අලුත්ගම කන්දේ විහාරයේ ඇතෙක් සිදුකල පහරදීමකින් පුද්ගලයෙක් මරුට... 🐘

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,799
    9,164
    113
    Kamde-viharaya-696x365.webp



    අලුත්ගම කන්දේ විහාරයට අයත් ‘කුමාරි ඇතින්න’ සිදුකළ පහරදීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සංචාරකයන් පිරිසක් සමඟ පැමිණි සංචාරක මඟ පෙන්වන්නෙක් බවයි වාර්තා වන්නේ.

    මෙම පුද්ගලයා අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක් වන හන්දි ප්‍රිය ශාන්ත ද සිල්වා නැමැත්තෙක් බව හඳුනාගෙන තිබෙනවා.

    ඇත් ගොව්වකු භාරයේ සිටින කුමාරි ඇතින්නිය නැරඹීමට සංචාරකයන් පිරිසක් සමඟ පැමිණි මෙම පුද්ගලයා එම ඇතින්නියගේ සමීපයට ගොස් පළතුරු කැබලි කීපයක් දී, එයින් කීපයක් නැවත ආපසු ගැනීමේ දී ඇතින්න ඔහුට පහරදී ඇති බවයි වාර්තා වුණේ.

    පහර කෑමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා අද (26) බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

    කන්දේ විහාරයේ මෙම හීලෑ ඇතින්න බොහෝ සංචාරක රියදුරන් මෙන්ම මඟ පෙන්වන්නන් සංචාරකයන් සමඟ පැමිණ නරඹා ආහාරයට පළතුරු ලබාදී ඡායාරූප ගැනීම සාමාන්‍ය සිද්ධියක් බවත් වාර්තා වනවා.

    කෙසේ වෙතත් අද දිනයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇතින්න රැකබලා ගන්නා ඇත්ගොව්වා, ඇතින්නියට පළතුරු දීම සිදුනොකරන ලෙස දැනුම් දී තිබෙනවා.

    නමුත් එය නොසලකා ලබාදුන් පළතුරු කැබැල්ලක් ඇතිනිගෙන් ආපසු ගැනීමේ දී ඇති වූ කෝපය මත ඇතින්න මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

    මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය බලපිටිය රෝහලේදී සිදුකිරීමට නියමිතයි.

    සිද්ධිය සම්බන්ධයෙන් කන්දේ විහාර පොලිස් මුරපොළ සහ අහුන්ගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා
    .


     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,531
    2,636
    113
    United States
    අනේ පව් බන්, පළතුරු කෑල්ලක් ආපහු ගන්න ගිහින් මෙහෙම වුණ එක හරිම දුකයි. එයාට නිවන් සුව ලැබේවා, පවුලට ඉවසීම ලැබේවා.
     
    • Like
    Reactions: NRTG and Gunther

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,704
    6,321
    113
    නමුත් එය නොසලකා ලබාදුන් පළතුරු කැබැල්ලක් ඇතිනිගෙන් ආපසු ගැනීමේ දී ඇති වූ කෝපය මත ඇතින්න මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ

    + Aruge Moona

    henama panditha pakayek wage penne

    Root
    Cause
    Effect
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,424
    1
    7,428
    113
    ඇතින්නියගේ සමීපයට ගොස් පළතුරු කැබලි කීපයක් දී, එයින් කීපයක් නැවත ආපසු ගැනීමේ දී ඇතින්න ඔහුට පහරදී ඇති බවයි වාර්තා වුණේ.
    :lol:

    🐘 Be like : Gimme my shit nigga
     
    Last edited:
    • Haha
    Reactions: hira0250

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,565
    7,432
    113
    මැරිච්ච මනුස්සයා සහ පවුලේ අය පවු තමයි.
    හැබැයි ඔය අලි වගේ සත්තු ළගට යනවා නම් 100% ඇත්ගොව්වන්ගේ උපදෙස් අනුව තමයි ඒක කරන්න ඕනේ.
    යකෝ බල්ලෙකුට උනත්, නාදුනන එකෙක් කන්න දීපු එකක් ආයි ගත්තොත් ඌ නිකං ඉන්නෙ නෑනේ. සත්තුන්ට මිනිස්සුන්ට වගේ හැගීම් පාලනය කර ගන්න බෑ. සත්තු ළගට යනකොට මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනේ. මම කතරගමදි වාසනා ඇතාට පළතුරු දීලා තියනවා. හැබැයි ඇත්ගොව්වාගේ සම්පූර්ණ කැමත්ත මත තමයි ළගට ගියේ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,634
    25,054
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බලමු මැරිච්ච මිනිහට රචනා, කවි, ගීත ලියනවාද කියල!!!
    ඌට රචනා ලියන්නෙ මොකටද.. සතෙක්ට කෑම දීල උගෙන් ආයෙ ගත්තම ඌ ගහන්නැතෑ.. common sense උටත් නෑ, උඹටත් නෑනෙ..
     
    • Like
    Reactions: Inigo Montoya

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,030
    2,366
    113
    Galle
    අනේ පව් බන්, පළතුරු කෑල්ලක් ආපහු ගන්න ගිහින් මෙහෙම වුණ එක හරිම දුකයි. එයාට නිවන් සුව ලැබේවා, පවුලට ඉවසීම ලැබේවා.
    උඹ නිකන් අර පේස් බුක් එකේ වැලපෙන ඇන්ටියෙක් වගේ....තෙත් වෙලාද උයාට....
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,927
    1
    59,429
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඌට රචනා ලියන්නෙ මොකටද.. සතෙක්ට කෑම දීල උගෙන් ආයෙ ගත්තම ඌ ගහන්නැතෑ.. common sense උටත් නෑ, උඹටත් නෑනෙ..
    කන්න දෙන එකාට ගහන්නෙ මොකටද? පින්වත් අලියෙක් නෙවෙයිද?