රයන් vs. සංගා

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    928
    1,830
    93
    කාලෙකට පස්සෙ හෑල්ලක් ලියන්න හිතුනා.

    දැන් ලංකාවෙ අලුත්ම ටොපික් එක රයන් vs. සංගා නෙ. සංගා ගැන අපි හැමෝම දන්න හින්ද මේ හෑල්ල රයන් ගැන.

    රයන්එයාර් කියන්නෙ ලෝකේ අඩුම මිල එයාලයින් එක. ඒකෙ rates පටන් ගන්නෙ £15න් විතර. ඒ කියන්නෙ ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් 6,500න් විතර. ඉඳල හිටල ඊට අඩුවෙනුත් ටිකට් ලැබෙනවා.මම පවුම් 20ට ලන්ඩන් ඉඳන් ඩබ්ලින් ගිහිල්ල ඇවිල්ල තියෙනවා. ඒ කියන්නේ පැය 1 1/2 විතර ගමනක් රු. 4,500යි.

    ලබන මාසේ මම මාලේ ඉඳන් කොළඹට ශිරි ලන්කන් එකේ බුක් කරපු ටිකට් එක රු. 72,000! ඒ වගෙම දුරකට 15xගුණයක් ගෙවනවා


    1793355441115.png



    එතකොට ඉන්දරේ ගේ ස්පා නංගි ගේ ගානටත් අඩුවෙන් එයා ටිකට් විකුනන්නෙ කොහොමද?

    • ටිකට් එකේ ගානට අරන් යන්න පුළුවන් පොඩි බැක්පැක් එකක් විතරයි. හැම ගේට් එකේම sizer එකක් තියෙනවා. sizer එකට වඩා සෙන්ටිමීටර් එකක් හරි වැඩිවුණොත් £80ක් ගෙවන්න වෙනවා.
    • බෝඩින් පාස් එක මොබයිල් ඇප් එකේ තියෙන්න ඕනෙ. බෝඩින් පාස් එක නැතුව එයාපෝර්ට් එකට ගියොත් චෙකින් කරන්න £50ක් ගන්නවා.
    • කපල් එකක් හරි ෆැමිලි එකක් හරි එකට වාඩි වෙන්න ඕන නම් සල්ලි දීල සීට් එක බුක් කරන්න ඕන. නැත්තම් අනිවාර්යයෙන්ම වෙන වෙන තැන් වල සීට් allocate කරනවා (ළමයින්ට එහෙම නොකරන්න විතරක් EU වලින් දැන් නීතියක් ගෙනල්ල තියෙනවා).
    • උන්ගෙ කස්ටමර් සර්විස් කියල දෙයක් නෑ, කස්ටමර්ව ගණන් ගන්න එපා කියන එක උන්ගේ CEO හැමෝටම දීල තියෙන direction එක. ඒක උන්ගෙ බිස්නස් මොඩල් එක. "අපි ටිකට් දෙන්නෙ අඩුවට අපේ ප්ලේන් වල යනවනම් අපි කියන විදිහට හිටපල්ල".
    • පොඩිම හරි හේතුවක් තිබුනොත් passenger ව offload කරන්න බලනවා. ඒක උන්ගේ attitude එක.
    • උන් සෝෂල් මීඩියා වල නෙගටිව් මාකටින් වලට මුල්තැන දෙනවා. උන්ගේ තියරි එක "any publicity is good publicity". රයන්එයාර් CEO පවා කස්ටමර් ලට බැනල සෝෂල් මීඩියා පෝස්ට් දානවා.

    සරලවම කියනවනම් රයන්එයාර් කියන්නෙ බස් ගැමුණු ගේ ප්‍රයිවට් බස් වලට වඩා අන්තයි. සල්ලි තියෙන එකා යන්නෙ නෑ යනවනම් යන්නෙ සර්විස් එක මොනවගෙද කියල දැනගෙන විතරයි. යනවනම් කටයි පුම්කයි වහගෙන යන එක විතරයි තියෙන්නෙ. මේ රටේ උන් නම් ඕකට හැඩගැහිලා ඉන්නෙ.

    සංගා රයන් ගෙන් බලාපොරොත්තු වුනේ මොකද්ද කියල නම් කියන්න දන්නේ නෑ

    මේ තියෙන්නේ රයන්එයාර් එකෙන් එලෝන් මස්ක් ට දාපු කෝචොක් එක.

    1793356958259.png
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,333
    1,369
    113
    Ekane bun unga Sanga kaeapu wade free publicity 😂
    Unge nagative marketing mai tiyenne un oka satha pahakata ganan ganne na 😂

    Lankawe ryanair danne nathi tharamOken une ryan air nodanna un tikath eka danaggtha eka

    Mata hithenawa Sanga and Ryanair ekathuwela karapu marketing campaign ekak da kiyala

    Ryanair asia wala launch karanawa kiyala danmoth puduma wenna epa thawa tika dawaskin 😂
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,681
    113
    United States
    ලන්ඩන් ඉඳන් ඩබ්ලින් රු. 4,500ට ගිය එක නම් ඇත්තටම පුදුමයි, ඒත් බැක්පැක් එක සෙන්ටිමීටරයක් වැඩි වුණොත් £80ක් ගෙවන්න වෙනවා කියන එක තමයි රයන්එයාර් එකේ ඇත්තම ගේම.
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    928
    1,830
    93
    ලන්ඩන් ඉඳන් ඩබ්ලින් රු. 4,500ට ගිය එක නම් ඇත්තටම පුදුමයි, ඒත් බැක්පැක් එක සෙන්ටිමීටරයක් වැඩි වුණොත් £80ක් ගෙවන්න වෙනවා කියන එක තමයි රයන්එයාර් එකේ ඇත්තම ගේම.

    This one was to Belfast... LKR 3,500 :)

    1793363317457.jpeg
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    බජට් එයාර්ලයින් වල ටිකට් එක ලාබ වුණාට බෑග් වලින් තමයි ගාන කපන්නෙ
    ලංකාවෙන් යන උන් ඉතින් අඳින්න තියෙන ඇඳුම් ඔක්කොම ඇඟේ පටලවන් නගියි 😂
     
    • Like
    Reactions: SomiBoyz