සෙත් කවි සහ වස් කවි කලාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,418
    102,555
    113
    ශබ්ද සහ කාව්‍ය ශාස්ත්‍රත්, ජ්‍යොතිෂ්‍යය ශාස්ත්‍රයත් සමෝධාන වන අපූරු තැනකි සෙත් සහ වස් කවි කලාව. සෙත් කවියක් යනු යම් අයෙකුට ආශිර්වාද පිණිස සිව් පද හෝ වෙනත් කවි ක්‍රමයකින් සුබාසුබ බලා ග්‍රහබල භාවබල නැකත් සහ හෝරා බල බලා කවියක් රචනා කොට ගායනා කොට සෙත් පැතීමයි. එහි අන්‍ය අන්තය වස් කවියයි. නියමිත ආකාරයකින් සෙත් කවියක් හෝ වස් කවියක් ලිවීමට ශාස්ත්‍රීය ශික්ෂණයක් අවශ්‍යය. කවර ශාස්ත්‍රයීය ශික්ෂණයක් ද යත්; ඉෂ්ට අනිෂ්ට ආදී ගණ පිළිබඳ වැ දැනුමක් අවශ්‍යය. දෙවැනුව අපාය දේව මනුෂ්‍ය යන අක්‍ෂර ගැනැ හැදෑරීමක් අවශ්‍යය. වෙසෙසින් මැ භූත සංඛ්‍යා සහ කටපයාදි ක්‍රමය ගැන මොනවට දත යුතු ය. ගී පද, සිව් පද, සැහැලි ආදිය ගැන උගත යුතු ය. ජ්‍යොතිෂ්‍යය සහ ගුප්ත ශාස්ත්‍රය ගැන දැනීමක් අවශ්‍යය. ජ්‍යොතිෂ්‍ය පරතෙර දන්නේ නමුත් ජ්‍යොතිර්වේදීන් සෙත් කවි ලිවීමට සහ වස් කවි ලිවීමට දක්වන බියක් ඇත. ඒ බිය නම් සෙත් කරන අදිටනින් ලියූ කවියක් තමන් වෙත වස් කවියක් වන්නට ඉතා සුළු වරද වුව ප්‍රමාණවත් හෙයිනි. නිදසුනක් ලෙස වස් හෝ සෙත් කවිය කොතරම් ශාස්ත්‍රීය ලෙස සකලාංග සම්පූර්ණ ලෙස සැකසුව ද එය ගායනා කරන වේලාව අනුව එහි ඵලය වෙනස් වන්නට ඉඩ තිබේ. කොතරම් වෛරීව ගයන වස් කවිය නමුත් ලියන්නාට සහ කියවන්නාට අශුභ වී ප්‍රාර්ථනා ලබන්නාට සෙත් විය හැක. සෙත් කවිය ද එසේ ම යැ. ලියන්නාටත් කියවන්නාටත් ගුණ ලබන්නාටත් නැති අපල උදාවන සෙත් කවි ද වේ.

    වෑත්තෑවේ හිමියන් ගුත්තිලය වායු ගණයෙන් ආරම්භ කළ නියාව දුෂ්කෘත බව දත් රාහුලපාදයන් "වෑවැත්තේ මේ වැත්තේ නැව් නැග්ගේ" යනාදීන් ප්‍රකාශ කළ බැව් ප්‍රකට කතාවෙකි. ම ආදී අට ගණයෙහි ස්වරූප වෙති. සර්ව ගුරු වහී දේවතා සංකේත ම ගණය වනාහී සුබ ඵල දායක වේ. ය ගණය ආයුකාරක වේ. අග්නි දේව සංකේත ර ගණය දාහය ගෙනෙයි. ශක්‍ර ස්වරූප ස ගණය වායු දේව සංකේතයෙන් විදෙස්ගත වීම සකසයි. වෑත්තෑවේ හිමිට මෙනි. ත ගණය ශුන්‍යතාවට ද, ජ ගණය රුජාවට ද, බ ගණය යසසට ද, ජ ගණය වෘද්ධියට ද හේතු භූත වන බව සංස්කෘත ඡන්දස් ශාස්ත්‍රයේ උගන්වයි.

    සූරිය ගිනි වා ආකාසය ගණ
    ජරසෙත කෙමෙනා දැන ගෙන මනමෙන
    සෝක මරණ උමතුන් දුප්පත් වෙන
    අවැඩට තෙපලති මෙසිව් අනිටු ගණ

    මේ පැරණි ඉගැන්වීමකි. ශබ්ද ශාස්ත්‍රයේ ඉෂ්ට අනිෂ්ට භේදය වස් කවි සෙත් කවි සඳහා ම වූවෙකි.

