සුද්ද කපපු ගල වගේද බලපන්කෝ මේ කෙලින් ගල

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113


    අනුරාධපුරයේ සැඩ හිරු රැස් විහිදෙන දහවල් කාලයක අභයගිරි ස්තූප මළුවේ ඇවිද යන ඕනෑම අයෙකුගේ නෙත ගැටෙන එක් සුවිශේෂී වස්තුවක් තිබේ. ඒ, මළුවේ පැත්තකට වන්නට වැතිරී සිටින දැවැන්ත, අෂ්ටාස්‍ර හැඩැති කළු ගල් කුළුණයි. බැලූ බැල්මට සාමාන්‍ය ගල් ටැඹක් සේ පෙනුණද, මෙහි ඇති ඉතිහාසය අපව වසර දෙදහසකට එපිට අතීතයකට රැගෙන යයි.

    මෙය අප අද දකින ස්තූප මුදුනේ ඇති කොත් කැරැල්ලට පෙර, ඒ වෙනුවට භාවිත වූ "යූප ස්තම්භයයි". එදා අහස සිපගත් අභයගිරි මහා සෑයේ මුදුනේම තිබෙන්නට ඇත්තේ මේ යෝධ ගල් ටැඹයි. අෂ්ටාස්‍ර හැඩයෙන් නිමවා ඇති මෙයින් බෞද්ධ දර්ශනයේ එන අරි අටැංගි මඟ සංකේතවත් කෙරෙන බව ඉතිහාසඥයන් පවසති.

    එහිදී මගේ සිතට නැගුණු ලොකුම පැනය වූයේ, "අද අප දකින හැම ස්තූපයකම රන් ආලේපිත කොතක් තිබියදී, එදා ඇයි මෙවැනි ගල් කුළුණක් භාවිතා කළේ?" යන්නයි. මෙයට හේතු කිහිපයක් තිබිය හැකිය.

    අනුරාධපුර මුල් යුගයේ ස්තූප නිමවූයේ ඉන්දියාවේ සාංචි වැනි ස්තූප ආකෘතියටයි. එහි මුදුනේ තිබුණේ හතරැස් කොටුවක් සහ ඒ මැදින් විහිදුණු යූප ස්තම්භයක් සහිත ඡත්‍ර (කුඩ) කිහිපයකි. කාලයත් සමඟ තාක්ෂණය දියුණු වී, විශාල බරක් දරාගත හැකි "කොත් කැරැල්ල" සහ "කොත" නිර්මාණය වීමත් සමඟ මෙම ගල් ටැඹේ අවශ්‍යතාවය නැති වී ගියේය.එසේම ස්තූපයක ඉතා උස මුදුනක මෙවැනි බරැති ගල් කුළුණක් ස්ථාවරව තබා ගැනීම අසීරු වන්නට ඇත. අකුණු ගැසීම් හෝ ස්වභාවික විපත් නිසා මේවා කඩා වැටීමේ අවදානමක් තිබුණි. තවද පසුකාලීන රජවරුන් ස්තූප වලට වඩාත් තේජාන්විත පෙනුමක් ලබා දීම සඳහා රන් ආලේපිත කොත් සහ මැණික් එබ්බවූ චූඩා මාණික්‍යයන් හඳුන්වා දීම නිසා, මෙම සරල ගල් ටැඹ ඉතිහාසයට එක් විය.

    අද මෙම යූප ස්තම්භය මළුවේ තැන්පත්ව තිබෙන්නේ අභයගිරිය සතුව තිබූ මහා ප්‍රෞඪත්වය නිහඬව කියාපාමිනි. ස්තූපය ප්‍රතිසංස්කරණය කිරීමේදී එය ඉහළට එසවීම වෙනුවට, මහජනයාට දැකගත හැකි පරිදි මෙසේ ප්‍රදර්ශනය කර තිබීම ඉතා වැදගත්ය.

    මේ වැතිරී සිටින දැවැන්ත ගල් කුළුණ දෙස බලා සිටින විට මගේ සිතට නැගුණු ප්‍රබලම හැඟීම වූයේ, අතීත හෙළයන් සතුව තිබූ ඒ අසමසම කාය ශක්තිය සහ ඉංජිනේරු ඥානයයි. අද මෙන් නවීන දොඹකර (Cranes) හෝ යන්ත්‍ර සූත්‍ර නොතිබූ යුගයක, ටොන් ගණනාවක් බරැති මෙවැනි තනි කළු ගල් කණුවක් අඩි දෙසීයකටත් වඩා උස අහසට ඔසවා තැබුවේ කෙසේද?

