සන්නද්ධ කල්ලි 2ක් මොරටුවේදී සහ ත්‍රි’මලේදී හෝටල් හිමියන් 2 ක් මරා දමති

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    සන්නද්ධ කල්ලි 2ක් මොරටුවේදී සහ ත්‍රි’මලේදී හෝටල් හිමියන් 2 ක් මරා දමති
    https://www.divaina.lk/main-news/109841 · දිවයින

    Soysapura1.png


    සන්නද්ධ කණ්ඩායම් දෙකක් විසින් මොරටුව සොයිසාපුරයේදී සහ ත්‍රිකුණාමලය 4 කණුව හන්දියේදී හෝටල් හිමියන් දෙදෙනකු පෙරේදා (20දා) රාත්‍රියේ සාහසික අන්දමින් ඝාතනය කර ඇත. මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ පිහිටි හෝටලයකට පෙරේදා රාත්‍රී 8.30ට පමණ කඩා වැදුණු පාතාල කුලී ඝාතකයකු හෝටල් හිමියාගේ හිසට ටී 56 අවියකින් වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබිණි. කුඩු අංජු සහ ඇල්ටෝ ධර්මේ යන පාතාල නායකයන් විසින් මෙහෙයවන කල්ලිය මෙම ඝාතනය කළ බවට පොලිසිය සැක පහළ කරයි. මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ හෝටලයේ ආහාර ගනිමින් සිටි කාන්තාවක්ද වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇත. ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා පැලඳ සිටි පවුම් 10ක රන්මාලය අතුරුදන්ව ඇති බවද පොලිසිය පවසයි.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,402
    11,721
    113
    ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා පැලඳ සිටි පවුම් 10ක රන්මාලය අතුරුදන්ව ඇති බවද පොලිසිය පවසයි.
    පන අදින එවුන්ගෙ මාල කඩාගන්න එක හෙලයොන්ට ටොයිස් වැඩ.
     
    • Love
    Reactions: Anyhacker

    shenat

    Well-known member
  • May 13, 2007
    59,539
    88,283
    113
    ආශ්චර්යමත් රටක
    වෙඩි වැදුණ උන් බේරගන්න බැරි උන ඇමතියි, දොස්තරලයි අල්ලගෙන හමන්නන්න ඕන.

    ටෞකන්න යකෝ මොකටද එහෙම උන් ඉඳලා :angry:
     
    • Love
    Reactions: Anyhacker