    සියලු පටන් මැද අවසන් වත ගලනා
    එමනබයජර සත නමිණ ගණ වනා
    දියොද සෙතා ලෙස දළ සෝ මර වැසෙනා
    පටත බිදන් පැසැ සිටුවා කළ කෙමෙනා (සිදත)

    සිංහල අක්ෂර ශාස්ත්‍රයේ අකුරු වර්ග තුනෙකි. එනම් අපායාක්ෂර දිව්‍යාක්ෂර සහ මනුෂ්‍යාක්ෂරය.

    එක යම රජ අණ නළ අං අවාකර
    උප බග හා නර නමිතිරි වේ අමර
    සුර නර පෙර පසැ වැඩ දේ අවාකර
    නසා සුබ සියල් නර තුරු මැදුම් සර

    මුල් පෙළෙහි අකුරු අපාය අක්ෂරය. සුබ කවි ආරම්භයෙහි නොයොදයි. උපබගහ යන අකුරු මනුෂ්‍ය වන අතර ඉතිරිය දේවතාක්ෂර නමි.

    මේ ඉෂ්ට අනිෂ්‍ට ගණ සහ ත්‍රිවිධ වර්ග අක්ෂරයන්ට අමතර වැ ඉෂ්ට අනිෂ්ට ශබ්ද ද ඇත. ආසිරි,පින්, සුබ ආදී ශබ්ද ඉෂ්ටය. මංගලය. ඒවා ඉෂ්ට ශබ්ද ප්‍රකෘති වේ. ඉෂ්ට ක්‍රියා ද වේ. ඉටා, ලැබේවා ආදී ශබ්ද ඊට අයත් ය. ඉෂ්ට වස්තු ශබ්ද ද ඇත. බෝ සත්, මෙහෙසුරු, දෙවි, ගඟ ආදිය ඉෂ්ට වස්තු යැ. ඉෂ්ට ශබ්ද මෙන්ම අනිෂ්ට ශබ්ද ද ඇත. ඒවා ද ශබ්ද ප්‍රකෘති, ක්‍රියා සහ වස්තු යන කොට්ඨාස තුනට අඩංගු ය.

    මේ ශබ්ද සහ කාව්‍ය ප්‍රයෝග සියල්ලම බත උයනු රිසියෙන් කවිය නම් මුට්ටියට දමන හාල නම් වතුර වනාහී ජ්‍යොතිෂ්‍ය යයි. යමෙකුට විරුද්ධව වස් කවියක් කියනවා යැයි සිතමු. එය ඵල දෙන්නට නම් එම පළි ලබන්නාගේ ග්‍රහ පිහිටීම ද වැදගත් ය. පළි ලබන්නාගේ ජන්ම පත්‍රය අනුව මර යෝගයක් එළඹෙන, අශුභ කරණයක් ලබන සහ පක්ෂියා මරණ අවස්ථාවෙහි මර සූක්ෂ්ම මර අති සූක්ෂ්ම වන පංචම කාල හෝරාව ගෙන තව තවත් ග්‍රහ පිහිටීම් බලා කියන වස් කවිය ඵල දෙන්නට වැඩි වේලා නොයන බව ජන කතා බොහොමයකින් හෙළි වෙයි. සෙත් කවිද එසේ ම යැ.

