සර්විස් එකක් ගන්න ගියාම NIC, ඇඩ්‍රස් අහලා වද දෙන එක සාධාරණද?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    මචන්ලා මම එල කිරියේ සෑහෙන තැන්වල දැකලා තියෙනවා මොකක් හරි ඔන්ලයින් සර්විස් එකක් (Domain එකක්, Hosting එකක් වගේ දෙයක්) ගන්න ගියාම Provider විස්තර ඉල්ලලා වද දෙනවා කියලා බනිනවා. මටත් කලින් හිතුණේ මේක මාර වදයක් කියලා තමයි.

    හැබැයි ඊයේ නිකමට කල්පනා කරලා බලද්දී මට හිතුණා මුන් මේ හැම විස්තරයක්ම අහන එකේ පොඩි සාධාරණත්වයක් තියෙනවා කියලා.

    සීරියස් කතාවක් කිව්වොත්, ලංකාවේ ගොඩක් උන් (හැමෝම නෙවෙයි) ඔන්ලයින් මොකක් හරි දෙයක් ගන්නකොට තමන්ගේ ඇත්ත නම, ගම, ඇඩ්‍රස් එක දෙන්නේ නැහැනේ බන්. බාගෙට බාගයක් දාන්නේ පට්ට පල් බොරු විස්තර. එක්කෝ ගෙදර බල්ලගේ නම දානවා, නැත්නම් නිකන් අකුරු ටිකක් ගහනවා.

    ඇයි Providers ලා මෙච්චර විස්තර ඉල්ලන්නේ?
    1. Customer කරන වැරදි වලට Provider ට හිරේ යන්න බැරි නිසා: හිතපන් කවුරු හරි එකෙක් හොර විස්තර දීලා සයිට් එකක් අරන් ඒකෙන් මොකක් හරි Scam එකක් නැත්නම් කාට හරි අපහාසයක් කරනවා කියලා. පොලිසියෙන් ඇවිත් අල්ලන්නේ අර සර්විස් එක දුන්න එකාව. ඒ වෙලාවට "මම දන්නේ නැහැ නම දාලා තිබ්බේ 'Captain Jack Sparrow' කියලා" කිව්වොත් සපයන්නා ඉවරයි.
    2. Verify කරගන්න විදිහක් නැති කම: ලංකාවේ ගොඩක් අය Order එකක් දාලා බොරු කරද්දී සපයන්නාට තමන්ගේ ඇඟ බේරගන්න වෙන්නේ තමන් ගාව ඉන්න Customer ගේ ඇත්තම විස්තර (KYC - Know Your Customer) තිබ්බොත් විතරයි.
    3. අනාගත කරදර වලින් බේරෙන්න: පස්සේ කාලෙක Account එකක් Recover කරන්න වුණත් ඇත්ත විස්තර නැතිව කරන්න බැහැ.
    අපේ උන්ගේ තියෙන මේ "හැමදේටම හොර විස්තර දාන" ගතිය නිසාම තමයි ලංකාවේ Providers ලාටත් දැන් අම්බානකට Strict වෙන්න වෙලා තියෙන්නේ. අන්තිමට බැලුවම හරියට බිස්නස් එකක් කරන එකෙකුටත් මේක වදයක් වෙලා තියෙන්නේ අර හොර විස්තර දාන සෙට් එක නිසා.

    උඹලා මොකද හිතන්නේ? Providers ලා මෙහෙම විස්තර ඉල්ලන එක සාධාරණද? නැත්නම් ඕන එකෙක්ට ඕන නමකින් සර්විස් ගන්න දෙන්න ඕනද?
     
    • Haha
    Reactions: XpertThief

    planner123

    Well-known member
  • May 22, 2018
    8,996
    15,457
    113
    ඇයි Providers ලා මෙච්චර විස්තර ඉල්ලන්නේ?
    1. Customer කරන වැරදි වලට Provider ට හිරේ යන්න බැරි නිසා: හිතපන් කවුරු හරි එකෙක් හොර විස්තර දීලා සයිට් එකක් අරන් ඒකෙන් මොකක් හරි Scam එකක් නැත්නම් කාට හරි අපහාසයක් කරනවා කියලා. පොලිසියෙන් ඇවිත් අල්ලන්නේ අර සර්විස් එක දුන්න එකාව. ඒ වෙලාවට "මම දන්නේ නැහැ නම දාලා තිබ්බේ 'Captain Jack Sparrow' කියලා" කිව්වොත් සපයන්නා ඉවරයි.

    @Captain jack sparrow ai machan oya boru visthara dunne ? :growl: