යුරෝපය පුරා ජාතිකවාදී ප්රබෝධයන් ඇතිවෙමින් තිබුණා. සෑම ජාතියකටම තමන්ගේම භූමියක් සහ තමන්ගේම භාෂාවක් තිබිය යුතුයි යන මතය දැඩි ලෙස සමාජගත වුණා..
බෙන්-යෙහුඩා කල්පනා කළේ වෙනස්ම දෙයක්, "යුදෙව් ජනතාවට නැවතත් තමන්ගේම කියා මාතෘ භූමියක් අවශ්ය නම්, ඔවුන්ව එකමුතු කළ හැකි එකම බලවේගය වන්නේ ඔවුන්ගේ අතීත උරුමය වූ හෙබ්රෙව් භාෂාවයි. භාෂාවක් නොමැතිව ජාතියකට එකමුතු විය නොහැක!"
නමුත් මුළු ලෝකයම ඔහුට සිනාසුණා. "කෙසේද වසර දහස් ගණනක් පැරණි ආගමික භාෂාවකින් නවීන ලෝකයේ දුම්රිය, විදුලිය, වෛද්ය විද්යාව හෝ එදිනෙදා කටයුතු ගැන කතා කරන්නේ?" යැයි බොහෝ දෙනා ප්රශ්න කළා.. 1881 වසරේදී, තම දැඩි අභිප්රාය කරපින්නාගත් බෙන්-යෙහුඩා සහ ඔහුගේ බිරිඳ වූ දෙබෝරා එකල ඔටෝමාන් අධිරාජ්යයට අයත්ව තිබූ ජෙරුසලම බලා පැමිණියා. ඔවුන් ජෙරුසලමට පා තැබුවේ නවීන පහසුකම් මැද ජීවත් වීමට නෙවෙයි. අතිශය දුෂ්කර, දුගී සහ බාධක පිරි පරිසරයක හෙබ්රෙව් භාෂාවට පණ දීමේ අරගලය ආරම්භ කිරීමටයි.
ලොව පළමු හෙබ්රෙව් නිවස
ජෙරුසලමට පැමිණි විගස බෙන්-යෙහුඩා සහ ඔහුගේ බිරිඳ අතිශය තීරණාත්මක, එමෙන්ම දැඩි තීරණයක් ගත්තා.. ඒ තමයි තමන්ගේ නිවස තුළ හෙබ්රෙව් හැර වෙනත් කිසිදු භාෂාවක් කතා නොකිරීම!
මේ තීරණය ක්රියාත්මක කිරීම ලේසි පහසු වුණේ නැහැ. දෙබෝරාගේ මව් භාෂාව වුණේ රුසියන්. බෙන්-යෙහුඩාටත් වෙනත් භාෂා කිහිපයක්ම පුළුවන්. නමුත් ඔවුන් දෙදෙනා එකිනෙකා අතර කතාබහ කළේ අලුතින් සොයාගත්, පැරණි පොතපතින් මතක් කරගත් හෙබ්රෙව් වචන වලින් පමණයි.
වචනයක් මතක් නොවූ විට ඔවුන් අභිනයෙන් හෝ චිත්ර ඇඳීමෙන් අදහස් හුවමාරු කරගත්තා මිස වෙනත් භාෂාවකට මාරු වුණේ නැහැ. මේ කැපවීමේ අග්රඵලය ලෝකයට දායාද වුණේ ඔවුන්ගේ පළමු පුත්රයා වූ ඉතාමාර් බෙන්-අවි උපත ලැබීමත් සමඟයි.
බෙන්-යෙහුඩා තම පුතාව බාහිර ලෝකයෙන් සහ වෙනත් භාෂා ඇසෙන පරිසරයන්ගෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කළා. නිවසේදී ඔහුට ඇසුණේ හෙබ්රෙව් භාෂාව විතරයි.
ඒ අනුව, සියවස් ගණනාවකට පසු ලෝකයේ ප්රථම වතාවට හෙබ්රෙව් භාෂාව සිය ප්රථම මව් භාෂාව කරගත් පළමු දරුවා බවට ඉතාමාර් පත්වුණා! ඉතාමාර්ගේ ලෝකය අමුතු එකක් වුණා..