    ජීවන අත්දැකීමක් කියමි. මිනුවන්ගොඩ පොල්වත්ත ගම අදට ද සුජීවත් ඉතා වයස්ගත ජ්‍යොතිර්වේදිණියකි. ඇය ගේ පුත්‍රයා ද ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය මනා ලෙස උගත් අයෙකි. ඒ බෙල්ලන ඤාණවිමල මහ නා හිමි වෙතිනි. දශක කිහිපයකට පෙර එකී ජ්‍යොතිර්වේදිණියට අංශභාග තත්ත්වයක් වැළඳුණු අතර වෛද්‍ය මතය වූයේ ඇයට නැවතත් දෙපයින් නැගීසිටීමට නොහැකි වන බවයි. මේ බව ඇගේ පුත්‍රයා බෙල්ලන මහ නාහිමිට දැන් වූ පසුව බෙල්ලන මහ නා හිමි පියුමකර වැනි ඉතා කෙටි සිව්පද සෙත් කවියක් ඇගේ ග්‍රහ පිහිටීම විමසා සකස් කර දී ඇත. ඒ කවිය මිනුවන්ගොඩ ප්‍රදේශයේ විහාරයක විෂ්ණු දේවාලයක දී මහ නාහිමි මැ ලබා දුන් වේලාවල් වල දී සජ්ඣායනය කර ඇත. නියම කර තිබුණේ පහනක් දල්වා, මෙත්‍ත සූත්‍රය කියා දෙවියන්ට පින් දී එම කවිය එක් වරක් කියවීමටයි. පළමු දින රෝද පුටුවකින් ආ ලෙඩා තුන් වන දින සෙත් කවිය කියන අවස්ථාවට සහභාහී වූයේ දෙපයින් ඇවිදගෙන ය. බෙල්ලන මහ නාහිමි හැරුණ විට මෙම කතාවේ සියලු චරිත අදද ජීවමාන ය. කවි කලාව එවැනි ආශ්චර්ය අද්භූත එකකි.

    අද සෙත් කවි කියා ලියන බහුභූත වැල් වටාටම් කවි ලියන කවියාට වුව ද කියවීමට නොහැකි තරම් ව්‍යාකූල යැ. ශාස්ත්‍රීයව හීන ය. වස් කවි ද එසේ ම ය. වචන බරය. කවුරුත් නොදන්නා පද බහුල ය. ශාස්ත්‍රය ද උඩින් පල්ලෙන් පෙනෙන ලෙස ලියා ඇත. නමුත් දෝෂ සහගත බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ.

    තවත් එක් ජන කතාවක් කියමි. වස් කවි කලාවේ සක්විත්තා කුංකුනාවේ හාමුදුරුවන් ය. උන්වහන්සේ මහ නුවර ප්‍රධාන විහාරයක වැඩ සිටි සම්භාවනීය යතිවරයෙකි. ප්‍රකට කවියෙකි. රාජාධිරාජ සිංහ සමයෙහි මාලිගාව ඉදිරිපිට මාර්ගයෙහි ගමන් කිරීම රජු තහනම් කර තිබී ඇත. කුංකුනාවේ හිමියන් මේ මාර්ගයේ ගමන් කරනු දුටු රාජපුරුෂයන් ඒ බව රජු ට දැන්වීය. රජු කුංකුනාවේ හිමියන් විහාර මළුවේ වැඩ සිටින විට හාමුදුරුවන් මුණ ගැසී අනවසර මාර්ගයේ ගමන් කළේ දැයි විමසා සිටියේ ය. ඉන් කිපුණු කුංකුනාවේ හිමියන් එතැන තිබුණු කොස් ගස දෙස බලා,

    මෙවැනි බසක් මින් පසුවත් නොකීයන්
    මෙරට තුනුරුවන් ගේ යැයි සිතීයන්
    මෙකිරි ගසට මේ අවනඩු පෙනීයන්
    මහ බඩ පැළෙන ලෙස හතරට පැළීයන්

    කීවේලු. සිව් පදය අවසන් වන විට ම පෙර පසු නොවී එම කොස් ගස පැළී ගියේය. බිය වුණු රජුගෙන් කුංකුනාවේ හිමියන් ඇසූයේ "රජෝ තොගෙ බඩත් හතරට පැළෙන්න හතර පදයක් ගලපන්නද?" කියායි. රජු බිය වී පළාගිය බව ජනප්‍රවාදයේ එයි.

    තවත් අවස්ථාවක මහනුවර ශ්‍රී මහා නාථ දේවාලයේ වහලයට බෝධියේ අත්තක් පාත් වූ විටෙක කිසිවෙක් එය ඉවත් කරන්නට බිය වුණු තැන කුංකුනාවේ හිමියන් කවියක් කියා බෝ අත්ත බිම දමා ඇත්තේ වීරමුණ්ඩ යකු ගේ උදව්වෙනි.

    රම් රද විමන බෝ අත්තෙන් වැසී ගියා
    පන් කළ උළු සෙවිලි පලවල් දිරාගියා
    අන් බසකට නොනැමෙන ගෝර චණ්ඩියා
    සුන් කර හරින් තෙද බල වීර මුණ්ඩයා

    යනු ඒ කවියයි.

    කුංකුනාවේ හිමියන් ගැන එවැනි කතා සාගරයකි. විහාරයෙහි සිටි ඇබිත්තියාගේ බඩ පුපුරන තෙක් ඉදිමෙන්න කියූ කවිය ද එවැන්නකි.

