රුවන්වැලි මහ දාගැබේ ඇත් පවුර

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,735
    103,230
    113
    හොඩවැල පහතට හෙළාගෙන අවධානයෙන් සීරුවට සිටිනා මේ ඇත් පේළිය මතුවුණේ රුවන්වැලි මහ දාගැබ ප්‍රතිසංස්කරණය කරනවිට එහි සලපතල මළුවේ පස් ඉවත් කිරීමේ දීයි. මේ ඇත් පවුර කවුරුත් පුදුමයට පත්කළා. අනුරාධපුර යුගයේ හදපු ඇත්පවුරේ ඉතිරි කොටසක් තමයි මේ තිබෙන්නේ. බැම්ම මූණතේ ඇතුන්ගේ ඉදිරි පාර්ශ්වය අලංකාරව දක්වමින් ඇත් රූප ගඩොලින් තනා තිබුණා. ඇත්රූප අතර පරතරය අඩි 4 අඟල් 7 ක්. මෙසේ මළුවේ පැති (සතර) පේළි ගැසී සිටින ඇතුන් විසින් උසුලා ගෙන සිටින ආකාරය නිරූපණය කෙරෙනවා. ඇතුන් රාශියක් විසින් පූජනිය ස්තූපය සහිත සලපතල මළුව ඔසවාගෙන සිටින ආකාරයට නිර්මාණය කර ඇති මෙම ඇත් පවුර, සළපතල මළුවේ සිරස් මුහුණතෙහි නිර්මාණය කර තිබෙනවා
    ඇත්පවුරේ දිග අඩි 475 ක්ද පළල අඩි 477 ක්ද පමණ වෙනවා. ආසන්න ලෙස ඇතෙකුගේ උස අඩි 9ක් පමණ වන අතර ඇත් රූප 344ක් ඇති බව සඳහන් වෙනවා. වර්තමානයෙදී දක්නට ලැබන කළු පැහැ වර්ණිත ඇත් රූ පෙළ මෑත අතීතයේ දී දාගැබ ප්‍රතිසංස්කරණයේ දී ඉදිකරන ලද ඒවයි. ඉපැරණි ඇත් පවුරේ කොටස් අදටත් සමහර තැන්වල ශේෂව පවතින අතර මහජනතාවට දැක බලාගත හැකිවන ආකාරයට සංරක්ෂණය කර තිබෙනවා.

    මහාවංසයට අනුව සද්ධාතිස්ස රජු (දුටුගැමුණු රජුගේ මලනුවන්) විසින් මහා ථූපය නිම කිරීමේදී ඇත් පවුරක් (හත්ථි ප්‍රාකාර) ද ඇතුළත් කර තිබෙනවා. රුවන්වැලි සෑ මළුවේ දැන් ඉතිරිවී පවතින පුරාණ ඇත්පවුර අනුරාධපුර යුගයේ අවසාන අවධියේ කළ ප්‍රතිසංස්කරණයකදී නිර්මාණයවූවක් බවයි මහාචාර්ය සෙනරත් පරණවිතාන කියන්නේ. ඒ අනුව දැන් ශේෂ තිබෙන ඇත්පවුර නවවන සියවසටත්, දොළොස්වන සියවසටත් අතර කාල පරිච්ඡේදයට අයත් සේ සැලකිය හැකි යි.

    අප දන්නා කිසිදු ඉන්දියානු ස්තූපයක මීට සමාන ඇත් පවුරු දකින්න නෑ. එහෙයින් මෙය ලංකාවට පමණක් සීමා වූ දේශීය නිර්මාණ අංගයක් බව පේනවා.

    රුවන්වැලි මහා සෑය වන්දනාමාන කිරීමට යන බැතිමතුන්ගේ අවධානයට ලක් නොවන සුවිශේෂී අංගයක් තමයි පැරණි හස්ති ප්‍රාකාරය. ඔබත් යළිත් මහ දාගැබ වඳින්න ගියවිට පුරාණ ශිල්පීන්ගේ විශිෂ්ටත්වය හෙළිකරන පුරාණ ඇත්පවුරත් දැකබලා ගන්න.