ඔහුට සෙල්ලම් කිරීමට වෙනත් දරුවන් සිටියේ නැහැ, මන්ද අන් දරුවන් කතා කළේ වෙනත් භාෂාවන්. නමුත් ඔහු හරහා බෙන්-යෙහුඩා ඔප්පු කර පෙන්වූයේ මියගියයි කියූ භාෂාවක් නැවතත් දරුවෙකුගේ මව් භාෂාව ලෙස හැඩගැස්විය හැකි බවයි.
මහා ශබ්දකෝෂයේ නිර්මාණය
පැරණි හෙබ්රෙව් භාෂාවේ තිබුණේ ආගමික, කෘෂිකාර්මික සහ පැරණි සමාජයට අදාළ වචන පමණයි. නවීන ලෝකයේ එදිනෙදා භාවිතා වන වස්තූන් සඳහා හෙබ්රෙව් වචන තිබුණේ නැහැ. උදාහරණයකට පුවත්පත, ඔරලෝසුව, අයිස්ක්රීම්, බයිසිකලය, බැලූනය, බෝනික්කා, තුවාලය, පොලිසිය වැනි සාමාන්ය වචන පවා හෙබ්රෙව් භාෂාවේ තිබුණේ නැහැ..
මේ අභියෝගයට මුහුණ දීමට බෙන්-යෙහුඩා රෑ තිස්සේ වෙහෙසෙමින් මහා ශබ්දකෝෂයක් නිර්මාණය කිරීමට පටන් ගත්තා. ඔහු පැරණි අරාබි, ඇරමයික් සහ සංස්කෘත වැනි සෙමිටික් භාෂාවල මූලයන් අධ්යයනය කරමින්, පැරණි හෙබ්රෙව් ධාතු ප්රකෘති ඇසුරෙන් අලුත් වචන සිය ගණනක් නිර්මාණය කළා. ඔහු නිර්මාණය කළ වචන කිහිපයක් දෙස බැලූ විට ඔහුගේ නිර්මාණශීලීත්වය වටහාගත හැක.
පුවත්පත.. පැරණි හෙබ්රෙව්'හි "වෙලාව" හෝ "කාලය" අරුත් දෙන වචනය ඇසුරෙන් "ඉටොන්" යන වචනය සෑදුවා.
අයිස්ක්රීම්.. "හිම" යන අරුත ඇති වචනය ඇසුරෙන් "ගලිඩා" යන වචනය නිර්මාණය කළා.
ඔරලෝසුව.. "ෂාආ" (පැය) යන්නෙන් "ෂෙයන්" ලෙස වචනයක් තැනුවා.
බයිසිකලය.. "ඔෆ්නයිම්"
ඔහු දිනකට පැය 18ක් පමණ සෙවීමේ සහ ලීවීමේ නිරත වුණා. තමන්ගේ සෞඛ්යය පවා තකා නොබලා, ක්ෂය රෝගයෙන් පෙළෙමින් පවා ඔහු මේ මහා භාෂා ශබ්දකෝෂය සම්පූර්ණ කිරීම අතනොහැර සටන් කළා.
එහෙත් බෙන්-යෙහුඩාගේ මේ කාර්යය සුමට එකක් වුණේ නැහැ. ජෙරුසලමේ සිටි දැඩි මතධාරී ආගමික නායකයන් ඔහුට දැඩි ලෙස විරුද්ධ වුණා. ඔවුන් පැවසුවේ "ශුද්ධ වූ හෙබ්රෙව් භාෂාව එදිනෙදා කුණුකන්දල්, වෙළඳාම සහ කුණුහරුප කතා කිරීමට භාවිතා කිරීම මහා පාපයක්" බවයි.
ඔවුන් බෙන්-යෙහුඩාව සමාජයෙන් කොන් කළා, ඔහුට ගල් ගැසුවා, පුවත්පත් වලින් අපහාස කළා. නමුත් බෙන්-යෙහුඩා පසුබැස්සේ නැහැ. ඔහු පාසල් තුළ හෙබ්රෙව් භාෂාවෙන් ඉගැන්වීම ආරම්භ කිරීමට ගුරුවරුන් උනන්දු කළා..