    වස් කවිය දැරදුණොත් එය කවියාට හානිකර බව පෙර සටහන් කලෙමි. කොත්මලේ ගණිතයාගේ කතාව එවැන්නකි. කොත්මලේ ගණිතියා සියදිවි නසාගත්තේ තමාට තමාම වස් කවියක් කියාගෙන ය. ඒ ද රාජාධිරාජසිංහ සමඟ කෝන්තරයකිනි. කොත්මලේ ගණිතයා යනු සිකුරු ගේ කුණ්ඩලාභරණය ලද මෙන්ම සිකුරු ව අම්බලමකදී හමු වූ අරුම පුදුම ජ්‍යොතිර්වේදියා ය. කොත්මලේ මාවෙල ගම්වරයේ සිකුරාධිපති යා ය.

    සත් අවුරුද්දක් වසිනා වැස්සේ බිංදු ගණන් කරලා දෙඤ්ඤං
    සත් අවුරුද්දක් ගිය කණ්කුණ්ඩගෙ කකුල් ගණන් කරලා දෙඤ්ඤං
    අබ තුන් පෑලක් මැනලා දුන්නත් පියලි ගණන් කරලා දෙඤ්ඤං
    තව තුන් පැයකට නොමරා සිටියොත් මෙතුන් පදේ තෝරා දෙඤ්ඤං



     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,418
    102,555
    113
    මේ හේ දිවි නහගත්ග් කවියයි. තවත් වස් කවි කප්පිත්තෙකි බරණ ගණිතයා. පත්තායමේ ලේකම් සමඟ පැනගිය තම බිරිඳව යළි ලබා ගැනීමට බරණ ගණිතයා කතරගම දෙවියන් අයැද පළමුව කවියක් කියා ආත. එය දෙවියන්ට නෑසුණු තැන දෙවනුව දෙවියන්‍ට දොස් නගා වස් කවියක් කියා ඇත. කාරණාව ඉටු කර නොදුණහොත් මොණර වාහනය උදුරා ගන්නා බවත් ඇස් දොළොස කණ කරන බවටත් බරණ ගණිතයා කතරගම දෙවියන්‍ට තර්ජනය කර තිබේ.

    රට කදිරා පුර නායක දෙවි කතරා
    මට නිතරා පැමුණුන දුක කී අතරා
    මට උදුරා නුදුනිනම් මගෙ පිය සොඳුරා
    තගෙ මයුරා වාහන ගන්නෙමි උදුරා

    ගුණ රනා කතරගම දෙවිඳු තෙද යස
    දැන ගනා කීමි ඔබහට මසිතු ලෙස
    අනයෙනා ඔබගෙ සිදු නොකළොත් මෙලෙස
    කන උනා වෙන්ඩ ඇන නුඹෙ නෙත දොළස

    මේ ඒ කවියයි. කරුණ ඉටුවුව ද බරණට දේව සාපයක් වැදිණි. වස් කවි කියනවා හෝ සෙත් කවි කියනවා හෝ යනු පහසු කටයුත්තක් නොවේ. වස් කවියක් කියන්නේ නම් ඉන් ලබන ප්‍රතිඵලය මතු මත්තේ තමාට ද එන බව දත යුතු ය.

    බරණ, කුංකුනාවේ හිමියන් තමන්ට හානි කළ සතා සීපාවට පවා වස් කවි කියා මරා ඇත. ඒවා ජනප්‍රවාදයේ එයි.

    වන්නියේ ගොවියන් මංගර දෙවියන්‍ට තම හේන් පාලු කරන සතුන්ට වස් කවි කියා මංගර දෙවි ලවා දඬුවම් දී තිබේ.

    වන්නි හතේ හුඹහ මතේ
    රන් පලයේ රතට රතේ කුළු මීමා වා

    මංගර දෙවියනේ වන්නි මංගර දෙවියනේ
    මගේ හේනෙ පලා නෙළුව වගවලසුන් දිවි ගජරල
    නගනු ඇතැයි කෙටේරියෙන් මුල සුනුකර ඔබේ බලෙන්
    බලාගන්ඩ දෙවියනේ වන්නි මංගර දෙවියනේ

    ව්‍යක්ත කාව්‍ය භාෂාවක් නැතුඳු ප්‍රබල හදගින්නකින් ගැමියා මේ වස් කවි ගයා ඇත.