    මේවායින් අපට පේන්නේ මහා දාගැබ කියන්නේ දැකබලාගෙන අවසන් කළ නොහැකි සජීවී පුරාවෘත්තයක් බව නේද? තව කොච්චර මහා සංස්කෘතික සාධක පොළොව යට හැංගිලා තිබෙන්නටත් පුළුවන් නේද? ඒ හන්දා නගර සැලසුම්වලට විදේශික ආධාර ගත්තත් මේ මහා නටබුන් නගරයේ පුජනීය ස්ථාන කැණීම් හා සංරක්ෂණයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය නම් අත්‍යවශ්‍ය වෙනවා.

    කුසුම්සිරි විජයවර්ධන
    කතුවර අයිතිය සුරකින්න


    ------ Post added on Oct 28, 2026 at 8:58 AM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,848
    2,217
    113
    United States
    ඇත් 344ක් එක පේළියට මළුව උස්සගෙන ඉන්නවා කියන එක කියෙව්වම තමයි හිතට වැදුණේ, අපි සාමාන්‍යයෙන් සෑය දිහා විතරක් බලලා යනවානේ, මේ පවුර පැත්තට ඇහැ යන්නේ කලාතුරකින්, ඊළඟ පාර ගියොත් ටිකක් වෙලා අරන් මේක හොඳට බලන්න ඕනේ කියලා හිතුණා.
     
    • Like
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,897
    5,973
    113
    පිස්සුද බන් ඕවා මේ රටේ ඉන්න හැටි බෞද්ධ කියන සෙට් එක රවට්ටන්න මහින්දලා හදපු පින්තූර. ඔය සෑය වගේද දෙනියායේ තියන ලෝක ප්‍රසිද්ධ කල්වාරිය?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,922
    26,386
    113
    පිස්සුද බන් ඕවා මේ රටේ ඉන්න හැටි බෞද්ධ කියන සෙට් එක රවට්ටන්න මහින්දලා හදපු පින්තූර. ඔය සෑය වගේද දෙනියායේ තියන ලෝක ප්‍රසිද්ධ කල්වාරිය?
    හිනිදුම සුනිල් සෙනෙවි කියද්දී ම අඩු කුලේ එකෙක් බව පේනව
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,897
    5,973
    113
    හිනිදුම සුනිල් සෙනෙවි කියද්දී ම අඩු කුලේ එකෙක් බව පේනව
    සාමාන්‍යයෙන් එහෙම එකක් තියනවා. මොකද ඉහල කුලේක එකෙන් උනානම් තමුන්ගේ පරම්පරාව පැවත එන ගමේ නම වත් තියෙන්න ඕනේ. අනික සෙනෙවි කියලා වාසගමක් දැක්කමයි. කලින් බුදු හාමුදුරුවන්ට අපහාස කරලා පොතක් ලියපු කේස් එකකුත් තිබ්බා නේ.

