රුවන්වැලි මහා සෑය කොත් පලදවන දවසේ 1941 ජුනි 17

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,158
    104,171
    113
    රුවන්වැලි මහා සෑය ප්‍රතිසංස්කරණයෙන පසුව කොත් පලදවන දවසේ 1941 ජුනි 17 වැනිද දසුනයි මේ, ඔය පින්තූරෙ පරණ ගුවන් යානයක් පේනවා නේද? එදා අපුරු වැඩක් සිදුවුණා. ඒ තමයි ලංකාවේ පළමු වරට ගුවනින් මල් සෑයට ඉසීම. ඒක අද වගේ ලේසි පාසු වුණේ නෑ.
    ගුවන් යානයකින් මහා සෑයට මල් පූජා කළ පිංකමට මුල්වී බරපැන දරා තිබෙන්නේ එන්. ඇස්. මාකලන්ද නැමැති තරුණයෙක්. ඔහු ඒ ගැන පත්‍රිකාවක් ද පළකර බෙදාහැර තිබෙනවා. මේ සඳහා කුලියට ගත් ගුවන් යානය සඳහා, රුපියල් එකසිය දහයක [RS 110/=]ක් අත්තිකාරම් මුදලක් මුලින්ම ගෙවා තිබෙනවා. ඉතිරි මුදල සමග රුපියල් එකසිය විස්සයි ශත පනහක මුදලක් වැයවී තිබෙන බව සඳහන්. මේ වැඩේට සම්පුර්ණ ගුවන් කාලය වන විනාඩි 170ක් වැයවුණා. ඒ ඓතිහාසික අවස්ථාවේ දී ලංකා ගුවන් සමාගමට අයත් විශේෂ ගුවන් යානයක් මඟින් මහා සෑ රදුන් මස්තකයට සහ රැස්ව සිටි ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් උදෙසා අහසේ සිට ගුවනින් මල් වැස්සක් වැටෙනු දුටු උපාසකම්මලා සාදුකාර දුන්නා.

    කොත් පැළදවුණේ එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක ඩී. බී. ජයතිලකගේ ප්‍රධානත්වයෙන්. . සාදු නාද මධ්‍යයේ සැය මුදුනට උණගස් පලංචි දිගේ නැග මහා සෑයේ කොත් පැළැඳවීම සිදු සිදු කරන්නේ චෛත්‍ය ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රධාන බාසුන්නැහැ ලෙස කටයුතු කරපු පුද්ගලයා බවයි සඳහන් වන්නේ. ඔහුගේ නම නම් අපට දැනගන්න ලැබුණේ නැහැ. කොතේ පමණක් බර ටොන් 6ක්. බුරුමයෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු අඩියක් උසැති පළිඟුවක් කොත මුදුනේ චූඩා මාණික්‍යය ලෙස සවිකර තිබුණා. පළිඟුව සවිකර තිබෙන්නේ රන් ආධාරකයක් මතයි. ඒ ආධාරකය සැරසීමට රත්තරන් කිලෝ 5.5ක් සහ රිදී කිලෝ 69ක් යොදාගෙන තියෙනවා. එහි සවිකර තිබෙන මැණික් ගල් සංඛ්‍යාව 4796ක්.

    තොරතුරු සොයාගත්තේ අන්තර්ජාලයෙන්

    කුසුම්සිරි විජයවර්ධන


    ------ Post added on Oct 26, 2026 at 9:23 AM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    1941 ජූනි 17 මල් වැස්සට විනාඩි 170ක්, මුළු වියදම රුපියල් 120.50යි කියන එක ඇහුවම හිතාගන්න බැරි තරම් ලස්සන වැඩක් බං, ඒ කාලේ ගුවන් යානයකින් එහෙම කරපු එකම මාරයි. පරණ ෆොටෝ එකේ ඒ යානය පොඩියට පේන එක දැක්කම ඒ දවස ඇස් ඉස්සරහට ආවා වගේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,158
    104,171
    113
    awesome

    ඕක ස්මාරකයක් නෙවෙද ?
    පුරාවිද්‍යා ස්මාරකයක් කරපු සෑයක් තියෙනවා අභයගිරියේ දාගැබ.

    එකත් හරි නන් හුණු පිරියම් කරලා ගන්න ඕනි. මොකෝ රජවරු හදපු වැව් කියලා දැන් වතුර ගන්නේ නැතුව ස්මාරක කරලා නෑනේ වැව්.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,461
    1
    29,675
    113
    awesome

    ඕක ස්මාරකයක් නෙවෙද ?
    1000020533.gif
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,250
    9,114
    113
    මේ වෙලාවේ ගත්තු තව පින්තුර දෙකක ඉස්සර FB share උනා.. ඒ දෙක හොයා ගන්න නැද්ද?
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    1,001
    724
    113
    මුත්තම්මා මේ වෙලාවේ මේක බලන්න ගියා කියලා ඒ කාලේ මාත් එක්ක කියලා තිබ්බා.. එදා ශ්‍රී මහා බෝධියෙන් සුදු බුදුරැස් විහිදෙනවා දැක්කා කියලත් කිව්ව..