පුද්ගලයකුට අසනීපයක් වූ විට හෝටල කාමරයකට හෝ ඔ්නෑම තැනකට යෑමේ අයිතිය ඇත. එය ස්වාමීන්වහන්සේ කෙනකුට ද ඇත. ඔහුට සාත්තු සප්පායම් කිරීමට තවත් අයට යාමට අයිතිය ඇත. එය හිටපු ඇමැතිවරයකුටද තිබේ. විහාරමහා දේවී උද්‍යානයේ නොව ඔ්නෑම තැනක සිටියත්, එතැන සිටින අන් පිරිස මාරාන්තික අසනීපවලින් පෙළුනත් වෙනම හෝටල් කාමර හෝ වෙනත් ස්ථානයකට යාම ගැන විරුද්ධ නොවිය යුතුය. සහරාන්ලා හෝටල් කාමරවලට ගොස් කුමන්ත්‍රණ කළ ද හැමෝම එහෙම කරන අය බවට සැක කළ යුතු නැත.
ඉහත සටහන සහ පහත පින්තූර අතර සම්බන්ධයක් නැත.
(මෙම ඡායාරූප කස්සප හිමි ඇතුළු හාමුදුරුවරු තිදෙනකු හෝටල කාමරයකට ගිය පසු සරත් වීරසේකර හිටපු ඇමතිවරයා (අම්පාරේ වඳ කොත්තු සිද්ධිය ඇවිස්සවීම ගැන හිටපු ජනපති සිරිසේන චෝදනා කළ පුද්ගලයා) ඇතුළු පිරිසක් එම කාමරයටම ගොස් කස්සප හිමිගේ නායකත්වය පිළිගැනීම ගැන සහ ඉදිරි වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කළ බවක් ගැන සඳහන් ඡායාරූප යනුවෙන් කිසිවකු වරදවා වටහාගත යුතු නැත. එක වගේ පුද්ගලයෝ ඔ්නෑ කරම් සිටිති)