    ලංකාවේ ඔය ඇත් පවුර රුවන් වැලි සෑයේ යුප කනුව වගේ සැහෙන දේවල් තොගයක් තියනවා මිනිස්සුන්ට නොපෙනෙන තැන් වල. ඔය ඇත් පවුර තියෙන්නේ දකුණු දොරටුව පැත්තේ. එක වහලා දාලා තියෙන්නේ. ඔය මොන ස්මාරකයක් ගාවවත් නැහැ රෑට මළුවට ගිහින් අයිනක වාඩි වෙලා ඉන්නකොට තරම් සැනසීමකි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,735
    103,230
    113
    සාමාන්‍යයෙන් එහෙම එකක් තියනවා. මොකද ඉහල කුලේක එකෙන් උනානම් තමුන්ගේ පරම්පරාව පැවත එන ගමේ නම වත් තියෙන්න ඕනේ. අනික සෙනෙවි කියලා වාසගමක් දැක්කමයි. කලින් බුදු හාමුදුරුවන්ට අපහාස කරලා පොතක් ලියපු කේස් එකකුත් තිබ්බා නේ.
    කුලේ ගැන නං කියන්න දන්නේ නෑ. ඒත් බුද්දාගම ගැන කතා කරද්දී හෙන කෘතිම විදියට තමා කතා කරන්නේ කියලා තේරෙනවා.
    ලංකාවේ ඔය ඇත් පවුර රුවන් වැලි සෑයේ යුප කනුව වගේ සැහෙන දේවල් තොගයක් තියනවා මිනිස්සුන්ට නොපෙනෙන තැන් වල. ඔය ඇත් පවුර තියෙන්නේ දකුණු දොරටුව පැත්තේ. එක වහලා දාලා තියෙන්නේ. ඔය මොන ස්මාරකයක් ගාවවත් නැහැ රෑට මළුවට ගිහින් අයිනක වාඩි වෙලා ඉන්නකොට තරම් සැනසීමකි.
    ♥️ මේව රජවරු හදල තියෙන්නේ ඉරහඳ පවතිනකන් මිනිස්සුන්ට වදින්න පුදන්න. කිසිම දාගැබක් එහෙම ස්මාරක කරලා පැත්තකට කරන්න කාටවත් අයිතියක් නෑ මේ ලෝකේ අන්තිම බෞද්ධ මනුස්සයත් නැති වෙනකං. ඔය හැම එකක්ම කෑලෑ වැදීලා තිබිලා සුද්දෝ හොයාගත්තා කියලා කිව්වට අපේ මිනිස්සු පුළුවන් පුලුවන් හැටියට ඔව්ව වැන්ද ඒව පවත්වාගෙන යන්න බැරිව කෑලෑ උනාට.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,168
    10,574
    113
    ඕවා මොනවද පොඩ්ඩක් ඉන්න අපේ කොටා සහෝදරයා රුවන්වැලි සෑය හදලා ගන්නකන් 🤌🤌
    ඒ මහත්තයා කෙලවගන්නෙ ඔතනින් තමයි. ඌට අමතක වෙලා ඌට ඡන්දෙ දුන්නෙ ex-බයියො + ගුණමකු රොඩී ජෙප්පො කියලා.
     
    • Like
    Reactions: wpril5 and NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,968
    8,661
    113
    පොඩ්ඩක් හිතනකො... මේව හදපු අලුතම කොච්චර ලස්සනට තියෙන්න ඇතිද..... කියන විදියට මේ කැටයම් සමහර ඒවා පාට කරල ලස්සනට තිබිල තියනව.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,735
    103,230
    113
    පොඩ්ඩක් හිතනකො... මේව හදපු අලුතම කොච්චර ලස්සනට තියෙන්න ඇතිද..... කියන විදියට මේ කැටයම් සමහර ඒවා පාට කරල ලස්සනට තිබිල තියනව.
    අඩි නමයක් උස ඇත්තු 344ක පවුරක් කියන්නෙ. කොහොම තියෙන්න ඇද්ද? ඇත්තම උන් වගේ තියෙන්නේ ඇති.

    අනික ඔය වගේ දෙයක් හදලා තිබ්බ කියන්නේ අනික් ඒව කොහොම තියෙන්න ඇද්ද?

    ලොකුම කතාව ඔය විදියට ඉන්දියන් උන් සැරෙන් සැරේ ඇවිත් වනසලා ගියත් අවුරුදු 1000ක් එක දිගටම තියාගෙන හිටියා කියන එක.
     
    • Like
    • Love
    Reactions: NRTG and Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,968
    8,661
    113
    ඉන්දියන් උන් සැරෙන් සැරේ ඇවිත් වනසලා
    ඉන්දියන් උන්ට වැඩ මේකෙම ඉන්න උන් තමයි ගොඩක් වනසුවේ. ඔය පිළිම, වෙගේරවල් සැහෙන්න විනාස කරලා තියනව නිදන් ගන්න. ඔය ඇත් පවුරුවල ඉන්න අලි පවා කඩල තියනව නිදන් තියනව කියල හිතාගෙන..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,735
    103,230
    113
    @හෙළයෙක් දැන් අනුරාධපුරේ රැකගමු ප්‍රොජෙක්ට් එකේ වැඩ වගෙ :-D 🤌
    Grok ඩෝබිය කෙහෙල් කැන එක්ක වැට පැන්න. 🤭🤭

    අවුරුදු ගාණක වගේ ඉඳන් දාන නූල් ටිකම දාගෙන යනකොට ඩෝබි ටික කලබල වෙනවා ඒ ඒ කාලෙට කරන යටිකුට්ටු වැඩ එක්ක.
     
