කාවන්තිස්ස නැතිවුනේ antibiotics නිසා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,753
    12,788
    113
    මං පශූ වෛද්‍යවරයෙක් නෙවෙයි, හැබැයි මං දන්න වෛද්‍ය විද්‍යාව අනුව,

    1. කාවන්තිස්සට වෙඩි වැදිලා තිබ්බෙ ඉස්සරහ elbow joint එකට.

    2. Joint එකකට තුවාලයක් වුනොත්, ජොයින්ට් එක ඇතුලට විශබීජ ගිහින් septic arthrits හැදෙනවා...

    3. Septic arthrits වල මූලික සායනික ලක්ශන තමයි, ඒ අදාල limb එකට බර දෙන්න තියෙන අමාරුව, අලින්ට නොන්ඩි ගහන්න බැරි නිසා වතුරට බැහැලා බර අඩුකර ගන්න ට්‍රයි කරා එයා..
    ආසාදනය නිසා ආපු උණ අඩුකරගන්නත් ට්‍රයි කරා වෙන්න පුළුවන්

    4. Septic arthrits antibiotics වලින් විතරක් treat කරන්න බෑ.. අනිවාර්යෙන්ම sedate කරලා joint එක ඇතුලේ සුද්ද කරන්න වෙනවා..

    5. Septic arthrits antibiotics වලින් විතරක් treat කරන්න හැදුවොත් , osteomyelitis යනවා...ඒ කියන්නේ ආසාදනය අස්ථි වලට යනවා.. වෛද්‍ය විද්‍යාවෙ ව්‍යවහාරයේ කියන්නෙ osteomyelitis හැදෙනවට වඩා හොඳයි කැනසර් හැදෙන එක කියලා..

    6. කාවන්තිස්ස කියන්නෙ වනජීවී එකට අනුව ජනාධිපතිවරයා වගේ උඩම ඉන්න, උපරිම care එක දෙන්න ඕනි , ඒකට අදාල වගවීම තියෙන්න ඕනි ඇතෙක්..

    7. එහෙම තියෙද්දී, so called expert team එක decide කරනවා ඇතාට antibiotics විතරක් දීලා treat කරන්න...

    8. Septic arthritis, osteomyelitis , septicemia risk එකක් තියෙන ඇතාව sedate කරලා ultrasound guided/ arthroscopic washout එකක් කරන්න බැරිද ? එහෙම කරන්න බැරි පහසුකම් තාම හදලා නැත්තං එතනින් එහාට වනජීවී එකයි, පරිසර අමාත්‍යාංශයයි තිබිලා වැඩක් තියෙනවද?

    9. හැබැයි කාවන්තිස්ස නැතිවුනේ ඔය උඩ කිව්ව එක නොකරට වඩා හානියක් antibiotics වලිං කරපු නිසා කියන එක බොහොම ලේසියෙන් පැහැදිලි වෙනවා..
    ලොකු හරක්, අස්සයෝ , ඇත්තු වගේ ලොකු සත්තුංගේ බඩේ ඉන්න gut microbes වෙනම micro පරිසර පද්ධතියක් හදනවා...

    එහෙම ලොකු gut microbe Eco system එකක් තියෙන සත්තුන්ට antibiotics දෙනකොට හරිම පරිස්සමෙන් දෙන්න ඕනි...ඔය so called expert team එක , ඒ rule of thumb එක ගනං අරං නෑ...

    10. කාවන්තිස්සගේ gut microbe Eco system ඒක collapse වුන ගමන්, ඉතිරි වෙන්නෙ මරණය තමයි.. secondary gastric infection, severe dehydration, hypovolemic shock..

