@Al Baik @kazzen
පළමු සිදුවීම වාර්තා වන්නේ අපේ ලාංකික විදේශගත ශ්රමිකයෙකු වටා ය. සවුදි අරාබියේ සේවය කරමින් සිටි මේ ශ්රී ලාංකිකයාට එල්ල වූයේ ඉස්ලාම් දහමේ ශාස්තෘවරයාණන් වන නබිනායකතුමන්ට අපහාස කළේ යැයි කියන චෝදනාවයි.
සවුදි නීති පද්ධතියට අනුව එම චෝදනාවට වරදකරු වූ අපේ ලාංකිකයාට අවසානයේ නියම වූයේ මරණ දඬුවමයි.
නමුත් මෙහිදී සිදු වූයේ නොසිතූ දෙයකි!
ලංකාවෙන් එල්ල වූ දැඩි රාජ්ය තාන්ත්රික බලපෑම් සහ ජනතාවගේ දැඩි විරෝධතාවල ප්රතිඵලයක් ලෙස, සවුදි බලධාරීන් විසින් ඔහුට ක්ෂමාපූරක සහනයක් ලබා දීමට තීරණය කළේය.
නමුත් දෙවන සිදුවීම ඊට හාත්පසින්ම වෙනස්, ඉතා අඳුරු සහ කම්පන සහගත එකකි.
සවුදි අරාබියේ පිහිටි ඉස්ලාම් භක්තිකයන්ගේ පූජනීය ස්ථානයක සිදුවූවා යැයි කියන සිද්ධියක් මුල් කරගනිමින්, බංග්ලාදේශ යුවලක් අත්අඩංගුවට ගැනුණි!
ඔවුන්ට එල්ල වූ චෝදනාව වූයේ, එම පූජනීය ස්ථානය තුළ නොමනා හැසිරීම්වල නිරත වූ බවය. මෙම පුවතත් සමඟම බංග්ලාදේශය තුළ මහත් ආන්දෝලනාත්මක පුවත් සහ තොරතුරු පැතිර යන්නට පටන් ගත්තා..
එම සංවාද වලට අනුව, එය අනාචාරයක්ද? නැතහොත් ආදරයක්ද?
බංග්ලාදේශ සමාජ මාධ්යවල සඳහන් වන ආකාරයට, අත්අඩංගුවට පත් බංග්ලාදේශ යුවළ ගණිකා වෘත්තියේ නිරත වූවන් හෝ අසභ්ය ලෙස හැසුරුණු අය නොවේ.
ඔවුන් එකිනෙකා වැළඳ ගනිමින් සිටි බවත්, ඊට එහා ගිය කිසිදු බරපතල නොමනා හැසිරීමක් සිදු නොකළ බවත් සඳහන් වේ.
බංග්ලාදේශ ජනතාව පෙන්වා දෙන්නේ පසුගිය වසර දහයක කාලය තුළ පමණක් සවුදි අරාබියේ සිට බංග්ලාදේශ ජාතිකයන් 5,000 කගේ පමණ මෘත ශරීර නැවත බංග්ලාදේශයට එවනු ලැබ ඇති බවය.
අනතුරු වලින් මියගිය අය, විවිධ වැරදි වලට වරදකරුවන් වී දඬුවම් ලැබූ අය ඇතුළු විශාල පිරිසක් මීට අයත් වේ.
නමුත් මේ සියල්ලටම වඩා ලෝකයම කම්පනයට පත් කළ පුවත වාර්තා වූයේ ඊයේ දිනයේදී ය. අර බංග්ලාදේශ යුවළට හිමි වූ මරණ දඬුවම ඊයේ ක්රියාත්මක කර තිබුණි.
එහිදි ඔවුන්ව එල්ලා මරා දැමුවේ නැත.
විදුලි පුටුවට තබා ඝාතනය කළේද නැත.
ඒ වෙනුවට භාවිතා කළේ, වසර දහස් ගණනක් පැරණි අතිශය දරුණු ක්රමවේදයකි.
මහ පාරේ ඔවුන් පණපිටින් සිටියදීම, තියුණු කඩුවකින් පහරදී ඔවුන්ගේ හිස් දෙක සිරුරෙන් වෙන් කර දමනු ලැබීය.
අද වන විට හිස සහ කඳ වෙන් කරන ලද එම දෙදෙනාගේ මෘත ශරීර නැවතත් බංග්ලාදේශයට ගෙනැවිත් තිබේ.
මෙම සිදුවීමට අදාළ වීඩියෝ දර්ශන දකින ඕනෑම සාමාන්ය මනුෂ්යයෙකුගේ හිස කරකැවී යන තරම්ය.
සිරුරෙන් හිස වෙන්වී යන අයුරු දැකීම පවා මහත් කම්පනයක්, බියක් සහ පිළිකුලක් ඇති කරවන්නකි.
මෙම සිදුවීම් දෙක අප හමුවේ තබන්නේ විශාල ප්රශ්නාර්ථයකි!
අප ජීවත් වන සියවසේදී මානව හිමිකම්, තනි පුද්ගල නිදහස සහ සානුකම්පිත නීති පද්ධතීන් ගැන මුළු ලෝකයම කතා කරද්දී, වසර 1,400 කට පෙර පැවති දඬුවම් ක්රම තවමත් මෙලෙස ක්රියාත්මක වීම සාධාරණද?
ඔව්, නීතියට සහ ආගමික පූජනීයත්වයට ගරු කළ යුතු බව ඇත්තකි. නමුත් මනුෂ්ය ජීවිතයක වටිනාකම ඊට වඩා වැඩි නැද්ද?
"දෙවියන් විනෝදයට හදපු දේ මිනිස්සු ඕනවට වඩා සීරියස් අරන් දුක් විඳිනවා.."යැයි ඇලන් වොට්ස් කී දේ මේ අරාබීන් තේරුම් ගන්නේ කවදාද?
copied from sagara diyagama