    දේශපාලන අරමුණු තකා කතරගම ගොස් වස් කවි කියූ ඉතිහාසයක් පහුගිය සියවසේ වාර්තා විය. රාජ්‍ය භාෂා පනත අවස්ථාව වැනි සිංහල දෙමළ අර්බුධයක දී පිරිසක් කතරගම දේවාලයට ගොස් දීර්ඝ වශයෙන් කතරගම දෙවියන්ට මේ ගැන කියා පිහිට ඉල්ලූ සිංහල වස් කවියන් පිරිසක් ගැනැ මීට කලකට පෙර මා කියවා ඇත. ලියන්නා එය කියවා තිබුණ නමුත් කව මතක නැත.

    88/89 භීෂණ සමයේ දී මහාචාර්ය සුනිල් ආරියරත්න ද දෙවියන් උදෙසා වස් කවි ලියා නන්දා මාලනියගේ හඬින් පවනෙහි දී ගයවා තිබේ. ඒ උපුල්වන්, කතරගම සහ සමන් දෙවියන්ට බල කරමිනි.

    දනන් රුහිරු බී පණනල හප කරන
    කයින් හාගතේ තබවා උන් පෙළන
    එවුන් මරු කටට නොයවන දෙවි වරුණ
    දෙවුන්දරින් යනු පුද පෙත් නොපිළිගෙන

    සතර උගත් දරුකැල ඇවිදිති බඩගා
    විතර විකුම් පෙන්වයි කාසිය මුරගා
    දුරැර හරිනු ඒ දොස් දැක නොකර නිගා
    කතරගමින් පිටමන් වී යනු මුරුගා

    නැගෙන්නට සදන අත්පෙල බිමට නැමූ
    සිතන්නට තිබෙන සිත්වල අඟුලු දැමූ
    යකුන් නසනු බැරි නම් තට අපි නසනූ
    සමන් සුරිඳ යනු නොරැඳී සබරගමූ

    මෙය විරෝධාකල්ප කවියක් වුවත් එය ආරම්භ කර තිබෙන්නේ ජ ගණයෙනි. එය වස් කවියකට උචිතය.

    වස් කවි ලියන්නටත් සෙත් කවි ලියන්නටත් භාෂා ශාස්ත්‍රය ගැනත්, ජ්‍යොතිෂ්‍යය ගැනත්, ඡන්දස් ශාස්ත්‍රය ගැනත් කොතරම් උගත් වුවද ඒ සියල්ල සමඟ මනා ව ගැලපෙන අපූරු වස්තු නිර්මාණය කිරීමෙහි සාමාර්ථයක් තිබිය යුතුය. එනම් ප්‍රතිභාපූර්ණ කවිත්වයක් තිබිය යුතු ය. ඊට ද අමතරව වස් කවි සහ සෙත් කවි සඵල වන්නට නම් සෙත් කවි කියවන්නා තුළ පංචශීල ආදී ගුණධර්ම සහිත වීමත් මෛත්‍රී සහගත සිතක් ඇති වීමත් වස් කවි කීමේ දී වස් කවි කියන්නා තුළ ඉතා රෞද්‍ර දුෂ්ට සිතක් පැවතීමත් ක්‍රෝධය සහ පළි ගැනීම යන අදහසින් යුතු චිත්ත සන්තානයක් සකස් වීමත් අත්‍යාවශ්‍යය.

    මේ ශාස්ත්‍රීය කාරණා නොදැන සිටිය ද මෛත්‍රී සහගත සිතකින් කරන ප්‍රාර්ථනා සහ වෛරී සිතකින් කරන පළි දැරීම් තව කෙකුට බලපෑමක් කිරීමට තරම් ප්‍රබල බව නම් පරම සත්‍යයකි. සෙත් කරන්නට පළමු ව තමා සෙත බවට පත් විය යුතු ය. වස් යදින්නට පළමු ව තමා දුෂ්ට විය යුතු ය. සෙත් කිරීම හොඳය. බුදුවරු අනුදැන වදාළේ ද බෝසත් චරියාවෙන් ආදර්ශය ලබා දුන්නේ ද අංග ඡේදනය කරද්දී පවා ක්ෂාන්තිය පැතිර වීමටයි. ශාන්තිවාදී වීමටයි. අවි අමෝරා එන මාරයාට පවා මෛත්‍රී කිරීම තරම් ආරක්ෂාවක් තව ද නැත. අද අප යමෙකුට පළි දරන්නේ ද දොස් නගන්නේ ද ගුණ නසන්නේ ද සතුරෙකුට වුව ද අයහපත විපත සහ දුර්භාග්‍ය පතන්නේ ද එය අඳුරු සෙවණැල්ලක ලෙස අප පසුපසින් පැමිණෙයි. ලෝක ධර්මය එයයි. වස් කවි කලාව හොඳින් දන්නා අය ඉන් වැළකී ඉන්නට මූලික ම හේතුව වන්නේ මේ ලෝක ධර්මය ගැන ඇති අවබෝධයයි.

