
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය සැප්තැම්බර් 8.0% සිට 8.3% දක්වා ඉහළට. ආහාර කාණ්ඩයේ උද්ධමනය 8.8% දක්වාත්, ආහාර නොවන උද්ධමනය 8% දක්වාත් ඉහළට.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය සැප්තැම්බර් මාසයේ පැවති 8.0% සිට ඉහළ ගොස් 8.3%ක් දක්වා වර්ධනය වී තිබෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්තවලට අනුව, ආහාර කාණ්ඩයේ උද්ධමනය ද ඉහළ ගොස් ඇත්තේ 8.8%ක් දක්වායි.
එමෙන්ම, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද 8%ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