    එය සැබවින්ම මහා ශ්‍රම දායකත්වයක සහ කැපවීමක ප්‍රතිඵලයකි. මුලින්ම ගල් පර්වතයකින් මෙවැනි දිගු කුළුණක් පළුදු නොවන්නට කඩාගෙන, අෂ්ටාස්‍ර හැඩයට ඔප දැමීමට වසර ගණනාවක් ශිල්පීන් දහඩිය හෙළන්නට ඇත.තවද මෙම යෝධ කුළුණ පර්වතයේ සිට ස්තූපය අසලට රැගෙන ඒම සඳහා ( මට හිතෙන හැටියට ) ඇතුන් සිය ගණනක් සහ ලී රෝද යෙදූ දැවැන්ත කරත්ත හෝ ලිස්සා යන පුවරු භාවිතා කරන්නට ඇත. මෙය ස්තූපය මුදුනටම ඔසවා තැබීමට ඔවුන් ස්තූපය වටා ඉතා දිගු වැලි බෑවුම් නිර්මාණය කළ බව ඉතිහාසඥයන් පවසති. දහස් සංඛ්‍යාත මිනිස් බලය සහ සත්ව බලය යොදා ගනිමින්, අඟලෙන් අඟල ඉහළට තල්ලු කරමින්, අවසානයේ ස්තූපයේ මුදුනේ ඇති ඒ කුඩා සිදුර තුළට මෙය සිරස්ව ඇතුළු කළ මොහොත කෙතරම් විස්මයජනක වන්නට ඇත්ද?

    අද අපට මෙය හුදෙක් ගල් කණුවක් පමණක් වුවත්, එය එදා අපේ මුතුන් මිත්තන්ගේ "නොහැකිය" යන්න අභියෝගයට ලක් කළ අසිරිමත් නිර්මාණයකි. ඔවුන්ගේ ඒ දහඩිය සුවඳ අදටත් මේ නිහඬ ගල් කුළුණෙන් වහනය වනවාක් මෙන් මට දැනේ.

    ඔබත් අනුරාධපුරයට ගියහොත්, අභයගිරි සෑය වඳින අතරතුර මළුවේ තබා ඇති මේ "පැරණි කොත" අසල මොහොතක් නතර වන්න. එය අපේ අතීත මුතුන් මිත්තන්ගේ නිර්මාණශීලීත්වයේත්, වාස්තු විද්‍යාත්මක පරිණාමයේත් නොමැකෙන සලකුණකි.

    සටහන: ජගත් ප්‍රසන්න කුරුගම.
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    654
    1,075
    93
    මේ Tech එක හෙළයන්ට තියෙන කාලේ සුද්දෝ ගස් උඩ රෙනවා

    Aaaaah the common un-informed/dumb comment of the හෙළyaaas!!

    "The Abhayagiri Stupa in Anuradhapura, Sri Lanka, was built by King Vaṭṭagāmaṇi Abhaya (Valagamba) between 89–77 BCE (1st Century BCE),"

    Colosseum begs to differ!! There are literally thousands of other developments around Europe around the same time period.. These two buildings are about 160 years apart as an example.

    "Construction of the Colosseum began around 70–72 AD under Emperor Vespasian and was completed by his son Titus in 80 AD"


    italy-rome-colosseum-built-first-260nw-203049067.jpg



    4f14290e9270a5374b1e683e7b8e77ba-Construction%20of%20Colosseum.jpg



    colosseum-diagram-with-numerous-statistics.webp
     
    Last edited:
    • Haha
    Reactions: A.L.I.E.N

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    පස්සේ බයියෝ කියලා පිම්පි ජනතාවක් බිහි උනා. නිදන් හොරාකන. ඒවා සුදු මහත්තුරුන්ට විකුණලා ජාත්‍යාලය ගැන පම්ම්පෝරි ගැහුවා උන් 🥴
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    පස්සේ බයියෝ කියලා පිම්පි ජනතාවක් බිහි උනා. නිදන් හොරාකන. ඒවා සුදු මහත්තුරුන්ට විකුණලා ජාත්‍යාලය ගැන පම්ම්පෝරි ගැහුවා උන් 🥴
    E Bayiyo Anura Kiyala Pal Modayek Janadipathi putuwata genava😀😀

    Aaaaah the common un-informed/dumb comment of the හෙළyaaas!!

    "The Abhayagiri Stupa in Anuradhapura, Sri Lanka, was built by King Vaṭṭagāmaṇi Abhaya (Valagamba) between 89–77 BCE (1st Century BCE),"

    Colosseum begs to differ!! There are literally thousands of other developments around Europe around the same time period.. These two buildings are about 160 years apart as an example.

    "Construction of the Colosseum began around 70–72 AD under Emperor Vespasian and was completed by his son Titus in 80 AD"


    italy-rome-colosseum-built-first-260nw-203049067.jpg



    4f14290e9270a5374b1e683e7b8e77ba-Construction%20of%20Colosseum.jpg



    colosseum-diagram-with-numerous-statistics.webp
    Oya EU ne ban Lankawwa kiyanne dupathak
    ------ Post added on Jan 13, 2026 at 8:52 AM
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    අලුත් දෙයක් නැති හින්දා සියවස් ගානක් කලින් මිනිස්සු කරපුවා ගැන ආඩම්බර වෙන එකත් හොදයි 😅
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඒ කාලේ මේවා නිර්මාණය කරපු ඒ තාක්ෂනය විදිය ගල් ලිපියකවත් ලියල තිබ්බ නම් මාරු නේද.