    වෙසෙසි ඇමුණුම:

    හිතවතුනි,

    මේ ලිපියට පාදක වන්නේ සමාජ මාධ්‍ය තුළ වස් සහ සෙත් කවි ගැන ඇතිව ඇති කතා බහයි. එම කතා බහ ගැනැ ලියන්නා තුළ පක්ෂග්‍රහණයක් නැත. ඕනෑම අයකුට සෙත් කවි හෝ වස් කවි හෝ කීමේ ලීමේ ගැයීමේ නිදහස ඇත. එයට මම ගරු කරමි. ඒවා රස විඳිමි. නමුදු ලියන්නා තුළ ශාස්ත්‍රග්‍රාහීත්වයක් ඇත. එබැවින් ලියන්නා මෙම ලිපිය සම්පාදනය කරන්නේ අප ද යම් තරමකින් ඉතා අල්ප වශයෙන් හෝ උගත් ශාස්ත්‍රයක් කෙරෙහි පළ වන යම් යම් අන්දමේ දුර්මත දුටු නිසාත් ඇතිව ඇති කතා බහ පාදක කරගෙන යම් ශාස්ත්‍රාලයීය දැනුමක් දානය කිරීම උදෙසා ත් ය. එබැවින් මෙම ලිපිය අධානග්‍රාහී ලෙස නොකියවා යම් හෝ දෙයක් ඉගෙන ගන්නේ නම් එය අප දන්නා දෙයක් ඔබට දීමෙන් ලබන මහත් සතුට හේතු කාරක වේ. තවද ගුරුකුල සහබද්ධව මෙම විෂය ගැන මීට දින කිහිපයකට පෙර සටහනක් ලියූ ශකිල රාජකරුණා සූරීන් ගේ ලිපිය ද මේ හා කියවන්නේ නම් මෙම විෂය පථය ගැන තවදුරටත් සුඛාවබෝධය ලබා ගත හැක. එහි සබැඳිය මෙහි අමුණමි.

    ස්තූතියි.

    කතුවර අයිතිය සුරකින්න.

    @highlight
     

    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    238
    372
    63
    සෙත් කවි, පිරිත් කියල බෝධිපූජා තියල තමන්ගෙ ප්රෂ්න විසදෙනකන් බලන් ඉදල කාලකන්නිවෙවී දුක් විද විද වයසට ගිහින් මැරිල යන නූගත් හැත්තක් බයියො කියන්නෙ. ලපයට බැන්නට ඔහොම උන් තමයි හීගන මානසිකත්වයෙන් ඉන්න නියම කොමියුනිස්ට් කාරයො. දෙයියන්ගෙන් ඉල්ලනව, ආන්ඩුවෙන් අඩුවට/ ආධාර ඉල්ලනව. පුදුම කම්මැල ි හිගන වේසිගෙපුතාල
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,418
    102,555
    113
    අර්ථය නැතුව ශබ්දය විතරක් ද ඔතන වැදගත් වෙන්නේ ?
    දෙකම ගලපනව.

    සෙත් කවි, පිරිත් කියල බෝධිපූජා තියල තමන්ගෙ ප්රෂ්න විසදෙනකන් බලන් ඉදල කාලකන්නිවෙවී දුක් විද විද වයසට ගිහින් මැරිල යන නූගත් හැත්තක් බයියො කියන්නෙ. ලපයට බැන්නට ඔහොම උන් තමයි හීගන මානසිකත්වයෙන් ඉන්න නියම කොමියුනිස්ට් කාරයො. දෙයියන්ගෙන් ඉල්ලනව, ආන්ඩුවෙන් අඩුවට/ ආධාර ඉල්ලනව. පුදුම කම්මැල ි හිගන වේසිගෙපුතාල
    මේ අර ලොතරැයිය ඇදිල දියනු වෙනකං බලන් ඉන්න කෙනා නේද? 🤭🤭
    ------ Post added on Oct 20, 2026 at 10:22 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,226
    169,863
    113
    එකමත් එක රටක
    දෙකම ගලපනව.
    අගහරු ලෝකේ භාෂාවකින් ඔය කියන විදියට ගණ පිහිටලා කරපු වස් කවියක් මෙලෝකේ දී කිව්වොත් වදිනවද ඒ කියන්නේ ?