කුඩා දරුවන් පාසලේදී හෙබ්රෙව් භාෂාවෙන් අධ්යාපනය ලබා ගෙදර ඇවිත් දෙමාපියන් සමඟ හෙබ්රෙව් වලින් කතා කිරීමට පටන් ගත්තා. සෙමින් සෙමින්, නව පරම්පරාව අතර හෙබ්රෙව් භාෂාව පැතිරෙන්නට වුණා.
වසර ගණනාවක අනවරත අරගලයකින් පසු, 1922 වසරේදී බ්රිතාන්ය පාලනය විසින් හෙබ්රෙව් භාෂාව පලස්තීන ප්රදේශයේ නිල භාෂාවක් ලෙස පිළිගනු ලැබුවා. තමන්ගේ ජීවිත කාලය පුරාම දුටු සිහිනය සැබෑ වීමෙන් මසකට පසුව, 1922 දෙසැම්බර් මාසයේදී එලියෙසර් බෙන්-යෙහුඩා මෙලොවින් සමුගත්තා. නමුත් ඔහු දල්වා ගිය භාෂාවේ අරුණාලෝකය නිවී ගියේ නැහැ.
අද මිලියන 9කගේ ජීවමාන හඬ!
අද වන විට, එනම් බෙන්-යෙහුඩා ජෙරුසලමට පා තබා වසර සියයකට අධික කාලයකට පසු, ලොව පුරා මිලියන 9කට (ලක්ෂ 90කට) අධික ජනතාවක් හෙබ්රෙව් භාෂාව තමන්ගේ එදිනෙදා නිල සහ මව් භාෂාව ලෙස භාවිතා කරනවා!
අද හෙබ්රෙව් කියන්නේ, නවීන විද්යාව සහ තාක්ෂණය කතා කරන භාෂාවක්. උසස් විශ්වවිද්යාලවල පර්යේෂණ කෙරෙන භාෂාවක්. නාට්ය, චිත්රපට, ගීත, සහ සාහිත්යය පෝෂණය වන සජීවී භාෂාවක්.
එදා මියගිය භාෂාවක් ලෙස සැලකූ හෙබ්රෙව්, අද වන විට ලෝකයේ වඩාත්ම සක්රීය, නවීන සහ ශක්තිමත් භාෂාවක් බවට පත්ව තිබීම මානව ඉතිහාසයේ සිදුවූ අද්විතීයම හාස්කම ලෙස සැලකෙනවා.
එලියෙසර් බෙන්-යෙහුඩාගේ සහ හෙබ්රෙව් භාෂාවේ මේ නැගිටීම දෙස බලන විට අපට සිතන්නට කරුණු රාශියක් ඉතිරි වෙනවා..
පළමුවැන්න එක් මිනිසෙකුගේ අභිප්රායට ලෝකයම වෙනස් කළ හැකි බවයි. එදා මුළු ලෝකයම "මෙය කළ නොහැක්කක්" යැයි කියද්දී, එකම එක මිනිසෙක් තමන්ගේ සිහිනය වෙනුවෙන් අවසානය තෙක් සිටගත්තා. අද ඔබ කරන්නේ නිවැරදි සහ අර්ථවත් දෙයක් නම්, මුළු ලෝකයම ඔබට එරෙහි වුවත් ඔබේ උත්සාහය අතනාරින්න!
එසේම සිතන්න, අපේ මව් භාෂාව ගැන අපට ඇත්තේ කෙබඳු හැඟීමක්ද? අද අපේ සමාජයේ පවා, තමන්ගේ මව් භාෂාව කතා කිරීමට වඩා වෙනත් භාෂාවක් කතා කිරීම "ආඩම්බරයක්" ලෙස සිතන ප්රවණතාවක් තිබෙනවා. නමුත් මේ හෙබ්රෙව් කතාවෙන් පෙනෙන්නේ, තමන්ගේම භාෂාවෙන් නැගී සිටීම තරම් අභිමානයක් තවත් නැති බව නේද?
© සාගර දියගම
[email protected]