    • Love
    Reactions: KSPathirana

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,897
    5,973
    113
    ඉන්දියන් උන්ට වැඩ මේකෙම ඉන්න උන් තමයි ගොඩක් වනසුවේ. ඔය පිළිම, වෙගේරවල් සැහෙන්න විනාස කරලා තියනව නිදන් ගන්න. ඔය ඇත් පවුරුවල ඉන්න අලි පවා කඩල තියනව නිදන් තියනව කියල හිතාගෙන..
    නැහෑ බන්. ඉන්දියන් උන් තමා ඇවිත් විනාශ කරලා ගියේ. අවුරුදු දාහක් තිබ්බ අගනගරය ක්. සෑහෙන අඩුයි ඒ වගේ එව්වා. අහලා තියන විදිහට ත්‍රිකුණාමලයෙන් වහලෙට නගින මිනිහෙකුට අරිප්පු වෙනකම් බිමට බහින්නේ නැතුව යන්න පුළුවන්ලු. දකුණු ආසියාවේ තිබ්බ ලොකූම වෙළඳ නගරය තමා අනුරාධපුර කියන්නේ.
     
    • Like
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,317
    3,888
    113
    ඔය මොන ස්මාරකයක් ගාවවත් නැහැ රෑට මළුවට ගිහින් අයිනක වාඩි වෙලා ඉන්නකොට තරම් සැනසීමකි.

    :yes: පුදුම ශාන්තියක්, සැහැල්ලුවක්, සෞම්‍ය බවක් දැනෙනවා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,469
    67,076
    113
    Kuwait-Galle
    මෙන්න රුවන්වැලි මහා සෑයේ මට හොයා ගන්න පුළුවන් උන පරණම වර්ණ පින්තුර කීපයක්.





    මේ වර්ෂ 1958 පින්තුර හතරක්
    1958-3.jpg

    1958-1.jpg
    1958-2.jpg

    1958.jpg






    මේ වර්ෂ 1959 ගත්තු එකක්....
    Ruwan-Brian-Brake-1959.png








    මේ වර්ෂ 1959 ගත්තු එකක්....

    ruwnweli-Wim-Swaan-1966.jpg
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,735
    103,230
    113
    මෙන්න රුවන්වැලි මහා සෑයේ මට හොයා ගන්න පුළුවන් උන පරණම වර්ණ පින්තුර කීපයක්.





    මේ වර්ෂ 1958 පින්තුර හතරක්
    1958-3.jpg

    1958-1.jpg
    1958-2.jpg

    1958.jpg






    මේ වර්ෂ 1959 ගත්තු එකක්....
    Ruwan-Brian-Brake-1959.png








    මේ වර්ෂ 1959 ගත්තු එකක්....

    ruwnweli-Wim-Swaan-1966.jpg
    Thanks ♥️♥️♥️
     
    • Like
    Reactions: NRTG

    nevertheless

    Active member
  • Feb 28, 2020
    222
    196
    43
    Bandaragama
    1793187834006.png

    මෙක අපෙ ගෙදර තියෙන පින්තුරයක්, රුවන් වෑලිමහා සෑයේ. මෙක දෑන් පොඩ්ඩක් දු(ර්)ව(ර්)න වෙලා. හොද හම්න් ෆොටො එකක් හොයාගන්න බරිව හිටියෙ. මන්ග් හිතන්නේ මෙය් පින්තුර ටිකත් මෙය් පින්තුර එක්ක ගත්තු පින්තුරය්ක් වෙන්න ඔනෙ,



    මේ 1958 පින්තුර ටික හරිම ලස්සන්යි. කොහ්න්ද මච්න් හොයා ගත්තෙ, මන් ලග තියෙන් මෙය් පින්තුරෙන් උබ ගාව තියෙන්වාද?. තියෙන්වන්ම් දෙන්න පුලුවන්ද?



    මෙන්න රුවන්වැලි මහා සෑයේ මට හොයා ගන්න පුළුවන් උන පරණම වර්ණ පින්තුර කීපයක්.





    මේ වර්ෂ 1958 පින්තුර හතරක්
    1958-3.jpg

    1958-1.jpg
    1958-2.jpg

    1958.jpg






    මේ වර්ෂ 1959 ගත්තු එකක්....
    Ruwan-Brian-Brake-1959.png








    මේ වර්ෂ 1959 ගත්තු එකක්....

    ruwnweli-Wim-Swaan-1966.jpg