    නිකන් හිතපන් අහන එකා වචන තේරුම දන්නෙත් නෑ
    කියන එකා තේරුම දන්නෙත් නෑ
    හැබයි කොහේ හරි තැනක ඒ වචන වලට තේරුමක් තියනව
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,742
    19,117
    113
    35
    Spain
    අගහරු ලෝකේ භාෂාවකින් ඔය කියන විදියට ගණ පිහිටලා කරපු වස් කවියක් මෙලෝකේ දී කිව්වොත් වදිනවද ඒ කියන්නේ ?

    නිකන් හිතපන් අහන එකා වචන තේරුම දන්නෙත් නෑ
    කියන එකා තේරුම දන්නෙත් නෑ
    හැබයි කොහේ හරි තැනක ඒ වචන වලට තේරුමක් තියනව
    සමහර ශබ්ද නිසා මොලයේ ස්වභාවික සංඛ්‍යාතයට සමපාත් වුනොත් වගේ එෆෙක්ට් එකක් එන්න ඉඩක් තියෙනවා නේද? පාලමක මාච් පාස්ට් යන්න දෙන්නේ නැත්තේ පාලමේ ස්වභාවික සංඛ්‍යාතයට සමාන වුනොත් පාලම දෙදරලා යන නිසා නේ. ඉතින් එහෙම බැලුවොත් අපිට කියන්න බෑ යම් කිසි බලපෑමක් නැතිය කියන එක.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,226
    169,863
    113
    එකමත් එක රටක
    සමහර ශබ්ද නිසා මොලයේ ස්වභාවික සංඛ්‍යාතයට සමපාත් වුනොත් වගේ එෆෙක්ට් එකක් එන්න ඉඩක් තියෙනවා නේද? පාලමක මාච් පාස්ට් යන්න දෙන්නේ නැත්තේ පාලමේ ස්වභාවික සංඛ්‍යාතයට සමාන වුනොත් පාලම දෙදරලා යන නිසා නේ. ඉතින් එහෙම බැලුවොත් අපිට කියන්න බෑ යම් කිසි බලපෑමක් නැතිය කියන එක.
    මම ඇහුවේ ශබ්ද නෙවෙයි . . අර්ථය කියන දේ .

    මොකද ඕන කෙනෙක්ට දැන් උනත් අලුතෙන් භාෂාවක් හදාගන්න පුලුවන් .
    අර්ථය කියන්නේ ශබ්ද වලට මිනිස්සු දෙන තේරුමක් . ඒක එකම ශබ්දයට තැන් දෙකක එකිනෙකට විරුද්ධ වෙන් පුලුවන් .
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,742
    19,117
    113
    35
    Spain
    මම ඇහුවේ ශබ්ද නෙවෙයි . . අර්ථය කියන දේ .

    මොකද ඕන කෙනෙක්ට දැන් උනත් අලුතෙන් භාෂාවක් හදාගන්න පුලුවන් .
    අර්ථය කියන්නේ ශබ්ද වලට මිනිස්සු දෙන තේරුමක් . ඒක එකම ශබ්දයට තැන් දෙකක එකිනෙකට විරුද්ධ වෙන් පුලුවන් .
    එක හරි. උඹ ඇන්ඩ් ලොජික් ගේට් එක දන්නවා නේ, සවුන්ඩ් එක හා තේරුම දෙකම සත්‍ය නැති නම් අවුටුපුට් එක අසත්‍යයි. ඕ ගේට් එකක් නම් ඉතින් කතාව වෙනස්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,226
    169,863
    113
    එකමත් එක රටක
    එක හරි. උඹ ඇන්ඩ් ලොජික් ගේට් එක දන්නවා නේ, සවුන්ඩ් එක හා තේරුම දෙකම සත්‍ය නැති නම් අවුටුපුට් එක අසත්‍යයි. ඕ ගේට් එකක් නම් ඉතින් කතාව වෙනස්.
    එහෙම බැලුවොත් අර්ථය වැඩක් නෑ .
    අගහරු වල භාෂාවකින් කරපු වස් කවියක් මෙහෙ කිව්වත් වදින්න ඕනේ ශබ්ද අනුව මේ ලෝකේ එකෙක්ටවත් තේරුනේ නැති උනත් .
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,742
    19,117
    113
    35
    Spain
    එහෙම බැලුවොත් අර්ථය වැඩක් නෑ .
    අගහරු වල භාෂාවකින් කරපු වස් කවියක් මෙහෙ කිව්වත් වදින්න ඕනේ ශබ්ද අනුව මේ ලෝකේ එකෙක්ටවත් තේරුනේ නැති උනත් .
    අසන්නා සහ කියන්නා දෙන්නම දන්නේ නැතිනම් එතන සංවාදයක් නෑ නේ බන්. කාටවත් තේරෙන්නේ නෑ. අඟහරු භාෂාව අපි දන්නේ නෑ නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,226
    169,863
    113
    එකමත් එක රටක
    අසන්නා සහ කියන්නා දෙන්නම දන්නේ නැතිනම් එතන සංවාදයක් නෑ නේ බන්. කාටවත් තේරෙන්නේ නෑ. අඟහරු භාෂාව අපි දන්නේ නෑ නේ.
    එතකොට පරණ පුස්කොලපොතක තියන මන්තර දැන් ඒක බලාගෙන කිව්වට වැඩ කරන්නේ නැද්ද ?