    ලංකාවේ කිසිම ක්ශේත්‍රයක් perfect නෑ තමයි, වෛද්‍යවරයෙක් විදියට මට කියන්න බෑ ලංකාවේ වෛද්‍යවරුත් perfect කියලා.. ඕනි තරම් ප්‍රශ්න තියෙනවා ,
    හැබැයි මට වගකීමෙන් කියන්න පුළුවන්, expert team එකක් විදියට වැඩක් භාරදූන්නොත් ලංකාවේ වෛද්‍යවරු ඒක 200% හරියට කරනවා...

    හැබැයි අනිත් ක්ශේත්‍රත් එහෙමද?

    කාවන්තිස්සගේ මරණය, medical mismanagement එකක් , negligence එකක්, ඒකට අදාල inquiry එකක් පවත්වන්න ඕනි..

    ලංකාවේ රාජ්‍ය සෙවයෙන් පහකරන්න පුලුවන් එක කාරණයක් තමයි major incompetency and negligence ඒ දෙකටම අදාලව inquiry යන්න ඕනි.

    පරිසර අමාත්‍යාංශය විදිහට ප්‍රතිපත්තිමය තීරණ ගන්න ඕන මෙහෙම issue එකක් ඉදිරියට handle කරන විදිහ ගැන...
    පස්සෙන් දුව දුව, antibiotics විද විද treatment කරන්නෙ නැතුව, ලොකු සතෙක්ව airlift කරන්න, sedate කරලා invasive procedures කරන්න පහසුකම් තාම හදලා නැත්තං, එතනිං එහාට වෙන කතා නෑ...

    ...

    https://www.facebook.com/share/p/19W2q8qcyW/
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,817
    5,428
    113
    මං නං කියන්නේ මේ සත්ව ඝාතනයට හරි හමං පරීක්ෂණයක් කරලා, වැරදිකරුවෝ එල්ලුම්ගස් යවන්න ඕනේ..

    දැං තේරෙනවා නේද තායිලන්තෙං මුතු රාජා අරං ගිය එක හරි කියලා..

    මේවගේ අවජාතක වේස බලු වනජීවී එකක් තිබිලා රටට පකද.

    හෙනම ගහපං ඕකුන්ට
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,538
    1,340
    113
    United States
    හරිම දුකයි මේක කියවද්දි. joint එක ඇතුල සුද්ද නොකර antibiotics විතරක් දීපු එක නම් ලොකු අතපසු වීමක්, මේ ගැන අනිවා inquiry එකක් යන්නම ඕනි
     
    • Like
    • Dislike
    Reactions: NRTG and hu KANNA

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    909
    323
    83
    Doha - Qatar
    🐘 පඩයප්පා රැකගන්න කේරළයට පුළුවන් නම්, කාවන්තිස්ස රැකගන්න අපේ වනජීවී දෙපාර්තමේන්තුවට බැරි වුණේ ඇයි?

    කේරළයේ මුන්නාර් ප්‍රදේශයේ පඩයප්පා කියන වන අලියා වයස අවුරුදු 60ක් පමණ වන බවට ඇස්තමේන්තු කෙරෙනවා. ඔහු මිනිස් ජනාවාසවලට පැමිණෙන අවස්ථාවලදී වනජීවී නිලධාරීන් මැදිහත් වෙනවා. ඔහුගේ ගමන් බිමන් නිරීක්ෂණය කරනවා. මිනිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන අතරම අලියාටත් ජීවත් වීමට ඉඩ සලසන්න උත්සාහ කරනවා.

    එහෙම නම් අපේ රටේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙවැනි ක්‍රමවත් වැඩපිළිවෙළක් තවත් ශක්තිමත් කරන්න බැරි ඇයි?

    අද අපට අහිමි වී තිබෙන්නේ තවත් එක් වන අලියෙක් පමණක් නොවෙයි. කාවන්තිස්ස වැනි වටිනා වන අලියෙකුගේ ජීවිතයයි. ඔහුගේ පාදයට වෙඩි වැදීමෙන් ඇති වූ බවට වාර්තා වූ තුවාලයට ප්‍රතිකාර ලබා දුන්නත්, අවසානයේ ඔහු මියගිය බවට පුවත් වාර්තා පළවුණා.