    අසන්නා සහ කියන්නා දෙන්නම දන්නේ නැතිනම් එතන සංවාදයක් නෑ නේ බන්. කාටවත් තේරෙන්නේ නෑ. අඟහරු භාෂාව අපි දන්නේ නෑ නේ.
    සංවාදයක් ඕන නෑ නේ
    ගන පිහිටලා කියන ශබ්ද නම් අදාළ වෙන්නේ අසන්නා වත් කියන්නා වත් සම්බන්ද වෙන්නේ කොහොමද ?
    ------ Post added on Oct 20, 2026 at 10:44 AM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,742
    19,117
    113
    35
    Spain
    එතකොට පරණ පුස්කොලපොතක තියන මන්තර දැන් ඒක බලාගෙන කිව්වට වැඩ කරන්නේ නැද්ද ?


    සංවාදයක් ඕන නෑ නේ
    ගන පිහිටලා කියන ශබ්ද නම් අදාළ වෙන්නේ අසන්නා වත් කියන්නා වත් සම්බන්ද වෙන්නේ කොහොමද ?
    ------ Post added on Oct 20, 2026 at 10:44 AM
    ඔවු පරණ මන්තර භාෂාව දන්නේ නැතිනම් එකෙන් වැඩක් නෑ, දෙවැන්න උඹ උඩ ආටිකල් එක කියවපන්, භාෂාව සහ ශබ්දය දෙකම වැදගත් කියනවා. ගණ පිහිටුවල තාලයකට මොකක් හරි ෆ්‍රේම්වර්ක් එකකට ගැලපෙන්න හදල තමයි කියන්නේ. ජිබරිෂ් නෙවෙයි. කවියේ, ගාථාවේ තේරුමක් තියෙනවා. අඟහරු භාෂාවෙන් කරපු එකක් මෙහෙ බැලුවොත් මෙහෙ උන්ට තේරෙන්නේ නෑ. ඇන්ඩ් ගේට් එකේ වගේ අසම්පූර්ණ නිසා වැඩේ කෙරෙන්නේ නෑ. එහෙම තර්ක කරන්න පුළුවන් නේද. ඊළඟට ජිබරිෂ් එක වුනත් ෆ්‍රේම්වර්ක් එකට ගලපෙන එක අත්‍යාවශ්‍යයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,226
    169,863
    113
    එකමත් එක රටක
    වස් කවි bump
    හස්කි රාජ අනුබිස් වූ මහ දෙවිදේ අසාපන්
    එළකිරියේ වල් බල්ලගේ ඇට දෙකටම තලාපන් !

    200.gif
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,498
    1
    159,061
    113
    98
    කෑගල්ල
    හස්කි රාජ අනුබිස් වූ මහ දෙවිදේ අසාපන්
    එළකිරියේ වල් බල්ලා සත් කඩකට කඩපන් !

    Won't work
    I am the true servant of lord Anubis

    200.gif



    Lord Anubis, hear my prayer, not this Dilann the infidel.
    I live within your realm of protection

    May rabies upon Dilaan
    May Distemper upon Dilaan
    May Parvo upon Dilaan

    Baw Baw

    There is no god but Anubis
     
    • Haha
    Reactions: Inigo Montoya