    මෙතැනදී ප්‍රශ්නයක් අහන්නම ඕනෑ.

    වන අලියෙකු තුවාල ලැබූ පසු ප්‍රතිකාර කිරීම පමණක් ප්‍රමාණවත්ද? නැත්නම් එවැනි අනතුරු වළක්වා ගැනීමටත්, තුවාල ලැබූ සතෙකුගේ ජීවිතය බේරාගැනීමටත් මීට වඩා ශක්තිමත් ක්‍රියාමාර්ග අවශ්‍යද?

    අපේ වනජීවී නිලධාරීන් අතර කැපවීමෙන් වැඩ කරන පිරිස් සිටින බව අපි පිළිගන්නවා. නමුත් ඒ නිසාම සමස්ත පද්ධතියේ අඩුපාඩු ගැන ප්‍රශ්න නොකර සිටිය යුතු නැහැ.

    කාවන්තිස්සගේ සිදුවීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගෙන් පැහැදිලි පිළිතුරු අවශ්‍යයි.

    🔹 ඔහුට වෙඩි වැදීම වළක්වා ගැනීමට මීට පෙර ගත හැකිව තිබූ පියවර මොනවාද?

    🔹 තුවාලයෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කිරීමට ප්‍රමාණවත් වැඩපිළිවෙළක් තිබුණාද?

    🔹 ඔහුගේ ජීවිතය බේරාගැනීමට ගත් සියලු පියවර සහ ප්‍රතිකාර පිළිබඳ විධිමත් සමාලෝචනයක් සිදු කරනවාද?

    🔹 මෙවැනි සිදුවීම් නැවත නොවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද?

    මේවා චෝදනා කිරීම සඳහා පමණක් අසන ප්‍රශ්න නොවෙයි. පිළිතුරු දැනගැනීමට මහජනතාවට අයිතියක් ඇති ප්‍රශ්නයි.

    පඩයප්පා වැනි වන අලියෙකු ආරක්ෂා කිරීමේදී වැදගත් වන්නේ ඔහු ප්‍රසිද්ධ අලියෙකු වීම පමණක් නොවෙයි. ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා නිරීක්ෂණය, නිසි කළමනාකරණය සහ හදිසි ප්‍රතිචාර ක්‍රම ක්‍රියාත්මක වීමයි.

    අපේ රටේ වන අලියෙකු මියගිය පසු ශෝක පණිවිඩ නිකුත් කරනවාට වඩා, ඔවුන් ජීවත්ව සිටියදී ආරක්ෂා කිරීමට වගකීමෙන් වැඩ කරන පද්ධතියක් අපට අවශ්‍යයි.

    කාවන්තිස්සගේ මරණය ගැන කනගාටු වීම පමණක් ප්‍රමාණවත් නැහැ. සිදුවූයේ කුමක්ද, අඩුපාඩු තිබුණාද, ඉදිරියේදී ඒවා නිවැරදි කරන්නේ කෙසේද යන්නට පැහැදිලි පිළිතුරු අවශ්‍යයි.

    අපේ වන අලි අපේ ජාතික උරුමයයි. ඔවුන් ආරක්ෂා කිරීම වනජීවී දෙපාර්තමේන්තුවේ වගකීමක් පමණක් නොව, සමස්ත රටේම වගකීමක්. නමුත් ඒ වගකීම ඉටු කිරීමට බලය සහ සම්පත් ඇති ආයතනවලින් මහජනතාවට වගවීමත් අපේක්ෂා කළ යුතුයි.

    කාවන්තිස්ස වෙනුවෙන් හඬ නඟමු. තවත් වන අලියෙකුගේ ජීවිතයක් අහිමි වීමට පෙර ක්‍රියාත්මක වෙමු. 🇱🇰🐘
     
    • Like
    Reactions: NRTG